මට වැරදුනා මචන් ...!!

Baby_Girl

Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා
    ලිපට ගින්දර දැම්මම
    වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා
    ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා..
    වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා...
    හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ උෂ්ණත්වය හදාගන්න බැරි වෙන.
    ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
    ඌ පනින්න උත්සහා කරනවා...
    පනින්න බෑ...මොකද ඌ ඌගේ මුලු ශක්තියම
    උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා...
    ගෙම්බා මැරෙනවා...
    ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද?
    නෑ ..ඌ එළියට පනින්න ඕන වෙලාව දැනගන හිටියේ නෑ.
    උෂ්ණත්වය දැනෙද්දී ඒක හැඩ ගැහෙන්න් හැදුවා.
    ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා...
    උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
    ඌට එළියට පනින ශක්තියක් නැතිව ,අන්තිමේ
    මැරුණා...
    ජීවිතයේ අපිටත් සමහර පනින්න ඕන තැන් එනවා
    ඒ තැන් වලදී පනින්නේ නැතිව
    අපි ඒකට හැඩ ගැහෙන්න හැදුවම
    ඉබේම අපේ ශක්තිය වැය වෙලා අපි විනාශ වෙලා ගිහින්,
    අපි ශාරිරිකව මානසිකව හැගීම් වලින් පීඩා විදින්න,
    ලොකුම හේතුව
    අපි එළියට පනින්න ඕන තැන හරියට අදුරනොගැනීම.
    හිතන්න ,එළියට පනින්න.

    උපුටා ගැනීමකි..

    අඩෝ ඒ ටෝක් එක! අම්මටසිරි! ++
     
    • Love
    Reactions: Heshan Daminda

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ප්‍රශ්ණ තමුන්ගේ නොවන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි.උඹ ඩිවෝස් වෙන්න කලින් කරන්න වැඩ කිහිපයක් තියෙනවා.

    1.මේ දේ උඹ දැනටමත් දන්නවා ඇති සමහරවිට. කේන්ති යන රටාවක් තියෙනවද ?Oppositional defiant disorder කියන තත්වයද ?මේ වගේ අයට නම් ලොකු හේතු නැතුව කේන්ති යනවා.ලෙඩක් නිසා.
    2.සඳමාලි ආගම ධර්මයට ලැදි කෙනෙක්ද?එහෙමනම් භාවනා ක්‍රම පුරුදු පුහුණු කරාමත් ඔය වගේ දේවල් අඩු වෙනවා.
    3.විශාදි රෝගය හෝ ඒ සමාන රෝගයක ලක්ෂණ පෙන්නවද ?
    4.ඕටිසම් හෝ ඩිසලෙක්සියා ලක්ෂණ තියෙනවද?
    5.මනෝවෛද්‍ය කෙනෙක් ගාවට ගියාද ? ගියානම් මෝහන ප්‍රතිකාර කරන්න පුළුවන්ද ?
    6.වෛද්‍යවරු යම්කිසි රෝගයක් දැනට අඳුනාගෙන තියෙනවද නැද්ද ?
    7.තාමත් රැකියාවක් කරනවද ? ඒ රැකියා ස්ථානයේ හරි ඊට කලින් තැන්වල හරි උඹත් එක්ක වගේ කේන්ති ගන්නවද ?

    මේ උඹේ කතාව කියෙව්වම මට හිතිච්ච දේවල් ටිකක්. මට හිතෙනවා සඳමාලිගේ අම්මා මුල ඉදන්ම කතාව දැනගෙන ඉඳලා ගේම ගැහුවා කියලා. ඒත් අන්තිමට හරි බඳින්න කලින් සඳමාලි උඹට ඇත්ත කිව්වා. උඹට ඒ අවස්ථාවේ මම අර උඩ කිව්ව ටික කරානම් තීරණය වෙනස් වෙන්නත් තිබ්බා. වෙච්ච දේ උනානේ.ඉහිරුණු කිරට අඬල වැඩක් නෑ.කවුන්සිලින් ගියාට වැඩක් වෙන්නේ නෑ.
    එයාගේ පවුලේ ඔක්කොම එක්ක කතා කරලා බලන්න මේක පටන් ගත්තේ කොහොමද කියලා. සමහරවිට පොඩි කාලේ වෙච්ච සිද්දියක් වෙන්න පුළුවන්. නැත්තම් වෙන ශාරීරික දෙයක් වෙන්න පුළුවන්.මට පේන විදියට කවුරුත් මේක වැඩිය ගණන් අරන් නෑ.එදා දැන ගත්ත දවසේ හරි ප්‍රතිකාර ක්‍රමයකට යොමු උනානම් අද ටිකක් හරි පාලනයක ඉන්න තිබුනා.මට හොඳ විශ්වාසයක් තියෙනවා ගෙදර මිනිස්සු උඹෙන් දෙයක් හංගනවා.වෛද්‍යවරුන්ට උනත් මේ දේ වැදගත් වෙයි.
    most logical solution I've seen so far
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ක මම දැක්ක ඊයේ එෆ් බී එකේ..
    මම ඒක වැඩ කරන තැනට අදාල කර ගත්තා :yes:

