මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

    මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ.. මගේ ජීවිතේ හෙන බොරුවක් වගේ බං.. මං මගේ දිහා ආපහු බලද්දි මං මුකුත් කරගෙන නෑ නේ කියල හිතෙනව බං.. මගේ වයසෙ අනිත් අයත් එක්ක බලද්දි.. මගේ ජීවිතේ නිකං ලියන්න අමතක වෙලා අත ඇරල දාපු හිස් පිටුවක් වගේ බං..

    මං මචං ගොඩක් නිශ්ශබ්ද කෙනෙක්.. කාත් එක්කවත් මට හරියට කතා කරගන්න බෑ.. මාත් එක්ක කවුරුහරි ආව කියමු.. ගමන සම්පූර්ණ බෝරින් එකක් බං.. කිසි කතාබහක් නෑ වගේ මචං..හැබැයි මෙහෙමයි.. එයා කතාකරනවනම් මට ඒකට මොනවහරි කියනව.. නැතුව.. කවුරුහරි හම්බුනාම ඉඳන් මට එයත් එක්ක කතා කරන්න මෙලෝම දෙයක් නෑ වගේ බං. මොනවද කතා කරන්නෙ කියල හිත හිත ඉඳලම ගමනත් ඉවරයි බං.. ඉතිං මට ඒක ලොකු හිසරදයක් වගේ බං දැන්.. මාව කොං වෙනව වගේ බං සමාජයක් ඉස්සරහ.. ඉත්ං ඒ නිසාම මම තවත් බය වෙනව මිනිස්සු එක්ක හැසිරෙන්න.. ඉත්ං මං කොහොමහරි තනි වෙන්න හදන්නෙ.. මගේ ජීවිතේ ෆෝන් එකට බාර කරල වගේ තියෙන්නෙ.. හිතන්න එපා මං ෆෝන් එක නිසයි විනාස වුණේ කියල.. එහෙම නෙවෙයි මචං..කොං වෙන එකෙන් ගැලවෙන්න වගේ තමයි මං ෆෝන් එකේ පිහිට හොයන්නෙ.. මාත් එක්ක කවුරුහරි කතා කරනවන්ම් ෆෝන් එක විසිකරල හරි කතා කරන්න පුලුවන් බං.. මාව සමාජෙන් ගොඩක් කොං වෙනව වගේ බං.. කවුරුවත් මාත් එක්ක කතා කරන්නෙ නෑ ඉතිං..

    අපේ වයසෙ හැම කොල්ලෙකුටම වගේ යාලුකමට කෙල්ලෙක් ඉන්නව.. මං මේ කියන්නෙ බඳින්න නෙවෙයි.. යාලුවො විදියට.. කෙල්ලො එක්ක ගොඩක්ම ෆිට් එකේ.. ඒත් මං.. හ්ම්ම්ම්.. කෙල්ලො එක්ක වුණත් වැඩිය කතාවක් නැති නිසා කවුරුවත් මාව ගණන් ගන්නේ නෑ වගේ බං.. ඉතිං කෙල්ලො වුණත් හිනාවෙලා ඉක්මන්ට මගෙන් කැපෙන්න හදන්නෙ.. මොකද මං සෝෂල් නෑ බං.. හරියට උන් එක්ක කතාවක්වත් නෑනෙ බං.. මට මොනව කතා කරන්නද කියල හිතාගන්න බෑ බං.. මට මුකුත්ම නෑ වගේ කතා කරන්න..

    ඉතිං මං ගොඩක් අසරණ තත්වෙක ඉන්නේ බං..

    ස්කෝලෙ යන කාලේ ක්‍රීඩා ගොඩක් කරා.. එකකිවත් මුදුනට ගියේ නෑ බං.. හැම එකක්ම බාගෙට කරල නැවතුනේ.. ඉතිං ක්‍රීඩා අතිනුත් මං මුකුත්ම ක්‍රීඩාවක් කරල නෑ වගේ තමයි බං.. අලුතෙන් පටන් ගත්තත් මාත් එක්කම එක අනිත් එකා ගොඩක් උඩට යනව.. මං පටන් ගත්ත තැනම ඇන හිටිල ඉන්නව..

