මට මේකට ඔය කට්ටිය දන්න විදිහට උත්තරයක් ඕන

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ක්‍රොස් ඩ්‍රෙසින් සමලිංගික වීම වගේ දේවල් ඇති වෙන්න හේතුව තවම අනාවරණය කරගෙන නෑ. කොටින්ම කිව්වොත් කෙනෙක්ගෙ ලිංගික ආශාව ඇති වෙන්න හේතුව හොයා ගෙන නෑ. ඒක මානසික ව්‍යාකූලතාවයක් කියලා කියන්න තරම් සාදක දත්තත් නෑ. මේක හෝමෝනමය වෙනස් වීමක්, ජානමය පැවැත්මක් කියලා කියන්නත් දත්ත නෑ.

    දැනට කරන ලද පරීක්ශන වලින් හොයාගෙන තියෙනවා ලමා කාලයේ ඇති වුන සමහර සිද්දි වැඩිවියට පත් වුනාම උද්දීපනය වෙලා ඒ පිලිබන්දව කැමැත්තක් ඇති වීම නිසා එහෙම වුනා කියලා. මම ඒක පිලිගන්න හේතු දෙක තුනක්ම තියෙනවා. මගේ යාලුවෙක් හිටියා අම්මා තාත්තා දෙන්නම ප්‍රසිද්ද පාසලක ගුරුවරු. කොල්ල පොඩි කාලෙ ඉදලම නාගීනා ඩාන්ස් එක දානවා. කෙල්ලෙක් වගේ ඇදගෙන. වර්ථමානයෙ ඌ සමලිංගිකම නෙවෙයි බට් හැසිරෙන්නෙ ඒ වගේ. උගේ කල්චර් එක ඌට ඉන්න යාලුවො ඔක්කොම ඌ වගේම අය.

    ඉතින් මේ ක්‍රොස් ඩ්‍රෙසින් එක ගැන කිව්වොත් ක්‍රොස් ඩ්‍රෙස්ස් කරන කෙනෙක්ට නිකන් ආශාවක් විතරයි තියෙන්නෙ බ්‍රා එකක් අදින්න පෑන්ටි එකක් අදින්න ගැහැනු වගේ පස්ස පේන්න කකුල් පේන්න අදින්න. ඒකෙන් ඔවුන් අහිංසක වින්දනයක් ලබනවා. කිසිම කෙනෙක්ට හානියක් නෑ. පොඩි කාලෙ ඉදන් අත් වින්ද කාරනා ලොකු වෙනකොට ආශාවක් බවට පත් වෙලා ඒක ලිංගික උද්දීපනයක් වෙන එක තමා මෙතනදි වෙන්නෙ. ඒ කියන්නෙ අපි ගැහැනු කෙනෙක්ගෙ ඇග දැකලා අපිට ලැබෙන උද්දීපනයම ඔවුන් ගැහැනු ඇදුම් ඇදලා ලබනවා කියන එක.

    මේකට බෙහෙත් නෑ. බෙහෙත් දෙන්න තරම් ලෙඩකුත් නෑ. මේක නිට්ටාවට සනීප කරන්න බෑ. හැබැයි මේක පාලනය කරන්න පුලුවන්. නමුත් සාර්තක නැත. මේකට කරන්න තියෙන ඔරතිකාරය තමා ඔවුන්ගේ මනස හදමින් ඔවුන්ගෙන් ක්‍රොස් ඩ්‍රෙස් කියන කාරනාව අමතක කරවීම. සමාජයෙන් එයාලට එන බලපෑම / පීඩනය නිවැරදිව තේරුම් කරලා දෙන එක මගින් ඔවුන්ගෙ මනස වෙනස් කිරිම සාමාන්‍යෙන් සාර්ථක ප්‍රතිපල ලබා දෙනවා.

