ඔය reputed company කියන්නෙත් කාගේ හරි බිස්නස් එකක් බන්. කවුද කියන්නේ job stable කියල ? ඕක අපි ඔලුවෙන් හදාගත්ත එකක්. මේ කොරෝනා එක්ක ජොබ් කියක් නැති වෙලාද ලෝකේ ?? ඒ වගේද තමන්ටම brand එකක් , වටිනාකමක් හදාගන්න එක .?
අපේ උන්ගේ තියන අවුල තමන් ජොබ් එක කරන තැන නමයි, බිල්ඩින් එකේ තට්ටු ගානයි පාවිච්චි කරනවා තමන්ගේ තත්වේ පෙන්නන්න. ඕවා ඒ විදියට හිතන උන්ට ඕවා ලොකු උනාට අනිත් උන්ට ඕවා ගානක් වත් නෑ .
මෙකට නම් මට අත්දැකීම් තියෙනවා. මන් කාලයක් ලංකාවෙ ගණන්ම ඔෆිස් ස්පෙසස් තියෙන ලොක වෙලඳ මධ්‍යස්ථානෙ තැනක වැඩ කරා .
ඔෆිස් සූට් ගහගෙන තමා යන්න තියෙන්නෙ. ඒ කාලෙ මන් උදෙ හහව ගියෙ කොච්චියෙ.
පඩිත් හොඳා .
එපාම කරපු වැඩෙ කොච්චියෙ යන එන එක.
බස් එක උනත් එච්චරයි .
කම්පැණි එක ඔෆිස් එක වෙන ලොකෙෂන් එකකට ගෙනියන්න ප්ලැන් කරා.
අපෙ සෙට් එකෙ හිටිය එකෙක් කිව්වා බලපන් බන් මුන් කරන්න හදන දෙ ? මෙතන කොච්චර හොඳ ප්ලෙස් එකක් ද ? අඩුම ගානෙ අපෙ නෑයන්ට ,යාළුවන්ට කියන්න පුළුවන් නෙද අපි වැඩ කරන්නෙ WTC එකෙ කියලාවත් .
සමහරක් උන් වැඩට ආපු දවසෙ ඉඳන් සෙල්ෆි ගහනවා බිල්ඩින් දෙක ඉස්සරහා .
අනෙ මන්දා මට නම් බිල්ඩින් එක නම් තෙරුමක් උනෙ නැහැ.
මට වැදගත් උනෙ මාසෙ අන්තිමට වැටෙන පඩිය .
ඌ කියපු එක හරි ගෙදරම ඉන්නවනම් කොහෙවත් යන්නේ නැතුව. හැබැයි හොදට ඇදල කරල , කෙල්ලෝ තියන් ඉන්න ගොඩක් උන් ජොබ් කරන උනුත් නෙවෙයි.. අනික ඔය වගේ පරිසයක් හැම ලොකු ජොබ් එකේම නෑ . engineering ගනින්කෝ.. කෙල්ලෙක් තියා ගෑනු පුලුටක් වත් නැති තැන තමයි ගොඩක් තියෙන්නේ වැඩ කරන්න.

ඒක නිසා ඒ දේවල් නිසා ජොබ් කරන්න යනවා කියන එක එක පැත්තක් විතරක් දැකල කියපු එකක්. ජොබ් කරන උන්ගේ life එක පැය 9 හැමදාම හිරවෙලා තියෙන්නේ . ඒක නිසා ඒක ඇතුලේ , යන එන අතරමග තමයි ඉතින් උන්ට අර ජිවිතේ ෆන් එක ගන්නත් හදාගන්න තියෙන්නේ බන්. compnay තියන උන්, උන්ගේ ළමයි, කොහෙවත් ජොබ් වලට යන්නේ නැතුව පිලිවලට බිස්නස් කරගෙන ඉන්නවා නේ. ජොබ් හොද නෑ කියල නෙවෙයි මේ කියන්නේ.

ඔය ජොබ් තරම් බිස්නස් stable නෑ , ජොබ් නැත්නම් ගෑනු කැමති නෑ වගේ ඒවා නිකන් හදාගත්ත කතා .. risk එකක් ගන්න බැරි නම් වැඩක් නෑ ජීවිතෙන්.
ඉංජිනියරින් විතරක් නෙමෙ බන් .
ඩොකාලා බලපන් විඳින දුක .
අර ජරා හොස්පිටල් එකක් අස්සෙ වැදී ගෙන දවසම කට්ටක් කන්නෙ.
ඉන්නෙත් මෙලො පෙනුමක් නැති උනෙ නෙ කෙල්ලො උනත් .
