"මට පිරිමි ගනිකාවක් ඕන"

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    "මට පිරිමි ගනිකාවක් ඕන"

    එහෙම කියන්නෙ මැදි වයසෙ පිරිමියෙක්.ඒක ගනිකා නිවාසයක්.

    විස්තරේ අහගන ඉන්න ගෑනු කෙනා කියනවා "හිටියොත් කියන්නම්" කියලා.

    පිරිමි කෙනා එක පාරටම කියනවා

    "මට නෙවෙයි මගෙ දුවට "

    බර කනේ පාරක්....මඳ නිහැඬියාවක්..

    "හැම තාත්තෙක්ම දුවෙක්ට මනමාළයෙක් හොයනවා.මොකටද?ඒකටනෙ..මගෙ දුවගෙ අත වැඩ කරන්නෙත් නෑ කකුල් වැඩ කරන්නෙත් නෑ.ඒත් ආශාවන් තියෙනව.දුවට ඉන්නෙ මම විතරමයි.අපි කොයි වෙලාවෙ මැරිලා යයිද කියලා නොදන්න මිනිස්සු .මම කැමතියි දුව විඳින්න කැමති දේවල් විඳිනවට."

    ටීවී එකේ ලස්සන පිරිමියෙක් දැක්කම ඉඹින්න යන,පාරෙ යන ලස්සන පිරිමියෙක් දැක්කම ...
    බෝනික්කෙන්ගෙ ඇදුම් ගලවලා රහස් තැන් වල පාට ගාන දුව වෙනුවෙන්...

    ඔහුට ඉන්නෙ අංග විකල කියන තත්වයෙන් උපන් දුවෙක්.ඇයට තනිවම පෑඩ් එකක් වත් මාරු කරගන්න බෑ.

    .වරක් ඇයව නවත්තන ඒ වගේම ළමයි ඉන්න නිවාසෙන් ඇය ඇතුලු යොවුන් දරුවන් බොහෝ දෙනෙක් ගුටිකනවා.මේ තාත්තා ප්‍රශ්ණ කරනවා "ඇයි මගෙ දරුවට ගැහුවෙ?"

    "සමාවෙන්න සර්.අතින් කරනවා.ගහන්නැතුව බෑ"

    ඒ නිවාසෙ තව තරුණ කොල්ලෙක් ඉන්නව හොඳටම ගුටි කනවා.මේ තාත්තා යනව ඒ තරුණයගෙ තාත්තා හමුවෙන්න.

    "ඒ නිවාසෙ හොඳ එකක් නෙවෙයි.ළමයින්ට ගහනව..ගිහින් එක්ක එන්න පුතාව.මම මගෙ ළමයව අරන් ආවා."

    "කමක් නෑ සර්.ගෙදර හිටියොත් හෙලුවෙන් පාරට ඇවිත් පාරෙදි අතින් කරනවා.මිනිස්සු මහ පාරෙ තියලා ගහනවා.එහෙදි ගහන්නෙ කාමරයක් ඇතුලෙ දාලනෙ.ඔහෙ ගුටි කාපුවාවෙ සර්"

    අංග විකල, නැත්තං අබ්බගාත, ඒත් නැත්තං මන්ද මානසික කියලා අපි කියන ළමයිනුත් ලොකුවෙනවා.තරුණ වෙනවා.ඔවුන්ටත් හැඟීම් දැනීම් තියෙනව.ලිංගික ආශාවන් තියෙනව.නමුත් ඔවුන්ට ආකර්ශනය වෙන සහකාරයෙක් නෑ.

    එතකොට...

    ඔවුන්ට තියන එකම ක්‍රමය ස්වයං වින්ඳනය...

    සාමාන්‍ය තරුණයෙක් තරුණියක් දන්නව මේක එලිපිට කරන්න හොඳ දෙයක් නෙවෙයි කියලා.ඒත් අර තරුණ තරුණියන්ට දැනෙන්නෙ අවශ්‍යතාවය විතරයි.

    එතකොට..

    දෙමාපියන් සහෝදරයින් ඉදිරියේ වේලාවක් අවේලාවක් නැතුව...

    මේ කතා නායකයට ඉන්නෙ අම්මෙක් නැති තරුණ දුවෙක්..මොළේ හරියට වැඩිලා නැති.කට ඇද වෙලා අත පය කොර වෙලා ඉන්න...

    ස්වයං වින්ඳනයටත් ඇයට බාධා තියෙනවා..

    එවැනි දරුවන් සිටින දෙමාපියන්ගේ මානසිකත්වය..

    එවන් අයව අපිට හමුවී නැතිද?අපි ඔවුන් ගැන හිතුවෙ කොහොමද?ඇත්තටම අපි හරිද?ඔවුන් වැරදිද?කොතනද වැරදි?

    අවසානයේ ඔහු දියණිය වෙනුවෙන් ඇයගේ මානුෂීය ආශාවන් වෙනුවෙන් කෙනෙක් හොයා ගනීද?
    ====
    Peranbu මානුෂීය දමිළ චිත්‍රපටය.
    =====
    මේක අද නැවත තුන් වෙනි වතාවට දාන පෝස්ට් එකක්.
    තවමත් නරඹා නැත්තං ඔබත් එය නරඹන්න..
    =====
    සුජාතා මැණිකේ ඉහළගෙදර
    Source

    For the discussion with EK sensitive genious members.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    ඩිරෙක්ටර් ට නං අමුතුම ආසාවක් වගේ තියෙන්නෙ :P :P :P
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Ranil-2.jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    Aiyyo mata kiwwanan doggy style honda fuck ekak denawane
    Minissu unama prasnayak unama udaw karanna one
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    well, there are much more scenarios like this, that we as posh people just dont wanna look at.
    මමත්, සමහර දේවල් නොදැක්ක වගේ හිටපු අවස්ථා, දැකපු දේවල්, තේරුම් ගිය දේවල් (මගේ හිතට අපේ සමාජය ගැනම දුක හිතුන අවස්ථා) බොරු හේතු හදාගෙන අමතක කරපු අවස්ථා තියනවා.
    පහු කාලීනව මම පුරුදු උනා කොච්චර හිතට දුක උනත් ඒ දේවල් ඒ විදිහටම දකින්න, තේරුම් ගන්න... අඩුම තරමේ එතකොට අපිට තේරෙනවා අපිකොච්චර වසන වන්තද කියල.. හැබැයි ටික කාලයක් යනවා ඕවා තේරුම් ගියහම හිතට එන මුස්පේන්තු මානසිකත්වය ඉක්මනට අයින් කරගන්න ඉගෙන ගන්න...


    ඔය කියන කතාවෙත්(මම බලල නම් නෑ) කතාවත් ඊ වගේ ....
     
    • Sad
    Reactions: windows_ubuntu