Originally posted by ayyandi...
සිත යනු කුමක් ද?
මුලින් ම කියන්න ඕන. සිත තියෙන්නෙ රුධිරයේ යැයි කියා ඇති කතාව ධර්මයට පටහැනි බව.
සිත තියෙන්නේ රුධිරය ආශ්රිතව කියා බුද්ධ දේශනාවක නැහැ. එය එසේ වුව හොත් ඩයලයිසිස්
කිරීමේ කටයුතු වලදී මහා අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ලේ දෙන එක මහා
ප්රශ්නයක් වෙනවා නේද? ඒ නිසා හාමුදුරුවරු කියන කතා බුද්ධ දේශනාවේ තියෙන තැනත් එක්ක
අහන්න පුරුදු වුනොත්, උන්වහන්සේලා පවා තමන්ගේ මතය කියන්නෙ නැතුව ශාස්තෘන්වහන්සේ
ගේ දේශනාව කියන්න පුරුදු වේවි.
සිත හැසිරෙන තැන් දහ අටක් තිබෙනවා. ඒ ගැන විස්තර වෙන දේශනාවක් තමයි
සළායතන විභංග සූත්රය කියන්නේ. ඔව්...ඡචක්ක සූත්රයෙත් තියෙනවා.
"අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා."
"සිත හැසිරෙන තැන් දහඅට ගැන ඔබ දැන සිටිය යුතු යි."
මෙහෙම දේශනා කරමින් උන්වහන්සේ, සිත හැසිරෙන තැන් දහඅට ගැන දේශනා කරනවා.
"(01)ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රූපයේ සිත හැසිරෙනවා. (02) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ
සිත හැසිරෙනවා. (03) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා.
(04)කණින් ශබ්දයක් ඇසුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (05) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ
සිත හැසිරෙනවා. (06) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ සිත හැසිරෙනවා.
(07)නාසයෙන් යම් ගද සුවදක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (08) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ
සිත හැසිරෙනවා. (09) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා.
(10)දිවෙන් යම් රසයක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රසය තුළ සිත හැසිරෙනවා. (11) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ
සිත හැසිරෙනවා. (12) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ සිත හැසිරෙනවා.
(13)කයෙන් යම් පහසක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ පහස තුළ සිත හැසිරෙනවා. (14) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් අන්න ඒ පහස තුළ
සිත හැසිරෙනවා. (15) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ පහස තුළ සිත හැසිරෙනවා.
(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා. (17) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ සිතිවිල්ල තුළ
සිත හැසිරෙනවා. (18) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් අන්න ඒ සිතිවිල්ල තුළත් සිත හැසිරෙනවා."
(සළායතන විභංග සූත්රය - මජ්ඣිම නිකාය 3)