මනස තියෙන්නෙ කොහෙද?

Mar 6, 2010
94
4
0
මනස තියෙන්නෙ කොහෙද?

මිනිසකුගේ සිත (මනස) තියෙන්නෙ කොහෙද?

මොළයේ හෝ ඔළුවේද?
පපුවේද?
බඩේද?
අත-පය වලද?
ලේ වල හෝ බෙටි වලද?
ශරීරයෙන් පිටතද?
 
Last edited:

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
බුදු දහමේ සඳහන් පරිදි සිත හා මනස යනු වෙනස් දේවල්ය.... කරුනාකර පැහැදිලිව ප්‍රශ්නය යොමු කරන්න....
 
Mar 6, 2010
94
4
0
බුදු දහමේ සඳහන් පරිදි සිත හා මනස යනු වෙනස් දේවල්ය.... කරුනාකර පැහැදිලිව ප්‍රශ්නය යොමු කරන්න....

මොකක්ද ඒ වෙනස?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අංකල්;6923420 said:
මොකක්ද ඒ වෙනස?

සිතයි මනසයි කියන්නේ දෙකක්..මනස කියන්නේ සලායතන වලින් එක් ආයතනයක්..සිත කියන්නේ සලායතන වල ස්පර්ශය මත ඇතිවන දෙයක්..
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Originally posted by ayyandi...

සිත යනු කුමක් ද?

මුලින් ම කියන්න ඕන. සිත තියෙන්නෙ රුධිරයේ යැයි කියා ඇති කතාව ධර්මයට පටහැනි බව.
සිත තියෙන්නේ රුධිරය ආශ්‍රිතව කියා බුද්ධ දේශනාවක නැහැ. එය එසේ වුව හොත් ඩයලයිසිස්
කිරීමේ කටයුතු වලදී මහා අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ලේ දෙන එක මහා
ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ නිසා හාමුදුරුවරු කියන කතා බුද්ධ දේශනාවේ තියෙන තැනත් එක්ක
අහන්න පුරුදු වුනොත්, උන්වහන්සේලා පවා තමන්ගේ මතය කියන්නෙ නැතුව ශාස්තෘන්වහන්සේ
ගේ දේශනාව කියන්න පුරුදු වේවි.

සිත හැසිරෙන තැන් දහ අටක් තිබෙනවා. ඒ ගැන විස්තර වෙන ‍දේශනාවක් තමයි
සළායතන විභංග සූත්‍රය කියන්නේ. ඔව්...ඡචක්ක සූත්‍රයෙත් තියෙනවා.

"අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා."
"සිත හැසිරෙන තැන් දහඅට ගැන ඔබ දැන සිටිය යුතු යි."

මෙහෙම දේශනා කරමින් උන්වහන්සේ, සිත හැසිරෙන තැන් දහඅට ගැන දේශනා කරනවා.

"(01)ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රූපයේ සිත හැසිරෙනවා. (02) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ
සිත හැසිරෙනවා. (03) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා.

(04)කණින් ශබ්දයක් ඇසුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (05) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ
සිත හැසිරෙනවා. (06) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ සිත හැසිරෙනවා.

(07)නාසයෙන් යම් ගද සුවදක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (08) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ
සිත හැසිරෙනවා. (09) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා.

(10)දිවෙන් යම් රසයක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රසය තුළ සිත හැසිරෙනවා. (11) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ
සිත හැසිරෙනවා. (12) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ සිත හැසිරෙනවා.

(13)කයෙන් යම් පහසක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ පහස තුළ සිත හැසිරෙනවා. (14) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් අන්න ඒ පහස තුළ
සිත හැසිරෙනවා. (15) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ පහස තුළ සිත හැසිරෙනවා.

(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා. (17) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ සිතිවිල්ල තුළ
සිත හැසිරෙනවා. (18) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් අන්න ඒ සිතිවිල්ල තුළත් සිත හැසිරෙනවා."

