මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මට තියෙන අසනීපය වෙන කාටවත් හැදෙන්න එපා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරමින්.
මීට අවුරුදු 5කට කලින්, (එතකොට මට වයස අවුරුදු 22 යි) මට එක පාරටම කෑම කලා, ඒවා ගිලින්න අපහසු තත්වයක් උදා උනා. මම හිතුවේ සෙම වගේ තත්වයක් වෙන්න ඇති කියලා. මේකට බෙහෙත් අරගෙන බැලුවත් හරි ගියේ නෑ.
පස්සේ එක එක ටෙස්ටිං එහෙම කරලා හොයාගත්තා මගේ ඇඟේ කැන්සර් එකක් තියෙනවා කියලා. හරියටම ලෙඩේ හොයාගන්නකොට මට අවුරුදු 23 ලබලා සති දෙකක් සම්පුර්ණ උනා විතරයි.
ඊට පස්සේ මේකට ප්‍රතිකාර විදියට මොකද කරන්නේ කියලත් හොයලා බැලුවා. ඊට පස්සේ අන්තිමේදී තීරණය කලේ ශල්‍යකර්මයක් කරන්න. කොහොම හරි ශල්‍යකර්මය කරලා,තවත් බෙහෙත් එහෙම බිබී හිටියා. මාස හයෙන් හයට වගේ මගේ ඇඟේ ස්කෑන් එහෙම අරං බල බලා හිටියේ ශල්‍යකර්මය කරාට, නැවත පිළිකා තත්වයට වර්ධනය වේවිද කියලා බල බලා.
කොහොම හරි මීට අවුරුදු 2 කට විතර කලින් ගත්තු රිපෝර්ට් එච්චර හොද තත්වයක තිබුනේ නෑ. මොකද ආයේ ඒ පිළිකා ශෛල හැදීගෙන එනවා දකින්න ලැබුනා.
ඊට පස්සේ ආයේ අපි රිපෝර්ට් කිහිපයක් එහෙම අරං, නැවතත් ශල්‍යකර්මයක් කලා. දැන් මම දිගටම විකිරණ ප්‍රතිකාරත් ලබා ගන්නවා. මේ විකිරණ ප්‍රතිකාර ගත්තුවාම ඇගට හරිම අමාරුයි. මේ විකිරණ නිසා පිළිකා ශෛල විතරක් නෙමෙයි, ඇඟේ තියෙන අනික් ශෛලත් විනාශ වෙනවා.
ඉතිං මම පොඩ්ඩක් හොයලා බැලුවා පිටරටවල් වල, විශේෂයෙන්ම එංගලන්තයේ වගේ ඉන්න පිළිකා රෝගීන් ප්‍රතිකාර ගන්නේ කොහොමද කියලා. එතකොට මට පෙනුන දේ තමයි ඒ රටවල ඉන්න පිළිකා රෝගීන් අපේ රටේ අයට වඩා ගොඩක් කල් ජිවත් වෙනවා. ඒකට හේතුව තමයි දැන් ලෝකේ මේ ලෙඩේ මර්ධනය කරගන්න පුළුවන් බෙහෙත් ඕනි තරං තියෙනවා. හැබැයි ඒවා මිල අධිකයි. ලංකාවේ රජයත් පිළිකා රෝගීන් වෙනුවෙන් අපේ රටේ හැටියට අධික මුදලක් වියදම් කරනවා. හැබැයි අපේ රටට සල්ලි නෑනේ අර එංගලන්තයේ වගේ රටවල ඉන්න රෝගීන් භාවිතා කාරනා සාර්ථක, එහෙත් මිල ඉතාම අධික බෙහෙත් අපේ රෝගීන්ට ලබා දෙන්න. ඉතිං ඒ නිසා අපේ රටේ රජයේ රෝහල්වලදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී භාවිතා කරන්නේ අර කිව්ව ඖෂධ නෙමෙයි. අපේ රෝගීන්ට දෙන ඖෂධ එතරම් සාර්ථක නෑ. ඔන්න ඔය කාරණේ නිසයි අපේ රටේ පිළිකා රෝගීන් සමහර විට ඉක්මනින් ජිවිතයෙන් හැර යන්නේ.
මාත් මේ නිසා බැලුවා එංගලන්තයේ ඉන්න මගේ හිතවත් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් මගේ කැන්සර් එකට අවශ්‍ය බෙහෙත් වර්ගයක් ගෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් ඒ රටේ නීති හරිම තදයි. වෛද්‍යවරුන්ටවත් හිතුමතේ බෙහෙත් මිලට ගන්න බැහැ.
ඉතිං මම මේ ත්‍රෙඩ් එක දාලා කියන්නේ ඔයාලගේ හිතවත් කවුරු හරි මේ මට තියෙන රෝගයෙන් පෙළෙනවා නං, පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න. බටහිර රටවල මේකට ප්‍රතිකාර තියෙනවා. රෝගය පාලනය කරගෙන සාමාන්‍ය කෙනෙක් වගේ ජිවත් වෙන්න පුළුවන් මේ ප්‍රතිකාර මගින්. හැබැයි මිල ඉහලයි.