අංගුත්තර නිකාය
අට්ඨක නිපාතෝ
8.1.4.8. සප්පුරිස සුත්තං
8.1.4.8. සත්පුරුෂයා ගැන වදාළ දෙසුම
සැවැත් නුවර දී ය .....
මහණෙනි, සත්පුරුෂයා පවුලක උපදින්නේ බොහෝ දෙනාට යහපත, හිත සුව පිණිස වෙයි.
මව්පියන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
අඹුදරුවන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
දාස කම්කරු පුරුෂයින් හට යහපත, හිත සුව පිණිස වෙයි.
යහළු මිත්‍රයන් හට යහපත, හිත සුව පිණිස වෙයි. මිය පරලොව ගිය ඥාතීන්ට යහපත, හිත සුව පිණිස වෙයි.
රජු හට යහපත, හිත සුව පිණිස වෙයි. දෙවියන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. මහාවැස්ස සියළු ගොවි බිම් සරු කරන්නේ බොහෝ ජනයාට හිත සුව පිණිස වෙයි ද,
එසෙයින් ම මහණෙනි, සත්පුරුෂයා පවුලක උපදින්නේ බොහෝ දෙනාට යහපත, හිත සුව පිණිස වෙයි.

යහළු මිත්‍රයන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
මිය පරලොව ගිය ඥාතීන්ට යහපත, හිත සුව පිණිස වෙයි.

(ගාථා)
1. ප්‍රඥාවන්ත තැනැත්තා ගිහි ගෙදර වසන්නේ ඒකාන්තයෙන් බොහෝ දෙනාට යහපත පිණිස වෙයි. දිවා රාත්‍රී දෙකෙහි අලස නොවූයේ හැමට පළමු මවට ත්, පියාට ත්,
2. පෙර තමාට කරන ලද ගුණ සිහි කරමින් කරුණු සහිත ව පුදන්නේ ය. අනගාරික වූ පැවිදි වූ බ්‍රහ්මචාරීන් වහන්සේලා ත් පුදන්නේ ය.
3. බැසගත් ශ්‍රද්ධාව ඇත්තේ ධර්මය දැන, මෙහි ප්‍රියශීලීන් පුදන්නේ ය. රජුට ද හිතවත් වූයේ දෙවියන්ට ද හිතවත් වූයේ ඥාති මිත්‍රාදීන්ට ද හිතවත් වූයේ වෙයි.
4. සද්ධර්මයෙහි මැනැවින් පිහිටි හෙතෙමේ සියළු දෙනාට හිතවත් වූයේ වෙයි. මසුරු මල මැඩගෙන වාසය කරන ඔහු ස්වර්ග ලෝකය භජනය කරයි.
සාදු! සාදු!! සාදු!!!
සප්පුරිස සූත්‍රය නිමා විය.
https://sutta.mahamevnawa.lk