මචන් හෙල්ප් එකක්

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මචන් හෙල්ප් එකක්

මචන් කැන්සර් වලට බෙහෙත් කරන හාමුදුරු කෙනෙක් ගැන දන්නවද කවුරුහරි ?
අදුරන කෙල්ලෙක්ට පොඩි හෙල්ප් එකක් ඕනෙ වෙලා තියනවා.. ඩොක්ටර්ස්ලා හොයාගෙන ගිහින් ගොඩාක් වියදන් කරලා කොහොමහරි දැන් හොද කරන්න බෑ කියල කියල තියනවලු.. දන්න එකෙක් ඉන්නවනම් කියපන්..
 
Last edited:

bongbong

Banned
Oct 27, 2014
132
5
0
උඹලෑ දිහා
කැන්සර් වලට හාමුදුරුවො පස්සෙ ගිහි0 නැහිය0. යකෝ මහරගම පිලිකා රෝහලක් තියෙන්නෙ කැන්සර් වලට බෙහෙත් කරන්න තමා. ඔය හාමුදුරුවන්ටයි සාත්තර කාරයින්ටයි යාඥා කල්ල ලෙඩ හොද කරනව කියන උන්ටයි කට්ටඩින්ටයි රැවටෙන්න එපා. ඒ අහි0සකයගෙ ජීවිතේ තවත් කෙටි වෙන එක වෙන්නෙ. මහරගම පලය0.​
 

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
කැන්සර් වලට හාමුදුරුවො පස්සෙ ගිහි0 නැහිය0. යකෝ මහරගම පිලිකා රෝහලක් තියෙන්නෙ කැන්සර් වලට බෙහෙත් කරන්න තමා. ඔය හාමුදුරුවන්ටයි සාත්තර කාරයින්ටයි යාඥා කල්ල ලෙඩ හොද කරනව කියන උන්ටයි කට්ටඩින්ටයි රැවටෙන්න එපා. ඒ අහි0සකයගෙ ජීවිතේ තවත් කෙටි වෙන එක වෙන්නෙ. මහරගම පලය0.​

එල මචන් මන් දන්නෑ.. හාමුදුරු කෙනෙක් ගැන තමා ඇහුවේ,
 

bongbong

Banned
Oct 27, 2014
132
5
0
උඹලෑ දිහා
එල මචන් මන් දන්නෑ.. හාමුදුරු කෙනෙක් ගැන තමා ඇහුවේ,

ඌව කොහොම හරි මහරගම යන්න පොලම්බවප0. නැත්ත0 නික0 විදවන්න වෙන්නෙ. ඔය කට්ටඩි ගාවට ගිහි0 උන් මොලේ කෑවට පස්සෙ ආපහු හදන්නත් බෑ.​
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
http://www.divaina.com/2013/12/01/naka13.html

පිළිකාව පරදන රංබණ්‌ඩා වෙදැදුරු


විමලසිරි අගලකඩ


wedas.jpg
පිළිකා රෝගය නිසා ලොව පුරා ලක්‍ෂ ගණනින් මිය යැම වැඩි වී ඇති බවක්‌ වර්තමානය වන විට දැකිය හැකි සුලබ දසුනකි. වසර ගණනාවක්‌ තිස්‌සේ පර්යේෂණවල යෙදෙමින් කරන මේ ප්‍රතිකාරයන් කොතෙක්‌ දුරට සාර්ථක වී ඇත්දැයි සිතා බැලීමෙන් අපට ලැබෙන්නේ සෘණාත්මක පිළිතුරක්‌ මිස ධනාත්මක පිළිතුරක්‌ නොවේ.

පළමුව පිළිකා රෝගයට ගොදුරුවීමට හේතු කාරණා විමසා බැලීමේදී, පරිනාමවාදයට ගොදුරු වූ මනුෂ්‍යයාගේ ජීවන චක්‍රය, වර්තමානය වන විට පරිසරයට අනුගත වී ස්‌වභාව ධර්මයෙන් ලැබිය යුතු දේ ලැබෙනවාද යන්න සොයා බැලීම මෙහිදී ප්‍රධාන කරුණකි.

මේ ලොව ස්‌වභාව ධර්මයෙන් අපට දායාද කළ ජලය, වාතය හා මහපොළොව දීර්ඝ කාලයක්‌ අප ශරීරයට ඇබ්බැහි වී තිබුණත් වර්තමානය වන විට මේ සියල්ලක්‌ ඉතා දූෂිත වී තිබෙන බවක්‌ නිරන්තරයෙන්ම දැක ගත හැක. විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ අවට පරිසරයට නිරාවරණය වීමෙන් පරිසරය ඉතා දූෂණය වී ඇති බවත්, ඒ පරිසරයේ හැදෙන වැඩෙන සියලු ආහාර ද්‍රව්‍ය තුළ ද ඒවා සංයෝග වී ඇති බවත් අමතක කළ නොහැක. උදාහරණයක්‌ ලෙස ගත් විට කර්මාන්ත ශාලාවලින් පිටකරන විෂ වායු, වැවිලි භෝගවලට යොදන රසායනික පොහොර, වල් පැළෑටි විනාශයට යොදා ගන්නා වල් නාශක, පසට හා ජලයට එකතු වන විෂ වාෂ්ප වී අහසට පාවී නැවත වර්ෂාව මාර්ගයෙන් මහපොළොවට එකතුවීම අපට නොදැනෙන සේ කෙරෙන බරපතළ හානියකි.

