මට_බඩගිනී_දෙයියනේ

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    මට_බඩගිනී_දෙයියනේ

    "..වැසිකිලි සෝදනවා.. නාන කාමර සෝදනවා.. දෙන ගාණක් ගන්නවා නෝනා .. මට බඩගිනී දෙයියනේ ..." - වාරුත් නැතිව පාරක් පාරක් ගානේ ගිහින් අද වැසිකළි සෝදන අසරණ පියෙකුගේ සංවේදී කතාව

    20638846_1425390637497162_1037813557641567168_n.jpg

    වැඩක යෙදෙමින් සිටි මගේ කනට එක්වරම ඇසුනේ, කිසියම් වයස්ගත පිරිමි පුද්ගලයකුගේ සිහින් කටහඬකි. මම ඒ ඔස්සේ අවධානය යොමු නොකල ද, කෙමෙක් කෙමෙන් ඒ හඬ මට සමීපව ඇසෙන්නට පටන් ගත්තේ ය. කරමින් සිටි වැඩය නවතා මම පාර අයිනට ගොස් බැලූ විට මට දකින්නට ලැබුනේ වයස අවුරුදු අසූවක පමණ වූ වයස්ගත පිරිමි අයෙකි. ඔහුගේ එක් අතට ඉදලක් තිබූ අතර, එක් අතක ටියුලිප් වර්ගයේ ඉටිබෑගයකි.

    ඔහු හැකි උපරිම වෙර යොදා මෙසේ කෑ ගසමින් මහ මග ගමන් කරයි.

    "..වැසිකිලි සෝදනවා.. නාන කාමර සෝදනවා.. දෙන ගාණක් ගන්නවා නෝනා .. කීයක් හරි දෙන්න මහත්තයා.. මට බඩගිනී දෙයියනේ ..."

    වෙලාව දහවල් දොලහ පසුවී තිබෙන මේ ගිනි අව්වේ ඒ පුද්ගලයා මා පසුකර එසේ කියමින් මාවතේ ඉදිරියට ගමන් කලේ ය.

    "..ඒක එයාගෙ කරුමෙ.. මම මොනව කරන්නද. !"

    ඒ දෙස බලා සිටි මම, දිගු සුසුමක් හෙලා එසේ සිතමින් යලිත් මම සිටි තැනට පැමිණියෙමි. ඒ පුද්ගලයා පටු මාවතේ අවසාන ගෙදර දක්වා එසේ කෑගසමින් යන්නට ඇත.

    නමුත් මට ඔහු අමතක කිරීම පහසු නොවීය. ඒ නිල්පැහැති කමිසය දහදියෙන් පෙඟී තිබුනි. වැසිකිලි නාන කාමර සේදීම කෙසේ වෙතත්, ඔහු ඉදිරියට පියවරක් පාසා තැබුවේ මහත් අපහසුවෙනි. වයස්ගත වෙවුලන අතකින් ඉදල අල්ලාගෙන සිටි ඒ තැනැත්තාගේ දෙනෙත් කඳුලින් පිරී තිබිණි.

    මද වේලාවක් එසේ ගෙවී ගියේ ය. මම අපහසුවෙන් සිත එක්තැන් කරගනිමින් කරමින් සිටි කාර්‍යය නැවත ඇරඹුවෙමි.

    තව ස්වල්ප වේලාවකින් මාර්ගයේ එහා කොනේ සිට පැමිණෙන ඔහුගේ කටහඬ මට යලිත් ඇසෙන්නට විය..

    "..වැසිකිලි සෝදනවා.. නාන කාමර සෝදනවා... මහත්තයො දෙන ගාණක් ගන්නවා.. "

    ආදී වශයෙනි. මගේ සීයාගේ වයසට ආසන්න මේ පුද්ගලයා ගැන මට මහත් අනුකම්පාවක් ඇතිවිය. මම, තවත් බලා නොසිට, පර්ස් එකේ තිබූ මුදල් නෝට්ටු දෙකක් ගෙන ඔහු එන මග සිටගෙන හිඳ ඔහුව වැලැක්වූයෙමි.

