මත්තල ’සුදු අලියාගේ’ වැඩ මෙන්න: 2017 සිට 2023 දක්වා ආදායම කෝටි 49 වියදම කෝටි 1413

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,037
    113
    2017 සිට 2023 දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ

    ආදායම - රු. 493,948,859 යි

    වියදම - රු. 14,138,688,045යි

    අදායම් පරතරය - රු. 13,644,739,186

    2017 සිට 2023 දක්වා වැඩිම ආදායම මෙම වසරේදී - රු. 163,867,416


    දිනේෂ් සමරකෝන්

    2017 වසරේ සිට 2023 වසරේ මාස 09ක කාලය සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු. 493,948,859ක් බවපාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

    එමෙන්ම එම කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වියදම රු. 14,138,688,045ක් බවද අනාවරණය විය.ඒ අනුව අනුව ආදායමට වඩා වියදම වැඩි අතර, එහි පරතරය රු.13,644,739,186 ක් වේ.

    කෙසේ වෙතත් 2017 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වැඩිම ආදායම ලැබූ වර්ෂය 2023 වර්ෂය වන අතර, එහිදී මෙම වසරේ ගෙවුණු මාස 09 තුළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රුපියල් 163,867,416ක් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

    එමෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වියදම මෙම වසරේ ගෙවුණු මාස 09ක කාලය තුළ රුපියල් 1,211,396,684ක් ලෙස සටහන්ව තිබිණ. එයද අනෙක් වසරවලට වඩා සාපේක්ෂව අඩු අගයකි. මෙම වසරේ ආදායමට වඩා වියදම වැඩි අතර එහි අගය රු. 10,47,529,268කි.


    මේ අතර 2017 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු. 77,270,005ක් වූ අතර, වියදම රු. 2,314,897,394ක් විය.මෙම වසරේ ආදායමට වඩා වියදම වැඩි අතර එහි අගය රු. 2,237,627,389ක් වේ.

    2018 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු. 22,539,708ක් වූ අතර, වියදම ලෙස වාර්තා වුණේ රු.2,199,763,516කි. මෙම වසරේ ආදායමට වඩා වියදම වැඩි අතර එහි අගය රු. 2,177,223,808ක් විය.

    2019 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු.16,210,252ක් විය. එම වසරේ වියදම රු. 2,190,942,860ක් ලෙස සටහන්ව තිබිණ. මෙම වසරේ ආදායමට වඩා වියදම වැඩි අතර එහි අගය රු. 2,174,732,608ක් වේ.

    මේ අතර 2020 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු. 42,591,707ක් ලෙසත්, වියදම ලෙස රු. 2,151,916,749ක් ලෙසත් වාර්තා විය. මෙම වසරේ ආදායමට වඩා වියදම වැඩි අතර එහි අගය රු.2,109,325,042 ලෙස විය.

    2021 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු.93,471,586 ලෙසද, එම වසරේ වියදම රු. 2,036,770,615ක්ද විය. මෙම වසරේ ආදායමට වඩා වියදම වැඩි අතර එහි අගය රු. 1,943,299,029 වේ.

    මේ අතර 2022 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු. 77,998,185ක් ලෙසත්, වියදම රු. 2,033,000,227ක් ලෙසත් වාර්තා වූ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.එම වසරේද ආදායමට වඩා වියදම වැඩි අතර එහි අගය රු.1,955,002,042 ලෙස විය.

    - https://www.ada.lk/breaking_news/මත්තල-’සුදු-අලියාගේ’-වැඩ-මෙන්න/11-405674
     
    • Sad
    Reactions: waca

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @2osama @N A K A M U R A
    @nicjosh83 AKA @John Dutton

    mehe warella mahindage gu kana wesige puthala

    :lol:

    correcting-source-sri-lankan-soldiers-carry-the-remains-of-what-is-said-to-be-tamil-tiger-rebel.jpg