    ඕක පෙරේදා TNL එකේ නැණ පහනට ආපු හාමුදුරුවෝ කිව්ව දෙයක්. කිරියේම ත්‍රෙඩ් එකක් විදිහට ඕක දාල තිබ්බ kavindu84 මම ඒකෙන් කොපි පේස්ට් කලේ මෙතනට. :P
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    most logical solution I've seen so far

    Thanks machan.
    අපේ අය ගොඩක් කරන වැරැද්දක් තමයි මානසික පැත්තේ ලෙඩ ගණන් ගන්නේ නැති එක.ඒවා වැඩි උනාට පස්සේ ඔහේ කාටහරි බන්දලා දීලා අත පිහ දාගන්නවා.නැත්තම් ඔය එයාගේ හැටි ඉස්සර ඉදන් එහෙමයි කියනවා.සමහර දේවල් තියෙනවා නිය පොත්තෙන් කැඩුවේ නැති උනාම පොරවෙන් කපන්න වෙන.මට හොඳ විශ්වාසයක් තියෙනවා දොස්තරලා කිහිප දෙනෙක් ගාවට ගියා නම් මේ ලෙඩේ ටිකක් හරි අඩු කරගන්න පුළුවන් කියලා.යම්කිසි ක්‍රීඩාවක යෙදීමෙන් යෝගී ව්‍යායාම භාවනා ක්‍රම වලින් කොහොමත් කේන්ති යාම අඩු කර ගන්න පුළුවන්.මොකුත් නොකර හිටියොත් නම් ඉතින් ප්‍රථිපලයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා
    ලිපට ගින්දර දැම්මම
    වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා
    ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා..
    වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා...
    හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ උෂ්ණත්වය හදාගන්න බැරි වෙන.
    ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
    ඌ පනින්න උත්සහා කරනවා...
    පනින්න බෑ...මොකද ඌ ඌගේ මුලු ශක්තියම
    උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා...
    ගෙම්බා මැරෙනවා...
    ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද?
    නෑ ..ඌ එළියට පනින්න ඕන වෙලාව දැනගන හිටියේ නෑ.
    උෂ්ණත්වය දැනෙද්දී ඒක හැඩ ගැහෙන්න් හැදුවා.
    ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා...
    උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
    ඌට එළියට පනින ශක්තියක් නැතිව ,අන්තිමේ
    මැරුණා...
    ජීවිතයේ අපිටත් සමහර පනින්න ඕන තැන් එනවා
    ඒ තැන් වලදී පනින්නේ නැතිව
    අපි ඒකට හැඩ ගැහෙන්න හැදුවම
    ඉබේම අපේ ශක්තිය වැය වෙලා අපි විනාශ වෙලා ගිහින්,
    අපි ශාරිරිකව මානසිකව හැගීම් වලින් පීඩා විදින්න,
    ලොකුම හේතුව
    අපි එළියට පනින්න ඕන තැන හරියට අදුරනොගැනීම.
    හිතන්න ,එළියට පනින්න.

    උපුටා ගැනීමකි..

    :yes::yes::yes:
    පනින්න ඕන වෙලාවට පනින්න ඕන වගේම
    අනින්න ඕන වෙලාවට අනින්නත් ඕන.