මෙවැනි කරුණු ගැන විමසිල්ලෙන් බලන විට අපට පැහැදිලි වන්නේ කොතරම් ප්‍රමාණයක්‌ අප ශරීරයට වස විෂ එක්‌වනවාද, එම වස විෂ සතා සර්පයාගේ සිට සෑම සත්ත්වයාගේම ශරීරගත වී පිළිකා රෝගයට පමණක්‌ නොව තවත් බොහෝ රෝගවලට මඟÊපාදා ඇති බවත් ය.

මෙවැනි පරිසරයක දුම්පානය ද පිළිකා රෝගය වැළඳීමට තවත් අත්වැලක්‌ සපයන බව අපට නොදැනෙන සේ කෙරෙන යුගයක පිළිකා රෝගය වැළඳීම පාලනය හා සුවය සඳහා පළමුවෙන් ම ඉතා ප්‍රධාන විය යුත්තේ ශරීරයේ ප්‍රතිදේහ හා ස්‌නායු ප්‍රාණවත් කිරීමක්‌ බව පැහැදිලිය.

ශරීරයේ ප්‍රතිදේහ පෝෂණයට නිරන්තරයෙන් අවශ්‍ය වන්නේ පිරිසිදු වාතය වෙයි. එමෙන්ම ජීවන සතුට හා ප්‍රීතිය තුළින් ශරීරයේ ස්‌නායු පද්ධතිය වඩ වඩාත් බලවත් වන අතර, දුක්‌මුසු සිතුම් පැතුම් මේ සියල්ල අඩපණවීමට ප්‍රධාන හේතු සාධකයක්‌ වීම වැළැක්‌විය නොහැක.

මේ සියල්ල සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ද පිළිකා රෝගීන්ගේ ප්‍රවණතාව ඉහළ අගයක්‌ ගන්නා බව පැහැදිලිව පෙනෙන කරුණකි. අද දවස වන විට අප රටේ පුරවැසියෝ ද පිළිකා රෝගයට ශීඝ්‍රයෙන් ගොදුරු වන බවක්‌ දක්‌නට ලැබෙන්නේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් දෙස විපරම් සහගතව බැලීමෙන් ය.

දවසින් දවස වර්ධනය වන මේ පිළිකා රෝගයට ගොදුරු වන්නන් බේරා ගැනීමට නිසි ප්‍රතිකාරයක්‌ නැත්තේද යන්න මෙහිදී අපට පෙරමුණ ගන්නා ප්‍රධාන ප්‍රශ්නයකි.

වසර 45 ක පමණ කාලයක්‌ පිළිකා රෝගයට ප්‍රතිකාර කරමින් මනා අත්දැකීම් සම්භාරයක්‌ ලැබූ ඇමරිකානු මහා විශේෂඥ වෛද්‍යවරයකු වූ එල්. ජී. ජොනස්‌ මහතා ප්‍රකාශ කරන්නේ පිළිකාවක්‌ වෛද්‍යවරුන්ට හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක්‌ බවකි.

වැඩිදුරටත් මේ ගැන ප්‍රකාශ කරන වෛද්‍යවරයා ඇමරිකාවේ පවා වසරකට මිනිස්‌ ජීවිත පනස්‌ දහසකට අධික ප්‍රමාණයක්‌ පිළිකා රෝගයට ගොදුරුව මියයන බවත්, ඉන් 95% ක්‌ සැත්කමකින් තොරව බේරාගත හැකි බවත් ය. නමුත් පිළිකා ශල්‍යකර්ම විද්‍යාව නමින් කරන්නේ මස්‌කඩ කාරයන්ගේ වැඩපිළිවෙළක ස්‌වභාවයක්‌ බවත් මෙමගින් අනිවාර්යයෙන් ම සුවය කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට මුදල් ලබා ගන්නා උල්පතක්‌ නිර්මාණය වීම කිසිසේත්ම වැළැක්‌විය නොහැකි බවත් පෙන්වා දෙන්නේය.

වෝල්ස්‌ නමැති විශේෂඥ වෛද්‍යවරයා පිළිකා සැත්කම් පිළිබඳව දරන අදහස ද මීට සමානය. ශල්‍යකර්ම මගින් කරන්නේ පිළිකා රෝගය සුව කිරීම නොව එය පෝෂණය කිරීමකැයි ඔහු පවසන්නේය.

කෙසේ වෙතත් ශරීරය පුරා විසිරී ඇති පිළිකා සෛල සැත්කමකින් පසු නැවත වර්ධනය වීම ආරම්භ කරන බව පවසන වෝල්ස්‌ වෛද්‍යවරයා දසලක්‍ෂ ගණනාවක්‌ ශරීරය පුරා වර්ධනය වී ඇති පිළිකා සෛල සැත්කමකින් ඉවත් කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරයි.

එංගලන්තයේ රාජකීය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යාචාර්ය ඡේම්ස්‌ වුඩ් කියන්නේ "මම දහස්‌ ගණනක්‌ පිළිකා සැත්කම් කර තිබෙනවා. ඉන් පිළිකා 6 ක්‌ හැර අන් සියලු සැත්කම් නැවත වර්ධනය වුණා. මින් සුව වූ පිළිකා හය ගැන නැවත සොයා බලද්දී ඒවා පිළිකා නොවන බව මට වැටහුණා" යෑයි පවසා ඇත.

