මගේ හැවිකාර ආදරය...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මගේ හැවිකාර ආදරය...


    මගේ හැවිකාර ආදරය...

    ආ..ද..ර..ය.. මා වෙත ආවේ එක එක ආකාරයටය... මා මගේ හැවිකාර ආදර අන්දර
    ලියා තැබිය යුතු යැයි සිතුවෙමි.. දිනෙක මා සැබෑ ආදරවන්තුයෙකුදැයි විනිශ්චය කරන දිනට ඔබ සාක්ෂිකාරයෙකු ලෙස පෙනී සිටිනු ඇතැයි සිතමි....

    කකුල් නොතෙමා චූ කරන්නට නොදන්නා කාලයෙදි පවා ආදරය ගැන මම උනන්දු වූවෙමි... ඉසුරුමුණියේ පෙම් යුවල දැක, මේ මොනවා කරනවාදැයි ඇසූ විට ඒ දෙන්නා ආදරය කරන ජෝඩුවක් කියල වැඩිහිටියෙක් කිව් දා සිට මා හිතුවේ ආදරය කරනවා කියන්නේ කොල්ලගේ ඔඩොක්කුවේ කෙල්ලක් වාඩි වී බකංනිලාගෙන සිටින එකට බවය.... පස්සේ කාලයේ දහම් පාසලේ සඳ කිඳුරු ජාතකය කියල දුන්නට පස්සේ මම හිතුවේ ආදරය කරනවා කියන්නේ බට නලා ගසමින් නටන එකටය කියා ය....

    කොහොම වුණත් ආදරයේ පළමු පාඩම කියල දුන්නේ මගේ ලොකු අයියාය... අපේ අල්ලපු ගෙදර සිටියේ ජා පවුලක්ය... සුදුම සුදු බෝල ගෙඩි වගේ කෙල්ලොම තුනකි.... ලොකුම එකී රෝස්මරීය, දෙවැනියා ෆෙයාරිය, බාලම එකී රෙහානාය... කවදාවත් නාන්නෙ නැති, දත් මදින්නේ නැති, කොණ්ඬේ පීරන්නේ නැති අයියා එකවරම වෙනස් වන්නට විය... අයියා දිනපතාම නාන්න පටන් ගත්තේය.... මිදුලට වෙල පැය ගාණක් දත් මදින්නට විය.... කණ්ණාඩිය ළග හිනාවෙමින් විරිත්තමින් කෝලං කරන්නට විය... ටිකක් පිළිවෙලට අඳින්නට විය... රාජු බණ්ඩාරගේ ”මා ආදරෙයි මුලූ ලොවටත් වඩා...” සිංදුව අඩුම තරමේ දවසට දස වතාවක්ම හයි වොලියුම් දමා අසල්වැසියන්ට ජීවිතයම එපා කරවන්නට විය.... අයියා වගේම රෝස්මරී අක්කාත් වෙනස් වන්නට විය.... වෙනදා ගෙදර බල්ලාට පයින් ගැසූ ඇය දැන් දොර ළගට වී ඌව කරට ගෙන සුරතල් කරන්නට විය... ඌට උම්මා දෙන්නට විය.... දවසට දෙතුන් වතාවක් මිදුල අතුගාන්නට විය..... අයියාගේ සිංදු කරච්චලය අවසන් වූ සැනින් රෝස්මරී අක්කාගේ හින්දුස්ථානි සංගීතය ගම දෙවනත් කරන්නට විය... දෙන්නා දෙපැත්තට වී විරිත්තන්න, දිව දික්කරන්න, අත පය විසිකරමින් රිලා සංදර්ශන පෙන්වන්නට විය.... පහුවෙන කොට අයියා ගෙදර නැති දවසේ රෝසමරී අක්කාත් ගෙදර නැතිය... රෝස්මරී අක්කා ගෙදරින් පිට වී හරියටම විනාඩි පහකින් අයියද ගෙදරින් පිටවන්නේය.... රෝස්මරී අක්කා ගෙදර පැමිණ විනාඩි පහක් ගිය තැන අයියාත් ගෙදරය.... මේවා කවුරු නොදැක්කත් මම දැක්කෙමි....