    සමලිංගික වීම ක්‍රොස්ඩ්‍රෙස් සංක්‍රාන්ති අවස්තා මානසික හෝ කායික රෝගී තත්වයක් නොවෙ. ප්‍රතිකාර නොමැත.

    සමහර විට මේවා පූරුවෙ කල කරුම වෙන්න පුලුවන්.

    "සමහර විට මේවා පූරුවෙ කල කරුම වෙන්න පුලුවන්."
    "කරුම" vachanaya sera vadiy neda.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    "සමහර විට මේවා පූරුවෙ කල කරුම වෙන්න පුලුවන්."
    "කරුම" vachanaya sera vadiy neda.
    පව් කරන එක කොහොමත් සැරයි. කරන ලද පව් වලට ගෙවන්න වෙන වන්දි ඊට වඩා සැරයි...
     

    DonaldS

    Member
    Mar 9, 2022
    3
    2
    3
    ගොඩක් දෙනෙක් අනවශ්‍ය උත්තර සහ අදාල නැති දේවල් කියලා නිසා ඔයාගේ ප්‍රශ්නෙට උදව් වෙන දේවල් කිහිපයක් කියන්නම්. ඔයා හිතලා තීරණයක් ගන්න.

    ක්‍රොස්ඩ්‍රෙස් කරනවා කියන්නේ සරලව ප්‍රති විරුද්ධ ලිංගිකයින් ට අයිති ලෙස සැලකෙන ඇඳුම් ඇඳීම. ඒ කියන්නේ කොල්ලෙක් නම් කෙල්ලෙක් ගේ ඇඳුම් අඳින එක සහ කෙල්ලෙක් නම් කොල්ලෙක්ගේ ඇඳුම් අඳින එක. අනික් එක තමයි ක්‍රොස්ඩ්‍රෙස් කරන එකයි ඔයාගේ Sexual Identity එකයි (ඒ කියන්නේ Straight, Lesbian, Gay etc.) කියන එකයි අතර සම්බන්ධයක් නෑ. මිනිස්සු ක්‍රොස්ඩ්‍රෙස් කරන හේතු කිහිපයක් තියනවා.
    • විනෝදය හෝ එන්ටටේනින්ග් (Entertainment Acts) කටයුතු සඳහා
    • ට්‍රාන්ස්වෙස්ටික් ෆෙටිශ්ම් (Transvestic Fetishm)
    • ජෙන්ඩර් අයිඩෙන්ටිටි ඩිසෝඩර් (Gender Identity Disorder)
    මෙතනින් පලවෙනි එකේ Entertaining වැඩ වලට ක්‍රොස්ඩ්‍රෙස් කරනවා කියන්නේ හිතන්නකෝ ඉස්කෝලේ නාට්‍යකට පිරිමි ළමයෙක්, ගැහැණු ළමයෙක් වගේ අඳිනවා වගේ වැඩක්. තව උදාහරණයක් තමයි Drag Queens ලා. Drag Queen කෙනෙක් කියන්නේ බටහිර රටවල ප්‍රසිද්ධ Drag Events වලට ගැහැණු කෙනෙක් වගේ ඩ්‍රෙස් කරන පිරිමි කෙනෙක්ට. එතකොට බටහිර රටවල් ඕනේ නෑ ඔයාල ගොඩක් වෙලාවට දැකලා ඇති ලංකාවේ පෙරහැරවල් වල සමහර නැටුම් වලට පිරිමි අය ගැහැණු අය වගේ අඳිනවා. මෙතනත් ප්‍රධාන අරමුණ තමයි Entertainment.