කොහොමත් සයන්ස් මැත්ස් කරන්නෙ කැලි නෙමෙ නෙ ඇන්ටිලා .
ජොබ් නැත්තම් ගැණු කැමති වෙන්නෙ නැහැ කියන එක බොරු කතා .
අපෙ පැත්තෙ කොච්චර ඉන්නවාද ජොබ් කරන කසාදයක් හරියන්නෙ නැති උන් ?
බැන්ක් මැනෙජර්ස් ලා ඉන්නවා කසාද හරියන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න.
ඒ වගෙම ත්‍රිවිල් එලවන එකෙක් මැරි කරලා ඉන්නවා කැම්පස් ගිය සංවර්ධන නිලධාරිනියක්ව.
ජොබ් එක ස්ටෙබල් එක වටිවි අපි අවුරුදු 200 ක් ජීවත් වෙනවානම්
55 න් ගෙදර ,
පෙන්ෂන් එක හම්බ වෙන්නෙ ඊට පස්සෙ.
ETF/EPF ගන්නත් ලොවෙත් නැති සීන් .
Loan වලට හිර වෙලා නම් තවත් සොරි .
මග් යාළුවෙක් හිටිය උගෙ අම්මයි තාත්තයි දෙන්නාම කලාප අධ්‍යාපන්යෙ තමා වැඩ කරෙ.
දෙන්නාම රජයෙ සෙවකයො ,උගත්තු .
ඌ විභාග වලට ආවෙ නැතත් ඌ පන්තියෙ පළවෙනියා.
හෙතුව ගුරුවරු බයයි ඌට උගෙ අම්මයි තාත්තයි කලාප අධ්‍යාපනෙ වැඩ කරපු නිසා.
තැනක් තිබුණා ඉස්කොලෙ ගුරුවරු අතර ..
ඉඩමක් අරන් ගෙයක් හදාගෙන නම් තිබුණා.
ඒකත් අර කැපිල්ලක් වටිලා එතනින් අයින් වෙලා හම්බවෙච්ච ඊ පී එෆ් එකෙන් .
ඊට එහා කරගත්ත දෙයක් නම් නැහැ .
ඌත් දැන් වාරිමාර්ගෙ ජොබ් එකක් කරනවා ඉංජිනියරින් ඇසිස්ටන් .
බුදු කටු කන්නෙ. කරගත්ත දෙයක් නම් නැහැ .
තව එකෙක් ඉන්නවා උගෙ තාත්තා ඩේලි මිරර් එකෙ.
හිටියෙ කුලියට .තාමත් කුලියට .
ඌ ගාමන්ට් එකක වැඩට ගියා යාළුවෙක්ගෙ මාර්ගෙන් .
හොඳ තැනකට ආවා .එත් කරගත්ත දෙයක් නැහැ .දැන් ඌ ජොර්දාන් ගියා ගාමන්ට් එකට.
තාමත් කරගත්ත දෙයක් නැහැ.
හැබැයි තාත්තාගෙ රස්සාව කරන තැන නිසා ගුරුවරු ඌට මාර සැලකිල්ලක් දුන්නා ඉස්කොලෙ යනකාලෙ .
තව එකෙක් හිටියා උගෙ තාත්තා බිත්තරයි පොල්තෙලුයි බිස්නස් කරෙ. පුට් සයිකලෙ පෙට්ටියක් බැඳගෙන තමා පටන් අරන් තියෙන්නෙ.
අන්තිමට තැන් තුනක බිල්ඩින් තුනක් තිබුණා.
ඌ දැන් ඕස්ට්‍රෙලියාවෙ.
ලංකාවෙත් ඌට හොඳ දෙපලක් තියෙනවා කවදාහරි ආවොත්.
හැබැයි ඉස්කොලෙ ඇතුලෙ අර කලින් යාලුවො දෙන්නා තරම් පිළිගැනිමක් තිබ්බෙ නැහැ .
මොකද තාත්ත මුදලාලි නිසා .
හැබැයි අනික් පැත්තට ජොබ් එකක් කරන එක හො කරලා තියෙන එක වටිනවා ලයිෆ් එකට අර මන් කලින් කිව්ව පොස්ට් එකෙ හෙතුන් මත .
පිරිසිඳුකම ,පිළිවෙල වගෙම ජිවිතෙට අළුත් අත්දැකීම් හම්බ වෙනවා.
හැබැයි ඒකත් තීරණය වෙන්නෙ ජොබ කරන තැන ඉන්න මිනිස්සු අනුව සහ ආයතනය අනුව තමා.