    මමත් ආදරය කළ යුතු යැයි සිතුවෙමි... මගේ වයසට සරිලන්නේ ජා පවුලේ බාලම එකී රෙහානාය.... මම අයියා කරන්නාක් සේ ඇයට දිව දික් කළෙමි... ඒකී ”අම්මේ මෙන්න අර පාත්ත අයියා මට ඇද කරනවා යැයි” හඩමින් ගෙට දිව ගියාය.... ඒකිගේ අම්මා එළියට ඇවිත් පුතා ආයේ දුවට ඇද කරල තිබ්බොත් අම්මට කියල ගුටි ගස්සවනවා යැයි මම තර්ජනය කළාය... ආදරයේ පළමු වෑයමම ජා ඇන්ටි විසින් විනාශ කර දැම්මාය.... :no:

    මා එවකට 7 පන්තියේය... ගණිත පීරියඞ් එකේ මම ඔලූව නමාගෙන අට ලියන්නට පුරුදු වෙමින් සිටියෙමි... මම පෛතගරස්ට වඩා අට හඳුන්වලා දුන්න එකාට වෛර කරමි. මට අට නිවැරදිව ලියන්න බැරිය.. එක්කෝ බිංදු දෙක වෙන වෙනමය... නැත්තං එක බිංදුවක් අනෙක් බිංදුවට ගිලිලාය... සමහරක් විට බයිසිකලයක රෝද දෙක වගේ තැන් දෙකකය... එක්වරම ”ගුඞ් මෝනිං ළමයිනේ...” කියා හුරතල් කට හඩක් ඇසුණි... මම ඔලූව උස්සා බැලූවෙමි... ආහ්... පාසල අතුරුදහන් විය... වටපිටේ සිටි කාළකණ්ණි කොලූ රැුල පෙනෙන්නටවත් නැතිය.... මා විශ්වයේ පාවෙන්නට විය.... මගේ හුස්ම නැවතිණි.... පියවි සිහිය ඒමට ටික වේලාවක් ගත විය....”ළමයිනේ මම ඔයගොල්ලන්ගේ මැත්ස් ටීචර්.... මම රේණුකා....” ඇය සිහින් හඩින් කියන්නට විය... ටීචර් පුංචිය... ඕන නම් මට වඩා පොඞ්ඩක් උසය.... ලස්සන නම් කියල වැඩක් නැත... මගේ නැවතිලා තිබුණු හදවත දැන් ජෙනරේටරයක් මෙන් නැවත වැඩය... මා මේ තරම් කල් දැනන් හිටියේ ගැහෙන්නේ හදවත පමණක් කියාය... හදවතට අමතරව ගැහෙන අවයව තවත් තියෙන බව දැනගත්තේ රේණුකා ටීචර් දැක්ක පළමු දවසේය.... මම හැමදාම පන්තියේ අන්තිම පේළියේ සිටීමට පි‍්‍රය කළෙමි... ඒ ඉස්සරහම හිටියොත් වැඩ නොකරන බව ගුරුවරුන් දැන ගන්නා නිසාය... දැන් මම මැත්ස් පීරියඞ් එකේ පමණක් ඉස්සරහා පේළියට යන්නේය... මා විතරක් නොව තවත් කොල්ලන්ටද එවැනි උනන්දුවක් තිබෙනු දුටු විට මට යකා නැංගේය... ටීචර් මගේය... ටීචර් මට අට ලියන හැටි කියල දුන්නාය.... කොටින්ම මම එදා සිට අට ට ආදරය කළෙමි.... මම හතේ පන්තියෙන් අටේ පන්තියට යනකං ඉවසිල්ලක් නැති විය... මොකද හැම පොතකම 8 ශ්‍රේණිය කියා ලස්සනට ලැබෙන නිසාය... දැනුත් අට පට්ටම්, අට මගල, දහ අට වංගුව දකින විට මට ටීචර් මතක් වෙන්නේය... බයික් ලයිසන් එක ගැනීමට අට ගැහුවේ ටීචර් බයික් එකේ පිටිපස්සේ සිටින බව මනසින් හිතාගෙනය.... මම එක අට වෙනුවට අටවල් තුනක් එදා ගසා ඇති බව දැනගත්තේ පසුවය.... මම ටීචර්ව අමතක වෙන වෙලාවක් නොතිබිණි.... පුදුමයකි ! මම ඇයට ආදරය කරන බව දැන ගතිමි.... කල්යත්ම ටීචර්ගේ බඩ වැඩිවන්නට විය.... ඒ කවුදෝ එකෙක් ආනමාලූ කවා ඇති නිසා යැයි ලොකු අයියා කෙනෙක් කියනු මට ඇසිණි... පව්.... ටීචර්ට උස්මුරුත්තාව හැදිලාය, නැත්තම් අජීර්ණයක්ය.... ආනමාලූ දුන් එකාට මම සාප කළෙමි.... පසුව ඇය පාසල් ආවේ ඉඳ හිටය.... අන්තිමට ඇය පාසල් නෑවිත්ම සිටියා.... ටීචර් ප‍්‍රසූත නිවාඩු ගොස් ඇති බව දැන්ගත්තේ අලූත් ගණං සර්ගෙන්ය.... :(

