
මුල් හරිය ශොක් අග හරිය කික් මදි..
මම නම් කියන්නේ ඒ අක්කගේ නම්බරේ දාන්න කියලා. මූ නිකන් මලත් මෙතන මරාගෙන මැරෙන්න පුලුවන් ඩයල් ඉන්නවා. නැද්ද මම කියන්නේ???
ඔය වගේ ලොකු සීන් මෙහෙම ඔන්ලයින් කතා කරන්න බෑ බන්. බෝතල් දෙක තුනක් වත් ගහලා සාකච්චා කරන්න ඕනේ, උබ ඒවා සෙට් කරලා අපිට කියපන්.![]()
ඊට පස්සේ අපේ උන් ඇවිත් කුණු වෙන්න ගහලා මොනවාහරි වල් පල් ටිකක් කියවලා, උබ එහෙනම් මැරුණම අපිට කෝල් එකක් දීපන් කියලා යයි![]()
එල මචන් මැරියන්...මචන් වල් නාශක ගන්නව නම් හාක්රොස් ගනින් වෙන ජරාවල් ගන්න එපා..උබට ඔනෙ නම් ඩිස්කවුන්ට් දාලා මන් අරන් දෙන්නම්..මලාට පස්සෙ වැඩ ටිකත් මන් ඔක්කොම ලැස්ති කරලා දෙන්නම්..හොද මල් ශාලාවකුත් හොයල දෙන්නම්..ඔක්කොම ලස්සනට කරලා දෙන්නම්.. සර්නවාහිනියෙ නිවුස් වලටත් මල ගෙ පෙන්නන්න සෙට් කරන්නම්..මන් එකවුන්ට් නම්බර් එක දෙන්නම් උබ අතෙ තියෙන සල්ලි ටිකයි වටින දෙවල් තියෙනව නම් එවා උකස් කරලා සල්ලි ටික මගෙ එකවුන්ට් එකට දාපන්..අවසාන කටයුතු ලස්සනට ඇරෙන්ජ් කරන්නම්....මොකො කියන්නෙ ඩිල් එක කරමුද.![]()



කාලෙකට පස්සේ පට්ට ත්රෙඩ් එකඔය වගේ ලොකු සීන් මෙහෙම ඔන්ලයින් කතා කරන්න බෑ බන්. බෝතල් දෙක තුනක් වත් ගහලා සාකච්චා කරන්න ඕනේ, උබ ඒවා සෙට් කරලා අපිට කියපන්.![]()
ඊට පස්සේ අපේ උන් ඇවිත් කුණු වෙන්න ගහලා මොනවාහරි වල් පල් ටිකක් කියවලා, උබ එහෙනම් මැරුණම අපිට කෝල් එකක් දීපන් කියලා යයි![]()




කාලෙකට පස්සේ පට්ට ත්රෙඩ් එක


මේව්වා දැන් මාර ජනප්රියයි මේකේ. වැදගත් එකක් බම්ප් වෙන්නෙ වත් නෑane manda kalekata passe Elakiriyata apu matath mewa balanna unane![]()
මේව්වා දැන් මාර ජනප්රියයි මේකේ. වැදගත් එකක් බම්ප් වෙන්නෙ වත් නෑ


ප්ලීස් මචන්. ඉක්මනට කඩේ වහන්න කලින් ගිහින් ගනින්..එක උගුරට ගහලා දාපන්ලසන්ත පෙරේරා;16669741 said:වල් නාශක ටිකක් බීලා අද රෑටම මැරෙන්න හිතෙනවා මචන්ලා.
address එක දාපන් බන් මෙහෙම එකක් දාද්දි.. කෑම බීම කේටරින් එකකට බාර දීල ලස්සනට කරන්න කියල ලිවුමක් ලියල තියපන් අද හවසම.. එහා ගෙදරයි මෙහා ගෙදරයි උයපු මගුල් හරි යන්නෙ නැහැ..







