ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට සහ ඒමට ප්‍රමාණවත් නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමසරිස් මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටී.
මැතිවරණ මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව සිය සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය අනුව ලබා දිය යුතු නිවාඩු කාල සීමාව පහතින් දැක් වේ.
ඉහත සටහනින් යෝජනා කර ඇත්තේ, ලබා දිය යුතු අවම කාලය බව ත් ඡන්ද පොළට යාමට සහ ඒමට දින තුනක් අවශ්‍ය වන අවස්ථාවලදී ඒ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ත් අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මාර්ග උපදේශ සැලකිල්ලට ගෙන ගෙන කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ත් අතර ඇති කර ගන්නා ලද එකඟතාවකට අනුව අදාළ දුර ප්‍රමාණය සහ ලබා දිය යුතු නිවාඩු කාල සීමාව ප්‍රකාශයට පත් කළ බව ය.
Source :
http://goo.gl/EIbzwG