මටත් වයිෆ්ගෙන් හෙන කරදරේ, ඒක නිසා එකක් ගන්න කියලා ටිකක් බැලුවා. මම නම් ටිකක් ලොකු එකක් ගන්න බැලුවෙ, මොකද කුකුලෙක් එහෙම roast කරගන්නත් පුලුවන්න වෙන්න එපැයි කේක්ම හදලා හරියන්නෙ නැහැනේ. මේ මම හොයලා බලපු විස්තර
Innovex ඒවයෙ බිල්ඩ් කොලිටිය අවුලක් නෑ වගේ කන්ට්‍රෝල් එහෙම ස්මූත්, ගානත් ශේප් හැබැයි සයිස් එක පොඩියි.
Singer සහ Abans එකේ තියනවා Singer/Abans කියලම අවන්, එව බලන්න නම් බැරි උනා හැබැයි ගාන ශේප් කොලිටිය කොහොමද දන්නෙ නැහැ. මොකද අනිවා චයිනීස් එකක් රී බ්‍රැන්ඩ් කරලා දෙනවා ඇත්තෙ
Electrical Oven කියන්නෙ සංකීර්ණ උපකරණයක් නොවෙන නිසා පේන විදියට built quality එක හොද නම් සහ එලිමන්ට් එක පිච්චුනොත් ගන්න පුලුවන් නම්, චයිනීස් උනාට කිසි අවුලක් නැහැ
තව Beko තියනවා එවයෙ ෆිනිශින් එහෙම ගොඩක් හොදයි වගේ ඒත් කල්පැවැත්මක් නැහැ කියලා සමහර තැන් වල තියනවා දැක්කා ගානත් වැඩියි
Candy කියලා බ්‍රැන්ඩ් එකක් තියනවා ඒක brand එක නම් හොදයි ඒත් අවන් කොහොමද කියලා විස්තර හොයාගන්න බැරි උනා, ගාන වැඩියි. Beko and Candy දෙකේම තියෙන්නෙ Built In Oven, ඒ කියන්නෙ පෑන්ට්‍රි එකටම හයි කරන්න තියන ඒව.
Singer එකේ Nikai කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා, එක් ගිහින් බලන්න ඕන බලලා හොද උනොත් ඒක ගන්න ඉන්නෙ
කිසිම තැනක අවන් ස්ටොක් නැහැ, ලංකාවෙම අය යූටියුබ් බලලා කේක් හදන්න අරන්න අවන් සේරම අරගෙන