ලසන්ත පෙරේරා;16529324 said:මචන්ලා.. මට ඔන්ලයින් හම්බෙච්ච ලන්කාවේ අක්කා කෙනෙක්ට ෆුල් ඩම් එක දාලා ලව් කරනවා (ඔන්ලයින්). ඒකිත් මචන් මුලදී මුලදී අදිමදී කලා, මොකද එයා බැදලා කියලා. ඒත් දැන් දැන් බැදපු කතාව කියන්නේත් නැහ. මට නිකම් කොල්ලට වගේ කතා කරනවා (ඊමේල් වලින් විතරයි).
මෙයා තාම මාව දැකලත් නැහ, මගේ ඇත්ත නමවත් දන්නේ නැහ.
මචන්ලා… එයාම දවසක් කිව්වා.. "අපි ඔක්කගේම ජීවිත ලොකු බොරු තමයි කියලා". මම මේ ගැන අහන්න ගියේ නැහ, මොකද මමත් දැන් සිරාවටම බොක්කෙන් ඒකිට ලව් නිසා. අපි දෙන්නා උදේට වැඩට යන්න ඉස්සර ඊමේල යවා ගන්නවා සුභ පතලා.
ඒත් දැන් ඒකී මගේ ෆොටෝස් ඉල්ලනවා. නැතිනම් ස්කයිප් එන්නලු.
ගිය සතියේ ස්කයිප් කරන්න වීඩියෝ… මම ඔක්කොම ලැස්ති කරලා තියෙද්දී මේකි මට ඊමේල් එකක් ගහලා කිව්වා "මම ඉක්මන් වෙලා උදේ ඔයාට ෆොටෝස් එවන්න කිව්වා… මම හැසිරුන හැටි වැරදී.. ඔයාට සුභ දවසක් පතනවා" කියලා නිකම් අනම් මනම්. මට කලකිරිලා කතා කලේ නැහ. පස්සේ මේකිටම තද වෙලා මට ඊමේල් කරලා කරලා, බොරු තරහකුත් පෙන්නලා, වැරද්ද මගේ පිටේ දැම්මා. මාත් ඉතින් ගොනා වගේ සමාව ගත්තා.
එදාට පහුවෙනිදා ඒකි ආයෙම ෆුල් ලව්. ස්කයිප් ගැන ආයේ කතා නොකර ඉදිමුලු. අද මම කිව්වා එහෙනම් යාහු චැට් එන්න කියල. එන්නම් කියලා කිව්වට ආවේ නැහ.
ෆේස්බුක් එකේ බැලුවම, ඒකි කියන නමෙන් ඉන්නේ වෙන කෙල්ලෙක්. (මම කියන අක්කගේ ෆොටෝස් මම දැකලා තියන්වා. මේ ප්රෝෆ්යිල් එකේ ඉන්නේ එයා නෙමෙයි)
එයාගේ ඇත්ත ප්රෝෆයිල් එකට ගියාම හස්බන්ඩ් එක්ක ගත්ත ෆොටෝස් එකකුයි තියෙනේ ගිය අවුරුද්දේ අග ගත්ත. ඒකේ නම නම් හරි. ඒ ප්රෝෆයිල් එකේ නම හරි.
ඒත් මචන් ප්රශ්නේ තියෙන්නේ.. එයා මට ඊමේල් කරන්නෙ අර වෙන කෙල්ලෙක්ගේ ඊමේල් ඇඩ්රස් එකකින්. මොක්කද මේකේ තේරුම?
මම මේ අක්කට ආදරෙයි මචන්.. ඒත් මට හිතෙනවා මගේ ෆොටෝස් හරි ස්කයිප් හරි වීඩියෝ දෙන එක භයන්කාරයි කියලා. මොකද, කියන්න බැහනේ.. මොන මගඩියක්ද කියලා.
මොකද කියන්නේ මචන්ලා… උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
ලසන්ත පෙරේරා;16576398 said:මේ ප්රශ්නේ ගැන මම ඉස්සෙල්ලත් මේකේ දැම්මා.
