මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ....?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම මේ අහන දේට උත්තර දියණ එහෙනං......

හිතමු උඹ සාර්ථක මිනිහෙක් විදියට දරුවන්ට සලකාගෙන ඉන්නවයි කියලා..... දවසක එහෙම කරන්න බැරි දවසක් වුනොත් මොකද කරන්නේ උඹ උඹේ දරුවන්ට....... ?
give them away ;)
 
Apr 3, 2013
311
13
0
මම මේ අහන දේට උත්තර දියණ එහෙනං......

හිතමු උඹ සාර්ථක මිනිහෙක් විදියට දරුවන්ට සලකාගෙන ඉන්නවයි කියලා..... දවසක එහෙම කරන්න බැරි දවසක් වුනොත් මොකද කරන්නේ උඹ උඹේ දරුවන්ට....... ?

minihek ehema 0 tama watenne hethu tiyanawa,nikanma bari wenne na..
 
Apr 3, 2013
311
13
0
මමත් හිතන්නෙ හරියට ලමයගෙ මූලික අවශ්‍යතා ටිකවත් ඉෂ්ඨ කරන්න බැරි අය ලමයි හදන්නෙ නැතුව ඉන්න එක හොඳයි. අම්ම්ලගෙ තාත්තලගෙම වැරදිවලින් ජීවිත නන්නත්තාර වෙච්ච එවුන් මම දැකලා තියෙන නිසා කියන්නෙ.:cool:

well said.. Rep+++
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඩයස් කොල්ලා;14775159 said:
lamayinta hariyata salakanna bainam ai lamayi hadaganne...mamanam hadanne na mata salakanna ba wage terenawanam..

ඩයස් කොල්ලා;14775593 said:
ehema ape ammai thaththai hithapu nathi nisa tamami mama ada duk widinne..:angry::angry:

ඩයස් කොල්ලා;14775600 said:
ow mamai egolloi degolloma awasanawanthai...

ඩයස් කොල්ලා;14775773 said:
:yes::yes:

ow man kohomath mata kanna adinne denna bainam lamayi hadanne nathama...man kamati na mage lamayi dukwidinawa balanna,ada mata wela tiyanawa wage.

කුහක වෙන්න එපා මචෝ, කන්න අදින්න දෙන්න බැරි උනා කියල ළමයි හදන්නේ නැතුව ඉන්න කියන එක, කොහොමහරි කරලා කෑමක් ළමයින්ගේ බඩට දීල තමන් බඩගින්නේ ඉන්න අය කොයිතරම්ද, අද අපිට වඩා අන්ත දුප්පත් මිනිස්සු ඉන්නවා, ගොඩක් අය කියන්නේ සල්ලි තමා සතුට කියල, මන් නම් කියන්නේ එක සම්පුර්ණ වැරදියි මේ කතාවේ තාත්තගේ වේදනාව තමයි තියෙන්නේ හැබැයි ඒ දරුවා හිතන විදිය නෑ. ඇත්තෙන්ම හොද තාත්ත කෙනෙක් ළමයෙක්ගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරනවා, ආදරේ තමයි වැදගත් වෙන්නේ, ඔය සල්ලි කර දෙමවුපියන්ගේ ළමයින්ට ඕනේ තරම් සැප දෙයි එත් කවමදාවත් හොද ගතිගුණ දෙන්න බෑ. මේකට හොදම උදාහරණය ඕ ලෙවල් දිවයිනෙන් පස්වෙනියා. ළමයෙක්ට ගෙදරින් ආදරය කරුණාව ලැබෙනවානම් අනිත් දේවල් නොතිබුනත් ඒ ළමය හොද කෙනෙක් වෙනවා, නැත්තන් ඉතින් සල්ලි මත්තෙම නහෙනවානම් අර මරවියගේ පුතෙක් වගේ තමයි, අද ගොඩක් දෙමවුපියන්ට ළමයි එක්ක පැයක්වත් ගත කරන්න කාලය නෑ, දුවෙක්ට තත්තකෙනේක්ගේ ආදරය වටිනවා, එත් තාත්ත සල්ලි හම්බකරන්න රට ගියාම ඒ දරුවා ඒ ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්න ගිහින් කොච්චර අනතුරු වෙලා ඇත්ද.