තවත් ශල්‍ය වෛද්‍යවරයකු වූ සර් ඡේම්ස්‌ සේගට්‌ කියා සිටින්නේ සැත්කමකින් සුවකළ හැක්‌කේ රෝගීන් පන්සිය දෙනකුගෙන් එක්‌ අයෙකු පමණක්‌ බවය. ඔහු මෙහිදී වඩාත් අවධාරණය කරන්නේ තමා වසර 45 ක්‌ තුළ එකම පිළිකා රෝගියකුවත් සුව වනවා නොදුටු බවකි. දෙවියන් වහන්සේ පිළිකා සැත්කම් මහා අපරාධයක්‌ බවට නම් කරන දින වැඩි ඈතක නොවන බවත් ඔහු කියා සිටින්නේය.

බටහිර වෛද්‍ය විද්‍යාවේ තත්ත්වය මෙයාකාරයෙන් නම් ඒ තුළින් පිළිකා රෝගය සුවපත් කළ හැකිද යන්න අපට ගැටලු සහගතය. නමුත් වෛද්‍යවරු සැත්කම් මගින් කරන මේ පිළිවෙතින් ඉවත් වී රෝගීන් සුවපත් කිරීමට උත්සාහ ගන්නේ රෝගය නොව රෝග ලක්‍ෂණයයි. එසේ නම් ප්‍රතිකාර කළ යුත්තේ රෝගයට නොව රෝග නිධානයටයි.

මෙහිදී අප විශේෂයෙන් සලකා බැලිය යුත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළින් ඊට නිසි සාධාරණයක්‌ ඉටුවේද යන්නය.

මෙම තත්ත්වය මෙසේ පවතිද්දී බටහිර වෛද්‍ය විද්‍යාව පසෙකින් තබා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැන කතා කිරීමට පෙළඹිය යුත්තේ පිළිකා නමැති මේ මාරාන්තික රෝගයට ඉන් කෙරෙන මෙහෙය කොපමණ ද යන්න සලකා බැලීමටය.

මේ සඳහා පිළිකා රෝගයට නිසි ප්‍රතිකාර කර දහස්‌ ගණනක්‌ සුවකළ හෙළයේ මහා වෛද්‍යවරයකු වන වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිගේ රංබණ්‌ඩා නමැති වෙදැදුරු මුණගැසීමට මම පසුගිය දිනෙක ගියෙමි.

නිකවැරටිය පැරැණි ගම්මානයක ජීවත්වෙමින් සිය දහස්‌ ගණනක්‌ රෝගීන්ට ප්‍රතිකාර කරන මේ වෙදැදුරු 85 වැනි වියේ පසුවුවත් ඉතා නිරෝගිමත්ය. එමෙන්ම ජව සම්පන්නය. මුහුණ පුරා වැඩී ඇති රැවුල ඉතා දිගු වුවත් එය මනාව පෝෂණය කරන බවක්‌ පෙනෙන්නට තිබිණි.

සර්වාංග රෝගවලට ප්‍රතිකාරකරන මේ වෙදැදුරු පිළිකා රෝග සුව කිරීමට ඉසිවරයකු බව ප්‍රසිද්ධියට පත් වී තිබීම මම ද ඔහු සොයා යැමට හේතු වූ බව කිව යුතුමය.

මා එහි යන විටත් රෝගීන් විශාල පිරිසක්‌ රැස්‌ව සිටිනවා මට පෙනුණි. ඒ වන විටත් හිමිදිරියේ ප්‍රතිකාර කිරීම අරඹා තිබූ ඔහු උදේ ආහාරය සඳහා නිවසට පැමිණ තිබීම මගේ කාර්යයට තරමක්‌ සහනයක්‌ ගෙන දුන්නේය.

අපට දැන ගැනීමට ලැබුණු තොරතුරු අනුව රෝගීන්ට ප්‍රතිකාර කරන විටදී බාහිර කිසි දෙයකට සිත යොමු නොකරන මෙම වෙදැදුරු වෙනත් කාර්යයකට ඔහු හමුවීම එතරම් පහසු දෙයක්‌ නොවන බව ප්‍රදේශයේ අයෙක්‌ අපට කීය.

"වෙද මහත්තය නම් හමුවෙන්න අද නම් බැරිවෙයි. මොකද අද බදාදා. ගොඩක්‌ රෝගීන් එන දවසක්‌. කොහොම වුණත් අපි ටිකක්‌ ගිහිල්ලම බලමු."

වෙදැදුරුගේ ඥාතියකු වූ ජ්‍යෙdතිෂවේදී කරුණාරත්න හුළුගල්ල මහතා ස්‌වෙච්ඡාවෙන් ම අපගේ කාර්යයට සහාය වෙමින් පෙරමුණ ගැනීම මෙම හමුවීමට විශේෂ සහායක්‌ විය.

දිවයිනේ නන් දෙසින් එන රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත්, නේවාසිකව ප්‍රතිකාර ලබා දීමටත් වෙද රෝහලක්‌ සාදවා තිබීම මෙහිදී තවත් විශේෂත්වයකි. ඊට අමතරව තෙල් බෙහෙත් නිෂ්පාදනයට තම නිවසේම නිමවා තිබූ ඖෂධාගාරය තුළින් මතු වූ සුවඳ මුළු ප්‍රදේශයේම සැරිසැරීම, ඒ වන විටත් තරමක වෙහෙසට පත්ව තිබූ අපේ ගත නිවාලන්නට හේතු වූවා යෑයි කීවොත් එය නිවැරදිය.

