මල්ලි උඹ ඔය කෙල්ලගෙන් අහපං. අහන එක ගහට ගෙඩි එනවා වගේ අහන්න එපා. නිකං නෝන්ඩි වෙන්න අගව අගවත් ඉන්න එපා. හොද නිදහස් වෙලාවක් අල්ලගන කෙල්ල එක්ක හිමින් ඕක ගැන කතා කරපං. මොකද ඕක දැන් ඇහුවෙ නැත්තන් ජිවිතේ කවදහරි දවසක පසු තැවෙන්න වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා අඩලා වැඩක් නෑ.
ඔතන තියන ලොකුම ප්‍රශ්නේ කෙල්ලගෙන් අහලා කෙල්ල අකමැති උනොත් උඹට කෙල්ල එක්ක තියන ඔය සාමාන්‍ය හිතවත් කම නැති වෙයි කියන එකනේ. එහෙම වෙන්නෙ නෑ මොකද එහෙම වෙන්නේ උඹ කෙල්ල ඉස්සරහා ඇනයක් උනොත් හරි නෝන්ඩි චරිතයක් උනොත් හරි. ඇනයක් වෙන්නෙත් නැති වෙන්න, නෝන්ඩි වෙන්නෙත් නැති වෙන්න එක පාරක් අහපං. පට්ට ඩීසන්ට් පිට වගේම කෙල්ලට රෙස්පෙක්ට් කරලා. ගොඩක් වෙලාවට කෙල්ල කැමති වෙයි.
බැරි වෙලාවත් කැමති නොව්නෝ කෙල්ලට ඒත්තු ගන්නපං කැමති උනේ නැති උනාට උඹේ හිතේ අව්ලක් නෑ නිකන එක. ඒ වගේම උඹ ඉස්සර වගේම ඒකි එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියනවා කියන එක. වැඩිය හිත හිත ඉන්න එපා අහපං මල්ලි.