මට අගමැතිකම ලොකු නෑ
අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මීට සුළුවේලාවකට පෙර ආරම්භ වී තිබේ.
එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය මහතා කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා දුන්න ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑ ගසමින් බාධා කරන්නට විය.
කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලොකු දෙයක් වුවත් තමාට එවැනි හැඟීමක් නොමැති බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා තමා අග්‍රාමාත්‍යධූරය මීට පෙර ද වැඩකටයුතු කර තිබෙන බව ද පැවසීය.
ඊයේ දිනයේ තරම් පාර්ලිමේන්තුවේ අඳුරු යුගයක් තමා නොදැක සිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
පසුගිය ඔක්තෝබර් 26 වන දා වන විට ජනතාව ඉතා පීඩාකාරී තත්ත්වයක සිටි බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා මහබැංකු මංකෝල්ලය හා රජයේ ව්‍යාපෘති ඇතුළු සියලු දේපල විදේශිකයින්ට විකිණීම ආදි හේතු මත ජනතාව මෙම තත්ත්වයට පත්ව සිටි බව ද කියා සිටියේය.
එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් තමාව අගමැතිධූරයට පත්කර නව ආණ්ඩුවක් පිහිටු වීමට පැවසු බව ද කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින් මැතිවරණයක් පැවැත්වීමට යන අවස්ථාවක ඉතිහාසයේ පළමුවරට අධිකරණයට ගොස් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක් මැතිවරණයක් පැවැත් වීම නවත්වන්න පිහිට පතන බව ද පැවසීය.
තමා අගමැතිධූරයේ දිවුරුම් දීමත් සමඟ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් ඇති වු බවද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව හඬ අනුව පාර්ලිමේන්තුව තුළ සම්මත වු බව පැවසා සිටිමෙන්, ජාත්‍යන්තරයට පවා වැරදි ආකල්පයක් ලබා දීමට සමත් වු බව කියා සිටියේය.
සාධාරණ ඡන්දයක් පැවැත්වීමට සියලු මන්ත්‍රීවරුන්ට තමා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ, එනිසා සියලු ජනතාවගේ තීරණය මත රඳා පවතින බවත්, එනිසා හැකි ඉක්මනින්න මැතිවරණයකට යෑමට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් කියා සිටියේය.
මේ අතර, අද රෑටත් ඉන්ධන මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
කථානායකවරයාගෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ස්වාධීනත්වය බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, බටහිර මිතුරන් හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටිම ගැන තමාගේ කණගාටුව පළ කරන බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
අද දෙරණ....