මචන්ලා මට එපාවෙලා බං HELP ME

Dimer

Member
Jan 6, 2016
71
5
0
උබම දාල තියනවනේ කරන්න ඕනි දේ.. මහන්සි වෙන තරමට ප්‍රතිපල තියෙයි.. internet marketing වගේ කරන්න දන්නා පොරක් නම් කරපංකෝ ටිකක් මහන්සි වෙලා.. ඊට පස්සේ ගොඩනේ යකෝ.. කම්මැලිකම හැමෝටම වගේ තියනව බන් උබට විතරක් නෙවෙයි.. ඒක පාලනය කරගත්ත එකා දිනුම්.. මමත් ඉස්සර හෙන කම්මැලි එකෙක්.. අතේ සතේ නැතුව නන්නත්තාර උනාට පස්සේ හිතාගත්තා ආයේ නම් කම්මැලි වෙන්නේ නෑ කියල.. මම මාස 4ක් 5ක් හිටිය කර කර හිටපු වැඩ ඔක්කොම මග නතර වෙලා.. අතේ සතේ නැතුව.. එතකොට තියන මානසික මට්ටම උබට මම කියන්න ඕනි නැනේ? නිකන් බලන් හිටියොත් හැම එකාම උබව pass කරලා යනවා.. දවසට අඩුම පැය 6ක් 8ක් වත් වැඩක් කරන්න බලපන් මුලින්ම.. ගෙදරම ඉන්න එකෙක් නම් ඊට වඩා වැඩ කරනවනේ සාමාන්‍යයෙන්..

උබ ඔය ඉන්න තත්වේ ඉඳල මම ගොඩ ඇවිත් තවම වැඩි කාලයක් නෑ.. ගොඩ ඇවිත් කියන්නේ මම financially independent නෙවෙයි තවම.. මම කියන්නේ දැන් වැඩ කරන්න ඕනි හිතේ හයිය තියනවා මට.. උබට වගේ මටත් ගෙවල් හදන්න, වාහන ගන්න එහෙම ඕනි.. වටේ පිටේ ඉන්න උන් වාහනේක යනවා දකිද්දී අපි වැටෙන්න වත් ඌව වට්ටන්නවත් නෙවෙයි හිතන්න ඕනි.. අපිත් එකක් ගන්න ඕනි කියල...

මාසයක් දෙකක් උදෙන්ම නැගිටලා, දවසට පැය 8ක් වත් මහන්සි වෙලා වැඩක් කරපන්.. එක දිගට නැතත් කරපන්.. සල්ලි ටිකක් අතට එද්දී, මහන්සි වෙන තරමට ලාබයි කියල දැනෙද්දී, දවසට සාමාන්‍ය පොරක් ගොඩ දාන ගානට වඩා ගානක් ගොඩ දානකොට, නිකන්ම moral හැදිලා එනවා බන්.. 100%ක් අත්දැකීමෙන් කියන්නේ.. been there.. done that.. moved on...

:D බොහොම ස්තුතියි මචෝ. ඔව් දන්නවා. මට කලින් සල්ලි තිබ්බා. ඉගෙනගන්න මම ගොඩක් වියදම් කරලත් තියනවා.
මගේ Udemy account එකේ ම තියෙනවා ගත්ත course 140 ක්. ඒ ටිකම හෙනට වටිනවා.
එත් බලපු ඒවා තියෙන්නේ ටිකයි. :baffled: පටන් ගන්න ඕනේ මුල ඉදන්.

2cfqfzn.png



 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ


    :D බොහොම ස්තුතියි මචෝ. ඔව් දන්නවා. මට කලින් සල්ලි තිබ්බා. ඉගෙනගන්න මම ගොඩක් වියදම් කරලත් තියනවා.
    මගේ Udemy account එකේ ම තියෙනවා ගත්ත course 140 ක්. ඒ ටිකම හෙනට වටිනවා.
    එත් බලපු ඒවා තියෙන්නේ ටිකයි. :baffled: පටන් ගන්න ඕනේ මුල ඉදන්.

