මතු පෙම් පුරන...
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
ළං ළං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා
සංසාරේම අත්වේ ද පෙම් සිත් පෑහිලා
අප සිත් දවන හදගැස්මන් හැඳින
දුර යන්නයි පැතුම් පෙමිනා
ලද හිස් කමට දුක කැන්දන් හොවන
පෙම කවුරුන් හඳුනනා
නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා
මුදු කොපුල් සිඹින සියුම් හැඟුමිනා
සිත බිඳක් නිවන වදන් පතමිනා
අපි උතුම් පෙමක පැතුම් පිබිදෙනා
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
කඳු මුදුන් පිසින පවන් විලසිනා
හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා
තරු නෙතක් මවන දසුන් සුවදෙනා
සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
හද සොයමි සොදුරු නවාතැනක් අපට පෑහෙනා......
ඉන්දිකා උපමාලි සහ බාචි සුසාන්
සම්පත් ශ්‍රී රෝෂණ ගේ "උපුලී" ටෙලි නාට්‍යයේ තේමා ගීතය...
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
ළං ළං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා
සංසාරේම අත්වේ ද පෙම් සිත් පෑහිලා
අප සිත් දවන හදගැස්මන් හැඳින
දුර යන්නයි පැතුම් පෙමිනා
ලද හිස් කමට දුක කැන්දන් හොවන
පෙම කවුරුන් හඳුනනා
නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා
මුදු කොපුල් සිඹින සියුම් හැඟුමිනා
සිත බිඳක් නිවන වදන් පතමිනා
අපි උතුම් පෙමක පැතුම් පිබිදෙනා
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
කඳු මුදුන් පිසින පවන් විලසිනා
හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා
තරු නෙතක් මවන දසුන් සුවදෙනා
සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
හද සොයමි සොදුරු නවාතැනක් අපට පෑහෙනා......
ඉන්දිකා උපමාලි සහ බාචි සුසාන්
සම්පත් ශ්‍රී රෝෂණ ගේ "උපුලී" ටෙලි නාට්‍යයේ තේමා ගීතය...