මට ඇති වෙලා යකෝව්ව්ව්....😑

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,499
    333
    83
    කොල්ලනේ... සෑහෙන කාලෙකින් මම ආවෙ... මට හෙන ප්‍රශ්නයක්... ☹️

    මට මචං දැනට කෙල්ලෙක් නෑ... කාලෙන් කාලෙට ක්‍රශ් හිටියා... මට තියෙන ප්‍රශ්නෙ බං, ලාවට කෙල්ලෙක් ටෝක් වීගෙන එද්දිම මට හිතෙනව
    " මොකද්ද තෝ මේ කරගන්න යන්නෙ... මේක බැඳගෙන ලමයි හදාගෙන මොන දුකක් විඳින්න වෙයිද දන්නෙ නෑ... තොගෙ නිදහසත් සම්පූර්නෙන් නැති වෙනවා... ඕක අතඇරලා දාපන්.." වගේ දේවල්... ඊටපස්සෙ මමම වැඩේ අතඅරිනවා...

    මෑත කාලෙනම් (දැන් අවුරුදු 2 කින් විතර) කෙල්ලෙක් ටෝක් කරේම නෑ ඔය හේතුව උඩ. මොකද මම දන්නවා මට ඔය ටික හිතිලා වැඩේ එපා වෙනවා කියලා... දැන් 26 යි මට... ගෙදරිනුත් අහනවා නැද්ද කියලා...

    මට බං එහෙම යාලුවොත් වැඩිය නෑ... සෝශල් වෙන්න පුලුවන් ඒත් මම කැමති නැති ගතියක් තියෙන්නෙ... හුඟක් වෙලාවට කතා කරන්න මිනිහෙක් ඇත්තෙම නෑ වගෙ තමයි... ජොබ් කරන තැනත් මම සද්ද නැතුව පාඩුවේ ඉන්නවා...

    මට හිතෙනවා කෙල්ලෙක් හිටියනම් හොඳයි කතා කරන්න හරි කියලා... ඒත් එහෙම යාලුවො වගේ ඉන්න කෙල්ලො ටෝක් වෙන්නෙ නෑනෙ බං මේ වයසට... උං එන්නෙ බඳියි කියලා පොඩි හරි හෝප් එකක් එක්කනෙ... මට එහෙම කෙල්ලො රවට්ටගෙන මගෙ පාලු මකාගන්න හිතෙන්නෙ නෑ... කැරි වැඩනෙ ඒවා... එහෙම කැමතිත් නෑ මම...
    සමහරු වගේ අනුන්ගෙ කෑලි එක්ක නිකන් friendship එකට වත් වැඩිය කතා කරන්න චැට් කරන්න එහෙමත් මම කැමති නෑ මොකද අන්සතු දේවල්නෙ..🥲

    කසාද බඳින එකෙන් මිනිස්සුන්ගෙ ජීවිත ගොඩක් ලිමිට් වෙනවා , ජීවිතේ ගොඩක් තීරන ගන්න තියෙන තැන් වලදි හිරවෙනවා වගේ මට හිතෙනවා... අපෙ තාත්තා තමා මට පේන ලොකුම උදාහරනෙ...

    තනිකම වැඩි නිසාම පට්ට අවුල් වුන අවස්තා ඕන තරම්... සිරාවට කියන්නෙ මැරුනනම් හොඳයි වගේ හිතෙන වෙලාවලුත් ගොඩක් තියෙනවා...

    මොනව කර ගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ...

    මේකට මම මොකද කරන්නෙ... psychiatrists කෙනෙක් ලඟට යන්න වගේ උත්තර නැතුව වෙන දෙයක් කියපන්කො... ☹️ උන්ට මාව වෙනස් කරන්න බෑ කියලා මට හොඳටම ශුවර්.. 😁

    නිකමට පාලු මකාගන්න කෙල්ලෙක් ටෝක් කරන එක අවුල්ද... (FWB එහෙම නෙවෙයි මම කියන්නෙ...)

