මචන් මේ උඹල කියල තියෙන හැම දෙයක්ම මං හොඳටම කියෙව්වා.. දෙපාර තුන්පාර කියෙව්වා.. අන්තිමට මටම තේරුම් ගියා මේ මං හිතිං හදාගත්තු ලෙඩක් කියල.. මගේ හිතින්ම මට මාව සුව කරගන්න පුලුව්න් කියල හිතුන.. දොස්තරල පස්සෙ ගිහින් සුව කරගන්න තරම් මගේ හිත, මගේ මානසික මට්ටම පහල නෑ.. මට පුලුවන් ආපහු නැගිටින්න.. මගේ උනන්දුවෙන්මයි මං වැටුණු වලෙන් නැගිටින්න ඕන..
මං ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ.. මොකද මං මගේ වෙලාව අරන් මං තනියම මං ගැන හිතුවා.. අන්තිමට මටම තේරුණා අපි මේ හිතන විදිය අනුවයි ඔක්කොම තියෙන්නෙ කියල..
මං ගැන කතා කරොත්, මං මයි හිතන්නෙ මට කවුරුවත් නෑ කියල.. මට කවුරුවත් කැමති නෑ කියල.. සමහරවිට අනිත් අය මට ගොඩක් කැමති ඇති.. ඒ අයටත් මං වගේම මං ගැන හිතනවන්ම් මාත් එක්ක කතා කරන්න විදියක් නෑනෙ.. ඒ වුණාට මං ගිහින් කතා කරොත් අද, හෙට එයා ඇවිත් කතා කරාවි..
තව මට තේරුම් යන්න පටන් ගත්තා අපි හිතන විදියෙනුයි අපිව පාලනය වෙන්නෙ කියල..උඹලට කියන්න මං ඉස්සර මගේ ෆෝන් එකේ පොඩි ගේම් එකක් තිබුණා ෆුට් බෝල් වගේ එකක්.. මං උදේ නැගිට්ට ගමන් ඒකෙන් වට 3ක් 4ක් වෙලාව තියෙනකන් ගහනව ඇඳෙන් නැගිටින්න කලින්.. ඔන්න හිතමු මං ඒවයින් ගොඩක් දින්න කියල.. ඔන්න මං හිතනව අද මගේ දවස හොඳයි කියල.. එදාට ඔක්කොමත් එක්ක මිත්රශීලීව ගොඩක් සතුටෙන් හිටිය.. අර වට වලින් ඔක්කොම වගේ පැරදුනා කියන්නකො.. එතකොට හිතෙනව.. අද දවස කාලකන්නිම දවසක් කියල.. ඉතින් දවසම හරිම මුස්පේන්තුයි.. කොහොමහරි මගේ ගේම් එක මගේ දවසෙ වාසනාව තීරණය කරන කෙනා උණා.. අන්තිමට මම ඒ ගේම් එක අයින් කරල.. හැම දාම උදේට හිතන්න ගත්ත, ඉයේටත් වඩා අද ගොඩක් සුභ දවසක්, ඊයේ මේ මේ වගේ වැරදි උණා.. අද මං ඒ මුකුත් නොකර ඉන්නව කියල..
උඹල පිලිගන්නවන්ම් පිලිගනින්.. මගේ මේ දවස් ගොඩක්ම සතුටින් ගෙවෙනව.. ගොඩක් අය මට මූණ දීල හිනා වෙලා යනව.. මං දකින දකින අඳුරන අයට අනිව විශ් කරන් යනව ගුඩ් මෝනින් කියල..
මට මගේ ලොකු වෙනසක් තේරෙනවා බං.. දැන් ගොඩක් ඕනකම තියෙනවා මොනවහරි දෙයක් අලුතෙන් ඉගෙනගන්න වගේ..
මචන්.. මේ ඔක්කොම අපේ හිතේ තියෙන දේවල් බං.. අපිට ඕන විදියට අපේ හිත අපිට වෙනස් කරගන්න පුලුවන්.. අපි හිතන විදිය අනුවයි මචං ඒව ක්රියාත්මක වෙන්නෙත්..
නෙගටිව් විදියට හිතුවොත් හැමදේම නෙගෙටිව් මචං.. හැමදේම ගොඩක්ම විශ්වාසයෙන් කරපං.. පොසිටිව් විදියට ඒ දේ ගැන හිතපං..
මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරපු හැම යාලුවෙකුටම මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට යන්න ඕන පාර පෙන්නල දුන්නට..