"වෙද මහත්තය කෑම ගන්නවා. දැන් තමයි ඇවිල්ල තියෙන්නේ" කරුණාරත්න මහතා අපව අසුන්ගත කරවමින් කීවේ වෙදැදුරු මුණ ගැසීමට තව ටික වේලාවක්‌ ගතවන බව පවසන්නටය.

ඒ වන විට විනාඩි කිහිපයක්‌ ගත වී තිබිණි. පට සරමකින් හා අත්දිග බැනියමකින් සැරසී තුවායක්‌ කරලා සිටි මේ මහා වෙදැදුරු අප අසලට පැමිණියේ එක අතකින් බුලත් විටක්‌ තබාගෙන අනෙක්‌ අතින් අඩියක්‌ පමණ දිගට වැඩී තිබූ සුදු රැවුල පිරිමදිමින් ය.

"ආයුබෝවන් වෙද මහත්තයා, පිළිකා රෝගයට ඔබ අපේ පැත්තේ මහත් ප්‍රසිද්ධියක්‌ උසුලනවා. ඒකයි අපි ආවේ යි යන්න" කියනවාත් සමඟ, "ඒ පැත්තේ නෙවෙයි හැම පැත්තෙම ප්‍රසිද්ධියක්‌ උසුලනවා" යෑයි ඔහු කීවේය.

මගේ කතාව අවසන් කරන්නටත් පෙර වෙදැදුරු පිළිතුරක්‌ සපයමින් සිනහ සෙද්දී එහි ඇති අව්‍යාජත්වය කොතෙක්‌ දුරට විහිදී ඇත්දැයි මට සිතා ගැනීමටත් නොහැකි විය.

"ඔව්.... ඔව්...... ඒක මට තේරෙනවා දැනුත් රෝගීන් පිරිසක්‌ විවිධ පැතිවලින් ඇවිල්ල ඉන්නව දැක්‌කම" මම ද සිනහසෙමින් පිළිතුරක්‌ සපයන ගමන් දිගු කතාවකට මුල පිරීය.

තව කොටසක්‌ ලබන සතියට
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
http://www.divaina.com/2013/12/08/naka06.html

අපේවෙදැදුරු
පිළිකාවට ඉංගී්‍රසි බෙහෙත් අරගෙන
පැරදුණු අයවත් අපි බාර ගන්නවා


විමලසිරි අගලකඩ

(මෙහි මුල් කොටස පසුගිය සතියේ පලවිය.)

wedara.jpg

රංබණ්‌ඩා වෙද මහතා

අපේ වෙදමහත්තයෝ පිළිකා රෝගීන්ට ඔබේ ප්‍රතිකාර වැරදුනේ නැති බවක්‌ තමයි ගොඩක්‌ අය කියන්නේ. මේකේ තියෙන සත්‍ය අසත්‍යතාව මොකක්‌ද?"

"කවුද එහෙම කියන්නේ. ඒකෙ ඇත්තක්‌ නැහැ. හොඳයි මම ප්‍රශ්නයක්‌ අහන්නම්. මුළු ශරීරය පුරා පිළිකා සෛල වර්ධනය වෙලා තිබුණොත් ඒ රෝගියා මරණයෙන් බේරගන්නවා කියන එක බොරු. එහෙම නම් ඒ වගේ රෝගීන් මගේ ළඟට ආවය කියල නිසි ප්‍රතිකාරයක්‌ කරන්න අපහසුයි. නමුත් මෙතෙන්දී අපි විමසා බැලියයුතු තැනක්‌ තියෙනවා. ඒක තමයි මුල, මැද සහ අග කියන කරුණු."

"මගේ ප්‍රතිකාර ක්‍රමයේදී මුල සහ මැද කියන අවස්‌ථා දෙකේදී පිළිකා රෝගියෙක්‌ ආවොත් එම රෝගියා සුවපත් කිරීම අමාරු නැහැ. එහෙම නැතිව රෝහල්වල ඉඳල කෑලි කෑලි කපල අන්තිමට ජීවත් වුණත් නැතත් කියල හිතාගෙන අපි ළඟට ආවම ඒක සාර්ථක වෙන එකක්‌ නැහැ."

"එතකොට ඔබ පිළිකා රෝගවලට පමණද ප්‍රතිකාර කරන්නේ" මම නැවතත් ප්‍රශ්නයක්‌ ඇසුවෙමි.

"එහෙම කොහොමද? මම සර්වාංග රෝග වෙදෙක්‌. පිළිකා රෝගවලට විතරක්‌ නෙවෙයි අනෙක්‌ සෑම රෝගයකටම ප්‍රතිකාර කරනවා. නමුත් පිළිකා රෝගවලට විශේෂයෙන් ප්‍රතිකාර කරන්නේ ඒ රෝගීන් අන්ත අසරණ නිසා."

"මේ වන විට ඔබ පිළිකා රෝගීන් කොපමණ ප්‍රමාණයකට ප්‍රතිකාර කර සුපවත් කර තියෙනවාද?"

