මචන් මට help එකක් දීපල්ලා.

RedProMaxxa

Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    මේ සීන් එක ඇත්ත බව මුලින්ම කියන්න ඕනේ මචන්ලා. මගේ වයස අවුරුදු 32ක්. ගෙදරින් දැන් දැන් push කරනවා කසාදයක් බඳින්න කියලා. මම තමා පවුලේ එකම කොල්ලා. මමත් මෙච්චර කල් කසාදයක් ගැන ලොකුවට හිතල තිබුනේ නැහැ. තනියම ඉන්නවා නම් ෆුල් සොමියේ ඉන්න පුළුවන් කියල තමා මමත් හිතුවේ. බොරු කියන්න නම් ඕනේ නැහැ. කසාද නොබැඳ හිටියම ඉඳලා හිටලා බඩුවක් ගැහුවා කියලා ලොකු කේස් එකකුත් නැහැනේ. වැඩේ කියන්නේ මචන් අලුතින් කසාද බැඳලා ඉන්න ලස්සන තරුණ ජෝඩු දැක්කම වෙලාවකට හිතෙනවා ඒකෙත් ආතල් එකක් තියෙනවා කියලා. දැන් මම ඉන්නේ බැරි වෙලාවත් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බඳිනවා කියලා හිතාගෙන.

    සීන් එක තමා, මට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් කෙල්ලෙක් දකින්න හම්බ වුනා. කෙල්ල නම් ලස්සනයි. මට තේරෙන හැටියට නම් එයාගේ වෙන අවුලකුත් නැහැ. මම කරන කමෙන්ට් වලට එයා රිප්ලයිත් කරලා තිබුනා. දැනට higher studies කරන කෙනෙක්. ඒත් මට හිතෙන හැටියට එයා මට වඩා අවුරුදු 11ක් විතර බාලයි. ඒ විතරකුත් නෙමෙයි, මම එච්චර ලස්සන කොල්ලෙකුත් නෙවෙයි. මාව අවතක්සේරු කරනවා නෙමෙයි මචන්ලා. ඒත් අපි ගැන realistic වෙන්නත් ඕනෙනේ මචන්ලා. මගේ ආදායම් මාර්ගය එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. දැනට ස්ථිර government job එකක් කරනවා. ඒත් private sector යන්න හරි, මැලේෂියා වගේ රටකට යන්න හරි තමයි අදහස තියෙන්නේ. මට උඹලගෙන් advice පාරක් ඕනේ.

    පළවෙනි එක: මේ සීන් එක ගොඩ දාගන්න පුළුවන් වෙයිද? ඇත්තම කියහන් මචන්ලා. මේක ගොඩ දාගන්න බැරිනම් අමාරුවෙන් වුනත් හිත හදාගන්න ලෑස්තියි.

    දෙවෙනි එක: මේක අදාළ වෙන්නේ පළවෙනි එකේ උත්තරය පොසිටිව් වුනොත් විතරයි. මේ වගේ සීන් එකක් ගොඩ දාගන්නේ කොහොමද? කෙල්ලත් එක්ක රූම් යනවා වගේ දේවල් ගැන නෙමෙයි මචන්ලා. කෙල්ල එක්ක හොඳ relationship එකක් හදාගන්නේ කොහොමද? එක පාරටම කෙල්ලට විස්තරේ කියන්නද? එහෙම වුනොත් චාටර් වෙයිද? නැති නම් නොම්මරේ ඉල්ලගන්නද? ඒත් නැත්නම් වෙන හොඳ අදහසක් තියෙනවද?

    ආයෙත් කියන්නේ මචන්ලා. මේක සීරියස් අහන දෙයක්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මේක සීරියස් කේස් එකක් නිසා උත්තරයක් දෙන්න අමාරුයි මචන්.
    කෙල්ලගේ ගෙවල් වලින් මුලදී බර බරේ වැටෙයි.
    උබට 32යි ඒ කියන්නේ කෙල්ලට 21යි.
    එච්චර බදින්න මේරුණේ නැති කෙල්ලෙක් බැදලා පස්සේ කරදර වෙයිද දන්නේ නෑ.
    සෝෂල් මීඩියා වලින් කෙල්ලෝ දාගද්දී පරිස්සමෙන්. උබ ඒ කෙල්ලව හොයාගත්ත platform එක කියපන් අයිඩියා එකක් ගන්න.
    උබේ ඇපියරන්ස් එක තව පොලිෂ් අප් කරගනින්. Hygiene ගැන වැඩිපුර හිතපන්.
    උබට කරලම තමයි බලන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    කොමන්ට්ස් වලට රිප්ලයි කරා කියලා කසාදේ වෙනකන් හීන දකින්න එපා...පොඩ්ඩක් කෙල්ලව ආශ්‍රය කරලා බලපන්...FB or instagram ? Mokeda set une
     
    • Like
    Reactions: Ryan08 and SK29

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබ මීට වඩා කැත වෙන්න බෑනෙ, මේ තමා peak beast mode
    image.png
     
    • Dislike
    Reactions: Qnjb_54

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සල්ලා ටික කාලයක් කෙල්ලව ආශ්‍රය කරලා බලපන්. එතනින් එහාට ඒවා පස්සේ හිතන්න පුළුවන්. කමෙන්ට් වලට රිප්ලයි කරපු පලියට උන්ගේ හිත්වල තියෙන ඒවා ජජ් කරන්න බෑ බං. මටත් ඔය වයසේ කෙල්ලෙක් ඉන්න නිසා කියන්නේ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    22 එකක් ඇයි ඔයි උබව බදින්නේ .. එහෙනන් නාන්න සල්ලි තියෙන්න ඕනේ