මගේ_කතාවට_උත්තරයක්_දෙන්න
මචන්ලා මම මේ විහිළුවක් කරනවා නෙවෙයි මම මේ කියන්නේ මගේ කාලකණ්නි කම නිසා මට ඇතිවෙලා තියෙන මානසික පීඩනය ගැන මට දැන් ජීවත් වෙන එක දැනෙන්නේ මහා කාලකණ්නි කමක් විදිහට
මට අවු 19ක් වෙනවා උසස්පෙළ මේ අවුරුද්දේ කරන්නේ ඕලෙවල් යන්තමින් පාස් ඒලෙවල් ආර්ට් කරන්නයි ගත්තේ ඉගන ගන්න මම දක්ෂයෙක් නෙවෙයි ඒ නිසා ඒලෙවල් අත ඇරලා දැම්මා ඒත් විභාගෙට ඉද ගන්නලු ගෙදරින් කියනවා අනිවාර්යෙන්ම ෆේල් මොකද මම ක්ලාස් ගියේවත් නෑ සල්ලි ගෙවලා දවසක් ගිහින් ගෙදර උන්නා පොඩි කාලෙ ඉදන් මම හැදුනෙ කොන්වෙලා මගේ තාත්තාගේ වැඩේ නොසෑහෙන්න වධ දෙන එක ඒ කාලේ ගහලා ගහලා පුටුවක් අස්සට රින්ගවලා තියනවා වැරැද්දක් කළාම. තාත්තා ඉදලා හිටලා ආදරේ කළ බවක් මතක තිවුනත් උතුරලා යන ආදරයක් නෙවෙයි පොඩි කාලේ ගෙවුනේ ඒ වගේ දේවල් මැද්දේ හැබැයි අපරාදේ කියන්න බෑ අම්මයි තාත්තයි කවදාවත් රණ්ඩුවෙන්නේ වත් නෑ අම්මා වුනත් මට සැලකුවේ අනුකම්පාවට කියලා මට දැන් තේරෙනවා මගේ පවුලෙ උන්න අනිත් හැම එකාම හොදට ඉගන ගන්න පුළුවන් එවුන් උන් හැමෝම නතර වුනේ විශ්ව විද්‍යාලවලින් ඒත් මම ඕලෙවල් පාස්වුනේ හරිම නින්දිත විදිහට ජරා රිසාල්ට් එකකින් නෑදෑයොන්ටයි වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටයි මගේ පවුලෙ අයට හිනාවෙන්න තියෙන එකම සාධකේ මම සමහරු අම්මගෙන් මූණටම අහල තිවුනා ලොකු පුතාට ටිකක් අමන ගතිය වගේ නේද කියලා සමහර විට ඒක එහෙම වෙන්නත් ඇති මම දන්නේ නෑ මට ගෙදරින් හැම දේම සපයලා දුන්නා ඉගන ගන්න ඒත් මට ඒක කරගන්න බැරිවුනා ඇත්තටම උවමනාවක් තිබ්බේ නැද්ද කියලත් හිතෙනවා මගේ ජීවිතේට කොල්ලෝ කරන කිසිම දෙයක් මම කරලා නෑ මම අරක්කුවත් සිගරට්වත් කටේ තියලා නෑ මස් මාළු කන එක අවුරුදු 3ක ඉදලා නැවැත්තුවා මට ජීවිතේට කෙල්ලෙක් ඉදලත් නෑ මම කෙල්ලන්ට කතා කරන්න යන්නෙත් නෑ ඒක ගැන නම් දුකක් නෑ මොකද මට යාළුවෝ වත් නැති නිසා මට හිටියේ එකම හොද යාළුවෙක් විතරයි අවුරුදු තුනක බුදු ෆිට් එකක් අන්තිමට ඌ ඒ 7ක් අරගෙන මැත්ස් කරන්න ඩීඑස් ගියා මම ඕලෙවල් පාස්වුනෙත් ඌ නිසා ඉන් පස්සේ ඉස්කෝලේ වුනත් යාළුවෙක් මට නෑ නිකම් කතා කතා කළාට උන් මම නැති තැන මට හිනා වෙනවා මට හැම දේම දැන් එපා වෙලා තියෙන්නේ මට තියෙන්නේ මහා කළකිරීමක් හැම