මට මේකට විසදුමක් ඕනි
මේකට නීතිය අදාල නෑ හැබැයි ඉස්සරහට අදාල වෙන්න පුලුවන්. මේකයි කතාව මට වයස 17යි මගේ පවුලෙ තුන් දෙනෙක් ඉන්නවා අම්මයි අක්කයි අයියයි. අපේ අක්කා රස්සාවක් කරනවා එයාට අවුරුදු 24ක් විතර වෙනවා අයියත් රස්සාවක් කරනවා එයාට වයස 30ක් විතර වෙනවා. අපේ තාත්තා මීට අවුරුදු පහකට කලින් නැති උනා. අම්මට කඩයක් තියනවා ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ තව තාත්තගේ පෙන්ශන් එකත් තියනවා. අයියා ඉස්සර ඉදලම හොදට බොනවා බීලා ප්රචන්ඩකාරිව හැසිරෙනවා යාලුවොත් එක්ක ගහගන්නවා හැබැයි තාත්තා ඉන්න කාලේනම් ගෙදර ප්රචන්ඩකාරිව හැසිරුනේ නෑ. තාත්තා නැති උනාට පස්සේ එයා බීලා සමහරක් දවස් වලට අපේ අම්මට කුණුහරපයෙන් බනිනවා තව බඩු පොලවේ ගහනවා. ඉතින් මටත් ඉවසලම බැරි තැන එකදවසක් ඔහොම කෑගහගෙන එන කොට මම පොල්ලකින් එයාට ගැහුවා. ඊටපස්සේ මට තරහ යනවා කියලා අම්මලා මාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා ඩොක්ටර් කිව්වා මාවයි එයාවයි වෙනම තියන්න කියලා ඊටපස්සේ අම්මලා මාව නෑදෑ ගෙදරක බෝඩ් කරා මම දැන් මාස තුනක් තිස්සේ ඉන්නේ එහේ මට දැන් මෙහෙම ඉදලා එපා වෙලා ඉන්නේ මට ආයෙමත් ගෙදර යන්න ඕනි ඉතින් මම අම්මලාට ඒ ගැන කිව්වා එයාලා ඒක බලන්නම් කිව්වා. එයාලා කොහොමහරි අයියට ගෙදරින් යන්න කියලා එයා යන්න බෑ කියනවා. දැන් අම්මලා කියනවා එයාලට කරන්න දෙයල් නැල්ලූ. අපේ අම්මලට වැඩිය තේරුමක් නෑ මේවා ගැන. මට එයා ගෙදර හිටියට ප්රශ්නයක් නෑ හැබැයි කාලලන්නියෙක් නොවී ඉන්න ඕනි. ගෙදරට බේබද්දෝ ගෙන්න ගන්නේ නැතුව ගෙදර බොන්නේ නැතුව ගෙදරට බීලා එන්නෙ නැතුවා බොනවනම් බීලා වෙනකොහෙහරි වෙරි බහිනකම් ඉදලා එන්න ඕනි ඉතින් ඒවටත් එයා කැමති වෙන්නේ නෑ. අම්මලත් කියනවා එයාලට කරන්න දෙයක් නෑ කියලා. ආ තව දෙයක් මම තාම ඉස්කෝලේ යනවා.
අපේ අම්මිට අයිතිය තියනවද අයියව නීතිමය වශයෙන් ගෙදරින් යන්න කියන්න?
ඉතින් ඔයාලට පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න?