    "..සීයෙ.. මේ සල්ලි ගන්න.."

    ඔහු පුදුමයෙන් දෙනෙත් විසල් කොටගෙන මගේ දෙස බැලීය.

    "..වැඩක් කරන්නෙ නැතුව සල්ලි ගන්න බෑ නෝනා.."
    මම මහත් පුදුමයට පත් වූයෙමි.

    බොරුවට තුවාල සැදුනා සේ අත් පය ගැටගසාගෙන, බොරු අපස්මාර රෝගීන් සේ කට කොනින් සබන් පෙණ බේරාගෙන වැටෙන, බොරුවට කාගේ හෝ දරුවෙක් කුලියට ගෙන ඒ දරුවාට කිරි පිටි දෙන්න යැයි මුදල් එකතු කරන, බොරු සහතික සකසා රෝග වාර්තා පෙන්වා මුදල් ගරන කපටි වංචාකාරී මිනිසුන් සිටින මේ ලෝකයේ, මේ අසරණ පුද්ගලයා, අසරණ කම ගැන සලකා නිකන් දෙන මුදල ප්‍රතික්ෂේප කරයි. පුදුමයකි.

    "... කමක් නෑ..සීය මේක ගන්නකො..."
    මම යලිත් ඔහුට කීවෙමි.

    "..එහෙනම් නෝනගෙ කැමැත්තෙන් දුන්නෙ ඕං.. මම ඉල්ලල නෙමේ.." ඔහු අසරණ ස්වරයෙන් එසේ කියා, දෝතින්ම ඒ මුදල් බාරගත්තේ ය. මට ඔහු ගැන මහත් කණගාටුවක් ඇතිවිය.

    "...සීය මේ පලාතෙද..?"

    "..නෑ පුතේ. මගේ ගම රත්නපුරේ.. "
    ඔහු හතිලන්නට විය.

    "..මෙහෙම උන්නට මම හොඳ රස්සාවක් කල මනුස්සයෙක් .. මගෙ ළමයි ඔක්කොම ලොකු ලොකු තැන්වල.. පොඩි පුතාගෙ ගෙදර උන්නෙ අන්තිමටම.. අසනීපවලට බෙහෙත් ගන්න කියල මාව ජාතික රෝහලට ගෙනල්ල දැම්ම.. ඉන්පස්සේ මාව ගෙනියන්න එක දරුවෙක්වත් ආවෙ නෑ."

    අසනීපය මදක් සුව වූ පසු ඔහු ජාතික රෝහලෙන් පිටවන්නට ඇත. ජාතික රෝහල යනු පුණ්‍යායතනයක් නො වේ. ඉන්පසු සීයා මහමගට වැටෙන්නට ඇත.

    මට නැවතත් ඔහු ගැන මහත් දුකක් ඇතිවිය. මේ, දරුවන් කිහිපදෙනෙකු ගේ පියෙකි. තමන්ගේ වැඩ තමන්ට කරගත හැකි මට්ටමේ සෞඛ්‍ය තත්වයක් ඇති අයෙකි. ඔහු මහ මග තැන් තැන්වල අව් වැසිවලින් තෙමි තෙමී රස්තියාදු වන විය, ඔහුගේ දරුවෝ සැපපහසු ජීවිත ගෙවමින්, කැමති දෑ කමින් බොමින්, රසවත් ලෙස ජීවිතය විඳිනු ඇත.

    මගේ අම්මා, තාත්තා වෙනුවෙන් මට මේ ලෝකය තුල කල නොහැකි කැපකිරීමක් නැත. නමුත් මේ ලෝකයේ පියා මැරූ අජාසත්ත දරුවෝ වැනි අය තවමත් සිටින බවට මේ පියා සාක්ෂියකි.

