♥-Aurora-♥;10165397 said:නරක කාලෙට විෂ්ණු දෙවියොත් බටකොළ කෑවලු.. වැටෙන්න එපා යාලුවා. කොහෙන් හරි පටන් ගන්න.
බුදු සරණයි!



♥-Aurora-♥;10165397 said:නරක කාලෙට විෂ්ණු දෙවියොත් බටකොළ කෑවලු.. වැටෙන්න එපා යාලුවා. කොහෙන් හරි පටන් ගන්න.
බුදු සරණයි!



♥-Aurora-♥;10165397 said:නරක කාලෙට විෂ්ණු දෙවියොත් බටකොළ කෑවලු.. වැටෙන්න එපා යාලුවා. කොහෙන් හරි පටන් ගන්න.
බුදු සරණයි!
මිනිහෙක් සල්ලි නැතිවුනාම කොච්චර අසරණවෙනවද කියලා මට හොඳටම දැනුනෙ අද. මාස 6 ක් කරපු රස්සාව එක සැරේටම නැතිවුණාට පස්සේ මම ගොඩාක් අසරණ වුණා. කරකියාගන්න දෙයක් නැතිවුණා...
අන්තිමේදී හොඳම යාලූවො කීපදෙනෙක්ගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලගෙන මේ ටිකේ රෝල ගැහුවා.. රස්සාව කරන කාලේ ඉතුරුකරපු සල්ලි ටිකත් ඉවරයි. තාම රස්සාවක් හොයාගන්නත් බැරිවුණා... ඒ මදිවට තාත්ත ලෙඩවෙලා.. තාත්තට ඛෙහෙත් කරගන්නත් මම ලොකු වෙහෙසක් ගන්නවා..
අනේ දෙයියනේ ඇයි මට මෙහෙම වුනේ... කාටවත් කිසිම කරදරයක් නොකරපු, හැමෝටම උදව්කරපු මටම මෙහෙම වුනේ ඇයි....
මිනිස්සුන්ගෙ නරක කාලේ ආවම මේවගේ වෙනවා ඇති.
ගිය සතිය ෆෝන එකේ ලයින් එක කැපුවා. හෙට මේ ඉන්ටර්නෙට් ලයින් එකත් කපයි.. මොනව කරන්නද ඒත් ඉවසන් ඉන්නම වෙනවානේ.
ජීවිතේ ප්‍රශ්න හැමෝටම කියලා නෝනඩි වෙනවා කියලා කවුරුහරි කියයි..
නෑ... මම ඔන්ලයින් ආවේ නැත්තේ මොකද කියලා කට්ටිය බැලූවොත් දැනගන්නයි මම මෙහෙම දෑවේ.
අද මගෙ අතේ තියෙන්නේ රුපියල් 60යි..
බලමුකෝ වැඩක් හොයාගන්න බැරිම වුනොත් බදාම අත්වැඩ දෙන්න හෙට ඉඳන් යනවා...
මම අයි ටී පැත්තෙන් කොලිෆයිඩ්. ඒත් හොයාගන්න ජොබ්ස් නැහැ..
ඒ නිසා දෑතේ වීරියෙන් සල්ලි හම්බකරගන්න මම හෙට ඉඳන් මේසන් අත්වැඩ දෙන්න යන්න ඉන්නේ...
ඔන්න එහෙනම් මම ඔන්ලයින් නැතිවුනොත් හේතුව දන්නවනේ...
ආයෙත් අපි හමුවෙමු...
බුදුසරණයි යාලූවො හැමෝටම.
අපි හැමෝටම ගන්න තියෙන පණිවිඩේ තමයි අපිටත් මෙහෙම වෙන්න පුළුවන් කියන එක..
ඒ නිසා කීයක් හරි ඉතුරු කරල තියන්න මහන්සි ගන්න කට්ටියම..
මචන්, ඔයා දැනට හම්බෙන රස්සාවක් කරන්න ගන්න.
නරකක් නොවෙන,
පොඩි දෙයක් හරි කමක් නෑ.
මේ කාලෙ ගොඩක් අයට ඔහොම තමයි.
ගොඩාක් ප්‍රශ්ණ.. අනවශ්‍ය වියදම් අයින් කරන්න. කරන, හෝ හම්බෙන ජොබ් එකෙන් හම්බෙන කීය හරි ඉතුරුවක් කරගන්න බලන්න.
තාත්තව සනීප කරගන්න වියදම් කරන්න, ඒකට කමක් නෑ.
උස් මහත් උනාම දෙමාපියො අමතක කරන අය ඉන්න රටේ,
ඔයාගෙ උතුම් ගතිගුණ නිසාම ඔයාට හරියයි.. අනිවාර්යෙන් ම! 