    මම නවයේදි දිග කළිසම ඇන්දෙමි... දැන් නම් අපි ලොකු කොල්ලෝය කියා හැගීමක් එදා ඇති වුණි... හා හා පුරා කියා පත්තර කියවන්න පුරුදු වුණේ ද 9 දී ය... එක පත්තරයක් "සරාගිය", අනෙක "සීදේවිය".... දෙකම පංතියට හඳුන්වලා දුන්නේ අපේ පන්තියේ ඉගෙන ගත්ත වයිස් පි‍්‍රන්සිපල්ගේ පුතාය.... සීදේවි පත්තරේ ගිය "වෙරලූ මල් සුවඳ" කතාව නොවරදාවම කියවූවෙමි.... එය හරවත්ය.... ගත කිලිපොලා යන සුලූය.... කාන්තාව දිහා නව කෝණයකින් බැලීමට හුරු වූයෙමි.... කාන්තාවන්ට පියයුරු ඇත්තේ ඇයි කියා දැනගත්තේ ඒ මගිනි.... වංගෙඩියට මොල් ගහ සේ තවත් දේවල් තව දේවල්වලට මැච් වෙන්න මහා බඹා මවා ඇත්තේ ඇයිදැයි දැනග්තේ ඒ මගිනි... ඒ වන විට ජා පවුල ගෙවල් හැර ගිහින්ය... අත්හදා බැලීමකට හිටියේ ගෙවල දෙක තුනකට එහා හිටිය චමරීය.... චමරි හරි විසේ ඇති කෙල්ලක් කියා අපේ අම්මා කියනු මම අසා ඇත්තෙමි... විසෙන් විස නසනවා කියල ඉගැන්නුවේ 5 ශිෂ්‍යත්වයටය... එහෙනම් චමරි යනු ගැලපෙන කෙල්ලය... මම ඇය හා යාලූ වුණෙමි... ගරාජයේ චමරි සමග අම්ම තාත්ත සෙල්ලම් කරනු චමරිගේ අම්මා දුටු දින ඇය ”මේ මොන විකාරයක්ද...” කියා මට හයියෙන් ටොක්කක් ඇන චමරිගේ බෙල්ලෙන් අල්ලා ගෙට ගත්තාය... එදා සිට මා සිටින විට චමරිට මිදුලටවත් බහින්න ඇයගේ අම්මා ඉඩ නුදුන්නාය.. අඩුම තරමේ මම පාරෙ යන විට චමරිගේ ගවුමක් වැලේ තිබ්බත් ඒකත් ගෙට ගන්න චමරිගේ අම්මා දෙපාරක් හිතුවේ නැත.... ඒ අන්දරය ද එතනින් නිම වුණි....:(

    අවසානයේ මම කෙල්ලන් කියන මාතෘකාව අතහැර දැමුවෙමි... ඉඳහිට පත්තරයක් ඩෙක් කැසට් එකක් බලා පමණක් සෑහුනෙමි... දිනක් එකෙක් මට සීදේවි පත්තරය දුන්නේ පොතක් යට සගවාය... ගෙදර ගොස් නිකමට පොත බැලූ විට එය සූජිව ප‍්‍රසන්න ආරච්චි කියන එකෙක්ගේ පොතක්ය... ටිකක් කියවා බැලූවෙමි... සැබෑ ආදරය යනු මෙන්න මෙහෙම යැයි සුජීව මට පළමුවර කියා දුන්නේය... මම කුණුහරුප පත්තර ෆිල්ම්ස් බලන එක නැවැත්තුවෙමි.... අල්ලපු ගෙදර අක්කා නානවා හොරෙන් බලන එක ද නැවැත්වුවෙමි.... කෙල්ලක්ගේ බෝක්කුවක් දැක්කත් නොදැක්ක සේ මග හැර ගියෙමි.... කෙල්ලක්ගේ කොට සාය යටින් මොනව ඇත්දැයි සිතනු වෙනුවට ඇයගේ සායේ රැලි තිසා වැවේ රැලි මෙන් සුන්දර යැයි සිතුවෙමි.... කාන්තාවක්ගේ පියයුරු යනු චෛත්‍ය ගර්භයක් තරම් පහන් හැගුමක් ඇති කරන්නැක් යැයි සිතුවෙමි.... ස්ති‍්‍ර ලිංගය ශිව ලිංගයට වඩා පූජනීය යැයි ඉගෙන ගත්තෙමි..... ඒ අතින් සුජීවයා මරු පොරක්ය....

    එතැන් පටන් මට අවශ්‍ය වූයේ පූජනීය කෙල්ලකි... මම දන්න හතර මායිමකම එවැනි කෙල්ලක් නැත... අන්තිමට ඇය හමු වූයේ දහම්පාසලේ දී ය... ඇය සුරංජිය... සුරංජි විනීතය.... ගමන සංවරය.... කවුරුත් ඇය ගැන කතා කරන්නේ හොඳ හැගීමකනි... මම දෙවරක් සිතන්නේ නැතිව මම ඇයට මගේ ආදරය ප‍්‍රකාශ කළෙමි.... ”පාත්ත අයියේ මම ආදරය ගැන දැන්ම හිතල නෑ... ඒ වුණත් ඔයාගේ ඉල්ලීමට පිටුපාන්නත් බෑ.... අනේ මන්දා” යැයි කියා දිව ගියාය... වැඬේ හරිය... මම ගොඩය... අපි කාටත් හොරා ආදරය කළෙමි... දිනක් ඇය හා මම පළමුවරට පන්සල පිටුපස කන්ද නැංගෙමි.... කවුරුත් පේන අහලක නැත.... මම ඇයට ළං වූයෙමි.... හෙමිහිට ඇයගේ නළල සිප ගත්තෙමි... මා සිතා සිටියේ ඇය බනීවි යැයි කියාය... නැත... ඇය තවමත් දෑස් පියාගෙන... ඇයගේ දෙතොල සැලෙන්නේය... මම ඈත් වූයෙමි... ඇය ඇස් ඇරියේ තරහෙන් මෙනි.... ඇය එකවර පැන මගේ දෙතොලට ඇගේ දෙතොල තබා දිග හාදුවක් දුන්නේය... මම ගැස්සී ගියෙමි... මම ඇයගෙන් ඉවතට පැන්නෙමි.... ”අයියෝ අයියා ඔයා ගෑණු ළමයෙක් වගේනේ...” කියා ඇය කෝචෝක් කළාය.... සුජීවගේ තියරිය නිසා ඇය මගෙන් ඉක්මණින්ම වෙන් වී ගියාය... ”හප්පෝ පාත්තයා ලව් කරන්නවත් දන්නේ නැති එකෙක්” යැයි ඇය කිහිප දෙනෙකුටම කියා ඇති බව දැනගත්තේ පසු කාලයේ දි ය.... ”උඹ සන්නස්ගලගේ තියරිය ෆලෝ කරා නම් සුරංජි තවමත් උඹ ළග” කියා එකෙක් කීවේය.... එතකොට පමා වැඩිය... සුරංජි වෙන එකෙක් ඩැහැගෙනය.... ෂුවර් එකටම ඌ සන්නස්ගලගේ පොත් කියවපු එකෙක්ය....