"ස්‌ථිර වශයෙන් කියන්න මට මතක නැහැ. මොකද ලි�ත සාක්‍ෂි නැති නිසා. නමුත් වෙදකම පටන් ගත්ත දවසෙ ඉඳල මම හිතන විදිහට දහස්‌ ගණනකට ප්‍රතිකාර කරල සුව වෙලා තියෙනවා."

රංබණ්‌ඩා වෙදැදුරුට මුසා බස්‌ පවසා රෝගීන්

රැවටීමට අවශ්‍ය නැත.

රැවටුවේ යෑයි අසන්නට ද නැත. වසර 800 ක්‌ පමණ පැරැණි වෙද පරම්පරාවකට නෑකම් කියන රංබණ්‌ඩා වෙදැදුරුට මතක ඇත්තේ පරම්පරා තුනක වෛද්‍යවරු පමණි. ඒ ඔහුගේ සීයා වන වන්නිනායක මුදියන්සේලාගේ බණ්‌ඩා හිටපු ආරච්චිල සහ පියා වන වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිය.

මෙම දෙපළගේම ජ්‍යෙෂ්ඨතමයා වූයේ සුළුගුලු වෙදැදුරුය. ඔහු රංබණ්‌ඩා වෙදැදුරුගේ මුත්තාය.

පිළිකා රෝගය කියන්නෙ කර්මජ රෝගයක්‌. අපස්‌මාරය, මීමැස්‌මොරය, පිළිකාව, උමතුව, අංශබාග වැනි රෝග තමයි කර්මජ රෝගවලට අයත් වෙන්නේ. අපි කොයිතරම් වෙදකම් කළත් පෙර අකුසල කර්මයක විපාක දෙන්න තියෙනවා නම් අපේ ප්‍රතිකාර අහන්නෙම නැහැ. නමුත් මෙවැනි තත්ත්වයක්‌ අහම්බෙන් උදා වුණත් බොහෝ වෙලාවට අපට මුල මැද කියන අවස්‌ථා දෙකේදී පිළිකා රෝගියකු හමුවුණොත් සුවයක්‌ ලබාදීමේ හැකියාව තියෙනවා.

වන්නිනායක මුදියන්සේලාගේ රංහාමිගේ රංබණ්‌ඩා වෙදැදුරු අප හා පිළිසඳරකට පිවිසෙමින් කීවේය.

තම සීයාත් පියාත් ඇසුරෙන් හෙළ වෙදකම ප්‍රගුණ කළ රංබණ්‌ඩා වෙදැදුරුට රෝගයක්‌ හඳුනා ගැනීමට එතරම් කාල වේලාවක්‌ ගතවන්නේ නැති බවක්‌ ඔහුගේ පිළිසඳරෙන් අපිට වැටහී ගියත් වෙදැදුරුගේ අදහස්‌වලින් ම එය සනාථ කර ගැනීමට අපි උත්සාහ කළෙමු.

"මුලින්ම වෙද මහත්තයගෙන් ප්‍රතිකාර අපේක්‍ෂාවෙන් එන පිළිකා රෝගියෙක්‌ හඳුනාගන්නා ක්‍රමය අපිට කෙටියෙන් පැහැදිලි කළොත්?"

රෝගියකු පරීක්‍ෂා කර රෝගය හඳුනාගන්න ක්‍රම කිsහිපයක්‌ තියෙනවා. එකක්‌ තමයි නාඩි පරීක්‍ෂාව. ජිව්හා පරීක්‍ෂාව, මළ පරීක්‍ෂාව, මුත්‍ර පරීක්‍ෂාව වගේම ඇස්‌ පරීක්‍ෂාව, දේහ පරීක්‍ෂාව හා දූත පරීක්‍ෂාව. මේවායෙන් රෝගය කුමක්‌ද යන්න අපිට හඳුනාගන්න එතරම් අපහසු නැහැ."

"නමුත් හෙළ වෙදකම පැත්තකින් තියල කතා කළොත් බටහිර වෛද්‍ය විද්‍යාව අද වැනි දියුණු යුගයක පිළිකාව හඳුනා ගන්න නවීන පහසුකම් තියෙනවා. ඒක නිසා මේ රෝගයට එතරම් බිය විය යුතු නැහැ."

"සාමාන්‍යයෙන් පිළිකාවක්‌ හැදුනාම එම රෝගියා ඉක්‌මණින් මරණය කරා ළඟා වෙන බවක්‌ තමයි බොහෝ අයගේ මතය. මේ හේතුව නිසාම එවැනි රෝගීන් මානසිකව හා කායිකව ඇද වැටීම වළක්‌වන එක පහසු නැහැ.

"මෙම රෝගය වැළඳීමට හේතු විමසා බැලුවොත්?"

මම වෙදැදුරුගෙන් යළිත් ප්‍රශ්නයක්‌ ඇසුවේ මෙහි ඇති භයානක පැත්ත තහවුරු කර ගැනීමටය.

"නිශ්චිත වශයෙන් හේතු දක්‌වනවාට වඩා ජානමය ක්‍රියාකාරිත්වයෙන්, කෑම බීම වලින් වගේම දුම් පානයෙන් පිළිකා රෝගය වැළඳෙන්න පුළුවන්."

"දැනට මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන්ගේ සංඛ්‍යාව දහසක්‌ පමණ බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව වාර්ෂිකව පහළොස්‌ දහසක්‌ පමණ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවක්‌ තමයි කියන්නේ. මේ කරුණු පැත්තක තියා ඔබෙන් ප්‍රතිකාර ගැනීමට කොපමණ රෝගීන් ප්‍රමාණයක්‌ දිනකට පැමිණෙනවාදැයි කියල කිව්වොත්?"