    දෙවෙනි එක Transvestic Fetishm / Transvestism: ඒ කියන්නේ ක්‍රොස් ඩ්‍රෙස් කිරීමෙන් ලබන ලිංගික උද්දීපනය (Arousal). සිංහලෙන් කියනවානම් ඔයා පිරිමි ළමයෙක්, ගර්ල් කෙනෙක් ගේ ඇඳුම් අඳිනකොට හෝ ඒ ගැන හිතනකොට "නගිනවා" නම් සහ ඔයා මේ හේතුව නිසා ක්‍රොස්ඩ්‍රෙස් කරන්න කැමැති නම් ඒකට තමයි Transvestic Fetishm කියන්නේ. හැබැයි මේ දේ ඔයාගේ සාමාන්‍ය ජීවිතයට නරක ලෙස බලපාන තත්වයක් ඇතිවෙලානම් ඒක මානසික තත්වයක් ලෙස හැඳින්වෙනවා. ඒකට එතකොට කියන්නේ Transvestic Disorder කියලා.

    තුන්වෙනි එක තමයි Gender Identity Disorder හෝ Gender dysphoria (GD) කියන තත්වය: ඒකියන්නේ කෙනෙක්ට තමන් උපතින් ලබපු ලිංගික අනන්‍යතාවය සහ තමන්ගේ ලිංගික අනන්‍යතාවය ගැන පුද්ගලික මතය ගැන ඇති නොගැලපීම හේතුවෙන් ඇතිවෙන පීඩනය. ඒ කියන්නේ ඔයා පිරිමි ළමයෙක් වෙලා ඉපදිලා ඒත් ඔයාට හිතෙනවා නම් ඒක ගැලපෙන්නේ නෑ, ඔයාට ගර්ල් කෙනෙක් වෙන්න ඕනේ වගේ තත්වයක්. පිරිමි අය මේ හේතුව නිසා තමන්ට සතුටු ලිංගික අනන්‍යතාවය වෙනුවෙන් ක්‍රොස්ඩ්‍රෙස් කරනවා.

    මට නම් හිතෙන්නේ බොහෝ දුරට ඔයාට ඇත්තේ දෙවෙනි හෝ තුන්වෙනි දෙකෙන් එකක්. ඔයාට තියෙන්නේ දෙවෙනි තත්වයනම් සමහරවිට ඔයාගේ ජීවිතයට ගැටලු ඇතිවෙන්න පුලුවන් ඔයාව තේරුම් නොගන්න බිරිඳක්, පවුලක් හමුනොවුණොත්. මේ තත්වය යටතේ ඔයාගේ සාමාන්‍ය ජීවිතයට බාදාවක් නැත්නම් ඔයා මේකෙන් සතුටක් ලබනවානම් මේක ඔයාගේ පෞද්ගලික කැමැත්ත. හැබැයි මේකත් සයිකෝතෙරපි වගේ ට්‍රීට්මන්ට් වලින් අඩුකරගන්න පුලුවන්.

    ඔයාට ඇත්තේ තුන්වෙනි තත්වයනම් අද නවීන ලෝකයේ වගේ Transgender, Transitioning දේවල් වලට පිලිගැනීමක් තිබෙන නිසා ඔයාට ඒ ගැන වෛද්‍යවරයෙක් එක්ක විසඳගන්න පුලුවන්.

    අනික් එක තමයි ලිංගිකත්වය සම්බන්ධ මෙවැනි මාතෘකාවලට අපේ රටේ තිබෙන පසුගාමි අදහස් නිසා සමාජයේ ඇති විවිධ දුර්මත. ඒ කියන්නේ ක්‍රොස්ඩ්‍රෙස් කරන පිරිමි අය Gay වගේ දේවල් සහ Transgender පුද්ගලයින් පිලිනොගැනීම වගේ කරුණු. ඒ නිසා ලංකාව වගේ රටක මේ දේවල් ගැන ඉදිරි තීරණ ගන්නවානම් ඒ ගැනත් සිතන්න.

    මම කිව්වේ නවීන ලෝකයේ ලිංගිකත්වය ගැන විද්‍යාවේ පිලිගත් කරුණු. ඔබලාගේ පෞද්ගලික මත සමග නොගැලපේනම් කරුණාකර අනවශ්‍ය අපහාසාත්මක දේවල් එකතු කරන්න එපා.