අයියෝ අපේ ගෙදරට High Voltage ඇවිල්ල මගේ කොම්පියුටරේට Sorry.com උනෝ !..

මේක උනේ මීට සති දෙකකට විතර ඉස්සෙල්ලා !
මම Class ගිහිල්ල ගෙදර ආව විතරයි..
උදේ ඉදලම කරන්ට් එක තිබිල නෑ ! අපේ පාරේ තියන Tranformer එකකට අකුණක් ගහල..උදේ ඉදන් ඒක හදනවලු..
මුන් ඒක හදල Power දුන්න ගමන මගේ කාමරෙන් ආවා සද්දයක් සට පට සට පටස් ගාල !

මම දුවලගිහින් computer ඒක check කළා..
නෝ කතා නෝ සිනා..


(TV එකත් ගහල ගියෝ ! අනික් බඩු නම් ගලවල තිබිල හොද වෙලාවට !)
මම hard disk එක උස්ස ගෙන කොල්ලෙක් ගේ ගෙදරට ගිහින් බැලුවා බඩුම තමා hard එක sorry වෙලා..
මට ඊවෙලාවේ තමා විදුලිබල මණ්ඩලේ එවුන්ගේ අම්ම@#$#$#*$
හිතෙන්නේ !




මගේ board එක chek කර ගන්න එක බුවෙක් ලගවත් 24 pin Powersupply එකක් නෑ..

ඔක්කොම 20 පින්.. මගේ board එකේ 24 පින් ගැහුවේ නැත්තම් Display එන්නේ නෑ !
කොහොම hari කඩේ අයියාට බටර් පාර දීල Power supply එක waranty දා ගත්තා ! එකට දවස් පහක් විතර බලන් හිටිය !
ඔන්න ඉතින් supply එක ආවා කියමුකෝ !
ගහලා ඔන් කලා !
අනේ ඉතින් moniter එකට power එන්නේ නෑ !
moniter එකත් ගිහිල්ල ඕයි !
කොල්ලෙක් ගේ ගෙදර මැෂින් එක උස්සන් ගිහින් අනිත් ඒවා චෙක් කලා ! Rom එක ගිහිල්ලා ! අනිත් ඒවා අව්ලක් නෑ !
ඔන්න ඉතින් ඊට පස්සේ rom එකයි hard එකයි waranty දැම්මයි කියමුකෝ ! (ඒ මගුල් දෙක තාම අවේ නෑ ඕයි !) ඕන කරන data dvd වලට ගහල තිබ්බ නිසා හොදට ගියා !
හැමෝම කිව්වා විදුලිබල මණ්ඩලෙන් වන්දි ගන්න පුළුවන් කියල !
එත පස්සේ තමයි දැනගත්තේ අපි කරන්ට් එක මුලින් ම ගන්න කොට අස්සන් කරන agreemant එකේ high Voltage වලට දෙන්නේ නෑ කියල තියනවා කියල !



කොහොමත් CRT වලට කරන්ට් එක යනවා වැඩි නිසා LCD එකක් ගන්නත් හිතල එක්කෝ LED back light තියන එකක්ම ගන්නවා කියල ගත්ත.. ඇත්තම කියනවා නම් මේ මොනිටෙරේ පට්ට ඕයි !
23000 Rs ! සල්ලි වැඩි නිසා නෙවෙයි.. monier ගන්නකොට හොදම එකක් ගන්න ඕනේ ! ආයේ ගැනෙන් නෑ නේ !
acer 23'
LED
Interface : HDMI,DVI,VGA
පට්ට moniter එක ඇඩෙනවා !
ඔන්න ඔහොමයි ඉතින් උනේ !
දැන් කොල්ලෙක් ගේ අමතර hard එකක් තිබිල ගහගෙන ඉන්නව
අම්මෝ !
මම උබලට කියන්නෙ ! UPS එකක් ගහගනිල්ලා ! මමත් දැන් ups එකක් ගන්න යන්නේ !
කවදාවත් hard disk ගැන විස්වාස කරන්න එපා..ඕන කරන data DVD වලට ගහල තියා ගනින් !



අපරාදේ...... CEB එකට ***** වන්න එපායේ..... 






