මදක් නැවතී කියවන්න
මම මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයෙක් මි. තව මාස ගනනාවක් ඒ සඳහා ගත වන බව අසන්නට ලැබුනු නිසා මෙන්ම මේ දවස් වල අධික වර්ෂාපතනයත් නිසා අද දින මට සිදු වූයේ නිවසට වී දවස පහන් කිරීමටයි. අම්මා ගණු දෙනු වගයක් නැවත පරීක්ෂා කරමින් සිටි අතර තාත්තා බීමත්කම නිසා ලෙඩ වූ පසු සිය සුපුරුදු දින චරියාව වන මහ දවාලයෙහි නිදා ගැනීමේ යෙදී සිටියේය.
වේලාව හරියටම දවල් එක පසුවී මිනිත්තු 10කි. අපේ නිවසේ පඩිපෙළින් මාගේ මෑණියන්ගේ වයසේමයි සිතිය හැකි අම්මා කෙනෙකු ද ඇයගේ දියනිය ද අපේ නිවස කරා පිය මැන්නෝය. ඇයගේ දියණිය පියකරුය. ඈ දැකි විගසම මට මතක් වූයේ මාගේ වෙන්ඩ ප්‍රියම්බිකාව නොහොත් කෑල්ලයි. නමුත් ඇය තවමත් පාසල් යන වියේ පසුවන බව පෙනුණි. එම කාන්තාව මාගෙන් අම්මා ඉන්නවාදැයි අසා අප මිදුලට පැමිණියා ය. අම්මාත් ඇය දුටු විගසම හැඳින ගත්තාක් වගේ පෙණුනාත් යහලුවෙකු දැකීමේ දි ඇයගේ මුවගෙහි රැඳෙන සතුට ඇය මුවෙහි නොවීය. ඒ වෙනුවට පැවතියේ ඕනවටත් නැති එපාවටවත් නැති සිනහවකි. අම්මා ඉන් පසු මිදුලට ගොස් ඈ සමග කතා බස් කරනවා දුටිමි.
අම්මා ඒ නැන්දා සමග කතා කරද්දී ද ඒ කෙළි පොඩ්ඩ අපේ මිදුලේ හතර වටේ ඇවිදිනවා ය. විටෙක අපේ ආච්චීඑ සමග ද කතා කරනා ඇය ආච්චි ගෙන් ද ඇගේ කබ පිරී තිබූ ඇස ගැන විස්තර අසනවා පෙනුණි. අම්මාත් ඇගේ ඔලුව අතගා මමත් තාත්තාත් අසළට පැමිණියාය.
තාත්තාත් සමග කතා කළ අම්මා ඔවුන්ට රුපියල් සියයක් දීමට තීරණය කළාය. තාත්තාත් අම්මාත් ඔවුන් අසළට ගොස් දවල්ට කෑවාදයි විමසූ අතර ඔවුන් කිසිවක් ඒ වන විටත් අනුභව නොකර තිබුනු නිසා අම්මා ඔවුන් දෙදෙනාටම දවල් කෑමට කුස්සියට කතා කළාය. ගෙදරින් කෑමක් නම් කවදාවත් අඩුවකින් තොරව බෙදෙනා හෙයින් ඔවුන් ද සතුටින් කා අපට ද පින් දී පිටත් විය.
හොඳම හරිය එන්නේ දැන් ය. අම්මා ඔවුන් ගැන විස්තර කියන්නට විය.
ඒ පැමිණි කාන්තාව හිතුමතේ විවාහයක් කරගත්තියකි. සැමියා පොල් ගස් නගින්නෙකි. ලඟකදී වූ අනතුරක් නිසා හේ එක්තැන් වී සිටිනා අතර එම කාන්තාව ද කුළී වැඩක් කරමින් ජීවිකාව ගත කරයි. නමුත් මේ වැසි සමය නිසා ඇයටත් රැකියාවක් සොයා ගැනීමට අපහසු වී ඇත. ඒ නිසා ඇය මෙලෙස ගෙයින් ගෙයට යමින් කීයක් හෝ සොයයි. ගෙදර සිටිනා විටදී ද ඇය සැමියාගෙන් නිතර නිතර පහර කෑමට ලක් වූ බවත් පොලීසියෙන් එම නිසා තම දියණිය වත් ගෙදර තනියම ඉන්දා නොයෙන ලෙස ඇයට අවවාද කර තිබිනි.