    2cfqfzn.png




    දැන් මේ card layout එක පට්ට ප්‍රසිද්දයි නේද...ම්ම්....:rolleyes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පට්ට. advice ටික.. අපිටත් වටිනවා..
    සැරටම වදින්නම දීලා තියෙනවා advice ටික.. :yes::yes:

    BTW Good luck bro.. :D

     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    affiliate walata bahapan, mul tika vithry mahansiya ita passe eka ehemma thiyala wena dekata playan, anthimata kalekata athi wenna gas hadila thiyeyi ban, man dan site 8k karnawa eth mata karanna mona magulakwath ne (wada karanna un hire karapan upwork wage ewagen), CPA karpan ubata puluwan
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මට හිතෙනවා මට කිසිම දෙයක් කරගන්න බැරිවෙන්න කවුරුහරි මොනවහරි කරලාවත්ද කියලා මචන්ලා.

    were you raped??
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1. තයිරොයිඩ් check කර ගනින්.

    2. "Someday never comes"

    "කවදාහරි" කියන දවස කවදාවත් එන්නේ නැති බව තේරුම් ගනින්. මම කවදාහරි මෙහෙම කරනවා, මෙහෙම තත්වෙකට එනවා කියන ඒවා හරියන්නේ නෑ. අද පටන් ගනින්. ගොඩක් ඔය කම්මැලි කම තියෙන්නේ වැඩක් පටන් ගන්න. පටන්ගත්තට පස්සේ කරගෙන යන්න එච්චර කම්මැලි නෑ.

    3. උඹේ කම්මැලි කම වාසියට හරවගනින්.

    මම ඉස්සර පට්ටම කම්මැලි. ඉස්සර කියන්නේ මේ අවුරුදු 2කට විතර කලිනුත්. ඒත් දැන් මම මහන්සි වෙලා වැඩ කරනවා. ඒ කම්මැලිකම නැතිකරගත්ත හින්ද නෙවේ. කම්මැලි හින්දම තමයි වැඩ කරන්නේ. මොකක්ද ඒ හරුපේ?

    මම පට්ට ආසයි නිදාගන්න, අපතය ගහල ඉන්න, රට වටේ / ලෝකේ වටේ කෙල්ලත් එක්ක ඇවිදින්න යන්න. ඒත් මම දන්නවා මට ඕවා මොකවත් කරන්න බෑ කියල සල්ලි නැතුව.

    ඒක හින්ද මම target එකක් හදාගත්තා අවුරුදු 35 වෙනකොට ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගෙන ඊට පස්සේ මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්නවා කියල :yes::yes:

    ඒක හින්ද මම මහන්සි වෙලා වැඩ කරනවා. දැන් මහන්සි වෙලා වැඩ කරොත් පස්සේ අපතය ගහල ඉන්න පුළුවන් කියන දේ දැනගෙන :yes:

    හොඳට බලපන්, final target එක "ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගන්න එක" නෙවේ:no::no:

    මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්න එක :yes::yes:

    4. kolaveri කියල තියෙන දේ.

    Pressure එකක් නැති කම :yes:

    එක මනුස්සයෙක් ගියාලු guru කෙනෙක් හම්බෙන්න. සාර්ථක වෙන්න ඕනේ උපදෙස් ගන්න. guru කිව්වලු හෙට උදේ 4ට කොට කලිසමක් විතරක් ඇඳගෙන මුහුඳ ලඟට එන්න කියල. (ගල් කපන්න නෙවේ, උපදෙස් දෙන්න)

    මිනිහත් උදේ 4ට පට්ට සීතලේ ගියාලු.

    guru මිනිහගේ අතින් අල්ලාගෙන මුහුන්දට අරන් ගියාලු වළලුකර වෙනකන් වතුර එනකං. පට්ට සීතලයිලු වතුර. guru ඇහුවලු අමාරුයිද, ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ කිව්වලු නෑ එච්චර අවුලක් නෑ කියල.

