මට මේ වගේ කෙල්ලෙක් ඕනේ........................

රන් සමනළයෙක් ඇයගේ මුහුනේ පැණි බොන්නට ඇවිදින්
කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියාදෙන්නේ
ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ලගටම ඇවිදින්
කවුරැද ඇය කෙවිළියක් නොවන වග උන්ට කියාදෙන්නෙ
මොණරෙත් නැතිවූ සිතිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී
ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහටද අපී
නා ගස නා දළු නරඹයි ඇයගේ තොල් පෙති වෙතට එබී
අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තිබෙන හැටි
විලෙන් පලා ගිය හංස යුවල කෝ? විල ඇයගෙන් විමසයි
දෑතින් සිය ළැම මඩල වසාගෙන විළියෙන් ඈ ඇඹරෙයි
කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ? මහනෙළ ඇගෙන් අසයි
මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි
ඔයාලටත් චිත්ත රූප මැවෙයි මේ සිංදුව ඇහුවොතින්
මේක කියන්නෙ දීපිකා පි. පීරිස් with B&S
මම ආසම කරපු ගීතයක් ටිකක් පරණයි. අහම්බෙන් අද ඇහුවා. මේක ලස්සනම ලස්සන කවියක් වගේ. උපමා උපමේය යොදාගන්නා ආකාරය ඉතාමත්ම ලස්සනයි. ලියපු කෙනා දන්නෙ නෑ කවුරු උනත් ඒ කෙනා කාන්තාවන් දිහා බලල තියෙන විදිහ ලස්සනයි.