මන් හිතන්නේ ළමයි හදන්න දන්නේ නැත්තන් නොහද ඉන්න එක තමයි හරි දේ, ළමයෙක් බාහිර දේට රැවටිලා ඉල්ලන එක ලමගතියක් හැබැයි එක පලවිපාක පහදලා දෙන එක තමා දෙමවුපියන්ගේ යුතුකම. මේ වගේ හොද ළමයි හදන්න පුළුවන් වෙන්න ඕනේ, මෙහෙම දරුවෝ ලොකු වෙලා බැරි කලෙක දෙමවුපියන් උනත් බලාගන්න හොද පුරවැසියෝ වෙනවා, අපි හදන්න ඕනේ නැහිලා නැහිලා හම්බකරලා ඕනේ දේවල් දීල ලෝකෙට බරක් වෙන අය නෙවි, අම්මල තාත්තල අද අපි වෙනුවෙන් කැපකිරීම් කවදාවත් කව්රුවත් අපිට කරන්නේ නෑ

සාරාංශය: සල්ලි ලග සතුට නෑ.. සතුට තියෙන්නේ ආදරය ලග.
 
umbe kathawa hodai tawa meeta aurudu 20ta witara kalinnam..dan owa gala penne na..
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඩයස් කොල්ලා;14776200 said:
umbe kathawa hodai tawa meeta aurudu 20ta witara kalinnam..dan owa gala penne na..

ඒ උබ හිතන හැටි,
මොකද අර ළමය පස්වෙනිය උනේ අවරුදු 20කට කලින් නෙවි නේ
:rofl::baffled:
 
signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    Patta

    Machan mama meka hohedi hari meeta kalin kiyauwa. :(meka ayema sarayak kiyawanakota mage ase dekata kandulu awa.. thanks for the share..
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

    අද මෙවන් දු වරුන් සිටිනවාද
     
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කුහක වෙන්න එපා මචෝ, කන්න අදින්න දෙන්න බැරි උනා කියල ළමයි හදන්නේ නැතුව ඉන්න කියන එක, කොහොමහරි කරලා කෑමක් ළමයින්ගේ බඩට දීල තමන් බඩගින්නේ ඉන්න අය කොයිතරම්ද, අද අපිට වඩා අන්ත දුප්පත් මිනිස්සු ඉන්නවා, ගොඩක් අය කියන්නේ සල්ලි තමා සතුට කියල, මන් නම් කියන්නේ එක සම්පුර්ණ වැරදියි මේ කතාවේ තාත්තගේ වේදනාව තමයි තියෙන්නේ හැබැයි ඒ දරුවා හිතන විදිය නෑ. ඇත්තෙන්ම හොද තාත්ත කෙනෙක් ළමයෙක්ගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරනවා, ආදරේ තමයි වැදගත් වෙන්නේ, ඔය සල්ලි කර දෙමවුපියන්ගේ ළමයින්ට ඕනේ තරම් සැප දෙයි එත් කවමදාවත් හොද ගතිගුණ දෙන්න බෑ. මේකට හොදම උදාහරණය ඕ ලෙවල් දිවයිනෙන් පස්වෙනියා. ළමයෙක්ට ගෙදරින් ආදරය කරුණාව ලැබෙනවානම් අනිත් දේවල් නොතිබුනත් ඒ ළමය හොද කෙනෙක් වෙනවා, නැත්තන් ඉතින් සල්ලි මත්තෙම නහෙනවානම් අර මරවියගේ පුතෙක් වගේ තමයි, අද ගොඩක් දෙමවුපියන්ට ළමයි එක්ක පැයක්වත් ගත කරන්න කාලය නෑ, දුවෙක්ට තත්තකෙනේක්ගේ ආදරය වටිනවා, එත් තාත්ත සල්ලි හම්බකරන්න රට ගියාම ඒ දරුවා ඒ ආදරේ වෙන කෙනෙක්ගෙන් ලබන්න ගිහින් කොච්චර අනතුරු වෙලා ඇත්ද.