"දිනකට මම ප්‍රතිකාර කිරීම සඳහා අංකයන් නිකුත් කරන්නේ රෝගීන් විසිදෙනකුට පමණයි. නමුත් කල්වේලා තිබුණොත් තවත් රෝගීන් හැකි පමණ බලනවා. මෙතෙන්දී සාමාන්‍යයෙන් මම පිළිකා රෝගවලට විශේෂ බවක්‌ දැක්‌වුවත් සර්වාංග රෝග පිළිබඳව තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතිං ඒ රෝගීන් විසි දෙනා අතර වැඩිපුර ඉන්නේ පිළිකා රෝගීන්."

"මෙතෙන්දී මම තවත් දෙයක්‌ කිව යුතුයි. මොකක්‌ද මෙතෙන්ට එන පිළිකා රෝගීන් වැඩි පිරිසක්‌ ඉංග්‍රීසි ප්‍රතිකාර අරගෙන පැරදිච්ච අය තමයි ඉන්නේ. ඒත් අපි ඒ කිසිවෙක්‌ සුව කළ නොහැකි යෑයි ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ."

"ඒ පිළිතුරෙන් වෙද මහත්තය කියන්නේ මේ වෙද ගෙදරට එන හැම රෝගියෙක්‌ම නිරෝගියෙක්‌ කරනව කියන එක නේ."

"පැහැදිලියි. මගේ පරමාර්ථයම ඒකයි. මුදලට වඩා ඒ තුළින් ලබන ආත්ම තෘප්තිය අනන්තයි. තවත් දෙයක්‌ කියන්න ඕන. පිළිකා රෝගියෙක්‌ ඉස්‌පිරිතාලෙන් පිටවෙන්නෙ මනසින් හොඳටම ඇදවැටිලා. ඒකට හේතු අනන්තයි. මේ තත්ත්වය අපට තේරෙන්නෙ ඒ අයම කියන කතන්දරවලින්.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ පිළිකා වර්ග හඳුනා ගැනීමට අපහසු බවක්‌ ඇති වුණත් ඇතැම් පිළිකා වැළඳීමටත් පෙර හඳුනා ගැනීමේ හැකියාවක්‌ ඇත. එවැනි පිළිකා වර්ගයකි ගැබ් ගෙල පිළිකා. නමුත් අක්‌මාව වැනි ස්‌ථානයක හටගන්නා පිළිකා තරමක්‌ සංකීර්ණ ස්‌වභාවයක්‌ ගන්නා අතර මෙහිදී රෝගියා සුවපත් කරනවාට වඩා ජීවත් කිරීමේ අවදානම් පැත්ත වැඩි අගයක්‌ ගැනීම අනිවාර්යයි.

රංබණ්‌ඩා වෙදැදුරු මේ අභියෝගයට මුහුණ දී ඇත්තේ වසර ගණනාවක සිටය. පරපුරෙන් සීයාටත්, සීයාගෙන් තම පියාටත් පැවරුණු මෙම හෙළ වෙදකම තමන්ට ලැබුණ දා සිට ලබපු අත්දැකීම් පිළිකා රෝගියකු අනතුරකට ලක්‌වීමට ඉඩ නොතැබීම අතිශයින්ම ප්‍රයෝජනවත් ය.



ඉතිරි කොටස ලබන සතියේ
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
http://www.divaina.com/2013/12/29/naka12.html

අපේවෙදැදුරු
රංබණ්‌ඩා වෙදැදුරු ගැන රෝගීන් කියන කතා

විලමලසිරි අගලකඩ

banda2.jpg
රංබණ්‌ඩා වෙදැදුරුගේ ප්‍රතිකාර කෙරෙහි කොතෙක්‌ අවධානය යොමු කර සාකච්ඡාවට බඳුන් කළත් සුවපත් වූ රෝගීන්ගේ තොරතුරු වටහා ගෙන මෙහි ඇති නිරවද්‍යතාව අවබෝධ කර ගැනීම වඩාත් ප්‍රායෝගිකයයි මට සිතිණි.

මෙහිදී මුණගැසුණු එක්‌ රෝගියකු අපට කීවේ තමා පිළිකා රෝහලින් ප්‍රතික්‍ෂේප කළත් රංබණ්‌ඩා වෙදැදුරුගේ ප්‍රතිකාර තුළින් තමා සුවපත් වූ බවයි.

මෙවැනි රෝගීන් රැසක්‌ සමඟ අප කළ විමසුමකදී අපට දැන ගැනීමට ලැබුණේ රංබණ්‌ඩා වෙදැදුරු පිළිකා රෝහලෙන් විකිරණ අල්ලා පුළුස්‌සා දැමු රෝගීන් පවා සුව කර නිරෝගීන් බවට පත්කර ඇති බවකි.

"මගේ උගුරේ ඇති වු ආබාධයකට රෝහලෙන් ප්‍රතිකාර ගන්න ගියපුවාම දොස්‌තරවරු පිළිකාවක්‌ විය හැකියි කියල සැක කළා. එතෙන්දී එයාල උගුරේÊසුළු කොටසක්‌ අරගෙන මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්‌ කළා. මේ අවස්‌ථාවේ අවසාන නිගමනයකට ආවෙ සැබවින්ම පිළිකාවක්‌ හටගෙන තිබෙන බවයි."

