3 lamp da ganna podi solar eka gaha ganna on dewla kiyanna pls
එහෙනං අර ලයිට් ගියාම පත්තු වෙන බල්බ් 3ක් දාගන්න එක තමයි ලාබම ලේසිම වැඩේ. එකක් 2500-3000ක් වගේ වෙන්නෙ කෙලින්ම හෝල්ඩරේට හයි කරන්නත් පුලුවන්
ලයිට් තුනකට විතරක් සෝලා සිස්ටම් එකක් ගහන එක පට්ටම පාඩුයි දැන්, ලයිට් නැති තැනක් නං අවුලක් නැහැ
මචං මමත් Offgrid එකක් ගැහුව.
Growatt 5000ES
6Kwh LFP Battery
545W panels 6k
දැන් මාස 6ක් වගේ වෙනව. ඒත් මට මේ Offgrid ගැන හිතෙන දෙයක් තියෙනව.
අපි මේ බැට්රි වල ස්ටෝ කරල මේ කරන වැඩේ Efficient නෑ. කොටින්ම කිව්වොත් අපරාදයක් කියල හිතෙනව.
මොකද මචං මෙතැන ගනං වැඩිම බැට්රි එක. බැට්රි එක යූස් කරනව කියන්නෙම එතැන ලොකු කොස්ට් එකක් තියෙනව. අපි මේකෙදි කරන්නෙ දවල් වරුවෙ සෝල වලින් අරගෙන රෑට ෆුල් බැට්රි එකෙන් දුවනව. ඒ කියන්නෙ බැට්රි එක Waste වෙනව හොඳටම වැඩියි. අපි බැට්රි එකෙන් ෆුල් වැඩ ගන්නව. ඊට පස්සෙ උඹ වැස්ස කාලෙකට සෝල මදි වෙයි කියල බැට්රි එක අනවශ්‍ය විදියට වැඩි(ලොකු කැපෑසිටි එකක බැට්රි එකක් තෝරගන්නව) කරනව. එතකොට කොස්ට් එක දෙගුණ තෙගුණ වෙනව.
එහෙම කරලත් ලොකු අඳුරු කාලයක් ආවොත් උඹට ඒත් ග්‍රිඩ් සපෝට් එක ගන්න වෙනව. ඒ කියන්නෙ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිය ගානක් ආයිත් බිල ගෙවන්නත් යට කරන්න වෙනව.
මගේ මතය මේක හරියටම වෙනව නම් වෙන්න ඕන, Hybrid Solution එකක් යන්න ඕන.
අපි දවල්ද කරන්ට් එක සම්පූර්ණයෙන්ම හදනව ඒ හදන එක එහෙම්මම CEB දෙනව. අපි උන්ගෙන් ගන්නව. රෑටත් අපි උන්ගෙන් ගන්නව. එතකොට උන් බිල් එක ඇජෙස්ට් කරල හදනව. ඊට පස්සෙ පවර් කට් යද්දි බැට්රි එක යූස් කරනව ඒක කවර් කරන්න. එතකොට බැට්රි එකේ යූසේජ් එක පට්ට අවමයි. උඹට ජීවිත කාලෙම උනත් ඔය බැට්රි එක පාවිච්චි කරන්න පුලුවන් වෙයි එහෙම උනොත්. ඒත් එක්කම බැට්රි එක ඔච්චර ලොකු කැපෑසිටි එකක් ඕනෙත් නෑ. උපරිම රෑ පවර් කට් එක පැය 6යි කියල හිතල ඒකට හරියට බැට්රි එකක් ගන්නත් පුලුවන්. මට හිතෙන්නෙ මේක තමයි හරිම ක්‍රමය මචං. අපි ඒක කරන්නෙ නැතුව සල්ලි තියෙන නිසා නාස්තිකාර වැඩක් කරනව කියල මට හිතෙන්නෙ.
@NEMISIS මොකද හිතන්නෙ?
ඕකෙ පැති කීපයක් තියනවා මචන්
සල්ලිම ගැන හිතනවා නං ලාබම වැඩේ තමයි අර නෙට් මීටරින්/නෙට් එකවුන්ටින් වගේ එකකට ගිහින් ලයිට් කපන පැය විතරක් ඇදගන්න පොඩි ඉන්වර්ටර් එකකුයි බැටරියකුයි ගන්න එක. එතකොට සමහරවිට අතට ගානකුත් ගන්න පුලුවන් වෙයි
දැං තියන විදියට ග්‍රිඩ් සපෝට් එක ගන්න එක කොහමත් පාඩුයි. මගේ මාසෙට යුනිට් 300-400 අතර යනවා එතකොට බිල වැඩි කරන්න කලින් 14ක් වගේ බිල ආවා. මම හිතන්නෙ වැඩි කරාට පස්සෙ 25-30 අතර ගානක් වෙන්න තිබුනා
හැබැයි මගේ සිස්ටම් එකෙන් 100% Off grid වෙනවා සහ බැටරි වලින් 70%ක් තමයි යූස් වෙන්නෙ 99%ක් වෙලාවට රෑට බැටරිය යූස් වෙලා 30%ක් විතර ඉතිරි වෙලා තියනවා. බැටරිය ෆුල්ම යූස් වෙන්නෙ නැහැ. දැනට තියන විදියට දවස් දෙකට බැටරි සයිකල් එකක් වගේ තමයි යූස් වෙන්නෙ. එහෙම බැලවුම බැටරියෙ කියන සයිකල් ගාන තිබුනොත් අවුරුදු 7-8 යූස් කරන්න පුලුවන්. හම්බෙන convenience එකත් එක්ක බැලුවම සල්ලි වලින්ම බලන්න බැරි දේවල් ගොඩක් තියනවා, මගේ නං
දැන් උයන පිහන වැඩ සේරම කරන්නෙ hot plate/induction cocker/oven එකේ. එතකොට ගෑස් තිබුනත් නැති උනත් මට ගැටලුවක් නැහැ. අපේ ගෙදර දැන් ගෑස් ටැංකි ලිප් වලින් ගලවලා පැත්තකට දාල තියෙන්නෙ
මුලු දවසෙම AC එක 16ට දාගෙන ඉන්න පුලුවන් ඕන නං ලයිට් බිල ගැන හිතන්නෙ නැතුව
කලින් වගේ රෙදි එකතු වෙනකල් ඉන්නෙ නැතුව ඇඳුම් දෙක් හෝදන්න උනොත් වොශින් මැශින් එක දානවා
වතුර මෝටරේ පොඩි පොඩි වැඩ වලටත් දානවා
ලයිට් කපන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ, දැන් ලයිට් කපනවා කියලා අපිට මතකත් නැහැ
ඕවත් එක්ක බැලුවම මම වියදම් කරපු ගාන ගැන සහ ඒක තියන කාලෙ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ
------
Post added on Dec 15, 2022 at 2:34 PM