කිසිම මෝඩ කමක් නෙමේ අනික දැනට ලංකාවට වැඩියෙන්ම එන්නේ යන්නේ මිඩ්ල් ඊස්ට් ෆ්ලයිට්. QR, EK එක දවසට ෆ්ලයිට් 4කට වැඩියෙන් එනවා ෆුල් ලෝඩ් පිට. ඉස්සර A320 ආව ඒවා දැන් සෙනග වැඩි නිසා A330, B777 වලට රීප්ලේස් කරලා. ඉන්දියාවේ කේරලේ ගත්තම වැඩියෙන්ම ඒ ප්‍රන්තේ මිනිස්සු වැඩ කරන්නේ මිඩ්ල් ඊස්ට් වල. මම වැඩ කරන්නේ ඕමාන් වල මෙහෙට දවසකට කේරලේ ඉඳලා ෆ්ලයිට් 10කට වැඩියෙන් එනවා.
ඔයා ඔය කියන විදියට මිනිස්සු පිටරට ගිහින් හම්බු කරන එක අඩු වෙන්න ලංකාවේ රස්සාවල් ඇති වෙලා හොඳ පඩි හැදෙන්න ඕනේ. ලංකාවේ මාසෙකට 15,000/- ගන්න මනුස්සයා පිටරට සේකුරිටි ජොබ් එකක් කරත් 35,000/-ත් 50,000/-ක් වත් හොයනවා. ඉතින් මිනිස්සු නොයා ඉඳීද?
එයාර් පෝට් ආවට ගියාට හදන්න බෑ එකයි මම කලින්ම කිව්වේ ලංකාව වටේ තියන ඩොමේස්ටික් එයාර් පෝට් ටික හරි හැදෙන්න ඕනේ කියලා එහෙම උනොත් අපිට තව ලොකු එයාර් පෝට් එකක් හදන්න ඕනේ වෙන්නේ නෑ. කටුනායක ඉඳලා කොළඹට හයි ස්පීඩ් කෝච්චි, හයි වේ ඕනේ වෙනවා. දැන් බලන්න මම ඕමාන් ඉඳලා ප්ලේන් එකේ ලංකාවට එන්න පැය 3යි විනාඩි 45ක් යනවා. කටුනායක ඉඳලා මගේ ගෙදර නුවරට යන්න පැය 4ක් යනවා. මේවා තමයි දියුණු වෙන්න ඕනේ මචන් අනික් රටවල් වල ට්‍රාන්ස්පෝට් වගේ. මත්තල අවට දියුණු වෙන්න ඕනේ මේ එයාර් පෝට් එකෙන් වැඩක් ගන්න.