මචන්, උබ උබ විසින්ම පහතට වැටිලා ඉන්නේ.. මට නෑ, මට බෑ කියල හිතද්දී හිතද්දී එහෙමම තමයි වෙන්නේ බන්.. මුලින්ම උබ වෙනස් වෙන්න බලපන්.. මුලින්ම උඹ කැතයි කියල හිතාගෙන ඉන්න උබේ පෙනුම ටිකක් වෙනස් කරගනින්.. කොන්ඩේ වෙනස් විදියට style කරපන්, වෙනස් විදියේ ඇඳුම් ඇඳපන්.. ටිකක් තමන්ගේ පෙනුම සතුටුදායක විදියට වෙනස් කරගනින්.. කන්නාඩිය ඉස්සරහට ගිහින් උඹ ගැන සතුටින් බලන්න පුරුදු වෙයන්.. මේ ලෝකේ කැතයි කියල කව්රුවත් ඇති කියල මම නම් හිතන්නේ නෑ.. හැමෝගෙම මොකක්ම හරි ලස්සනක් තියනවා, උබේ ඒ ලස්සන මතුකරගනින්.. ඒ ගැන මුලින්ම අගය කරපන්, ඊට පස්සේ උබට නැති දේවල් වෙනුවට මුලින්ම තියන හැමදේම අගය කරපන්, ඒ ගැන සතුටු වෙයන්.. අතපය 4 හොදට තියනවා ඇතිනේ.. සතුටු වෙයන්.. අතපය නැති උන් ඕනි තරම්.. අම්මෙක් තාත්තෙක් ඇතිනේ උබ ගැන හොයල බලන්න, සතුටු වෙයන්.. අනාථ වෙච්චි අය ඕනි තරම්.. බඩගින්නේ නොඉද කන්න දේවල් ඇතිනේ.. ඒ ගැන සතුටු වෙයන්, හොඳ නරක තේරෙනවා ඇතිනේ, ඒ ගැන සතුටු වෙයන්..
හැමදේටම මුල් වෙන්නේ හිත මචන්.. උබට මෙහෙම කියන මමත් මානසිකව වැටිලා ඉදල තියනවා ඕනි තරම්.. හැමෝටම හැමදාම සතුටින් ඉන්න බෑ.. ඔහොම අවස්ථා එනවා ජිවිතේ.. හිතින් උබ වැටුනොත් එදාට උබ පරාදයි.. මුලින් තමන් ගැන සතුටු වෙන්න දේවල් කිහිපයක් හොයාගනින්.. ඊට පස්සේ බලපන් උබට දැනට නැති, එත් ලැබුනොත් සතුටු දේවල්.. ඒවගෙන් මුලින්ම කරන්න පුළුවන් කියල හිතෙන දෙකින් පටන් ගනින්.. එක පාරට හැමදේම හරියයි කියල මම කියන්නේ නෑ.. ඔහොම හිතල වැඩ කරද්දීත් වැටෙන තැන් ඕනි තරම් එයි.. නමුත් අතාරින්න එපා.. social skills හැදෙයි උබ උබ ගැන විශ්වාස කරද්දී.. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා.. උබ ප්‍රියමනාප පොරක් කියල උබ තේරුම් ගත්ත දවසට තේරෙයි යාලුවෝ උනත් උබට කලින්ට වඩා සෙට් වෙනවා කියල.. ටික ටික යමන්.. සැහෙන කාලයක් හිතින් වැටිලා ඉදල දවසකින් දෙකකින් ආයේ ගොඩ එන එක ලේසි නෑ.. නමුත් කොල්ලෙක්නේ උබ නේද? ගේම අතාරින්න එපා මචන්.. පිටට පේන තරම් කාගෙවත් ජිවිත ලස්සන නෑ.. ඒ නිසා පොඩ්ඩක් මම කියපු විදියට ටිකක් හිතල බලපන්.. උබට පොඩි හරි හොඳක් උනා නම් මටත් ගොඩක් සතුටුයි.. බලු වැඩ, කුපාඩි වැඩ කරන්නේ නැත්නම් මොකෙක්ටවත් බය වෙන්නත් එපා කාටවත් second වෙන්නත් එපා.. confidence එක තමයි ඕනි..