    මගේ සෞන්දර්‍ය පැත්ත වුණත් මෙලෝ රහක් නෑ බං.. සින්දුවක් ගායනා කරන්න තියා කියන්නවත් බෑ බං මට..
    ගිටාර් එකක්වත් ගහන්න ඕන කියල ගත්ත ගිටර් එකක්.. ඒක මං තනියම ඉගෙනගන්න හැදුව.. ඒත් බෑ.. ඒ පාර ක්ලාස් ගියා.. ඒත් බෑ.. බැරිම තැන වැඩේ අත ඇරල දැම්ම බං.. අනික මට නටන්න තියා නිකන් උඩ පැන්නත් හෙන කැතයි බං.. මට පොඩ්ඩක්වත් නටන්න බෑ බං.. ඉතිං මගේ සෞන්දර්‍ය පැත්ත බිංදුවයි බං.. ඉතිං මං පාටියකට ගියත්, ට්‍රිප් එකක සින්දුවක් කියන්න ගියත් හෙනට කොං වෙනව බං.. මට ඉතිං මේව හෙන හිසරද බං.. ඉත්න් තව තව තනිවෙන්නමයි හිතෙන්නෙ..

    මට කාවවත් බයිට් කරන්නවත් ජෝක් කරන්නවත් බෑ බං.. ඉතිං කෙල්ලො කතා කරයිද බං අපිත් එක්ක..

    අනික මගේ රූපෙ බැලුවත් බල්ලොවත් බත් කන්නේ නෑ බං.. මෙලෝ ලස්සනක් නෑ බං.. හෙනම කැත විදියට මං ඉපදිල තියෙන්නෙ.. අඩුම ගාණෙ මට හරියට ඉගෙන ගන්නවත් බෑ බං..

    මට මගේ ජීවිතේ ගැන බැලුවම ගොඩක් කලකිරෙනව බං..මං ජීවිතේ හැම පැත්තකින්ම පරාජය වෙලා තියෙන්නෙ බං..
    මට අලුතින් ජීවිතේ පටන් ගන්න හිතෙනව බං.. ඒත් කොහොමද මොනවිදියකටද කියල හිතාගන්නවත් බෑ බං..

    මට ගොඩක් අසරණ කමක් දැනෙනව බං.. කිසිම නායකත්වයක් ගන්න බයයි මං.. මහ ලොකුවට සල්ලිත් නෑ.. අනේ මන්ද බං මොනව කරන්නද කියල..

    උඹලගෙන් අදහස් දැනගන්න මේක දැම්ම බං.. ජීවිතේ අලුතින් ගොඩ නගාගන්න..
    එලකිරි එකේ මනෝ විද්‍යඥයො එහෙම ඉන්නවන්ම් මේකට හරි පිලිතුරක් දෙයි කියල බලාපොරොත්තු වෙනව..

    කරුණාකර මේක විහිලුවකට ගන්න එපා.. මගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් මේක..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ උබ ගැනම අවතක්සේරු කරන එක තමා ලොකුම වැරැද්ද.. හැමෝටම හැමදේම කරන්න බැනේ බන්.. ඒක මේ ලෝකේ හැටි.. උබට අනිවා දක්ෂතාවයක් ඇති ඒක මුලින් අදුරගන්න බලන්න.. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න සල්ලි හොයන්න.. සල්ලි තියනවනම් කෙල්ලෝ හොයන ඒක මහා දෙයක් නෙමේ..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    uda thiyena ewa nan same with me too :)

    ganan ganna epa bn owa ohoma thamai. anik un ekka compare karaganna yanna epa bn. eka eka manussaya eka eka widiha ne :P
    uba phone ekata mama laptop ekata :rofl:
    owa gana nohitha inna eka thamai hodama
     
    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    mulinma taman gena adu takseruwa neti kara ganna.dayarohana athukorala mahaththyage potak dekak hoyagena kiyawanna.net ake pdf hoyala balanna.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හුත්තො මුලින්ම උබට උබ වීරයෙක් වෙයන්. සමාජය නෙමෙයි උබව කොන් කරන්නේ. උබමයි උබවම කොන් කර ගන්නේ. කැරියා. පන ගහල නැගිටල වරෙන්.:growl:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    උබ උබ ගැනම අවතක්සේරු කරන එක තමා ලොකුම වැරැද්ද.. හැමෝටම හැමදේම කරන්න බැනේ බන්.. ඒක මේ ලෝකේ හැටි.. උබට අනිවා දක්ෂතාවයක් ඇති ඒක මුලින් අදුරගන්න බලන්න.. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න සල්ලි හොයන්න.. සල්ලි තියනවනම් කෙල්ලෝ හොයන ඒක මහා දෙයක් නෙමේ..