    ඔහු සෑහෙන්න දුරක් ගිය පසු මම ඔහුගේ අනන්‍යතාව සැඟවෙන පරිදි මේ ඡායාරූපය ගත්තෙමි. මට ඔබට කියන්නට අවශ්‍ය වන්නේ මෙයයි.

    ලෝකයේ සියලු මිනිස්සුන්ගේ සියලුම ප්‍රශ්න විසඳන්නට ඔබටත් - මටත් නොහැකි බව සැබෑ ය. අපි ද අපේ ජීවිත ක්‍රීඩාව කරගෙන යන්නේ අපහසුතා රැසක් මධ්‍යයේ ය.

    අනෙක් අතට ඒ මිනිසුන් එසේ විඳවන්නේ අතීත ජීවිත වල තම තමා රැස් කරන ලද කර්ම ඵලයන් ය.

    නමුත්, පිහිටක්, සරණක් අත්‍යවශ්‍ය යැයි පෙනෙන මනුෂ්‍යයෙක් දුටුවොත්, ඔහුට උපකාර කරන්නට දෙවරක් සිතන්නට එපා.. මිනිසුන්ට පිහිට විය හැක්කේ මිනිසුන්ටම ය.!

    අම්මට තාත්තට මෙහෙම සලකන එවුන්ට නම් හෙනම් ගහල අකුලෝලම යන්න ඕන :angry::angry::angry::angry:

    source - Neth.fm
     
    • Like
    Reactions: WhiteWalker

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමාජ ක්‍රමේ වැරැද්ද. දරුවන්ටම දොස් කියලත් බැ. උනුත් වැරදියි. ඒත් බහුතරයක් පුලුවන් කාලේ බිබී ඇවිදලා බැරි උනාම ඔක තම සන්තැසිය. හැම මිනිහෙකුටම ක්‍රමයක් තියාගන්න ඔනා වයසට ගියාම ජීවත් වෙන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජ ක්‍රමේ වැරැද්ද. දරුවන්ටම දොස් කියලත් බැ. උනුත් වැරදියි. ඒත් බහුතරයක් පුලුවන් කාලේ බිබී ඇවිදලා බැරි උනාම ඔක තම සන්තැසිය. හැම මිනිහෙකුටම ක්‍රමයක් තියාගන්න ඔනා වයසට ගියාම ජීවත් වෙන්න.

    ළමයින්ගෙන් ඩිපෙන්ඩ් වෙන්න හිතාගෙන ඉන්න එක තමයි මොඩකම... :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමාජ ක්‍රමේ වැරැද්ද. දරුවන්ටම දොස් කියලත් බැ. උනුත් වැරදියි. ඒත් බහුතරයක් පුලුවන් කාලේ බිබී ඇවිදලා බැරි උනාම ඔක තම සන්තැසිය. හැම මිනිහෙකුටම ක්‍රමයක් තියාගන්න ඔනා වයසට ගියාම ජීවත් වෙන්න.

    :yes:සමහර අය ඉන්නවා හම්බකරන කාලේ කිසිම ඉතුරුවක් නැතුව සිගරට් බිබී,අරක්කු බිබී ඉන්නවා.හම්බකරන එකෙන් 60%ක් වියදම් වෙන්නේ ඒවාට.අනික් 40% තමා පවුලට වියදම් කරන්නේ.ඊට පස්සේ කියනවා ළමයි බලන්නේ නැහැ,ගෑනි බලන්නේ නැහැ කියලා..වයසට ගියහම ගන්න දෙයක් ඉතුරු කරලත් නැහැ.ඉතින් හිගමනේ තමා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ළමයින්ගෙන් ඩිපෙන්ඩ් වෙන්න හිතාගෙන ඉන්න එක තමයි මොඩකම... :yes:

    :yes:ඒක හරි ආර්ත්මාර්තකාමියි.ළමයි හදන්නේ අපිට ඕන නිසානේ.අපි දැනගන්න ඕන ලමයින්ටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න.ළමයි සලකනවානම් සළකයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:ඒක හරි ආර්ත්මාර්තකාමියි.ළමයි හදන්නේ අපිට ඕන නිසානේ.අපි දැනගන්න ඕන ලමයින්ටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න.ළමයි සලකනවානම් සළකයි.

