උබම දාල තියනවනේ කරන්න ඕනි දේ.. මහන්සි වෙන තරමට ප්‍රතිපල තියෙයි.. internet marketing වගේ කරන්න දන්නා පොරක් නම් කරපංකෝ ටිකක් මහන්සි වෙලා.. ඊට පස්සේ ගොඩනේ යකෝ.. කම්මැලිකම හැමෝටම වගේ තියනව බන් උබට විතරක් නෙවෙයි.. ඒක පාලනය කරගත්ත එකා දිනුම්.. මමත් ඉස්සර හෙන කම්මැලි එකෙක්.. අතේ සතේ නැතුව නන්නත්තාර උනාට පස්සේ හිතාගත්තා ආයේ නම් කම්මැලි වෙන්නේ නෑ කියල.. මම මාස 4ක් 5ක් හිටිය කර කර හිටපු වැඩ ඔක්කොම මග නතර වෙලා.. අතේ සතේ නැතුව.. එතකොට තියන මානසික මට්ටම උබට මම කියන්න ඕනි නැනේ? නිකන් බලන් හිටියොත් හැම එකාම උබව pass කරලා යනවා.. දවසට අඩුම පැය 6ක් 8ක් වත් වැඩක් කරන්න බලපන් මුලින්ම.. ගෙදරම ඉන්න එකෙක් නම් ඊට වඩා වැඩ කරනවනේ සාමාන්‍යයෙන්..
උබ ඔය ඉන්න තත්වේ ඉඳල මම ගොඩ ඇවිත් තවම වැඩි කාලයක් නෑ.. ගොඩ ඇවිත් කියන්නේ මම financially independent නෙවෙයි තවම.. මම කියන්නේ දැන් වැඩ කරන්න ඕනි හිතේ හයිය තියනවා මට.. උබට වගේ මටත් ගෙවල් හදන්න, වාහන ගන්න එහෙම ඕනි.. වටේ පිටේ ඉන්න උන් වාහනේක යනවා දකිද්දී අපි වැටෙන්න වත් ඌව වට්ටන්නවත් නෙවෙයි හිතන්න ඕනි.. අපිත් එකක් ගන්න ඕනි කියල...
මාසයක් දෙකක් උදෙන්ම නැගිටලා, දවසට පැය 8ක් වත් මහන්සි වෙලා වැඩක් කරපන්.. එක දිගට නැතත් කරපන්.. සල්ලි ටිකක් අතට එද්දී, මහන්සි වෙන තරමට ලාබයි කියල දැනෙද්දී, දවසට සාමාන්‍ය පොරක් ගොඩ දාන ගානට වඩා ගානක් ගොඩ දානකොට, නිකන්ම moral හැදිලා එනවා බන්.. 100%ක් අත්දැකීමෙන් කියන්නේ.. been there.. done that.. moved on...
බොහොම ස්තුතියි මචෝ. ඔව් දන්නවා. මට කලින් සල්ලි තිබ්බා. ඉගෙනගන්න මම ගොඩක් වියදම් කරලත් තියනවා.මගේ Udemy account එකේ ම තියෙනවා ගත්ත course 140 ක්. ඒ ටිකම හෙනට වටිනවා.
එත් බලපු ඒවා තියෙන්නේ ටිකයි.
පටන් ගන්න ඕනේ මුල ඉදන්.

fiverr thamai mulinma patan gaththe danna tharamin 




