මචංලා Daraz එකෙන් බඩු ගන්නවනම් දෙපාරක් හිතපල්ලා.
මම ලංකාවේ Online Site වලින් වැඩිය බඩු ගන්නේ නෑ, මොකද මට මේ සයිට් එක්ක තියෙන එක්ස්පිරියන්ස් එක සතුටුදායක එකක් නෙවි. ඒත් මම ebay , aliexpress වගේ ඒවා එක්ක ගණුදෙණු කරන්නේ 2012 ඉදලා. මම පලමු වරට යාළුවෙකුට ෆොන් එකක් දැම්මා Daraz එකේන්. හැබැයි එවලා තියෙන්නේ List කරලා තිබුන එකක් නෙවි. උන්ට කන්ටැක්ට් කරලා පැහැදිලි කරත් වැඩක් උනේ නෑ..
ඊට පස්සේ හිතා ගත්තා තවත් මුන්ගෙන් ගන්නේ නෑ කියලා. ඒත් පෙරෙදා Android TV Box එකක් ඕඩර් කරා ( මොකද මේ දවස් වල ebay,aliexpress order කරොත් ලොකු කාලයක් යනවා ) ඉතින් දවස් දෙකෙන් බඩු ආවා. ඒත් පැකින් එක ගලවලා බොක්ස් එක දකිද්දිම තේරුනා මේක පාවිච්චි කරපු එකක් වගේ කියලා. කෝකටත් කනේක් කරලා බැලුවා, හරියට හරි. google login එකක් තියෙනවා , Holiday Resort එකක. අන්තිමට factory reset කරගෙන තමයි වැඩ කරන්න ගත්තේ. තව දෙයක් මුන් 16GB memory එකක් තියෙනවා කියලා ඇඩ් කරලා තිබුනට තියෙන්නේ 2GB මේ ගැන ඔක්කොම කියලා Seller ට screenshot එක්ක මැසේජ් කරා, දවස් 04ක් තාම replay නැ. feedback එකෙත් මේ ටික මෙන්ශන් කරලා දැම්මා, තාම දවස් 02ක් ගිහිල්ලත් Daraz එකේ උන් feedback එක appoval කරලා නෑ, pending තියෙන්නේ.
මුන්ගෙන් බඩු ගන්න නම් එපා තවත්. Daraz එකේ උන් කවදාවත් කස්ටමර්ට නම් උදව් කරන්නේ නැ. උන් ගන්නේත් සේලර්ගේ පැත්ත.