    :yes: අනික වයසට ගියාම වයර් ෂෝර්ට් වෙනවනේ... එතකොට කරන දේවල් වලට ළමයින්ට මලපනිනවා... හැමෝම ඉන්නේ පට්ට ස්ට්‍රස් එකේනේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:ඒක හරි ආර්ත්මාර්තකාමි වැඩක්.ළමයි හදන්නේ අපිට ඕන නිසානේ.

    :yes:සමහර අය ඉන්නවා හම්බකරන කාලේ කිසිම ඉතුරුවක් නැතුව සිගරට් බිබී,අරක්කු බිබී ඉන්නවා.හම්බකරන එකෙන් 60%ක් වියදම් වෙන්නේ ඒවාට.අනික් 40% තමා පවුලට වියදම් කරන්නේ.ඊට පස්සේ කියනවා ළමයි බලන්නේ නැහැ,ගෑනි බලන්නේ නැහැ කියලා..වයසට ගියහම ගන්න දෙයක් ඉතුරු කරලත් නැහැ.ඉතින් හිගමනේ තමා.

    ළමයින්ගෙන් ඩිපෙන්ඩ් වෙන්න හිතාගෙන ඉන්න එක තමයි මොඩකම... :yes:
    ඔව්. ඔය මනුස්සයත් කියන්නේ ඒකනේ.. හොද රස්සවක් කලානම් ඔහොම වෙන්නේ නැ ඉතුරුවක් කලානම්. හම්බ උන එකයි, අර්තසාදකේ වගේ එවයි ඔක්කොම කෙලොලා අරින්න ඇති. එක්කො ලමයින්ට දෙන්න් ඇති. එව නම් මොඩ වැඩ. ජිවිත බුක්තිය තියාගෙන ලමයින්ට මුකුත් ලියන්න හොද නැ. එක්කො දීලා අයින් වෙන්න ඔනා. නැත්තම් නොදී ඉදලා මැරුනම අයිති වෙන්න දෙන්න ඔනා. හොදම දේ දේපල වලින් දරුවන්ට කොටසක් දීලා තමන්ට ජීවත් වෙනන ඇති තරමට ඉතුරු කරන් අයින් වෙන එක දරුවන්ගෙන්. එතකොට උන් සින්හල අවුරුද්දට නත්තලට ඇවිත් බලලා යයි.. ආයේ උන්ට කරදරත් නැ අපිඋ හිගමනෙත් නැ. සමහර් අම්මලා තාත්තලා ආදරේට කියලා ඇදලා අරිනව දේපල ටික. ලේලි/බැනා කෙලලා අරිනව ඊට පස්සේ..
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    සමාජ ක්‍රමේ වැරැද්ද. දරුවන්ටම දොස් කියලත් බැ. උනුත් වැරදියි. ඒත් බහුතරයක් පුලුවන් කාලේ බිබී ඇවිදලා බැරි උනාම ඔක තම සන්තැසිය. හැම මිනිහෙකුටම ක්‍රමයක් තියාගන්න ඔනා වයසට ගියාම ජීවත් වෙන්න.

    ඒ කතාව නම් හරි. ඒ උනාට හදපු වඩපු දෙමාපියන් මහ මගට ඇදලා දාන එක පව්. තමන් එහෙම ඉන්නෙ ඒ අය නිසානේ. :( ගොඩක් දෙමාපියන් තමන් ගැන හිතන්නෑ. උපයන හැම සතයක්ම දරුවන් වෙනුවෙන්ම වියදම් කරනවා. මෝඩකමට නෙමේ ඒ ආදරේට. තමන් නොකා නොබී හරි දරුවන්ට කන්න දෙනවා. :(
     
    • Like
    Reactions: CONCORDE777

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :( මම හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටි කාලෙත් ඔය වගේ මනුස්සයෙක් යාබද ඇඳේ හිටියා, සම්පූර්ණයෙන් සුව වීත් කාලයක් ගියත් කවුරුවත් ඒ තැනැත්තා බලන්න ආවේ නැහැ, රෝහලට ඇතුලත් කරලා තිබුනෙත් වෙනත් රෝහලකින් නිසා ඥාතීන්ට දැනුම් දෙන්න ක්‍රමයක් තිබ්බෙත් නැහැ, පසුව පොළීසිය මැදිහත් වෙලා ඒ පුද්ගලයා ගමට එක්කගෙන ගියා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව්. ඔය මනුස්සයත් කියන්නේ ඒකනේ.. හොද රස්සවක් කලානම් ඔහොම වෙන්නේ නැ ඉතුරුවක් කලානම්. හම්බ උන එකයි, අර්තසාදකේ වගේ එවයි ඔක්කොම කෙලොලා අරින්න ඇති. එක්කො ලමයින්ට දෙන්න් ඇති. එව නම් මොඩ වැඩ. ජිවිත බුක්තිය තියාගෙන ලමයින්ට මුකුත් ලියන්න හොද නැ. එක්කො දීලා අයින් වෙන්න ඔනා. නැත්තම් නොදී ඉදලා මැරුනම අයිති වෙන්න දෙන්න ඔනා. හොදම දේ දේපල වලින් දරුවන්ට කොටසක් දීලා තමන්ට ජීවත් වෙනන ඇති තරමට ඉතුරු කරන් අයින් වෙන එක දරුවන්ගෙන්. එතකොට උන් සින්හල අවුරුද්දට නත්තලට ඇවිත් බලලා යයි.. ආයේ උන්ට කරදරත් නැ අපිඋ හිගමනෙත් නැ. සමහර් අම්මලා තාත්තලා ආදරේට කියලා ඇදලා අරිනව දේපල ටික. ලේලි/බැනා කෙලලා අරිනව ඊට පස්සේ..

    අනිවා බන්.ලංකාවේ තමා ඔය ඔක්කොම.:yes:හම්බකරන්න පුළුවන් කාලේ හම්බ කරන්න ඕන.අනාගතේට තමන්ට ගානක් ඉතුරු කරගන්නත් ඕන.සුද්දෝ නම් එහෙමයි.අපේ උන් කොහෙද,අද ගැන විතරයි හිතන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ කතාව නම් හරි. ඒ උනාට හදපු වඩපු දෙමාපියන් මහ මගට ඇදලා දාන එක පව්. තමන් එහෙම ඉන්නෙ ඒ අය නිසානේ. :( ගොඩක් දෙමාපියන් තමන් ගැන හිතන්නෑ. උපයන හැම සතයක්ම දරුවන් වෙනුවෙන්ම වියදම් කරනවා. මෝඩකමට නෙමේ ඒ ආදරේට. තමන් නොකා නොබී හරි දරුවන්ට කන්න දෙනවා. :(