මචන්ලා.. උත්තරයක් හොයාගන්න බැහ තවම.
මේකයි ප්රශ්නේ….
මම දැන් මාසෙක විතර ඉදල ඔන්ලයින් අක්කා කෙනෙක්ට ලව් කරනවා.. බොක්කෙන්ම. හැබයි මෙයා බැදලා.
මුලදී බැහ කිව්වත්, දැන් දැන් මෙයා මට ආදරේ කරන්න පටන් අරගෙන. මටත් හරීම ආදරයක් දැනෙනවා. ඒත් මම කෝල් කරන්න කිව්වොත් බොරුවට "අනේ මේ කරන දේ වැරදියි.. මම ඔයාව අතහරිනවා" කියලා කියලා මග හරිනවා. මේක ගිය සතියේ වුනා. මාත් අතහැරලා දැම්මා.
ඒත් මේ දැනුත් අපි චැට් කලා පැයක් විතර. මම කිව්වා ඇවිත් මාව බලන්න කියලා. මොකද මට එයාගේ ගෙදර යන්න බැහනේ.. එයාගේ මිනිහා ඉන්න නිසා. ඒත් හරිහමන් උත්තරයක් දෙන්නේ නැහ.
දැන් කියනවා එයා දරුවෙක් ගැන හීන දැක්කත් ඒක බැරිවුනා කියලා (ඒ ගැන මට කිව්වා.. ඒත් මම මේක මෙතන දාන්නේ නැහ).
මට දුක හිතිලා මම කිව්වා.. හරි අපි දෙන්නා දරුවෙක් හදමු, හැබයි බැදලා ඉවරවෙලා. ඒත් එයා කියනවා මිනිහව දාලා එන්න බැරිලු, ඒ යකා සියදිවි නසාගනී කියලා දුක්වෙලා.
මොකක්ද බන් මම කරන්නේ? මෙයා මට වඩා ටිකක් වැඩිමල්. අපේ ගෙවල් වලින් නම් කැමති වෙන එකක් නැහ කොහෙත්ම. එයත් කියන්නේ ඒකමයි.
ගිය සතියේ කෝල් කලාලු.. හැබයි මම ෆෝන් එක ඕෆ් කරලා තිබ්බේ.. තරහට. මමනම් කියන්නේ කතා කරන්න නැතිව ඇති.
ඒත් අද රැ මට ආයෙත් මේකිව ඕන වෙලා. මම දන්නේ නැහ මගේ මෝල තදවෙලාද කියලා.
මචන්ලා.. ඒත් බැදපු ගැණියෙක් එක්ක මෙහෙම කරන එක වැරදියි නේද? මගේ හිත මටම බනිනවා පැය 24ම. ඒත් මට එයා ඕන. මොකක්ද කරන්නේ?
ෆේක් හදන් ආවේ, ලැජ්ජාවට. මම කිරියේ දන්න කියන එකෙක්.
ලොකු උදව්වක්… උපදෙසක් දෙන්න පුලුවන් නම්.
*මේකිගේ ඊමේල් එක වෙන නමක්… ෆේස්බුක් එක වෙන නමක්.. අනේ මන්දා" මම දැකලා තියන අක්කගේ ෆේස්බුක් එක නෙමෙයි, මෙයාගේ ඊමේල් ඇඩ්රස් එකේ නම ගැහුවම බුකියෙන් පෙන්නන්නේ.
මට දැන් නිදාගන්න යනවා කියලා ලොග් ඕෆ් වෙලා ගියා.. මම දැන් ගිහින් බැලුවහම් ආයෙත් ඔන්ලයින්. මොකක්ද බන් මේ සීන් එක?
මේ කොල්ලෙක් වෙන්නත් බැරි නැද්ද? හැබැයි කතා කරන්නේ කෙල්ලෙක් වගේමයි චැට් එකෙන්.
ලසන්ත පෙරේරා;16669741 said:මචන්ලා.. මම කියලා ඇති නේද.. මම බැදපු අක්කා කෙනෙක් එක්ක ඉන්ටර්නෙට් ලව් එකක් කරනවා කියලා?