මෙතෙන්දී මගේ ජීවත්වීමේ ආසාව මගේ ගතින් ඉවත් වුණේ දරාගන්න බැරි වේදනාවකුත් එක්‌ක. මගේ දරුවො, මගේ බිරිඳ මට මතක්‌ වෙනකොට ඒ වේදනාව දෙගුණ වුණා. ඒත් කරන්න දෙයක්‌ නැහැ. සාමාන්‍යයෙන් සමාජ සම්මතය පිළිකාවක්‌ හැදුන රෝගියෙක්‌ ජීවත් වනවාට වඩා මියයන පැත්තට වැඩියි වගේ කියනව නේ. කොහොම කොහොම හරි මේ පිළිකාව වර්ධනය වීම වැළැක්‌වීම සඳහා දොස්‌තර මහත්වරු කිව්වෙ කරන්ට්‌ අල්ලන්න ඕන කියලා. ජීවත්වීමේ ආසාව වැඩි නිසා මම ඒකටත් ගියා. නමුත් මෙතෙන්දී වුණේ මගේ උගුර මට තියනවදවත් නොතේරෙන එක."

මේ ප්‍රතිකාරය කළාට පස්‌සේ ගොඩක්‌ වෙලාවට කන බොන දෙයකවත් රසයක්‌වත් මට නොතේරෙන තත්ත්වයට පත්වුණා. ඒ විතරක්‌ නෙවෙයි හැම වෙලාවෙම උගුරෙ සෙම බැඳිල වගේ කතා කර ගැනීමටත් අපහසු වුණා.

"පස්‌සෙ කරන්ට්‌ අල්ලන එකත් මට මහ වදයක්‌ වුණා. මේ අවස්‌ථාවේදී තමයි මට මේ නිකවැරටියේ රංබණ්‌ඩා වෙද මහතා ගැන දැන ගැනීමට හැකි වුණේ."

banda.jpg
"උගුරේ පිළිකාවට ඉස්‌පිරිතාලෙන් කරන්ට්‌ අල්ලපු එකට වෙද මහත්තය එච්චර කැමැත්තක්‌ දැක්‌වූවේ නැහැ."

"ඇයි මෝඩයෝ මේ උගුර පුච්චගත්තෙ. උඹට පිස්‌සු හැදිලද? පුච්චනව කියල හැමදාම පුච්ච පුච්ච හිටියට ලෙඩක්‌ සනීප වෙනවද උන්නැහේ. බලපං දැන් උඹට කන දෙයක රසයක්‌ තේරෙන්නෙ නැහැ නේද?"

"නැහැ වෙද මහත්තයො"

"උගුරෙ සෙම ගතිය නිතර තියෙනව නේද?"

"ඔව්........"

"කතාකරන්න අමරුයි නේ....."

"ඔව්........"

ඉතිං මිනිහෝ උගුර පුච්චල දැම්මම ඕක වෙන බව දන්නෙ නැද්ද?"

"වෙද මහත්තය තරමක සැරෙන් කතා කරල මට හොඳටෝම දෙස්‌ තියල ප්‍රතිකාර ඇරඹුවා."

"දැං කළ මෝඩකම පැත්තකට දානව. මම කියන විදියට මේ ප්‍රතිකාර ටික හරියට කලට වෙලාවට කරන්න බලපං. එහෙම නොකර ආපහු ඉස්‌පිරිතාලෙදී උගුර පුච්ච ගෙන මෙතෙනට හෙම එනව නෙවෙයි."

"කොහොම වුණත් මගේ පිළිකාව දැන් ඉවරයි කියල මටම තේරෙනවා. මෙතෙන්ට එන්න ඉස්‌සර වෙලා තිබුණ අමාරු දැන් කිසි දෙයක්‌ නැහැ. හොඳට කන්න පුළුවන්. කන බොන දේවල රසයකුත් දැනෙනවා. නිතර උගරෙ බැඳිල තිබුණ සෙම ගතියත් බොහෝ දුරට අඩුයි. මේ වගේ වෙද මහත්තුරු බුදුබව ලබන්න ඕන"

අවසන් වරට එම පිළිකා රෝගියා රංහාමි වෙදැදුරුට බුදුබව ප්‍රාර්ථනා කරමින් මට ජීවත්වෙන්න වාසනාව දීපු එකේ පිනම මේ වෙද මහත්තය සසර දුකින් එතෙර වෙන්න හොඳටෝම ඇති.

පිළිකාවක්‌ යනු අසීමිත ශෛල වර්ධනයකි. යම් ඉන්ද්‍රියක ස්‌වභාවයට වඩා අස්‌වාභාවිකව ශෛල වර්ධනය වන්නේ නම් නිසැකවම එහිදී නිගමනයකට බැසිය හැක්‌කේ පිළිකාවක්‌ හටගෙන ඇති බවයි.

ලේ මාර්ගයෙන් හා වසා මාර්ගයෙන් පැතිරී යන පිළිකාව මුලිනුපුටා නොදැමුවහොත් මුළු ශරිරය පුරා වර්ධනය වීම කිසිසේත්ම වැළැක්‌විය නොහැක.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඇතැම් පිළිකා වැළඳීමටත් පෙර හඳුනාගත හැකි අතර ඇතැම් පිළිකා හඳුනා ගත්තත් එය මර්දනය කිරීම එතරම් පහසු නැත.