    දණහිසක් වෙනකන් වතුර එනකන් ඉස්සරහට අරන් ගිහිල්ල ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ ගැහි ගැහි කිව්වල නෑ කමක් නෑ කියල.

    බෙල්ල වෙනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට හොඳටම අමරුයිලු, එත් කිව්වලු කමක් නෑ ඉන්නම් කියල.

    නහය ලඟට යනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට දැන් හුස්ම ගන්නත් අමාරුයි. ඒත් කිව්වලු නෑ මම ඉන්නම් කියල.

    ඊටපස්සේ guru අරුව අල්ලලා එබුවලු ඔලුව වතුර යට. මිනිහ දඟලල දඟලල guru වත් පෙරලගෙන නැගිටලා තමුසෙට පිස්සුද ඕයි කියල ඇහුවලු.

    එතකොට ගුරු කිව්වලු "ඔන්න ඕක තමයි වෙනස. හැමෝටම සාර්ථක වෙන්න වුවමනාව තියෙනවා හිතේ කොනක. එත් හරියට උවමනාවක් නෑ. වතුර යට හුස්ම හිරවෙලා දඟලද්දී උඩට එන්න තියෙන උවමනාව වගේම උවමනාවක් සාර්ථක වෙන්න ඕනේ කියලත් තියෙනකොට තමයි මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන්" කියල.

    5. හොඳට වියදම් කරපන්.

    සල්ලි හම්බකරනකොට උඹට සතුටු හිතෙන දේට අත දිග ඇරලා වියදම් කරපන්. නාස්ති කාරයෙක් වෙන්න කියල නෙවේ කියන්නේ. ඒත් කුනෙක් වෙන්න එපා. එතකොට උඹට තව සල්ලි හොයන්න ආසා හිතෙනවා. හම්බකරනටික සේරම මෙට්ටේ යට දාගෙන දැන් ගෙවන ජීවිතේම ගෙවනවනම් ටික කාලෙකින් හිතෙයි මොන මගුලටද මෙච්චර මහන්සි වෙලා හම්බ කරන්නේ කියල.

    6. හොයන සල්ලි ටිකක් invest කරලා passive income streams කීපයක් හදාගනින්.

    දැන් තියාම ඒවා ගැන හොයල ටික ටික පටන් ගනින්. සල්ලි invest කරන්නේ නැතුව කරන්න පුළුවන් ඒවත් තියෙනවා.

    7. ගොඩ ගියාට පස්සේ හොඳ කෙල්ලෙක් හොයාගෙන බැඳලා දවසම ඒකිව ලෙලි ගගහා ඇඳට වෙලා ආතල් එකේ අපතය ගහගෙන ඉඳපන්

    මේක නම් කිව්වේ ඉතින් විහිලුවට. සුරංගනා ලෝකයක් හම්බෙන්නේ නෑ. එත් හිතට කරදරයක් නැතුව ගෑනිව දරුවන්ව රැකබලාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒ කියන්නේ උබ කම්මැලියෙක්...

    උබට HTML PHP පුළුවන් නිසා office නොයා සල්ලි හොයන්න වැඩක් හොයල දෙන්නං.

    PM කරපං

    උබට එකත් බැරිනං ඉතිං sorryම තමයි..
     
