මට තිබුණ ගාය මම උබෙන් හොඳ කලා නම්

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    12805702_1029522583772188_1680879119550705039_n.jpg


    පිරිමියා
    කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි.“මචං
    මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ
    පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං
    ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන් මං අර
    අළුත් කෑල්ල සතියක් යන්න කලිං අල්ල ගන්නවා“
    “උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ ඔන්න ඔහොමයි
    සමහර පිරිමි පුදුම පුරුෂ ශක්තියෙන් යුතු මහා පිරිමි
    පොරවල් වෙන්නේ.
    සමහර විට ඒ තැන් වලදි කියවෙන සමහර
    කෙල්ලෝ කවදාවත් අර පිරිමියා එක්ක වචනයක් වත්
    කථා කරල නැතුව ඇති.සමහර විට ඒ කෙල්ලෝ අර
    පිරිමි පොරවල් වලට සිරාවට ලව් ඇති.සිරාටම සිරා
    කියලා ලව් එකක් දැන් නෑ.ගෑණු සීයක් විතර එක්ක
    නිදාගත්ත පිරිමියෙක්ව අනික් පිරිමි විසින් නිර්වචනය
    කරන්නේ මෙහෙමයි.“මචං අරූ මාර පොර.අළුතින්
    ආව කෑල්ල එක්කත් බුදියගත්තා“ “.ඌ නේද අර පස්ස
    ලොකු කෑල්ලටත් ගැහුවේ,ඌ නම් සිරාවටම මාර
    පොර මචං“ “අපි නම් අපේ හොද කමට හැමදාම
    ගෙදර බත් කන්නේ“
    ඒ පොර එක්ක සෙට් වෙලා ඉන්න කෙල්ලව අනිත්
    පිරිමි නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං මාර
    සීන් එක අළුතින් ආපු කෑල්ල අපේ එකා එක්ක සෙට්
    වෙලා,හොදට දෙනවලු අරූට.මං උඹට කිව්වනේ
    ඒකි ආපු දවසෙම ඒක අදින්න පුළුවන් කියලා.අරූට
    කලින් මට දාගන්න තිබුනා.ඕක මටත් වැඩකරා“
    පිරිමියා “පොර “වීමේත් ගැහැනිය “බඩුව“
    වීමේත් මහා තියරිය එයයි.මෙය අද ඊයේ සිද්ධ වුන
    දෙයක් නොවෙයි.කවදාවත්ම මේවගේ දෙයක්
    ලියන්න ඕනේ කියලා මගේ හිතට දැනිල තිබුනේ
    නැති වුනත් මහා පිරිමි එක තැනකට සෙට් වෙලා
    මනසින් ලිංගික සන්තර්පණයේ යෙදෙන ගෑණු
    ගැන කථා කරලා ස්වයං වින්දනයේ යෙදනකොට
    ඒවා ගැන එක වචනයක් හරි ලිව්වේ නැත්තං
    උන්ගේ පොන්න කම් වලට හැමදාම ආතල් දෙන
    කෑලි අපි වේවි.සමහර විට එහෙව් පොරක් මේක
    කියවලා ආයෙමත් පිරිසක් එක්ක සෙට් වෙලා
    ස්වයං වින්දනයේ යෙදෙනකොට ඌට
    මෙහොතකට හරි මේක මතක් වෙයි.මහා දෑවැදි
    එක්ක සීතාවන් බැදගෙන ඉන්න මේ පිරිමින්ට
    තමන්ගේ ගෑණිව පිරිසක් මැද්දේ බෙදාගෙන
    ආතල් ගන්න කිව්වොත් මෙනවා වේවිද?තමන්ගේ
    ගෑණිට හැර අනික් හැම ගැහැණියකටම
    බඩුවක්,වේසියක්,කෑල්ලක් කියලා නිර්වචන දෙන
    නපුංසක පුරුෂ පොරවල්වලට අවසානයට කියන්නට
    දෙයක් ඇත.
    උඹ දෑවැද්දක් සමග කරකාර බැදගෙන ඇත්තේ
    බඩුවකි
    උඹව විශ්වාස කර ආදරය කරන්නේ ඒ බඩුවයි
    නන්නත්තාරේ ගිහින් එන උඹේ කකුල් හෝදා
    ගෙට ගන්නේ උඹ කරකාර බැදගත් ඒ කෑල්ලයි
    උදේ පාන්දර නැගිට උඹට බත් එක බැද දෙන්නේ
    ඒ බඩුවයි
    රෑට නිදියහනේ දී උඹේ අවලං කං වලට මුනිවත
    රකින්නේ ඒ වේසියයි
    සමාජයේ සියලු ගෑණු “බඩු“ වෙද්දි උඹේ
    ගැහැණිය සීතා විය නොහැක.මක් නිසාද යත්
    උඹේ ගැහැනිය උඹට නොව අනික් පිරිමියකුට
    කෑල්ල වේසිය බඩුව වන හෙයින


    උපුටා ගැනීම - නිසඳැස් කවි ගී අරණ