මචන්ලා… මට මේක නවත්වගන්න බැහ. අපි දෙන්නා ගිය සතියේ ඉදන් ෆෝන් එකෙනුත් කෝල් කරන්න පටන් ගත්තා.
අපි දෙන්නා පුදුම ආදරයෙකින් ඉන්නේ. ඒක විස්තර කරන්න බැහ.
ඒ අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. මට මුලුවෙලාවෙම කියනවා අඩ අඩ, මාව දාලා යන්න හිත හදාගන්න ඕනලු. මට වෙන කවුරු හරි තරුණ එක්කෙන්ක්ව හොයලා දෙන්නත් ඕනලු. ඒත් මම කිව්වා ඒක එපා කියලා.. මොකද මම එයාට එච්චරටම ආදරේ නිසා.
ඒ අක්කගේ විවාහ ජීවිතේ ඔහේ ගෙවිලා යන එකක් කියලා කිව්වා. එයාගේ ජීවිතේ භාගයක් ඉවර වෙලාලු.. ඉතිරි භාගයත් ඔහේ ගෙවිලා යයිලු කියලා හිතේ වේදනාවෙන් කියනවා. මට මේක අහනකොට හරීම දුකයි.
අක්කගේ ලොකුම දුක එයාට දරුවෙක් නැති එක. ඒ ප්රශ්නේ හරීම බරපතල එකක්. එයා මට කිව්වේ බැදලා ඉන්න එක්කෙනායි අක්කා අතරයි තියෙන්නේ අයියා-නන්ගී සම්බන්ධකමක් විතරයි කියලා. ඒ අක්කා, අයියාට ආදරේ කරන්නේ නැතිලු. ඒක නිසා දරුවෙක් හදන්න බැරිලු කියලා හරීයට දුක්වෙනවා.
ඉතින් මම කිව්වා.. මගේ ලගට එන්න.. මම ඔයාව බදින්නම්.. ඊට පස්සේ අපි දෙන්නා බබෙක් හදලා ලස්සනට ජීවත්වෙමු කියල.
ඒකටත් එයා කැමති නැහ. කියනවා.. ඒ අයියා වහ බීල මැරෙයිලු කියලා අපි දෙන්නා එහෙම කලොත්. අනේ මන්දා මචන්ලා.. මගේ ඔලුව පිපිරෙන්න වගේ.
මේ කියන අක්කව මට මුනගැහුනේ යූටියුබ් එකේ එයා කියන වීඩියෝ සින්දුවකට ඊමේල් කරලා. අපි දෙන්නා ඇත්තටම දැකලා නැහ. ඒකේ ඉන්නේ වෙන නමකින්… මට එවපු ඊමේල් ඇඩ්රස් එක වෙන නමක්. ඊමේල් ඇඩ්රස් එකේ නම බුකියේ චෙක් කලාම එන්නේ නිකම් රස්තියාදුකාර ගෑණියෙක්. අර ටියුබයේ ඉන්න අක්කගේ නම නම් බුකියේ හරියටම හරී. ඒ අක්කා, එයාගේ හස්බන්ඩ් එක්ක අත අල්ලගෙන ඉන්න ලස්සන පින්තූරයක් තියෙනවා ප්රෝෆයිල් ෆොටෝ එක වගේ.
ඒත් මට හිතෙන්නේ අර අක්කාගේ නම හොරෙන් අරගෙන කවුරුහරි කෙල්ලෙක් බලු වැඩක් කරනවා කියලා. ඒත් අර අක්කා වගේම මේ කෙල්ලටත් හොදට සින්දු කියන්න පුලුවන්.
කොහොම හරි මම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එක ඕෆ් කරලා දැම්මා ඊයේ ඉදන්. මට හිතුනා මම මේ කරන්නේ වැඩකට නැති වැඩක්… අනික ඔය අක්කා ඇත්තටමත් නම්… අර අයියා පවු කියලා. හිතලා බලපන් අපි බැන්ද දවසක අපේ ගෑණිත් ඔයවගේ හැසිරුනොත් එහෙම? කල කල දේ පල පල දේ කියනවා නේද මචන්ලා?