    • Haha
    Reactions: Heshan Daminda

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹේ හිතේ අමාරුවට උත්තරේ තියෙන්නේ ධර්මය තුල විතරයි. ඉස්සෙල්ලම තේරුම් ගනින් දුක එන්නෙම තමුන් ආසාවෙන් කැමැත්තෙන් බැඳිලා අල්ලාගෙන ඉන්න දේවල් කැමති පරිදි නොපවතිනකොට. බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ කියන කිසිම දෙයක් ඒකාකාරිව අපේ කැමැත්තට පවත්වන්න බැහැ. කිසියම් දෙයක් කැමැත්තක් හදාගෙන ඇසුරු කලොත් ඒක කැමති විදිහට තියෙනකන් හොඳයි ආශ්වාදයි. එහෙම නැති වෙනකොට දුකයි. ඒක තමයි අර ආශ්වාදයේ ආදීනවය. ඔන්න ඕක තේරුම් ගත්තනං ගොඩක් දුක් වලින් ගැලවෙන්න පුළුවන්. ඕක මේ ලෝකේ සියලුම පෘතග්ජන සත්වයන්ට හිමි ධර්මතාවය. තේරුම් ගත්තොත් ගොඩ. නැත්තන් වලේ තමයි. ඕකට කාගේ ළඟවත් උත්තර හොයන්න එපා. ඔය කිව්වේ මුලිකම සිද්දාන්තයක් විතරයි. ඕක තේරුනත් ඇති හිත ටිකක් නිදහස් වෙන්න. මිදෙන්න ඕනේ නං ධර්මය වැඩි වැඩියෙන් හොයල කරුණු කාරණා තේරුම් ගනින්.

    ප්‍රතිකර්ම විදිහට ඔක්කොටම කලින් ගෑනිට මල පනින්නේ මොන වගේ හේතුවලටද බලල ඒවා තේරුම් ගනින්. තමුන්ගේ අඩුපාඩුවක් තියෙනවනන් හදාගනින්. දෙන්න එක්ක බෝධි පූජා තියපන්. ගෑනිව මතක් කරගෙන මෛත්‍රී භාවනාව කරපන්. මාසයක් දෙකක් ඔය ටික කරලා බලන්න. එත් වැඩක් නැත්නං උපදේශන වගේ දෙකට පලයන් දෙන්නත් එක්ක. ඕව මුකුත්ම වැඩ කරේ නැත්තන් ඩිවෝස් වෙයන්.
     
    Last edited:
    • Like
    Reactions: Lokka Baba

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,427
    113
    උඹේ හිතේ අමාරුවට උත්තරේ තියෙන්නේ ධර්මය තුල විතරයි. ඉස්සෙල්ලම තේරුම් ගනින් දුක එන්නෙම තමුන් ආසාවෙන් කැමැත්තෙන් බැඳිලා අල්ලාගෙන ඉන්න දේවල් කැමති පරිදි නොපවතිනකොට. බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ කියන කිසිම දෙයක් ඒකාකාරිව අපේ කැමැත්තට පවත්වන්න බැහැ. කිසියම් දෙයක් කැමැත්තක් හදාගෙන ඇසුරු කලොත් ඒක කැමති විදිහට තියෙනකන් හොඳයි ආශ්වාදයි. එහෙම නැති වෙනකොට දුකයි. ඒක තමයි අර ආශ්වාදයේ ආදීනවය. ඔන්න ඕක තේරුම් ගත්තනං ගොඩක් දුක් වලින් ගැලවෙන්න පුළුවන්. ඕක මේ ලෝකේ සියලුම පෘතග්ජන සත්වයන්ට හිමි ධර්මතාවය. තේරුම් ගත්තොත් ගොඩ. නැත්තන් වලේ තමයි. ඕකට කාගේ ළඟවත් උත්තර හොයන්න එපා. ඔය කිව්වේ මුලිකම සිද්දාන්තයක් විතරයි. ඕක තේරුනත් ඇති හිත ටිකක් නිදහස් වෙන්න. මිදෙන්න ඕනේ නං ධර්මය වැඩි වැඩියෙන් හොයල කරුණු කාරණා තේරුම් ගනින්.

    eth ban gani legally married ne,mae wage ekak laga tiyan adinawa menehi kara kara inne kohomada.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    eth ban gani legally married ne,mae wage ekak laga tiyan adinawa menehi kara kara inne kohomada.

    මම කිව්වේ තියෙන්න ඕන අවබෝදය ගැන බන්. එතකොට අපේ හිත නිදහස්. ඔය දේවල් පෙර සසර ගනුදෙනු වල විපාක. හොඳම දේ අපි පිස්සු හදාගන්නේ නැතිව අපේ පැත්තෙන් ගැටෙන එක අඩු කරගෙන අවබෝදයෙන් ජීවත් වෙන්න උත්සහ කරන එක.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම කිව්වේ තියෙන්න ඕන අවබෝදය ගැන බන්. එතකොට අපේ හිත නිදහස්. ඔය දේවල් පෙර සසර ගනුදෙනු වල විපාක. හොඳම දේ අපි පිස්සු හදාගන්නේ නැතිව අපේ පැත්තෙන් ගැටෙන එක අඩු කරගෙන අවබෝදයෙන් ජීවත් වෙන්න උත්සහ කරන එක.

