මතකයන් හා අවදියෙන්

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හ්ම්ම්....කල්පයක් වුව බලා ඉන්නම් මතකයන් හා අවදියෙන්...

අපි ආදරය කරන අය වෙනුවෙන් ජීවිතයේ තව කොයිතරම් නම් කාලයක් බලාපොරොත්තු තියාගෙන ඉන්න වේවිද..?
කාලය ඉක්මනට ගිහින් ඒ දවස ඉක්මනට එනවනම්.....:sorry:

නිර්මාණය ලස්සනයි අමල්කා :)
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගැඹුරු අරුතක් ඇති ලස්සන පද පෙලක්. ගොඩාක් රසවින්ඳා.
සාර්ථක උත්සාහයක්.
 

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    අගෙයි අගෙයි , අපූරු කවියක් නංගො. හැබැයි මට මෙහෙමත් හිතුන.
    ඔබ කවියෙ ඉඩ දීල තියෙනව පාඨකයට හිතාගන්න මේ උක්ත සිද්ධිය අතීතයත් වර්තමානයත් අනාගතයත් එකතු කරන්නෙ කොහොමද කියල.
    උදාහරණයක් විදියට මෙතන කවියෙ සදහන් වෙන්නෙ නැහැ මේ ලලනාව බලා හිදින්නෙ තමාගෙන් අතීතයේ වෙන්ව ගොස් කාලයක් ගත වෙලා තවමත් ඔහු වෙනුවෙන් දෙනුවන් අයා බලා ඉන්නවද ,
    නැති නම් සංසාර භවයේ පුරුද්දට හැගෙන දැනෙන හින්ද මේ භවයෙත් තමන් වෙනුවෙන්ම මවපු ඒ සොදුරු ආදරය තමා වෙනුවෙන් එනකං බලා ඉන්නවද කියන කාරණය.
    මම හිතන්නෙ ඒක තමා කවියෙක්ගෙ දක්ෂතාවය විය යුත්තෙ.
    මොකද කවිය සමත් වෙන්න ඕන තමන්ගෙම රූපයක් පාඨකයාගෙ ඔලුවට ඔබ්බනවට වඩා
    කියවන්නාට මනසින් ඒ අවස්ථාව එක්ක අනුගත වෙලා තමන්ගේම කියා අර්ථ දැක්වීමක් දෙන්න.
    කුතුහලය කියන ආයුධය බොහොම බරපතල විදියට පාවිච්චි කරන්න පුලුවන් කවි කමේදි මම හිතන්නෙ.
    ජය වේවා නංගො. දිගටම ලියන්න :yes:
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    heheh :) nikanma lassanai kiyanne hithune na :rolleyes::rolleyes::rolleyes:

    ඔය දෙනෙත් පොඩි නොතෙමෙන්න
    හරි පරිස්සමින් රැක ගන්න
    ඔය මතක පොදි නොමැකෙන්න
    හරි පරිස්සමින් සුරකින්න..
    ඔය තුරුලේ සැතපෙන්න..
    ආදරෙන් තුරුල් වෙන්න
    හිමි හිමින් දොඩවන්න..
    හදවත මගෙ ඉකිබිඳින..
    වැලපෙන බව ඔබ දැන ගන්න...
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    හරිම ලස්සන නිර්මාණයක් බලාපොරොත්තුව අතීතය වර්තමානය හා අනාගතය යන අවස්ථා හරිම අපූරුවට ගලපල තියනවා ....

    දිගටම නිර්මාණකරනයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... :yes::yes::yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    lassnayi.. :D

    හිතක දරාගෙන හිටපු සිතුවිලි ගොන්න අවසන් නිමේශයේ තවත් රඳවා ගත නොහී පුපුරා එලියට ඇද හැලුන මොහොතක්..

    ඔබ මෙතෙක් ලියූ නිර්මාන හා සසඳා බලන කල්හී මෙය වෙනස්ම ආරක් ගත් ආදර ආයාචනයක්..

    දැවෙන නිර්මල පපුව විවෘත කර පෙන්වීමක් ලෙසටයි මා මෙහි අන්තර්ගතයට සාපේක්ෂව සියුම්ව දකින්නේ...


    ඒත් ඒ ආයාචනය හරි ගැඹුරුයි..භවයෙන් භවය පතාගෙන ආපු බවක් පෙනෙන්නට තියෙනවා....


    මතකයෙන් මැකී යන්නට පෙර අවසන් හෝරාවේ හෝ ඒ රුව ඔබ අභියස පෙනී සිටිනා බවක් මට ඉඟියෙන් මෙන් පසක් වේ..


    ඉතා සාරවත් පද පෙලක් සීරුවට ගෙත්තම් කරලා..


    ඔබට ජය.....

    woooow dat so nice akki.
    :yes::yes::yes::yes::yes:


    ස්තුතියි හැමෝටම :)