අද ආ කෙළි පොඩ්ඩ ඇගේ දෙවන දියණියයි. ඇයගේ වැඩිමහල් දියණිය ගැන ඇය වැඩි සඳහනක් කර නොතිබුනි. ඇය 10 වසරේ ඉගෙන ගන්නියකි. තරමක් දඟකාර කෙල්ලෙකි. කතාවට දක්ෂය. කිව්වාත් මෙන් ඇය දැකි විගස මට මතක් වූයේ මාගේ වෙන්ඩ ප්‍රියම්බිකාවයි. ඇය හා ඇගේ යාලුවා වෙනුවෙන් පෙරීදා වියදම් කල රුපියල් දෙසීය පනහ ද එයින් මිලදී ගත් කෑම එක බාගයක් වත් නොකා පොෂ් විදියට ඉතිරි කල හැටි ද මට සිහි විය. සමහරවිට හරියට ගනන් සෑදුවොත් මේ ඉතිරි වූ කෑම කොටස් වල වියදමින් අර කෙල්ලට වේලක් කන්න අරන් දිය හැකිය. මේවා අපි නොසිතනා දේවල් ය. සමහර විට ඈ තව ටිකක් මුදලින් පොහොසත් පවුලක ඉපදුනි නම් තත්ත්වය මීට වඩා හාත්පසින් වෙනස් වන්නට තිබුනි. මට නම් අවංකවම අද මා ගැනම සිතුනේ ලැජ්ජාවකි. කෑල්ලගේ ද වරදක් නැත. ඇයට උවමනා වූයේ කතා කිරීමට තැනකි. ඒ වෙනුවෙන් මා අපේ තාත්තා දහඩිය වගුරුවා හම්බ කල රුපියල් 250ක් වැය කර ඇත. එයින් ද කොටසක් ඉතිරිය. ඒ කොටසට ද ගනන් හදා බැලුවහොත් වටිනාකමින් වේලකට බත් පැකට්ටුවත් ගත හැකිය. එය අර ලමිස්සියට වේලක හෝ දෙකක කෑම විය හැකිය. සමහර විට මම වැනි කී දෙනෙක් මෙලෙස දිනකට වියදම් කරනවා ඇත් ද? මේ නිකරුනේ නාස්ති වන මුදල් ප්‍රමාණය ගත්තොත් එවන් කී දෙනෙක් ගේ අනාගතය සොඳුරු කල හැකි ද?
එදා වේල කෑමට නොහැකිව සිටිනා කී දෙනෙක් තවමත් සිටිත් ද? පන්සලක් අසල "මේ සැත්කමට මෙච්චරක් වැයවෙනවා ""මගෙ පොඩි දරුවට හිසේ ශල්‍යකර්මයක් " කියා කෑ ගසමින් ආධාර ඉල්ලන්නන් කොතරම් සිටිත් ද? ඒ අතරේ මහ ලොකුවට "පට්ට" අරමුදල් ගොඩ නගමින් තම ආයෝජන වටෙන් සවිමත් කරගන්නන් කීයක් සිටිත් ද?
ඔබ මාගෙන් මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ සමහරවිටෙක විමසන්නට හැකිය. අපට 5ක් 6ක් හරි හැටි කණ්ඩායම් වශයෙන් සංවිධානය වුවහොත් ලොකු වෙනසක් සිදු කිරීමට හැකිය. මෙලෙස අපි අපෙන් නිකරුනේ වැය වන මුදල ට නිසි අර්ථකතනයක් දීමට හැකි නම් තව අනාගතයේ දරුවන් කී දෙනෙක් ට නැණ පහන් දැල් විය හැකි ද? අනාථ නිවාස කීයක කිරි පිටි පැකට් අවශ්‍යතාව පිරවිය හැකි ද?
සිදු විය යුත්තේ එළකිරිය තුල Pvt, Gov කැම්පස් ලෙස හෝ සිංහල මුස්ලිම් ලෙස හෝ බෙදී හැම වෙලේම රණ්ඩු කරගැනීම නොව සාමූහිකව කල හැකි හොඳ දේ ගැන සිතීමය.
සංවාදයක් නොව ඔබ සැමට කරන ලද ගෞරවාන්විත ආරාධනයකි.
මා වැඩියෙන්ම විශ්වාස කරන්නේ මාගේ හෘද සාක්ෂියයි.එයට දැනෙනා දේ හරියට කීවා සේ සිතමි.