මදුරුවාට_ගේමක්_දෙන්න

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මදුරුවාට_ගේමක්_දෙන්න

    මදුරුවා ගැන නොදන්නා හෝ මදුරුවකුගේ දෂ්ට කිරීමකට භාජන නොවූ තැනැත්තෙක්‌ මෙලොව ඇත්නම් ඒ ඉතාමත් කලාතුරකිනි. ප්‍රමාණයෙන් අඟලකින් කාලක්‌ තරම් වූ මෙම කුඩා සතා ඔබේ නිදන කාමරයට පියඹා විත් උගේ තියුණු හොටින් සිරුර විද රුධිරය උරා බොනු ඇත. මෙලෙසින් ඔබට දෂ්ට කරන්නේ මදුරුවාගේ ගැහැනු සතාය. ඇය ඔබගේ රුධිරය උරා බොන්නේ සිය වර්ගයා බෝකරවීමේ අවශ්‍යතාව සපුරාගැනීම පිණිසය.

    ගැහැණු මදුරුවෙක්‌ ඔබව සොයා එන විට ඇයගේ පියාපත් තත්පරයකට 250 සිට 600 වාරයක්‌ පමණ චලනය වේ. මෙය ඇය අයත් වර්ගය හා පියාඹන වේගය මත ර¹ පවතී. ඇය මෙම වේගය ලබාගන්නේ දිගටම කරගෙන යනු ලබන ශාරීරික වෙහෙස කරවීමකින් නොව සිරුර මැද පිහිටා ඇති පේශීන් සමූහයක්‌ ක්‍රියාත්මක කිරීමෙනි. එම පේශීන් අක්‍රීය කරවන තෙක්‌ ඒවා ඉබේම සංකෝචනය වී ලිහිල්ව පවතී.

    රාත්‍රී කාලයේ දෂ්ට කරන මදුරුවකුට අඳුරේ ඔබව නොපෙනෙන හෙයින් ඔබ සොයා ගැනීමට උගේ පාද ජෝඩු තුන හා ස්‌පර්ශකයන් දෙක මත ඇති සංවේදකයන් උපකාර කර ගනී. නිව් ජර්ස්‌ හි රූට්‌ග්ස්‌ සරසවියේ මදුරු ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වේන් ඡේ. ක්‍රෑන්ස්‌ පවසන අන්දමට ඔබ නිදා සිටින විට මදුරුවෙක්‌ ඔබව සොයා ගන්නේ ඔබ ප්‍රාශ්වාස කරන කාබන් ඩයොක්‌සයිඩ් ගන්ධයේ ඉවෙනි. එලෙසින් ඔබ අසලට එන ඇගේ ශබ්දය ඔබේ නින්දට බාධා පමුණුවනු ඇත.

    මචන් ල දැන් කියන්න යන්නෙ. හැමදාම අපෙන් ගේම ඉල්ලන මදුරුවාට ගේමක් දෙන්න.

    මම කලින් කියුවා නෙ CO2 සීන් එක. ඔතන් තමයි මදුරුවගේ Week point එක.


    මේක උගුලක් (උපුටා ගැනීම FB)

    532189_386540824742288_1406780087_n.jpg


    පියවර 1► 1.5L ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.

    පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න.

    පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්‍රාවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්‍සයිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ)

    පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න.

    පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න.

    පියවර 6►ඔබට අවශ්‍යය ස්ථානයක ස්ථානගත කරන්න.

    (සති දෙකකට වතාවක් ද්‍රාවණය මාරු කරන්න)

    මමත් කරල බැලුවා. ගොඩම තමා..........

     
    Last edited: