මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ
මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ.. මගේ ජීවිතේ හෙන බොරුවක් වගේ බං.. මං මගේ දිහා ආපහු බලද්දි මං මුකුත් කරගෙන නෑ නේ කියල හිතෙනව බං.. මගේ වයසෙ අනිත් අයත් එක්ක බලද්දි.. මගේ ජීවිතේ නිකං ලියන්න අමතක වෙලා අත ඇරල දාපු හිස් පිටුවක් වගේ බං..
මං මචං ගොඩක් නිශ්ශබ්ද කෙනෙක්.. කාත් එක්කවත් මට හරියට කතා කරගන්න බෑ.. මාත් එක්ක කවුරුහරි ආව කියමු.. ගමන සම්පූර්ණ බෝරින් එකක් බං.. කිසි කතාබහක් නෑ වගේ මචං..හැබැයි මෙහෙමයි.. එයා කතාකරනවනම් මට ඒකට මොනවහරි කියනව.. නැතුව.. කවුරුහරි හම්බුනාම ඉඳන් මට එයත් එක්ක කතා කරන්න මෙලෝම දෙයක් නෑ වගේ බං. මොනවද කතා කරන්නෙ කියල හිත හිත ඉඳලම ගමනත් ඉවරයි බං.. ඉතිං මට ඒක ලොකු හිසරදයක් වගේ බං දැන්.. මාව කොං වෙනව වගේ බං සමාජයක් ඉස්සරහ.. ඉත්ං ඒ නිසාම මම තවත් බය වෙනව මිනිස්සු එක්ක හැසිරෙන්න.. ඉත්ං මං කොහොමහරි තනි වෙන්න හදන්නෙ.. මගේ ජීවිතේ ෆෝන් එකට බාර කරල වගේ තියෙන්නෙ.. හිතන්න එපා මං ෆෝන් එක නිසයි විනාස වුණේ කියල.. එහෙම නෙවෙයි මචං..කොං වෙන එකෙන් ගැලවෙන්න වගේ තමයි මං ෆෝන් එකේ පිහිට හොයන්නෙ.. මාත් එක්ක කවුරුහරි කතා කරනවන්ම් ෆෝන් එක විසිකරල හරි කතා කරන්න පුලුවන් බං.. මාව සමාජෙන් ගොඩක් කොං වෙනව වගේ බං.. කවුරුවත් මාත් එක්ක කතා කරන්නෙ නෑ ඉතිං..
අපේ වයසෙ හැම කොල්ලෙකුටම වගේ යාලුකමට කෙල්ලෙක් ඉන්නව.. මං මේ කියන්නෙ බඳින්න නෙවෙයි.. යාලුවො විදියට.. කෙල්ලො එක්ක ගොඩක්ම ෆිට් එකේ.. ඒත් මං.. හ්ම්ම්ම්.. කෙල්ලො එක්ක වුණත් වැඩිය කතාවක් නැති නිසා කවුරුවත් මාව ගණන් ගන්නේ නෑ වගේ බං.. ඉතිං කෙල්ලො වුණත් හිනාවෙලා ඉක්මන්ට මගෙන් කැපෙන්න හදන්නෙ.. මොකද මං සෝෂල් නෑ බං.. හරියට උන් එක්ක කතාවක්වත් නෑනෙ බං.. මට මොනව කතා කරන්නද කියල හිතාගන්න බෑ බං.. මට මුකුත්ම නෑ වගේ කතා කරන්න..
ඉතිං මං ගොඩක් අසරණ තත්වෙක ඉන්නේ බං..
ස්කෝලෙ යන කාලේ ක්‍රීඩා ගොඩක් කරා.. එකකිවත් මුදුනට ගියේ නෑ බං.. හැම එකක්ම බාගෙට කරල නැවතුනේ.. ඉතිං ක්‍රීඩා අතිනුත් මං මුකුත්ම ක්‍රීඩාවක් කරල නෑ වගේ තමයි බං.. අලුතෙන් පටන් ගත්තත් මාත් එක්කම එක අනිත් එකා ගොඩක් උඩට යනව.. මං පටන් ගත්ත තැනම ඇන හිටිල ඉන්නව..
මගේ සෞන්දර්ය පැත්ත වුණත් මෙලෝ රහක් නෑ බං.. සින්දුවක් ගායනා කරන්න තියා කියන්නවත් බෑ බං මට..
ගිටාර් එකක්වත් ගහන්න ඕන කියල ගත්ත ගිටර් එකක්.. ඒක මං තනියම ඉගෙනගන්න හැදුව.. ඒත් බෑ.. ඒ පාර ක්ලාස් ගියා.. ඒත් බෑ.. බැරිම තැන වැඩේ අත ඇරල දැම්ම බං.. අනික මට නටන්න තියා නිකන් උඩ පැන්නත් හෙන කැතයි බං.. මට පොඩ්ඩක්වත් නටන්න බෑ බං.. ඉතිං මගේ සෞන්දර්ය පැත්ත බිංදුවයි බං.. ඉතිං මං පාටියකට ගියත්, ට්‍රිප් එකක සින්දුවක් කියන්න ගියත් හෙනට කොං වෙනව බං.. මට ඉතිං මේව හෙන හිසරද බං.. ඉත්න් තව තව තනිවෙන්නමයි හිතෙන්නෙ..
මට කාවවත් බයිට් කරන්නවත් ජෝක් කරන්නවත් බෑ බං.. ඉතිං කෙල්ලො කතා කරයිද බං අපිත් එක්ක..
අනික මගේ රූපෙ බැලුවත් බල්ලොවත් බත් කන්නේ නෑ බං.. මෙලෝ ලස්සනක් නෑ බං.. හෙනම කැත විදියට මං ඉපදිල තියෙන්නෙ.. අඩුම ගාණෙ මට හරියට ඉගෙන ගන්නවත් බෑ බං..
මට මගේ ජීවිතේ ගැන බැලුවම ගොඩක් කලකිරෙනව බං..මං ජීවිතේ හැම පැත්තකින්ම පරාජය වෙලා තියෙන්නෙ බං..
මට අලුතින් ජීවිතේ පටන් ගන්න හිතෙනව බං.. ඒත් කොහොමද මොනවිදියකටද කියල හිතාගන්නවත් බෑ බං..
මට ගොඩක් අසරණ කමක් දැනෙනව බං.. කිසිම නායකත්වයක් ගන්න බයයි මං.. මහ ලොකුවට සල්ලිත් නෑ.. අනේ මන්ද බං මොනව කරන්නද කියල..
උඹලගෙන් අදහස් දැනගන්න මේක දැම්ම බං.. ජීවිතේ අලුතින් ගොඩ නගාගන්න..
එලකිරි එකේ මනෝ විද්‍යඥයො එහෙම ඉන්නවන්ම් මේකට හරි පිලිතුරක් දෙයි කියල බලාපොරොත්තු වෙනව..
කරුණාකර මේක විහිලුවකට ගන්න එපා.. මගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් මේක..