    උඹ කියන දේ හරි හැබැයි මේ වෙලාවේ මේ ගෑණු ළමයට ප්‍රතිකාරයක් ඕනේ.ඒක කරන්නේ නැතුව වෙන වෙන දේවල් වලට යන්න අපහසුයි.ප්‍රතිකාර වලින් ගුණයක් ආවට පස්සේ ආගම ධර්මය පැත්තට යොමු කරලා බැලන්ස් කරගන්න පුළුවන්.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹ කියන දේ හරි හැබැයි මේ වෙලාවේ මේ ගෑණු ළමයට ප්‍රතිකාරයක් ඕනේ.ඒක කරන්නේ නැතුව වෙන වෙන දේවල් වලට යන්න අපහසුයි.ප්‍රතිකාර වලින් ගුණයක් ආවට පස්සේ ආගම ධර්මය පැත්තට යොමු කරලා බැලන්ස් කරගන්න පුළුවන්.

    Yea. Thats true. :yes:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    mal ponnayo tikak kal yanakan hariyada mona paiyatada vidawa vidawa inne. thopi wage duupath manasikathwa thiyena mal ponnayo nisa thamai divorce wenawa kiyana eka lankawe maha loku dekan kiyala salakanne. gon pakaya.

    ube ammai ththai randu wena welawata uba maddta panala kiyapan ekata inna bari nam divorced venna kiyala..ponna pakaya.... kiyanna lesiy ,,karanna unahama eakata muuna dena eka tamai danne eaka monawage deyak da kiyala...divorce gana katha karanna kalin kasadayak badan hitapan ponnaya..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    1603350087057.png
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    මට වැරදුනා මචන් ...!!

    මේ ත්රේඅඩ් එක දානවාද නැද්ද කියලා ගොඩක් හිතුවා ..ඒත් මගේ හිතේ තියෙන දුක කියන්න බැහැ කාටවත් ...මොකද මේක මම විහින්ම කර ගතට දෙයක් හින්ද ....හිත සැහැල්ලු කර ගන්න තියෙන එකම ක්‍රමේ තමයි එළකිරියේ උඹලත් එක්ක මගේ දුක බෙදා ගන්න එක ...මොකද මගේ හොදම යාළුවොත් මගේ කසාදෙට විරුද්ධව වැඩ කලා ..දැන් මට කටක් ඇරලා උන්ට මගේ දුක කියන්න බැහැ ...මට දැන් ආපහු හැරෙන්නත් බැහැ මචන් ...මම පරක්කු වැඩයි දැන් ...මුලින්ම මගේ ආදර කතාව කියවල හිටපල්ලා නොකියවපු උන් ...ඕක මම දැම්මේ 2016..

    http://elakiri.com/forum/showthread.php?t=1769153

    ඇත්තම ආදර කතාවක් නෙවෙඉ ...ආදරේ නිසා විදවපු කතාවක් ...අදටත් මම විදවනවා ....මගේ යාලුවෝ අම්ම තාත්තා මේ මගුලට විරුද්ද උනා ...මගේ තනි කැමත්තට කර ගත්තේ කෙල්ලගේ අඩුපාඩු හදා ගනී කියල ..ගොඩක් මගේ යාලුවෝ කිවුව කෙල්ලගේ වැරදි හද ගන්නේ නැහැ බලපන්කො වෙන දේ කියල ..ඔව් මචන් ..උඹල හරි...මට වැරදුනා ..අද මම විදවනවා ...කෙල්ලගේ කේන්තිය එහෙම්ම තමයි ..කිසිම වෙනසක් නැහැ ...එයාට ඒක මොන විදියටවත් තේරුම් කරලා දෙන්න බහ මචන් ...දැන් මටත් ඇති වෙලා ...මම දැන් ඕව ගැන කතා කරන්නේ නැහැ ...ඒ කතා කරලා තේරුමක් නැති නිසා ....තාත්තා එදා ඔචරටම විරුද්ද උනේ ඔය හින්ද වෙන්න ඇති ...කොච්චර හොදට ඉන්න හැදුවත් වැඩක් නැහැ බන්..මොකක් හරි කේන්ති යන රණ්ඩු වෙන වැඩක්මයි කරන්නේ..මේ ටික වත් ලිවුවේ මගේ හිත සැහැල්ලු කර ගන්න බන් ...මේකට තමයි කියන්නේ ලෝකෙට පේන්න හිනාවෙනවා ...හිතින් විදවනවා කියල ...
    ado mn ube kthawa mara asawe kiyewwa bn. a thread ekta reply ekkuth damma wish krla. anitmta hamadema wisaduna kiala hithuwe. fuck oi hena dukai meka dakkama :(