ගැබ් ගෙල පිළිකා එවැනි විශේෂයකි. මෙය වැළඳීමටත් පෙර හඳුනා ගැනීමට හැකියාවක්‌ ඇත. අක්‌මාව වැනි අවයවවල වැළඳෙන පිළිකා ඉතාමත් අනතුරුදායක වැඩි පිළිකා ලෙස හඳුනාගෙන ඇත.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පිළිකා සුවපත් කිරීමට කරන ප්‍රතිකාර අතර පිළිකා ශෛල ඉවත් කිරීම. ඉන්ජෙක්‍ෂන් වැනි රසායනික ප්‍රතිකාර හා විකිරණ ප්‍රතිකාර ප්‍රධාන තැනක්‌ ගන්නා බව පැහැදිලිය.

නමුත් රංබණ්‌ඩා වෙදැදුරු පවසන්නේ පිළිකාවක්‌ වැළඳී ඇතැයි සැකයක්‌ මතු වන්නේ නම් තම ශරීර කොටසක්‌ ඉවත්කර ගන්නේ නැතිව එසේත් නැතිනම් විකිරණ මාර්ගයෙන් පුළුස්‌සා නොදමා දේශීය ප්‍රතිකාර සඳහා පැමිණියොත් නිසැකවම එම පිළිකා රෝගියා සුවපත් කරන්න තමාට ඒකාන්තයෙන් ම හැකියාවක්‌ තිබෙන බවයි.

මෙම රංබණ්‌ඩා වෙදැදුරුගෙන් ප්‍රතිකාර පතා දේශීය මෙන්ම විදේශීය රෝගීන් ද පැමිණෙන බවක්‌ මා කළ විමසුමකදී දැන ගැනීමට හැකි විය. එපමණක්‌ ද නොව විදේශීය රෝගීන් කිහිප දෙනකුම ගුවන් මගින් ඖෂධ ගෙන්වා ගන්නා බවක්‌ ද දැන ගන්නට ලැබිණි.

කෙසේ වෙතත් වැඩිදුරටත් මෙම වෙදැදුරු පිළිබඳව සොයා බැලීමේදී මට දැන ගනීමට හැකි වූයේ සමාජයේ ඉතා ඉහළ මට්‌ටමක වැජඹෙන බොහෝ පිළිකා රෝගීන් පිරිසක්‌ හොර රහසේ මෙම වෙද මැදුරට පැමිණ ප්‍රතිකාර ගෙන සුව වී ඇති බවකි.

ව්‍යාජත්වය රජ කරන යුගයක අව්‍යාජත්වය මතුවන්නේ කලාතුරකිනි. ඒ කලාතුරකින් වුවත් මතුවන අව්‍යාජත්වය සමාජ සුබ සිද්ධිය උදෙසා කැප කරන්නේ නම් එය මිනිස්‌ වර්ගයාට කරන අප්‍රමාණ මෙහෙවරකි. හෙළ වෙදැදුරුවරුන්ගෙන් බොහෝ පිරිසක්‌ ද එවැන්නෝ ය. ව්‍යාජත්වය පසෙක දමා අව්‍යාජත්වයෙන් තම පරපර රැකගෙන ආ හෙළ වෙදකම මතු පරපුරේ පැවැත්ම සඳහා කැපවීමකින් හා උනන්දුවකින් කිරීම මිල කළ නොහැකි අගනා මෙහෙවරකි.

අපි අවසාන වශයෙන් ප්‍රශ්නයක්‌ අසමින් වෙද මහත්මයාගේ මෙම සේවය සතියකට දින කිහිපයක්‌වත් නගරයට පැමිණ කරන්නේ නම් අපමණ මෙහෙයක්‌ නොවේ දැයි ඇසීමු.

මම ඉපදුනේ මේ ගමේ. මම හැදුනෙ මේ ගමේ. මගේ පරපුර රැකුණේ, ජීවත් වුණේ මේ පරිසරයේ. අනික වෙදකම මගේ ශරීරයට ඇතුළු වුණේ මේ ජන්ම භූමියේදී. එහෙම නම් මම කිසි දිනෙක සිදාදියට යන්නෙ නෑ. සිදාදියෙ අය වන්නියට ගෙන්න ගන්නවා යෑයි සිනහසෙමින් දිගු රැවුල පිරිමැද්දේය.
 
Last edited:

Cow da boy

Member
Aug 15, 2011
17
4
3
machan kandy railway station eka issaraha aluthin hadapu budu pilime laga pansale inna hamuduruwo hamba weyan.un wahanseta kiyanne elle hamuduruwo kiyala.kalin dalada maligawe natha dewale pansale weda hitiye.
 

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මචන් කැන්සර් වලට බෙහෙත් කරන හාමුදුරු කෙනෙක් ගැන දන්නවද කවුරුහරි ?
    අදුරන කෙල්ලෙක්ට පොඩි හෙල්ප් එකක් ඕනෙ වෙලා තියනවා.. ඩොක්ටර්ස්ලා හොයාගෙන ගිහින් ගොඩාක් වියදන් කරලා කොහොමහරි දැන් හොද කරන්න බෑ කියල කියල තියනවලු.. දන්න එකෙක් ඉන්නවනම් කියපන්..

    PM ekak daapan mata