මේ පව්කාර වැඩෙන් මිදෙන්න මම ඉටා ගත්තා. ඒත් අර අක්කා.. මට වොයිස් මේල් මෙසේජස් එවලා තිබ්බා. ඒවා අහනකොට මට හරී දුකයි. ඒත් මේක විහිලුවක් නම්… මට මන් ගැනම දුකයි.
මේ පිස්සුව නිසා.. මට දැන් මගේ ජීවිතය එපා වෙලා. කරන්න දෙයක් හිතට එන්නේ නැහ… වල් නාශක ටිකක් බීලා අද රෑටම මැරෙන්න හිතෙනවා මචන්ලා.
මට හරී දුකයි ඒ අක්කා ගැන.
ලසන්ත පෙරේරා;16834228 said:මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ.
මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක.
කෙල්ල හොදයි.. ඒත් ඉතින් කියන්න තරම්ම පෙනුමත් නැහ. ඒත් අපේ අම්මලටනම් ලස්සනයිලු. ඒත් මට එච්චරම ඇල්ලුවේ නැහ මුල් දවසේම. ඒත් ඉතින් මම ඒ ඔක්කෝම අමතක කරලා දාලා කෙල්ලත් එක්ක ටෝක දැම්මා දිගටම.. ඒ මගේ හිතට තදින් මමම බැණගෙන. රෑපෙට වඩා හැදිච්චකමයි, උගත්කමයි වටිනවා කියලා මම මටම කියාගනිමින්.
ඒත් මචන් මගේ කටින් වැරදිලා කියවෙච්ච දෙයක් අල්ලගෙන මෙයා හැමදාම වගේ මාව සමච්චලයට පත් කරනවා. ඒක මම මගේ අවන්ක කම නිසාම කිව්ව දෙයක්. ඒත් එයාට ඒක මට දමලා ගහන්න ආයුධයක් කරගෙන දැන්. මම අද කිව්වම… "ඔයා හිතන් ඉන්න හැටි වැරදියි.. පොඩ්ඩක් අහන්න" කියලා… එයා මගෙත් එක්ක රණ්ඩුවට වගේ.. "ඒකනම් බොරු හරිද? ඒකනම් බොරු.. ඔයා එහෙම කිව්වේ නැහ එදා..!" කියලා මට කිව්වා.
ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා. මගේ හිත ගොඩාක් පෑරුණා යාලුවනේ. මට අඩන්න තරම් හිතෙනවා. ඒත් කොල්ලෙක් නිසා මට ඒකත් කරන්න හිත දෙන්නේ නැහ.
බදින්න ඉස්සර වෙලත් මෙහෙම මාව සමච්චලයට පත් කරනවනම්.. බැදල ඉවරවෙලා මාව මිනිස්සු ඉස්සරහා ගොඩාක් බාල්දු කරයි කියලා මට මහා භයක් දැනෙනවා යාලුවනේ.
ඒත් මම අවුරුදු 33ක් වෙලත් තාමත් තනිකඩයෙක්. මට ඒ ගැනත් හිතන්න ඕනා. ඒත් එහෙමයි කියලා මේ කෙල්ලව බැදගෙන.. මාව එයා රූකඩයක් කරගනියි කියලා මට හරී භයක් දැනුනා අද. මම කිසිම දවසක එයාගේ හිත පාරලා නැහ.
එයා මගෙත් එක්ක එකග නොවුනත්.. විනීතව ඉන්න තිබුනා නේද කටට ආපු පලියට මම බොරු කාරයෙක් කියලා කියන්නේ නැතිව.
මට මහා කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ජීවිතයක හැටි. මට මම ගැනම හරී ආත්මානුකම්පාවක් ඇතිවෙලා.
උඹලට හිතෙන්නේ මේ කෙල්ල බදින්නෙ හොදද?