(සළායතන විභංග සූත්‍රය - මජ්ඣිම නිකාය 3)
 
Last edited:
Mar 6, 2010
94
4
0
සිතයි මනසයි කියන්නේ දෙකක්..මනස කියන්නේ සලායතන වලින් එක් ආයතනයක්..සිත කියන්නේ සලායතන වල ස්පර්ශය මත ඇතිවන දෙයක්..

එහෙම කතාවක් කියලා තියෙන්නෙ කොහෙද කියල කියනවද? (මටනම් ඒ කතාව පිලිගන්න ටිකක් අමාරුයි. මෙතන මම කියන්නෙ චිත්තයක් ගැන නෙවෙයි )

කොහොම වුනත් ඔය දෙකෙන් මොකක් හරි තියෙන්නෙ කොහෙද? ඒකයි මම අහන්නේ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඇත්තටම මෙන්න මෙහෙමයි...සිතේ හැසිරීම ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.
"දූරං ගමං" කියල බුදු රජාණන් වහන්සේ සිත හදුන්වා දී තිබෙනවා. ඒ කියන්නේ...මේ සිතට දුර
ගමන් තිබෙනවා කියන එකයි. ඒ දුර ගමන් පිටත් වන්නේ මේ දේශනාවේ තියෙන අවකාශ 18
හරහා ය.

අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරමු.

ඔන්න ඔබ පා‍ර අයිනේ බස් නැවතුම් පළක නැවතිලා ඉන්නවා. හදිසියේ ම ඔබ නොයන පාරක යන
බස් එකක් ඇවිල්ල එතන නවත්තනවා. මේ බස් එකේ...ඔබට හිතාගන්නවත් බැරි තරමින් ලස්සන
රූමත් තරුණියක් ජනේලය අයිනේ ආසයේ ම ඉදගෙන සිටිනවා. ඔබ ඇයව දකිනවා. මේ වෙනකං
ඔබ කුමක් හිත හිත හිටියත්...මෙතැන් සිට ඔබේ සිතට කුමක් සිදු වේද..?

දැන් අර දේශනාව මතක් කරගන්න....

"(01) ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රූපයේ සිත හැසිරෙනවා."

බලන්න...දැන් ඔබේ ඇස රූපයක් දකිනවා. ඒ රූපය ඔබේ මනස තුළ සැපය ඇතිකරවන රූපයක්.
ඉතින් දැන් මීට කලින් ඔබේ සිත කොහේ තිබුණත් දැන් ඒ සිත හැසිරෙන්න ගන්නේ ඒ රූපයේ නේද?

ඒ වෙලාවෙ සිත ඒ රූපයේ තමයි හැසිරෙන්නේ..."ශා....හ්...! මාර ලස්සන කෙල්ලෙක්නෙ. කියල
වැඩක් නෑ. මොකදද දන්නෙ ‍නෑ නම? සිරා ඇස් දෙක..! මූණ හරියට හින්දි නිළියෙකුගෙ වගේ...!
හිනා වෙද්දි මාර ලස්සනයි. ගෙවල් කොහෙද දන්නෙ නෑ. කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑ"
මෙහෙම හිතෙනව නේද? බලන්න දැන් සතුට ඇතිවන රූපය ඔස්සේ හිත හැසිරෙන්නට පටන් ගත්තා.
දැන් සිත ටිකක් දුර ගියා.

දැන් බැරි වෙලාවත් ඒ කෙල්ල ඔබ දෙස බැලුවොත්. "පිස්සු හැදෙයි...මෙන්න මෙයා මං දිහා බැලුවා."
"මාර ලස්සන ඇස් දෙක" "බලං ඉන්නත් ලැජ්ජයි...අහක බලන්නත් ලොභයි" දැන් කලින්ට වඩා
හිත දුර ගියා නේද? දැන් මේ අස්සෙ මේ ලස්සන ගෑණු ළමය හිනා වුනොත් මොනවයින් මොනව
වෙයි ද? දැන් ගමන්ගෙ ගමන යන්න පරක්කු වෙලා බස් එක එනකං හිටියේ. ඒ ගැනයි හිත හිත
හිටියේ..!