    • Like
    Reactions: 7204

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    දැන් නම් මේක නොසැහෙන්න වටින ත්‍රෙඩ් එකක් කියලයි මට හැගෙන්නෙ. උත්සහ කරපන් මචන්. උඹට පුළුවන්! :yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රත්තරං;19737532 said:
    ඉතින් උඩ බලන් ඉන්නේ නැතුව සල්ලි හොයපන්. සල්ලි හොයන්න හෙන ලේසී බන් ලංකාවේ. ඉන්න තරමක් ඉන්නේ මෙලෝ රහකට නැති අපත කම්මැලි දෙන දේ කාලා දෛවය දිහා බලන් හූරන කාලකන්නි. ආන්ඩුවෙන් ඕනේ තරම් සල්ලි කොල අච්චු ගහලා දාලා තියෙන්නේ මිනිස්සු අතර. අඩුවක් නෑ. උබ පොඩ්ඩක් ස්මාර්ට් විදිහට හිතලා ඒවයින් ඔය දාහේ දෙදාහේ පන්දාහේ කොල දෙක තුනක් දවසකට උබ ලගට ගනින්.. මහ ගේමක් නෑ
    මෙන්න රත්තරං වචන ටික,අපේ කරුමෙ,ලබා උපන් හැටි කිය කියනම් ඉන්න එපා මචන්.අපි දන්න සුපිරියටම පින් කරපු කෙනා බුදු හාමුදුරුවොනෙ,ඒත් බුදු හාමුදුරුවොත් බුදු උනේ රම්‍ය සුරම්‍ය සුභ වල ඉඳලා නෙවෙයි.අවුරුදු ගානක් දුෂ්කර ක්‍රියා කරලා.ඒක නිසා පිනක් උනත් පඩිසන් දෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන එකාට විතරයි.ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ හයියෙන් සාදු කිව්වම,පන්සලක් බෝධියක් ගාවින් යනකොට පස්ස ඉස්සුවහම දියුනු වෙනවා කියලා :frown::frown::frown:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මෙන්න රත්තරං වචන ටික,අපේ කරුමෙ,ලබා උපන් හැටි කිය කියනම් ඉන්න එපා මචන්.අපි දන්න සුපිරියටම පින් කරපු කෙනා බුදු හාමුදුරුවොනෙ,ඒත් බුදු හාමුදුරුවොත් බුදු උනේ රම්‍ය සුරම්‍ය සුභ වල ඉඳලා නෙවෙයි.අවුරුදු ගානක් දුෂ්කර ක්‍රියා කරලා.ඒක නිසා පිනක් උනත් පඩිසන් දෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන එකාට විතරයි.ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ හයියෙන් සාදු කිව්වම,පන්සලක් බෝධියක් ගාවින් යනකොට පස්ස ඉස්සුවහම දියුනු වෙනවා කියලා :frown::frown::frown:

    sira,mektana sahenna ridei :lol:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ඉන්නෙත් උඹේ තැනම තමයි,මම කරන දේ උඹට කියන්නම් සමහරවිට වැදගත් වෙයි.මට වැඩ කරන්න එපා වෙනකොට මම ලෝකෙ තියෙන හෙන ගනන් බ්‍රෑන්ඩ්වල සයිට් වලට යනවා,ඊට පස්සෙ කල්පනා කරනවා මේක හොඳයිද මේක හොඳයිද කියල.ඊට පස්සෙ ඒවා කම්පෙයාර් කරනවා අපෝ ෆෙරාරිවල සද්දෙ විතරයි,ජීටීආර් එක ඊට වඩා 10 ගුනයක් හොඳයි.ඒක නිසා ගන්නෙ ජීටීආර් එකක් වගේ හිතලා කල්පනා කරනවා(ගන්න සල්ලි නැතත්).එතකොට ඒවා ගන්නනම් සල්ලි ඕනෙ කියල මතක් වෙනවා.ඊට පස්සෙ සල්ලි හොයන්න වැඩක් කරන්න ඕනෙ කියලා මතක් වෙනවා.එතකොට ඔය නිදිමත,අමාරුකම් මොකවත් නෑ,මාර මෝටිවේෂන් එකක් එනවා ඇඟට.නැත්තන් වෙන්නෙ උඹ අද ඉඳල හදෙනවා කියලා පටන් ගන්නවා උනත් සතියකින් ආයෙත් උඹ හිටිය තැනටම වැටෙන එක.මටත් ඕක තියෙනවා.99%ක් වැඩ කරනවා කියලා පටන් ගන්න උනුත් කරන්නෙ ඕක තමයි.ජය වේවා!!!:):):):):)
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    රත්තරං;19737149 said:
    උදේ 6ට නැගිටපන්.... පැයක් දුවපන් හොදට දාඩිය දාන්න.. මාසෙකින් රිසාල්ට් කියපන්

    1 hour diwwoth mu marei me inna vidiyata. :yes: