මත්තල මොණරුන් 17 ක් එක දිනයේ මරලා,
කබල්ලෑවෙක් රුපියල් 20,000යි
පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සහායක සේවා බලකායේ සෙබළුන් කණ්ඩායමක් යොදවා මත්තල ගුවන් තොටුපොළ අවට පල්ලාව රක්ෂිතයේ විසූ මොණරුන් 17 ක් ඊයේ දිනය තුල වෙඩි තබා මරා දමා තිබේ.
පසුගියදා මොණරෙකු හැපීමෙන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුව මොණරුන් ඉවත් කිරීමේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන බව රජය කීවේය.
මේ අතර වෙනත් මාධ්‍ය වාර්තාවකින් කීවේ මත්තල අවට කබල්ලෑවන් පණ පිටින් අල්ලා මත්තල චීන ජාතිකයන්ට විකිණීමේ ජාවාරමක් පවතින බවයි. එක් කබල්ලෑවෙකු පණපිටින් රුපියල් 20,000 කට අලෙවි කෙරේ. මෙයට පෙර කබල්ලෑවකු සඳහා රුපියල් දස දහසේ සිට පහලොස් දහස දක්වා ගෙවා ඇත.
මීට අමතරව මුව මස් සහිත බත් පාර්සල් මත්තල සෙවක සේවිකාවන් සඳහා ගුවන් තොටුපොළ ඇතුලටම ගෙනැවිත් අලෙවි කරන බවද එම මාධ්‍ය වාර්තාව පවසයි.

මුන් දෙයියන්ටත් අල්ලස් දීලා ඕවා කරන්නේ බං..... 
ඈවිත් කියයි..... පොයිට් එකට කතා කරන්න කියලා....... 