"මල කෙළියයි..! හිනාවුනා නේද..!" "මොන ක්ලාස්ද කොල්ලෝ...නැගපං බස් එකට. ගිහිං තනියම
හරි පොඩ්ඩක් පස්සෙන් පළ" දැන් මොනව වෙයි ද...! දැන් අර තමන් කලින් හිත හිත හිටි
පරක්කුවත් අමතකයි දැන් සිත ගියේ අර සතුට ඇතිවුණ රූපය ඔස්සේ..!
මතකනෙ, අපි කතාවටත් කියන්නේ...හිත ගියතැන මාළිගාව කියලා..

ඔන්න බස් එක ගියා...නැගගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ..! හිතේ දුකක් ඇති වෙනවා.
ඒ කෙනාව ආයෙ කවද දකින්නද කියල මානසික දුකක් ඇති වෙනවා.

දැන් පාඩම් කරන්නත් බෑ. ඒ රූපය සිහි වෙනවා. කන්නත් බෑ. ඒ හිනාව සිහි වෙනවා. ඊ ළගට
නිදා ගන්නත් බෑ. ඒ මුහුණ මතක් වෙනවා. හීනෙනුත් පේනවා. පැය ගණන් කල්පනා කරනවා.
දැන් ඔන්න මනසත් එක්කයි යුද්ධෙ. දැන් මනසට එයා ගැන සතු‍ට ඇති වෙන සිතිවිල්ලක්
ඇති වුනොත් ඒ ඔස්සේ හිත හැසිරෙන්න පටන් ගන්නවා.

"(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා."

ඉතින් මොකද වෙන්නේ...පැය ගණන් මනෝ පාර.

දැන් දවසට කිලෝමිටර් ගාණක් හිත දුවනවා. හනිමුන් වලට පැරිස් යාවි. බබාට බේත් ගන්න
සිංගප්පුරු යාවි. නෑයො බලන්න ජීප් එකෙන් යාවි. අවුරුද්දකට සැරයක් මාළිගාවට යාවි.
බලන්න සිහින මන්දිර බදිමින් සිත දුවන දිවිල්ල...!

මේ වගේම තමයි අනිත් ආකාර දා හත ඔස්සේත් හිත හැසිරෙන්නේ...! ඉතින් ඒව ගැන
උදාහරණ කල්පනා කරන්න මේ ඇසෙන් දකින රූපය ඔස්සේ සතුටක් ඇතිවෙන අවස්ථාව
ගැන වදාළ ධර්ම පාඨයට මම දුන්න උදාහරණෙත් භා‍විතා කරන්න පුලුවන්නෙ..
හිතල බලන්න. අනිත් තැන් වලටත් හොද උදාහරණ මතක් වෙනව නං ලස්සනට ගලපලා
මෙහි දාන්න. අපි හැමෝම ධර්මය කියවලා සතුටු වෙන්න කැමතියි.

ඔන්න "දූරං ගමං" කියන එක දැන් පැහැදිලි ඇති නේද "ඒක චරං" කියන්නේ..
තනිව හැසිරෙනවා කියන එකයි. බලන්න... මේ හැම තැනම සිත යන්නෙ තනියම නෙ.
දෙන්නව පැරිස් එක්ක ගියෙත් ඔබේ සිතයි. ඒ වෙලාවෙ අනිත් කෙනා මොනව හිතුවත් ඔබේ සිත
හැසිරෙන්නෙ තනිව යි. එ‍කිනෙකාගෙ සිත් වෙනස්. ඒ සිත් දෙක එකක් කියල හිතුවත් ඇත්තටම
දෙකක්. තනි තනිවයි හැසිරෙන්නේ.

හිතේ ස්වභාවය ගැන තව විශාල ප්‍රමාණයක් බුද්ධ දේශනා පවතිනවා. ඒ නිසා, මේ පුංචි
දහම් කරුණු ටික සිත හැසිරෙන තැන් ගැන තේරුම් ගැනීම පිණිස ඔබට උපකාරී වේවි යැයි
මා සිතනවා. බලන්න මේ ආකාර දහ අටේ නේද දවස තිස්සේ අපේ සිත තියෙන්නේ...!

*මෙහි මනස යනුවෙන් සදහන් වනුයේ...ඇස කණ ආදී වශයෙන් පවතින ආයතනයකි.
එය ද හේතු ඵල පැවැත්මක් සහිත දෙයක්. සිත සහ මනස කියන්නේ දෙකක්. ඒ ගැනත්
පැහැදිලි විස්තර සහිත බුද්ධ දේශනා තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

ජය වේවා..!

අයියණ්ඩි
 
Mar 6, 2010
94
4
0
Originally posted by ayyandi...

සිත යනු කුමක් ද?

මුලින් ම කියන්න ඕන. සිත තියෙන්නෙ රුධිරයේ යැයි කියා ඇති කතාව ධර්මයට පටහැනි බව.
සිත තියෙන්නේ රුධිරය ආශ්‍රිතව කියා බුද්ධ දේශනාවක නැහැ. එය එසේ වුව හොත් ඩයලයිසිස්
කිරීමේ කටයුතු වලදී මහා අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ලේ දෙන එක මහා
ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ නිසා හාමුදුරුවරු කියන කතා බුද්ධ දේශනාවේ තියෙන තැනත් එක්ක
අහන්න පුරුදු වුනොත්, උන්වහන්සේලා පවා තමන්ගේ මතය කියන්නෙ නැතුව ශාස්තෘන්වහන්සේ
ගේ දේශනාව කියන්න පුරුදු වේවි.

සිත හැසිරෙන තැන් දහ අටක් තිබෙනවා. ඒ ගැන විස්තර වෙන ‍දේශනාවක් තමයි
සළායතන විභංග සූත්‍රය කියන්නේ. ඔව්...ඡචක්ක සූත්‍රයෙත් තියෙනවා.

"අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා."
"සිත හැසිරෙන තැන් දහඅට ගැන ඔබ දැන සිටිය යුතු යි."

මෙහෙම දේශනා කරමින් උන්වහන්සේ, සිත හැසිරෙන තැන් දහඅට ගැන දේශනා කරනවා.

"(01)ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රූපයේ සිත හැසිරෙනවා. (02) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ
සිත හැසිරෙනවා. (03) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා.

(04)කණින් ශබ්දයක් ඇසුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (05) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ
සිත හැසිරෙනවා. (06) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ සිත හැසිරෙනවා.

(07)නාසයෙන් යම් ගද සුවදක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (08) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ
සිත හැසිරෙනවා. (09) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා.

(10)දිවෙන් යම් රසයක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රසය තුළ සිත හැසිරෙනවා. (11) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ
සිත හැසිරෙනවා. (12) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ සිත හැසිරෙනවා.

(13)කයෙන් යම් පහසක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ පහස තුළ සිත හැසිරෙනවා. (14) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් අන්න ඒ පහස තුළ
සිත හැසිරෙනවා. (15) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ පහස තුළ සිත හැසිරෙනවා.

(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා. (17) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ සිතිවිල්ල තුළ
සිත හැසිරෙනවා. (18) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් අන්න ඒ සිතිවිල්ල තුළත් සිත හැසිරෙනවා."