දෙයක් ගැනම දැන් ගෙදරින් කියනවා රස්සාවක් කරපන් කියලා රස්සාවක් කියලා මොකක් කරන්නද ? මට තියෙන්නේ සහතින 4යි ඒවා අරගෙන ගියොත් මිනිස්සු මට හිනා වෙනවා පරිගණක දැනුම කියලා අමුතුවෙන් දැනුමකුත් නෑ තියෙන්නේ එකතුකරගත්තු අසම්පූර්ණ දැනීමක් පාළුව නැති කරගන්න තනිකම නැති කරගන්න මම කළේ ටීවි සීරියසුයි ෆිල්මුයි ඩවුන්ලෝඩ් කරගෙන ඒවා බල බල වෙනම ලෝකෙක ජීවත් වුන එක පාන්දර 5 වෙනකන් ඒවා බලලා මන් දවල් 3 වෙනකම් නිදියලා ආයි ඒකට සෙට් වෙනවා කෑම එක කාලා දැන් ඒකත් අතඇරලා දාලයි ඉන්නේ මට ගේ ඇතුලට කොටුවෙලා ඉන්න වෙලා තියෙන්නේ පොඩිකාලෙ ඉදලා ඒ නිසා මම වෙඩින් එකකටවත් යන්නේ නෑ මට එන්න කිව්වම මම බෑ කියලා ගෙදරට වෙලා ඉන්නවා මොකද මම දන්නවා මගේ කාලකණ්නි කම අනික් උන්ට තවත් හොදට පේනවා කියන එක එහෙම වුනාම ගෙදර අය කියන්නේ අපිට කවදා හරි උඹ බරක් වෙනවා කියලා ඒක මට දරාගන්න අමාරුයි මේ විදිහට ගියොත් මට ජීවිතේම පිස්සන්කොටුවක ගෙවන්න වෙනවා එහෙම අය ඕන තරම් ඉන්නවා මම මේක ලියන්න හිතුවේ ඇයි කියල දැන් කියන්නම් මට මේ මානසිකත්වයෙන් මිදෙන්න ක්‍රමයක් කියන්න මගේ පුද්ගලික දත්ත දෙන්න නම් බෑ මම මේ ප්‍රොෆයිල් එක හදන්න දාපු නම මගේ පොඩිකාලේ යාළුවෙක් ගේ නමක් ඒක මගේ නම නෙවෙයි මේ වගේ තත්ත්වයක ඉදපු එක කොල්ලෙක් හරි ඉන්නවා නම් මට මොකක් හරි කියලා යන්න උට පින්සිද්ධ වෙන්න කියලා මම පතනවා උඹලා මාව විහිළුවකට ගත්තත් මට ඒක සාමාන්‍යයි මාව සමච්චල් කරන එක හැම තැනම වෙනවා ඒත් මෙතනදී මම බලාපොරොත්තුවෙන්නේ උත්තරයක් මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියන එක තමා ගොඩක් අය කියන්නේ කියලා මම දන්නවා ඒක කරන්න මට සල්ලි නෑ අනික මට තනියෙන් ගමන් යන්නත් බෑ
කොල්ලෙක් වශයෙන් පුළුවන්නම් තත්ත්පර 5ක් වැය කරලා මට උත්තරයක් දීලා යන්න යාළුවෙක් ලෙස සලකලා

මචන්, මටත් ඔය තත්ත්වෙ ම ආව.. ඇන්ඩ් දැන් තියෙන්නෙත් ඔයිට සමාන තත්ත්වයක්..
මට ඒ ඔක්කොම නම් කියන්න බෑ, ඒත් ඕකට ඉතින් කරන්න දෙයක් නෑ මචන්.. මම අද නැගිටිද්දි 11ත් පහු වෙලා ද කොහෙද. නින්ද යන්නෙ නෑ පාන්දර 3, 4 වෙනකම්.. ඇඳට වෙලා හිටියත්.. පොඩි දේටත් ඔලුව රිදෙනව.
මේක වැඩ කරනව මචන්.. මේ විදිය සාර්ථකයි මමත් හිතන්නෙ.. 
අමතර ජොබ් එකක් කරන්න පුළුවන් දෙයක් ඉගන ගනින්