    ඔව් මචං ඒක ඇත්ත.. සල්ලි වලට කෙල්ලො නම්මගන්න පුලුවන් ගේමක් නැතුව.. ඒත් බං.. මං දන්න ගොඩක් එව්න්.. මහලොකු සල්ලියක් නෑ.. ඒත් කතාවෙන් තමයි බං ඌ කෙල්ලො අල්ලන්නෙ..

    ඒ කතාවත් පැත්තකින් දාමු.. මං මාව අවතක්සේරු කරන්නෙ නිකන්ම නෙවෙයි බං..
    මාව අවතක්සේරු නොකර මට මේක පුලුව්න් කියල හොඳට හිතල මතල කරා කියමු.. අපෝ ඒක අනාගන්නව ගූ හත්පලේම ගා ගෙන බං..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් උබ කියන තරමටම නැති උනත් උබේ ලක්ශන ටික ටික තියනවා... මට දැන් අවු:30ක් වෙනවා ඒත් මට තාම හොද යාලුවො සෙට් එකක් නෑ...

    ඉස්කෝලේ ගිය ක්ලාස් ගිය ඔෆිස් වල යාලුවො ඉන්නවා ඒත් ගොඩක් ෆිට් නෑ...

    මට කියන්න තේරෙන්නේ නෑ බන් ඒනිසා උදාහරනයක් කියන්නම්...

    මම ටික කලකට කලින් කොම්පුටර් ක්ලාස් එකකට ගියා අපේ සෙට් එකක් හිටියා මමත් ගොඩක් උන් එක්ක එකට හිටියා. ඒත් දැන් මම පැත්තක උන් තාම සෙට් වෙනවා.

    මම අර සමහර ජරා යාලුවෝ වගෙත් නෙවෙයි යාලුවන්ට බොක්කෙන්ම සලකනවා ඒත් උන් මාත් එක්ක ෆිට් වෙන්නෙ නෑ...

    ඒත් ඉතින් එහෙමයි කියලා මම ඕක ගොඩක්ම ඔලුවට අරන් නෑ... තනිකමට දැන් මම හුරු වෙලා... තනියම තමයි ඉන්න කැමති
     
    • Sad
    • Like
    Reactions: sasanka06 and meeka

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    machan oyata Thiyenne Depression kiyana Manasika Rogaya.....Mama oya Wage Hugak unwa dakala thyenawa....ubata karanna Thyenne hoda Manasika Waidyawarayek hambela Treatments ganna eka....Puluwan nam hodama Doctor Kenekwa Channel Karapan...Oya Nikan Doctorslagen Treatment Ganna epa....Asiri eke Lanka Hospital eke honda doctors la set ekak innawa ada ma Channel karapan....ube thyena thatwe anuwa Awurudu ekahamarak witara treatments ganna wei...... Oka Hodakarnna puluwan ledak bayawenna epa...Puluwan tharam ikmanata Treatments ganin.... Get Well Soon...☺☺☺☺☺
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ගින්නෙන් දැවී ගිය වනය වන සතුන් හැර යන්නාහ.
    ජලය නැති විල පක්ෂීහු හරයන්නාහ.
    වස්තු නැති පුරුෂයා ස්ත්‍රීහු හැර යන්නාහ
    එක් එක් කෙනා අන් අය ඇසුරු කරන්නේ තම තමන්ගේ ප්‍රයෝජනය සදහාමය.
    එසේ නොවන්නේ කවරක්ද ?

    - ප්‍රත්‍ය ශතකය -
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,178
    880
    113
    සයිබරේ තමා
    මාත් තනියම ඉන්ඩ තමා කැමති බන්.වැඩියේ කාත් එක්කවත් කතා නෑ බන්.උබ මේ tread එක සුපිරියට ලියල තියෙන්නෙ.උබට සුපිරියට ලිවීමේ හැකියාව තියෙනව නේද?:):):)
     
    • Like
    Reactions: S_M_S and Sanuka87

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    buddha-quotes-sayings-quote-best-witty-save-about-ourselves.jpg