    මන් හිතන්නේ ළමයි හදන්න දන්නේ නැත්තන් නොහද ඉන්න එක තමයි හරි දේ, ළමයෙක් බාහිර දේට රැවටිලා ඉල්ලන එක ලමගතියක් හැබැයි එක පලවිපාක පහදලා දෙන එක තමා දෙමවුපියන්ගේ යුතුකම. මේ වගේ හොද ළමයි හදන්න පුළුවන් වෙන්න ඕනේ, මෙහෙම දරුවෝ ලොකු වෙලා බැරි කලෙක දෙමවුපියන් උනත් බලාගන්න හොද පුරවැසියෝ වෙනවා, අපි හදන්න ඕනේ නැහිලා නැහිලා හම්බකරලා ඕනේ දේවල් දීල ලෝකෙට බරක් වෙන අය නෙවි, අම්මල තාත්තල අද අපි වෙනුවෙන් කැපකිරීම් කවදාවත් කව්රුවත් අපිට කරන්නේ නෑ

    සාරාංශය: සල්ලි ලග සතුට නෑ.. සතුට තියෙන්නේ ආදරය ලග.
    :yes::yes::yes::yes:

    තමන්ගේ දරු පැටිය ඉල්ලන ආස කරන හැමදේම තාත්ත කෙනෙකුට අරන් දෙන්න බැරි කම හරිම සංවේදී කාරණාවක් උනත් පුංචි සන්දියේ ඉදන්ම දරුවන්ට ජීවිතය දිහා උපේකෂාවෙන් බලන්න පුරුදු කරන එක තමයි හොඳම දේ. දැන් ඉන්න පුංචි පැටව් හුගක් බුද්ධිමත්. තාත්තට මේ වෙලාවේ අතේ සල්ලි නෑ පැටියෝ කියල කිවොත් ඒ දේට සවන් දෙන විදියට දරුවා හදාගන්න එක දෙමාපියන්ගේ වගකීම. බල්ලෝ මරල හරි සල්ලි හොයල දරුවට ආස දේ ගෙනත් දෙන ලේසියට දරුවෙක්ට හොඳ ගතිගුණ පුරුදු කරන්න බෑ.

    දෙමාපියෝ විදියට දවසක හිත නිදහසෙන් ජීවිතේ අවසාන කාලය ගත කරන්න ඕනේ නම් දරුවකුට දිය යුතු වන්නේ කාරණා දෙකයි. එකක් හොඳ ගති ගුණ. අනික හොඳ අධ්‍යාපනයක් ලබන්න අඩිතාලමක්. අද තියන සල්ලි හෙට නැති වෙනවා. අද දරුවට සුර සැප දුන්නත් හෙට අපිට ඒ දේ කරගන්න බැරි වෙන්න පුළුවන්. එදාට ඒ දරුවට දෙමාපියෝ විසින් ගොඩ නගපු පෞර්ශයක් තිබිය යුතුයි නොසැලී ජීවිතේ අබියෝග වලට මුහුණ දෙන්න. පුංචි කාලේ ඉඳන් දරුවෙක්ට ජීවිතේට මුහුණ දෙන්න අවශ්‍ය මානසික ශක්තියයි දෙමාපියෝ විසින් දෙන්න ඕනේ.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඩයස් කොල්ලා;14776107 said:
    minihek ehema 0 tama watenne hethu tiyanawa,nikanma bari wenne na..

