මට පුටුව ඕනේ.ඈ...ඈ.....
පැරදිලා හරි මට පුටුව ඕනේ...දෙවැනියා වෙනව කියලා මම හොඳටම දන්නවා.ඉතිං පළවෙනියා ඉද්දි කොහොමෙයි මම පුටුව අයිති කරගන්නේ.අනේ දෙවනියට පුටුව අයිතිවෙන විදිහේ ගැටයක් ගහන්නකෝ හාංදුන්නේ...!
ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි
ජනාධිපතිවරණය තියුණු සටනක් බවට පත් වීමත් සමගම ප්රචණ්ඩත්වය උත්සන්න කිරීම සඳහා පියවර ගෙන ඇති ආණ්ඩුව එතැනින් නතර නො වී යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධීපතිවරණය ජය ගතහොත් ඔහු පත් කිරීම වළක්වා දිගට ම ජනාධිපතිකමේ එල්ලී සිටීම සඳහා නීතිමය උප්පරවැට්ටියක් ද සැලසුම් කර ඇති බව පැවසේ.
ඒ අනුව, පාලකයන්ගේ ඉත්තකු වූ ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට 2011 නොවැම්බර් දක්වා දක්වා බලයේ සිටීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ පදිංචිය අත්හැර ඇමරිකාවේ පුරවැසි භාවය ඉල්ලා ඇති අයකු බැවින් ඔහුට ජනාධිපති මැතිවරණයට තරග කිරීමට හා ජනාධිපතිවරයකු වශයෙන් තේරීපත්වීමට නීත්‍යානුකූල හා සදාචාරාත්මක අයිතියක් නැති බවට තීන්දු ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.
ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් එම පත්වීම බලරහිත කර අවලංගු කරන ලෙස මැතිවරණයේදී ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයා නීත්‍යානුකූලව එම තනතුරට පත්වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසද කෝන්ගහගේඉල්ලයි. ෆොන්සේකා ජනාධිපතිවරණය දිනුවොත් අනිවාර්යයෙන් ම දෙවැනියා වන්නේ මහින්ද රාජපක්ෂයි.
මෙම සිකුරාදා (15 වැනිදා) හෝ හැකි ඉක්මනින් දිනයක පෙත්සම සලකා බලා තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසද ඉල්ලා සරත් කෝන්ගහගේ සිය නීතිඥවරයා මගින් වෙනම මෝසමක් ගොනුකර ඇත.

... මහින්ද කොහොමත් දැනගෙන හිටියා සරත් එයාට ලොකු අභියෝගයක් කියලා
දෙන්නම එකිනෙකාට දෙවැනි නෑ
එහාට මෙහාට විසි කරන කතාවලින් ඒක හොදට පේනවා 