මත්ද්*රව්*යවලින් ජාතික ආදායමට 12%ක් ලැබුණත්වැළඳෙන රෝග නිවාරණයට 22%ක් වැය වෙනවා
-ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
ඇම්. ඩී. ධර්මසිරි
දුම්කොල සහ මධ්*යසාර අලෙවියෙන් ලැබෙන මුදල ජාතික ආදායමෙන් සියයට දොළහක් වුවද එයින් වැළඳෙන රෝග සඳහා ප*්*රතිකාර ලබා දීමට රජයට වැය කිරීමට සිදු වී ඇති මුදල ජාතික ආදායමෙන් සියයට විසි දෙකක් බව සෞඛ්*ය ආරක්*ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
විශේෂයෙන් ම හෘද රෝග, දියවැඩියාව, පිළිකා, මානසික අවපීඩනය සහ ස්වසන රෝග මේ අතුරින් කැපී පෙනෙන බව ද පැවසූ ඇමැතිවරයා එම රෝග සඳහා රජයට වාර්ෂිකව වැය කිරීමට සිදුවී තිබෙන මුදල ඉහළ යමින් තිබෙන බවද කීය.
ඊයේ දිනට (26) යෙදී තිබූ අන්තර් ජාතික මත්ද්*රව්*ය විරෝධී දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ කීය. ජනාධිපති මහින්ද රාජපක්*ෂ මහතා සිය මැතිවරණ ප*්*රකාශනය ඉදිරිපත් කරමින් ශී*්*ර ලංකාවේ මත්පැන් සහ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා කි*්*රයාත්මක කරන ලද මතට තිත වැඩසටහන මේ වන විට අති සාර්ථක ප*්*රතිඵල අත්කර ගනිමින් සිටී.
ශී*්*ර ලංකාවේ දුම්වැටි සහ මධ්*යසාර භාවිතය පාලනය කිරීම සඳහා රජය කි*්*රයාත්මක කළ ජාතික දුම්කොළ සහ මධ්*යසාර පාලන පනත 2007 – 01 – 01 දින සිට කි*්*රයාත්මක විය.
ඒ අනුව ගතවූ මාස 18 තුළ පමණක් එම පනත යටතේ මහජනයා ගැවසෙන ප*්*රසිද්ධ ස්ථානවල දුම්වැටි සහ මධ්*යසාර භාවිතය තහනම් කිරීම, වයස අවුරුදු 21 ට අඩු පුද්ගලයන්ට දුම්වැටි සහ මධ්*යසාර අලෙවිය තහනම් කිරීම සහ දුම්වැටි සහ මධ්*යසාර පිළිබඳ ප*්*රසිද්ධ ස්ථානවල දැන්වීම් ප*්*රදර්ශනය කිරීම සහ ජනමාධ්*ය ඔස්සේ ප*්*රචාරය තහනම් කරන ලදී. එම හේතුවෙන් ප*්*රසිද්ධ ස්ථානවල දුම් පානය කිරීම සියයට අනූ පහකින් ද, මධ්*යසාර භාවිතය සියයට හතළිහකින් ද, අවම කර ගැනීමට හැකි වී තිබෙන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.