    මේක නම් හැම කෙනාම කරන්නේ නැහැ.:no:තමන්ගේ ආතල් එක ගැන විතරක් හිතන තාත්තලා ඕන තරම් ඉන්නවා.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    මේක නම් හැම කෙනාම කරන්නේ නැහැ.:no:තමන්ගේ ආතල් එක ගැන විතරක් හිතන තාත්තලා ඕන තරම් ඉන්නවා.
    ඒක ඇත්ත. ඒත් ගොඩක් දෙමාපියො තමන්ගෙ දරුවො ගැන හිතනව තමන්ටත් වඩා. ඒ වගේ කෙනෙක්ට නම් එහෙම කරන එක පව්. :(
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලමයින්ටම දොස් කියලත් වැඩක් නෑ.මම දන්න පවුලක තාත්තා පුලුවන් කාලෙ බිබී ලමයි ගැන බලන්නැතුව ඔහෙ අැවිද අැවිද හිටියා.හැමදාම හැන්දෑවට බීල ගෙදර වලි දාගන්නවා.එ්ත් අර ලමයි ඉගෙනගෙන රස්සාවලට ගියාට පස්සෙ වෙනම ජීවත් වෙන්නේ එයාලගෙ අම්මත් එක්ක.තාත්තට සල්ලි ටිකක් එවනවා එ්ත් බලන්න එන්නෑ.ඉතින් එ් තාත්තා ලමයි මං ගැන බලන්නෑ කියනව මිනිස්සු එක්ක.මෙහෙම වෙන්න දෙමව්පියන්ගෙ වැරදිත් බලපානවා.සම්පූර්ණ වැරැද්ද ලමයින්ට පටවන්නත් බෑ.හැබැයි පොඩිකාලෙ කොච්චර හොදට පරිස්සමින් හැදුවත් ලොකු වුනාම අම්ම තාත්ත ගැන බලන්නැති උනුත් ඉන්නවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කතාව නම් හරි. ඒ උනාට හදපු වඩපු දෙමාපියන් මහ මගට ඇදලා දාන එක පව්. තමන් එහෙම ඉන්නෙ ඒ අය නිසානේ. :( ගොඩක් දෙමාපියන් තමන් ගැන හිතන්නෑ. උපයන හැම සතයක්ම දරුවන් වෙනුවෙන්ම වියදම් කරනවා. මෝඩකමට නෙමේ ඒ ආදරේට. තමන් නොකා නොබී හරි දරුවන්ට කන්න දෙනවා. :(
    ඔයා ඔක කොච්චර කිවත් නන්ගී, ඔය බැදලා ගිය දවසට ඔයාගේ හස්බන්ඩ්ගේ පෙරන්ට්ලා ඔයාව කන්ට්‍රොල් කරන්නගත්ත ගමන් ඔයා කරන්නෙත් ඔක. හොදම දේ, පිරිමියෙක් නම් මහා ගෙදර කියන තැන අම්මට තාත්තට දීලා තමුන් බැන්දානම් ගැනි දරුවො අරන් වෙනම ඉන්න එක. එතකොට අම්මා ඇගිලි ගැහුවා කියන්නත් බැ ගැනි අම්මා එක්ක ඇවිලුනා කියන්නත් බැ. අපේ රටේ අම්මලා ඉන්නේ දූලගේ පුතාලගේ දරුවො හදන්න. ඇයි උන්ට පිස්සුද වයසට ගිහිල්ලා ආයේ දරුවන්ගේ දරුවොත් හදන්න. ඒ කාලේ ඒ මිනිස්සු විවේකීව ඉන්න ඔනා කාලේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා බන්.ලංකාවේ තමා ඔය ඔක්කොම.:yes:හම්බකරන්න පුළුවන් කාලේ හම්බ කරන්න ඕන.අනාගතේට තමන්ට ගානක් ඉතුරු කරගන්නත් ඕන.සුද්දෝ නම් එහෙමයි.අපේ උන් කොහෙද,අද ගැන විතරයි හිතන්නේ.
    දරුවන්ට 18න් පස්සේ ආයේ සතයක් දෙන්න හොද නැ. හොයාගෙන කන්න අදින්න ඉඩ දෙනව මිසක්. මලාට් පස්සේ දේපල බුක්ති විදින එක වෙනයි. අපි හම්බ කරලා උන්ට පුදපුවහම උන්ටාගයක් නැ සල්ලිවලවත් දෙමව්පියන්ගැනවත්. හදිස්සියකට ලෙඩකට දුකකට සල්ලියක් දෙනව හැරෙන්න, 18 උන ගමන් තියන එකම ගේ පුතාට ලිව්වම ඌ කෙල්ලෙක් ඇන්න එනවා, එකි මාරා වේස උනාම දෙමව්පියො පාරේ..