    කාලය වේගයෙන් ගලාගෙන ගියේය... හැවිකාර පාසල් සමය අවසාන වන විට ද සැබෑ ආදරය යනු කුමක්දැයි මම නොදැන සිටියෙමි.... අද ද මම සැබෑ ආදරය යනු කුමක් දැයි නොදනිමි.... හෙටද එය දැන ගත හැකි වේ යැයි නොසිතමි....:no:


    pathfinder_PNG_Face.png


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක තමා සුජීවය ගෙන්, සන්න ගෙන් ආදරේ ගැන ඉගෙන ගත්ත උන්ට වෙන්නේ.......

    අපි නං ඉගෙන ගත්තේ පුෂ්කින් ගෙන්, ඇලෙක්සැන්ඩර් දූමා ගෙන්........
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක තමා සුජීවය ගෙන්, සන්න ගෙන් ආදරේ ගැන ඉගෙන ගත්ත උන්ට වෙන්නේ.......

    අපි නං ඉගෙන ගත්තේ පුෂ්කින් ගෙන්, ඇලෙක්සැන්ඩර් දූමා ගෙන්........

    කවුද අර සින්දු ලියන කෙනාද?:P:P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕක තමා සුජීවය ගෙන්, සන්න ගෙන් ආදරේ ගැන ඉගෙන ගත්ත උන්ට වෙන්නේ.......

    අපි නං ඉගෙන ගත්තේ පුෂ්කින් ගෙන්, ඇලෙක්සැන්ඩර් දූමා ගෙන්........

    ඒකනේ අයියා... නැත්තම් පුෂ්කෙන් දුම් දාන්න මොකක් හරි කරන්න තිබ්බා.... :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෙදර ගොස් නිකමට පොත බැලූ විට එය සූජිව ප‍්‍රසන්න ආරච්චි කියන එකෙක්ගේ පොතක්ය... ටිකක් කියවා බැලූවෙමි... සැබෑ ආදරය යනු මෙන්න මෙහෙම යැයි සුජීව මට පළමුවර කියා දුන්නේය...


    එතැන් පටන් මට අවශ්‍ය වූයේ පූජනීය කෙල්ලකි...

    :oo::oo::oo::oo:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හැවිකාර කියන්නේ මොකද්ද :oo:


    හැවිකාර කියන්නේ මචං ඇටෙන් පොත්තෙන් එළියට ඇවිල්ල අත්දැකීම් ලබන වයසට... ඇට්ටරයෙක් වෙන කාලෙ කියල වුණත් කියන්න පුලුවන්... කිඹුලයිය ළගපාතක හිටිය නම් මට වඩා හොඳට පහදයි.... :(