    බැඳපු එවුන්, ලමයි ඉන්න අය කියන්න ඔයාලගෙ කසාද ජීවිතේ experience... උබලට උබලගෙ තීරනයක් කෙලින් ගන්න පුලුවන්ද... හෙට ජොබ් එකෙන් අයින් වෙන්න හිතුනොත් වගේ... ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,053
    10,672
    113
    හැමිනේශන්
    ඔය හිතන විදිය වෙනස් කරගන්නේ නැතුවනම් බදින්න එපා බන්.. ඒකෙන් වෙන්නෙ උබෙයි ඒ බදින කෙල්ලගෙයි දෙන්නගෙම ලයිෆ් එක complicated කරගන්න එක... :yes:
     
    Last edited:

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    554
    424
    63
    lassana kelleo dakkama asaa hithunata, badala inna un ge giwath wena vidiya dakkama mata badinna hithenne naha. habai lamai hadanna nam akmathak naha.

    man nam kamathi athal eke nidahase inne .. e nisaaa dan karanna salli hamba karanna mahansi wena eka thamaa. ewa oluwe thiyena hinda wena ewa gana hithe aulak naha. freelance wada , new dewal learn karanwa ,game gahanawa.

    matath yaluwo nathi tharam, 26 k kiyanne loku wayasak newe... man 30 panala. marriage proposal 25 vithara baha kiyala athi. wate society eken ena presha eka agata ganna epaa. ewa fullfill karanna gihin thama godak aya life eka kelewa ganne.

    kello , yaluwo newe, uba life eka improved karanna balahan. Money, Financial Freedom, Education ,Health eka thyenawa nam oya reddawal parashna newe.

    ubata මැරුනනම් හොඳයි wage hithenawa nam aniwa psychiatrists kenek gaawata yanna. Brain eke chemicals seen walata panditha kam karala hariyanne naha.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    12,695
    1
    22,832
    113
    ජාලේ...
    sorry.com
    හෙට ජොබ් එකෙන් අයින් වෙන්න හිතුනොත් වගේ... ?
    මන් බැදලනම් නැ හැබැයි මෙක ගැන දෙකක් කියන්ටෝන. මෙක තමයි චාම සිද්දිය වැඩ කර්න තැන සැටිස් නැත්නම් මට හෙන Over Confidence එකක් ඇවිල්ල අයින් වෙන්න හිතෙනව. අන්තිම කරපු ජොබ් දෙකටම මම කරේ මේක.
    උදේට නැගිට්ටම හිතෙනව මේ මොන කරුමයක් ද කියල ගෙවන්නෙ.
    ඇදේ ඉදගෙනම Resignation Letter එක ඊමේල් කරා. මට එතකොට කෙල්ලෙකුත් හිටියා.දැන් එකත් නෑ.
    කාලෙ ගෙවාගන්න කෙල්ලෙක් එක්ක කතා කරාට කමක් නෑ Hopes නොදී.
    තනිකම වැඩි නිසාම පට්ට අවුල් වුන අවස්තා ඕන තරම්... සිරාවට කියන්නෙ මැරුනනම් හොඳයි වගේ හිතෙන වෙලාවලුත් ගොඩක් තියෙනවා..
    එව හිතන්න එපා උබ ටාග්ට් එකක් හදාගනින්. එව හිතන්න එපා උබ ටාග්ට් එකක් හදාගනින්. Educational Qualifications / Side Income වගේ දෙවල් හදාගනින්. නිදහසෙ ඉදපන්. තමන් කැමති දෙයක් දැක්ක ගමන් දෙපාරක් හිතන්නෙ නැතුව ගන්න පුලුවන් උනාම මාර කන්ෆිඩන්ස් එකක් එන්නෙ. එතකොට මරි මෝල් ගතිය නැති වෙලා යනවා.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    3,120
    6,092
    113
    ලග පාත
    උබ හැමෝම දුවන රැට් රේස් එකෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි , ගෙදරින් එන ප්රෙශේර් එක තමා හැන්දල් කරගන්න ඕන
     
    • Love
    Reactions: AnjanaROCK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    58,985
    47,609
    113
    Congratulations! You are a mature soul who understands reality. You know that all relationships, love, passion, or anything that is related to consciousness are traps that ensure the continuity of life? So, it seems that you have the power to break the cycle.
    But breaking the cycle comes with huge load of depression.Not an easy task