    තමන්ගේ කිසිම වරදක් නැතුව මිනිස්සු ජීවිතේ 0 ටම වැටෙනවා සහෝදරයා. ඒ තමන් පෙර කල කර්ම වල විපාක. එහෙම උණු කෙනෙක් තමයි මගේ තාත්ත. අපේ පවුල 100 ඉදන් 0 ටම වැටුනේ මගේ තාත්තගේ අසනීපය නිසා. නමුත් 100 ඉන්නකොට මගේ අම්ම තාත්ත මට ජීවිතේ දකින්න පුරුදු කරලා තිබුන. මමයි මල්ලියි ඉගන ගත්තේ කොළඹ තිබුන ප්‍රසිද්දම පාසල් දෙකක. ඒ උනාට මම අහසින් ගියපු කෙනෙක් නෙවේ. ඒ හන්ද ගෙදර රුපියලක් නැති වෙද්දී ගෙවල් වලට ගිහින් පන්ති කරල සල්ලි හොයාගෙන campus යන්න තරම් ආත්ම ශක්තියක් මට අපේ තාත්ත හදල තිබුන. මගේ තාත්ත මගේ උපාධිය සම්පුර්ණ කරනකල් ජීවිත් උනේ නෑ. එත් එයා දැනන් උන්න අද මම ඉන්න තැනට මම එනවා කියල. මගේ තාත්ත අම්ම මල්ලි මට දුන්න හිතේ හිය්යට පිං සිද්ධ වෙන්න මම ලෝකේ කරන්න පුළුවන් ඉහලම පශ්චාත් උපාධියත් සම්පුර්ණ කලා. ඒ ජීවිත දැක්ම මට දුන්නේ මගේ දෙමාපියෝ. මගේ තාත්ත ජීවිතෙන් සමුගත්තේ බොහොම දුප්පතෙක් වෙලා. එත් එයා මට හැමදාත් රජ කෙනෙක් උනා. ඔයාගේ දරුවාගේ හිතේ ඔයාව රජ කරවන්නේ සල්ලි නෙවෙයි. ඔයාගේ ආදරය සහ ඔයා එයාගේ ජීවිතේට දෙන ශක්තිය. ඔයා කියන සල්ලි හැමදාම එක වගේ තියෙන්නේ නෑ මල්ලියේ. සඳලු තලෙන් බිමට බැහැල ජීවිතේ දකින්න පුළුවන් දරුවෙක් හදන්න. ඔයාට සල්ලි තිබුනත් නැතත් ඒ දරුවා වැඩිහිටියෙක් උන දාට එයාගේ හිතේ ඒ දරුවාගේ ගෙදර ඔයාට ඉඩක් තියෙයි. නැතිනම් මහලු නිවාස වල හරි මහ පාරේ හරි පිහිට තමයි.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්ත කතාවක් . මම තාත්තා කෙනෙක් නොවුනත් අනන්තවත් ඔය වගේ අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා . ගෙදර මහා එකා මම (ලොකු අයියා). ඉතින් ගෙදර බරපැන සැහෙන ප්‍රමාණයක් මටත් දරන්න වෙලා තියෙනවා . ඉස්සර මම පොඩි කාලේ හොදට සල්ලි තිබ්බත් පස්සේ තාත්තා රජයේ සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ අගහිගකම් වැඩි උනා . ඒ දවස්වල මගේ තාත්තට අපිට අවශ්‍ය දේවල් අරන් දෙන්න බැරුව දුක් විදපු හැටි මම දැක්ක . එක නිසා උසස් පෙළ දෙවෙනි පාරත් කරන්නේ නැතුව ජොබ් එකට බැස්ස . බහින්න උනා ගෙදර වෙච්ච කරදර නිසා

    මගේ පලවෙනි පඩිය රුපියල් 1000/- ඒ 2005 දී . එකෙන් වැඩි දෙයක් කරන්න බැරි උනත් ඊට පස්සේ මම කොහොම හරි පඩියත් හදාගත්තා . මට මතකයි 2011 නත්තලට ගෙදරට බඩු , ඇදුම් අරන් දෙන්න හැකියාවක් තිබ්බේ නැ මට . එත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන මදි නොකියන්න කට්ටියටම අරන් දුන්නා . ලොකු පුතා ලස්සනයි අඩුම. අයියේ තැන්කු කලිසමට කියල කියන කොට දැනෙන සතුට කියලා වැඩක් නැ මචන් . ගිය අවුරුද්දේ තාත්තාව බලෙන්ම අරගෙන ගිහින් සපත්තු දෙකක් අරගෙන දුන්න . ඒ වෙලාවේ තාත්තගේ මුහුණේ දැක්ක අහිංසක හිනාව මතක් වෙද්දී අදටත් ඇස් දෙකට කඳුළු එනවා මචන් .

    මගේ ජිවිතේ වගේම තවත් ජිවිත ඇති. කියන්න නම් හුගක් දේවල් තියෙනවා එත් මේක දැක්ක නිසා මට මේ දේ දාන්න හිතුන. ගෙදරට අවශ්‍ය දේවල් කරගන්න බැරුව තාත්තා අසරණ උන හැටි අස් දෙකෙන් දැක්කේ මම. ඉතින් අදටත් සමහර වෙලාවට එහෙම උනත් එදා වගේ අසරණ වෙන්න දෙන්නේ නැ මම.

    ගමයගේ ජීවිතෙන් කොටසක් උබලත් එක්ක බෙදාගත්තා . ත්‍රෙඩ් එකට රේප්+14 මචන්