(සළායතන විභංග සූත්‍රය - මජ්ඣිම නිකාය 3)

ඕව අරමුණු විතරයි, තැන් නෙවෙයි නේද? මම අහන්නේ අරමුණු ගැන නෙවෙයි.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අංකල්;6923575 said:
ඕව අරමුණු විතරයි, තැන් නෙවෙයි නේද? මම අහන්නේ අරමුණු ගැන නෙවෙයි.

oya kiyana eka pahadili naha...?:confused::confused:
 
Mar 6, 2010
94
4
0
oya kiyana eka pahadili naha...?:confused::confused:

ඔය කියන්නේ හිතට එන අරමුණු, හිතෙන දේවල්, දැනෙන හැඟීම් වගේ දේවල් ගැන. මම අහන්නේ හිත් තියෙන තැන ගැන.
(අපි අපාය ගැන හිතහිත ඉන්න වෙලාවක අපේ හිත තියෙන්නෙ අපායෙ නෙවෙයිනෙ. අපි අපාය හිතේ මවාගන්නව විතරයිනෙ.)
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
සිත කියන්නේ හේතු ඵලයක් උඩ හට ගන්න දෙයක්. ඒ ඒ මොහොත උඩ එන අරමුණු මත හට ගන්නවා, නැතිවෙනවා.

උදාහරණයක් විදිහට බැලුවොත්,

"ඇස රූපය සමග කැමැත්තෙන් (ඡන්දරාගයෙන්) බැඳීම නිසා චක්ඛු විඤාණය ඇතිවේ" කියන කියමන (දේශණාව). (අනික් ඉන්ද්‍රියන්ටත් ඒ ඒ අනුව ගත හැක). හැමවිටම එකයි හට ගන්නේ, චක්ඛු විඤාණය තියෙන වෙලාවට ඒක විතරයි. සෝත විඤාණය තියෙන වෙලාවට ඒක විතරයි.

ඉතින් මේදේ ඉතාමත් වේගෙයෙන් සිදුවන නිසා, එකක් යයි පෙනෙනවා (ඇසිපිය ගහන මොහතකට කෝටි ප්‍රකෝටි ගනන් සිත් පහළ වෙන නිසා). ඒක නිසා තමයි අපිට ඇහෙන කොට වගේම ඒ වෙලාටම පේන්නෙත් (මේ අසීමිත වේගය නිසා).

උපමාවක් ගතහොත් ගිනි පෙනෙල්ලක් හයියෙන් කරකවන කොට ගිනි රෝදයක් පේනවා වගේ (ඇත්තටම තිබ්බේ ගිනි පෙනෙල්ල විතරයි, කරකවන වේගෙ නිසා රවුමක් පේනෙනවා). ඉතින් මේදේ බුදුපියාණන් වහන්සේට පෙර බමුණෝ, පෙර අත්බැව් දැකිය හැක් නුවණ තිබු අය, දැක්කා ඒ එක එක අත්බැව් වලින් යමක් ශරීරයෙන් පිටවෙනවා, ඒකම වෙන අළුත් අත් බැවක ශරීරයට ඇතුල්වෙනවා. ඉතින් ඒ අයගේ නුවණේ හැටියට මෙයට ආත්මය (සිත, මම) යැයි පැවසුවා.

බුදුපියාණන් වහන්සේගේ උන්වහන්සේගේ අනාවරණ නුවණින් දැක්කේ, මේ සිත කියන්නේ හේතු ඵලයක් උඩ වේගයෙන් හට ගන්න දෙයක් මිසක් එකක් නොවන බව (අර ඉහත කිව්ව ගිනි රවුම වගේ මායවක් බව). ඒක නිසා තමා උන්වහන්සේ දේශණා කලේ මමෙක් නැහැ, ආත්මයක් නැහැ මේක මායවක් රැවටීමක් කියලා.

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මනස තියෙන්නෙ කොහෙද කියල හිතන එකත් හරියට අර ඩෙවල් එක හදපු හැන්ද වගේ. ( කතාව තෙරුම් ගන්න "අල්ලාහ්" ත්‍රෙඩ් එක මුල ඉදල අගට කියවන්න ) . ඔනේ නම් වේටර් ගෙන් ඩෙවල් එක හදපු කෝකියගෙ නම අහල කුස්සියට ගිහින් පොරව හම්බුවෙලා කෙලින්ම අහන එකයි

:D:D:D
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මනස තියෙන්නෙ කොහෙද කියල හිතන එකත් හරියට අර ඩෙවල් එක හදපු හැන්ද වගේ. ( කතාව තෙරුම් ගන්න "අල්ලාහ්" ත්‍රෙඩ් එක මුල ඉදල අගට කියවන්න ) . ඔනේ නම් වේටර් ගෙන් ඩෙවල් එක හදපු කෝකියගෙ නම අහල කුස්සියට ගිහින් පොරව හම්බුවෙලා කෙලින්ම අහන එකයි

:D:D:D
:D:D:yes: හරියට හරි වැඩකට නැති දෙයක් හොයන්නෙ

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මූ මාර අංකල් තමා. ඔය අංකල්ලා පොඩි කොල්ලන්ට හරි කැමැතියි. අර කුරාන් කියන හද්ද බේගල් පොතේ තියෙන දිවිය ලෝකෙත් පොඩි කොල්ලන් හම්බෙනවාලු. මම ඉස්ලාම් අත අරින්න කලින් මොස්ක් වල යන සීන් ගැන හොඳට දන්නවා.

    සිත "තියෙනවා " කියලා එකක් නැහැ. බෞද්ධ දර්ශනය ඉගෙන ගනිං. ඔක්කෝම සම්මුතියක් විදියට "පවතිනවා" කියලා ගත්තට ඇත්තටම පැවැත්මක් නැහැ. හේතු නිසා ආයතන ආශ්‍රිතව පැන නගිනවා, හේතු නැතිවනකොට ඒ සිත නැතිවෙලා වෙන සිතක් පහල වෙනවා.

    මේවා තේරුම් ගන්න අමාරුයි, ඇයි බුදු හාමුදුරුවෝ කිව්වනේ, "මගෙ දර්මය නුවන ඇත්තන්ට" කියලා. ඉතන්න පුලුවන් අයට තමා මේ ගැඹුරු දර්මය

    පීස් පීස් කියල, 900කගේ බෙලිකපපු, අවුරුදු 9 පොඩි දරුවෙක් ඇදට ගත්ත පරයෙක්ව ප්‍රොපට් කියල අදහන මෝඩයන්ට මෙවා තේරුම් ගන්න අමාරුයි.
     
    අවුරුදු 9 ක් නෙමෙයි අවුරුදු 6යි අයිශාට මොහම්මද් එක්ක යද්දි, එක විතරක් නෙමේ තව මරේ මරු සීන් එකක් තියෙනව. මම පුළුවන් වුනොත් ඒක අද දාන්නම්.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අවුරුදු 9 ක් නෙමෙයි අවුරුදු 6යි අයිශාට මොහම්මද් එක්ක යද්දි, එක විතරක් නෙමේ තව මරේ මරු සීන් එකක් තියෙනව. මම පුළුවන් වුනොත් ඒක අද දාන්නම්.

    ඕවා කියලා ඉතිං අර ඔලු නවයේ නයි අනූදෙනා ලව්වා දෂ්ට කරගන්න තමයි යන්නේ..:P
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඕවා කියලා ඉතිං අර ඔලු නවයේ නයි අනූදෙනා ලව්වා දෂ්ට කරගන්න තමයි යන්නේ..:P

    ඇයි අපායෙ වානේ වලින් හදපු මිටි පාරවල් , එක ශොට් එකෙන් ඔළුව දෙබෑ වෙනවලු , ආයෙමත් එක ජොයින් කරල ආයෙත් ගහනවලු. :confused:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇයි අපායෙ වානේ වලින් හදපු මිටි පාරවල් , එක ශොට් එකෙන් ඔළුව දෙබෑ වෙනවලු , ආයෙමත් එක ජොයින් කරල ආයෙත් ගහනවලු. :confused:

    ඇයි අර ගෝනුස්සා..:shocked::lol::lol::lol: