මන්ත්‍ර ගුරුකම් සම්බන්දව මට වෙච්චි අත්දැ

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    මන්ත්‍ර ගුරුකම් සම්බන්දව මට වෙච්චි අත්දැ

    මචන් මේ මට වෙච්චි සිරාම අත්දැකීමක් ලියන්නේ. මගේ Wife, එයාගේ අම්මලයි හුගක් ඔය ගුරුකම්, ඇස්වහ කටවහ විශ්වාස කරනවා. අපි මචන් අලුතින් ගෙයක් ගත්තා. මේ ලගදි දවසක. Wifuth හුගක් අසනීප උනා මේ දවස්වල. ඉතින් අපි අතරත් නිතර නිතර රණ්ඩු ඇති උනා. අනවශ්‍ය දේවල්වලට. කොහොම හරි අම්මා මේ ලගදි එයාවයි මායි අරගෙන ඒ ගොල්ලෝ අදුරන පත්තිනි මෑනියෝ ගෙන්නලා මිනිස්සුන්ට පිහිට වෙනවා කියන දේවාලෙකට ගියා. මම නම් මචන් ඕකුන්ව තබා සතේකට ගණන් ගන් නෑ.
    හැබැයි ඕව පැහැදිලි කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක. ඉතින් අපි ගියානේ. මූ ඉස්සෙල්ලම පහනක් පත්තු කළා. Wifeta කිවුවා පහන දිහා බලන් ඉන්න කියල. ඊට පස්සේ මූ අත ඇරියනේ පතරංග ජාතකේම. අපි දෙන්න අතර රණ්ඩු ඇති වෙනවලු, මෙන්න මේ මේ ලෙඩ තියෙනවලු. දැන් එත් මට මූව sure නෑ. අම්මල ඇස් වහ කට වහ කපන්න කියල දෙහි වගයක් ගෙනිච්චා. මූ කිවුවා මේක නම් දෙහි කපලා අයින් කොරන්න බෑ. කවුද කෙනෙක් විනයක් කරනවලු සොහොන් කාලි හරහා. තාමත් ඒක කරනවලු. අපි දෙන්න අතර රණ්ඩු සරුවල් ඇති කරන්න හදනවලු, නැන්ද මාමට දුවව එපා වෙන්න වැඩ කරනවලු,. (හැබැයි මචන් මේ කතා ඔක්කොම ඇත්ත) මේකට දවස් ගානක් මතුරලා නිවසටත් ආරක්ෂාවක් කරන්න ඕනි කියලා. මුට්ටි 8ක් වලලන්න ඕනිලු. දැන් මට යක්ෂාවේශ වෙලා හිටියේ. එහෙන් මෙයාගේ අම්මයි, මෙයයි අනේ කොහොම හරි මේක කප්පල දෙන්න දෙන්න කියද්දී මට මල පැනල හිටියේ. මූ රුපියල් 25000 ඉල්ලුවා. මන් දැන ගත්තා කොහොමත් මූ මේ වගේ දෙයක් කියයි කියල. මන් සද්ද නැතුව හිටියා. දැන් තමයි හොදම හරිය.
    මූ මට පහන දික් කරලා පහන දිහා බලන් ඉන්න කිවුවා. දැන් මාත් වැදගෙන බලන් ඉන්නවා. පොර ඇහුවා ඇග ගැහෙනවද කියලා. මන් කිවුවා නෑ කියලා. ඌ කිවුවා වෙන්න බෑ කියලා. එතකොට තමයි මන් දැක්කේ මගේ අත් වෙව්ලනවා කියලා, මට මචන් ඒක control කර ගන්න බැරුව ගියා. මූ කිවුවා සොහොන් කාලිගේ දිෂ්ටිය වැටුනම මිනිස්සුන්ගේ ඇග වෙව්ලනවා කියලා. මන් මචන් බොහොම අමාරුවෙන් නවත්තගන්න හැදුවට හරි ගියෙත් නෑ. ඒ පාර මුළු ඇගම වෙව්ලන්න ගත්තා. පිට කකුල් ඔක්කොම. පොර බෙරයක් අරන් ගැහුවා මන්තරයක් කියා කියා. මගේ ඇග නලියනවා, මූ ඊට පස්සේ කොහොම හරි වැඩේ තීන්දු කොර ගත්තා. කොහොම හරි දෙවාලෙන් එලියට එද්දී මගේ ඇග ගැහෙන එක නැවතුනා. පොර කිවුවා ඒ ලග දවසේ ආපුවම මුලින් ඇග ගැහෙලු. දිෂ්ටිය කැඩුවට පස්සේ ඇග ගැහෙන එක නවතියි. ඒ කියන්නේ පොර හරියට වැඩේ කළා කියන එකලු.
    ඉතින් මචන් ඕකයි මගේ කතාව.
    මේ සම්බන්දව දැන් උබල උපහාසයෙන් බලයි. මට මචන් බුද්දිමත් උත්තරයක් දියන් මේ සම්බන්දව. කපුවා ගැන කියනවා නම් පොරගෙන් වැඩ කර ගත්තු අය ඕනි තරම් ඉන්නවා. හැමෝම හොද විතරයි කියන්නේ, මේවා ඇත්තක්ද? මගේ ඇග ගැහුනේ ඇයි? (මන් මචන් මේ පාන්ඩුව හැදිච්ච ලෙඩෙක් නෙවෙයි හොදේ.:P දේවාලෙට යදිදිවත්, ඇතුලේ ඉද්දිවත් ගැහුනේ නෑ. පහන ඇල්ලුවට පස්සේ උනේ.) මට ඕනි මූ බොරු කාරයෙක් කියලා කස්ටියට ඔප්පු කරන්නයි. ගෙදර හැමදාම රෑට පිරිත් දානවා. ඒත් මගේ ඇග උට ඕනි විදියටම ගැහුනා. දැන් ඊ ලග දවසෙත් ඒක කරලා පෙන්නලා තමයි දිස්ටිය අයින් කරන්නේ. Wife ට තමයි කොඩිවිනය කරන්නේ. ඒක මටත් බලපාල කියල තමයි පොර කියන්නේ.
    Wife නම් කියන්නේ එයා එහෙම හැම එකාටම සල්ලි පුදන්න යන් නෑ. හැබැයි ඒකත් ඇත්ත මචන්. සල්ලි වලදී එයා මාර අරපිරිමැස්මෙන් කරන්නේ. හැබැයි මේ තැන ගැන එයා දන්නා නිසාලු කරන්නේ. අනිත් එක එයාගේ පැත්තෙන් එයා කැමති නෑ මට මොකවත් වෙනවට.

    මන් මචන් Positive Thinking හුගක් විශ්වාස කරනවා. මන් කැමති නෑ විශ්වාස කරන්න අද්බූත බලවේග අපිව පාලනය කරනවා කියන්න. මේ කපුවාට මානසික තලයක් තියෙනවද එහෙම දේවල් පේන්න? මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේකද? මචන් මන් මාර අසරණ වෙලා ඉන්නේ මන් අදහන බුදුදහමත් එක්ක මේක ගලපගන්න බැරුව. (අල්ගම පැත්තේ තියෙන දේවාලයක්. හෙන කැඩිච්ච පාරක යන්නේ. දන්නවද ? )

    ඔය ගුරුකම් ගැන දැනුමක් තියෙන සහ අත්දැකීම තියෙන අය Share කරමු බලන්න අදහස්
    ------------------------------------------------------
    (පසුව ලියමි : හුගක් අය ලියල තියෙන අදහස් වලින් මට තේරුන දේ තමයි මේ සම්බන්දව පැහැදිලි නිගමනයකට එන්න අදෘශ්‍යමාන බලවේග සහ කර්මය සම්බන්ද දැනුම අපට මදි බවයි. කර්ම විශ්ව අචින්ත්‍යයි. ඉතින් මේ සම්බන්දව Open Mind එකේ ඉන්න එක තමයි හොද. හැබැයි මට මේ ගැන නිරාකරණය කරගන්න ගොඩක් කරුණු හිතේ ගොඩ ගැහුනා. අනේ මන්ද ස්වාමීන් වහන්සේලා පවා මේ වගේ දේවාල වලට එනවලු. ඉතින් මේ ගැන ගැබුරටම හොයන්න ගියොත් ඒක නිර්වාන දාතුවෙන් ඔබ්බට යනවා. ඒත් උතුම් වූ බුදු ගුණ, බුද්ද පිරිත් වලටත් වඩා ඉහලින් වැඩ කරනා ප්‍රේතයෝ සිටීද? මා මේ යන්නේ මිත්‍යා දෘෂ්ටියක් පසු පසද? මට පව් සිදු වේද? බුදුදහම යන තර්කානුකූල දහමකි. නමුත් සෑම දෙයක්ම තර්ක කල හැකිද?
    නොදනිමි මම. වේදිකාව ඔබට බාරයි. තව සතියකින් මටම කරනා දෙය බලාගන්න පුළුවන්.)
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    tawa sure than 2 3 kin pena balapan. e thanwalinuth me wage deyak kiyaunoth hari. Umba wade karanawanam karala iwarawelath tawa thankin ahapan wade hariyatama kerunada kiyala. Oya dewal diha samahara aya upahasayen balanawa. Eth mechchara kalayak oyage yanthra manthra gurukam pawathune ewaye aththa deyak thiyena handa.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මේ මට වෙච්චි සිරාම අත්දැකීමක් ලියන්නේ. මගේ Wife, එයාගේ අම්මලයි හුගක් ඔය ගුරුකම්, ඇස්වහ කටවහ විශ්වාස කරනවා. අපි මචන් අලුතින් ගෙයක් ගත්තා. මේ ලගදි දවසක. Wifuth හුගක් අසනීප උනා මේ දවස්වල. ඉතින් අපි අතරත් නිතර නිතර රණ්ඩු ඇති උනා. අනවශ්‍ය දේවල්වලට. කොහොම හරි අම්මා මේ ලගදි එයාවයි මායි අරගෙන ඒ ගොල්ලෝ අදුරන පත්තිනි මෑනියෝ ගෙන්නලා මිනිස්සුන්ට පිහිට වෙනවා කියන දේවාලෙකට ගියා. මම නම් මචන් ඕකුන්ව තබා සතේකට ගණන් ගන් නෑ.
    හැබැයි ඕව පැහැදිලි කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක. ඉතින් අපි ගියානේ. මූ ඉස්සෙල්ලම පහනක් පත්තු කළා. Wifeta කිවුවා පහන දිහා බලන් ඉන්න කියල. ඊට පස්සේ මූ අත ඇරියනේ පතරංග ජාතකේම. අපි දෙන්න අතර රණ්ඩු ඇති වෙනවලු, මෙන්න මේ මේ ලෙඩ තියෙනවලු. දැන් එත් මට මූව sure නෑ. අම්මල ඇස් වහ කට වහ කපන්න කියල දෙහි වගයක් ගෙනිච්චා. මූ කිවුවා මේක නම් දෙහි කපලා අයින් කොරන්න බෑ. කවුද කෙනෙක් විනයක් කරනවලු සොහොන් කාලි හරහා. තාමත් ඒක කරනවලු. අපි දෙන්න අතර රණ්ඩු සරුවල් ඇති කරන්න හදනවලු, නැන්ද මාමට දුවව එපා වෙන්න වැඩ කරනවලු,. (හැබැයි මචන් මේ කතා ඔක්කොම ඇත්ත) මේකට දවස් ගානක් මතුරලා නිවසටත් ආරක්ෂාවක් කරන්න ඕනි කියලා. මුට්ටි 8ක් වලලන්න ඕනිලු. දැන් මට යක්ෂාවේශ වෙලා හිටියේ. එහෙන් මෙයාගේ අම්මයි, මෙයයි අනේ කොහොම හරි මේක කප්පල දෙන්න දෙන්න කියද්දී මට මල පැනල හිටියේ. මූ රුපියල් 25000 ඉල්ලුවා. මන් දැන ගත්තා කොහොමත් මූ මේ වගේ දෙයක් කියයි කියල. මන් සද්ද නැතුව හිටියා. දැන් තමයි හොදම හරිය.
    මූ මට පහන දික් කරලා පහන දිහා බලන් ඉන්න කිවුවා. දැන් මාත් වැදගෙන බලන් ඉන්නවා. පොර ඇහුවා ඇග ගැහෙනවද කියලා. මන් කිවුවා නෑ කියලා. ඌ කිවුවා වෙන්න බෑ කියලා. එතකොට තමයි මන් දැක්කේ මගේ අත් වෙව්ලනවා කියලා, මට මචන් ඒක control කර ගන්න බැරුව ගියා. මූ කිවුවා සොහොන් කාලිගේ දිෂ්ටිය වැටුනම මිනිස්සුන්ගේ ඇග වෙව්ලනවා කියලා. මන් මචන් බොහොම අමාරුවෙන් නවත්තගන්න හැදුවට හරි ගියෙත් නෑ. ඒ පාර මුළු ඇගම වෙව්ලන්න ගත්තා. පිට කකුල් ඔක්කොම. පොර බෙරයක් අරන් ගැහුවා මන්තරයක් කියා කියා. මගේ ඇග නලියනවා, මූ ඊට පස්සේ කොහොම හරි වැඩේ තීන්දු කොර ගත්තා. කොහොම හරි දෙවාලෙන් එලියට එද්දී මගේ ඇග ගැහෙන එක නැවතුනා. පොර කිවුවා ඒ ලග දවසේ ආපුවම මුලින් ඇග ගැහෙලු. දිෂ්ටිය කැඩුවට පස්සේ ඇග ගැහෙන එක නවතියි. ඒ කියන්නේ පොර හරියට වැඩේ කළා කියන එකලු.
    ඉතින් මචන් ඕකයි මගේ කතාව.
    මේ සම්බන්දව දැන් උබල උපහාසයෙන් බලයි. මට මචන් බුද්දිමත් උත්තරයක් දියන් මේ සම්බන්දව. කපුවා ගැන කියනවා නම් පොරගෙන් වැඩ කර ගත්තු අය ඕනි තරම් ඉන්නවා. හැමෝම හොද විතරයි කියන්නේ, මේවා ඇත්තක්ද? මගේ ඇග ගැහුනේ ඇයි? (මන් මචන් මේ පාන්ඩුව හැදිච්ච ලෙඩෙක් නෙවෙයි හොදේ.:P දේවාලෙට යදිදිවත්, ඇතුලේ ඉද්දිවත් ගැහුනේ නෑ. පහන ඇල්ලුවට පස්සේ උනේ.) මට ඕනි මූ බොරු කාරයෙක් කියලා කස්ටියට ඔප්පු කරන්නයි. ගෙදර හැමදාම රෑට පිරිත් දානවා. ඒත් මගේ ඇග උට ඕනි විදියටම ගැහුනා. දැන් ඊ ලග දවසෙත් ඒක කරලා පෙන්නලා තමයි දිස්ටිය අයින් කරන්නේ. Wife ට තමයි කොඩිවිනය කරන්නේ. ඒක මටත් බලපාල කියල තමයි පොර කියන්නේ. මන් මචන් Positive Thinking හුගක් විශ්වාස කරනවා. මන් කැමති නෑ විශ්වාස කරන්න අද්බූත බලවේග අපිව පාලනය කරනවා කියන්න. නමුත් කියමු බලන්න ඔබගේ අදහස්. (අල්ගම පැත්තේ තියෙන දේවාලයක්. හෙන කැඩිච්ච පාරක යන්නේ. දන්නවද ? )

    mcn meke thread ekak tbba BUTHA KOTUWA kyl anna eke dpn oya kathawa eken oyta help ekak ganna plwn mcn:yes::yes::yes::yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    තාමත් ඕවට අහු වෙන ගොන් හරක් ඉන්නවනේ මන් අහන්නේ :lol:
     
    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    තාමත් ඕවට අහු වෙන ගොන් හරක් ඉන්නවනේ මන් අහන්නේ :lol:

    මන් කැමතියි ඔබ ඔය කියන දේ මගේ කටින් කියන්න. මන් එහෙම කිවුවත් එක්ක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ඊයා බං උඹලට අප්පිරියා නැද්ද බන් ඔය දේවාල මගුල්. මට නම් වමනේ යන්න එනවා ඔය දේවාල වල තියෙන දෙවියෝ කියලා කියන බලි රූප දැක්කම
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Samahara ewa atta ban...apita penne nati godak balawega me loke tiyenawa...mage afffir eka kadunet kellage thatha kodiwinyak karala...mage job natiwuna mSc kara ekat nawatuna..dan umbala wiswasa karapalla mama 5+ years experience tiyan degree tiyan kadeka type karanawa kiwama...nokara ewun indi ...mata karana deyak na ekata...mage a winet kapuwa kiwa..but tama hondak wune na...kelata mawa penna ba...wenada man gena hewuuwa kella man inawada nadda balanne na...ohe inawa....Umbala hitanne 6 year affair ekak kadunama mental eka kohoma atida kiyala...ona okai kari thathala karanne tamunge dula affaor walin bera ganna...wesiyange puththu.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    දැං උඹ ඕක විස්වාස කරන්නේ ඇග ගැහුණ හින්දා ද?

    මේ ලෝකේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා.
    එකක් මෙවා සත පහකට ගණන් ගන්නේ නැති උං.

    අනික් උං ඕවා පස්‌සේ දුවන උං.

    සත පහකට ගණන් ගන්නේ නැති මිනිහා නම් අනිවා හිතනවා මෙක උබට මොකක් හරි දීපු drug එක සහ උගේ trick එක ගැන. මොකද පොර විද්‍යාත්මකව හිතනවා.
    එක පාර වෙව්ලවපු ගමං convert වෙන්නේ නැහැ.

    එහෙම convert උනා වගේ කතා කරන්නේ කිසියම් යටි අරමුණක් ඇතුව
     
    Drug ekak dunne naane. ekane aula. Ape hith wala thibba evath kiuvane,
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හදිහූනියම් කියන්නේ අමුනුශයන්ට අරව දෙන්නම් මේවා දෙන්නම් කියලා එක එක පොරොන්දු වෙලා.අරයට කරදර කරන්න මෙයාට කරදර කරන්න කියලා යවන එක.හරියට කෙනෙක්ව මරන්න පාතාලේ කෙනෙකුට කොන්තරතුවක් දෙනවා වගේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලෝකේ සමහර දේවල් ටිකක් තියෙනවා එකපාරටම බොරු කියලා
    අයින් කරන්න බැරි..
    ඒවයේ ඇත්තක් තියෙන්නත් පුළුවන්,
    මංතර ගුරුකම් හරියටම කරපු හාමුදුරුවරු ඉස්සර ලංකාවේ ඉදලා තියෙනවා..
    අදත් බොහොම අතලොස්සක් ඇති..
    හරියට කරන අය හොයාගන්න එක තමා ගේම..
    මම ආයෙත් කියන්නේ නොපෙනෙන බලවේග සහ අදෘශ්‍යමාන දේවල් ලෝකේ එදත් තිබුනා..
    අදත් තියෙනවා.. හෙටත් තියෙයි..
    කෝකටත් බුද්ධාගම හරියට අදහගෙන ආගමානුකූලව හිතට අවංකව ජීවත් වෙයන්..
     
    • Like
    Reactions: WhiteWalker

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේක මගේ අත්දැකීම් වලින් කියන්නම්; මමත් ගිහින් තියනවා ඔය සාස්තර පෙන බලන තැන වලට. අපේ පවුලේ අයත් එක්ක; කියපු සමහර ඒවා හරි සමහර ඒවා වැරදි; අපේ බුද්ධ දෙෂනා වලත් භාවනා වලත් තියනවා කෙනෙක්ගේ සිත දිහා බලන ක්‍රම ගැන; ඔය සාස්තර කියන තැන්වල ගොඩක් යට එහෙම දෙයක් නෑ, එත් මෙහෙම එකක් තියනවා.
    සමහර අයට යම්කිසි මානසික ශක්තියක් තියනවා , තවත් සමහරුන්ට යම් කුඩා බලවේග විසින් උදව් කරනවා, පෙන්නුම් කරනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ අපේ සිත පිරික්සන එක කියලයි මම හිතන්නේ. එතින් අපිත් කාලයක් ඔය පැත්තේ වැඩ කරගෙන ප්‍රශ්න විසදා ගන්න කියල හැදුව. විසදා ගත්ත ඒවත් තියනවා මුකුත් වැඩක් උන් නැති ඒවත් තියනවා. හැබැයි මචන් ඕවට ගියොත් ගැලවෙන්න වෙන්නේ නෑ. එකක් යන්න එකක්.
    මොකද අපි බෞද්ධ විදිහට බැලුවොත් උබට දෙයක් වුනොත් වෙන්නේ කර්මානුරුපිව. නිකන් හිතන්න ලැබෙන්න තියන ජොබක් හෝ උසස් වීමක් හෝ ඉගෙන ගන්න තියන පාරක් නැති වෙන්න යනවා. එක අපි කරපු අකුසලයකට වෙන එකක්. අපි ඔය වගේ තැනකට ගිහින් මොකක් හරි දෙවියන්ට හෝ වෙන බලවෙගේකට හෝ කියල ජිල් මාට් එකක් ගෙන ඒ මොහොතේ ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන් එත් එක අපහු ඊට පස්සේ කඩ ඉමට රිටන් වෙනවා. එනිසා දැන් අවුරුදු 2, 4 විතර ඉදන් අපි ඕවට යන්නේ නෑ. වෙලාවක් වත් බලන්නේ නෑ. අපිට ජිවිතේ තේරුම් ගන්න බෞද්ධාගම වගේ දෙයක් තියෙද්දී නිකන් එන පොඩි ප්‍රශ්නෙක විසදුම් හොයන්න යන්නේ නෑ. ඒ පොඩි මොහොතට තණ්හාවෙන් ඇලිල නිත්‍යයි කියල හිතල වැඩ කරලා හරි යන්නේ නෑ. මම අම්ම එහෙම තනිකරම බෞද්ධ විදිහට ජීවත් උනා. අනිත් මගුල් අයින් කරලා. තාත්තා නම් පොඩ්ඩක් atheist වගේ උනා. එදා ඉදන් අපිට මාර සැහැල්ලුවක්.
    මම කියන්නේ නා ඕව හැදී හුනිය්ම් අසත්‍යයි කියල. එත් ඒවගේ side effects ඕන තරම්. ජිවත් වෙන්න වෙලාවක් වෙන්නේ නෑ.
    උබට දෙන උපදෙසේ එක්කෝ බෞද්ධ වෙන්න, නැත්තම් තමුගේ ආගමට අනුව ආගමික වෙන්න. නැත්තම් logical and scientific වෙන්න. ගොඩක් ඔය පෙන කියන අය (හොරු ඇරුනාම) තියෙන්නේ කෙනෙක්ගේ හිත හා ඔහුට වෙන දේ බලාගන්න පුළුවන් මොකක් හරි බලයක් කියමුකෝ. එකෙන් ඔක්කොම විසදන්න බෑ. එත් අපේ ගොඩක් අය ඒවගේ තැන්වලින් කියන දේට බය වෙනවා.. ගොඩක් ගැනු පාර්ශවය. නුවනින් හිතල වැඩක් කරන්න.
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මමත් විස්වාස කරන් නෑ ඕවා. ඒ වැඩ කරලත් නෑ. හැබැයි වාහන ගත්තමනං යන්න වෙනවා. පුරැද්දක් වගේ යනවා. ඉස්සර තාත්තලත් ගිය නිසාද කොහෙද. මට මේක කියවද්දි මතක් උනේ. මුන්නේෂ්වරම් ගියා අවු 2 ට විතර කලින්. පහනක් අල්ලනවනෙ කපුස්, වැදගෙන ඉද්දි අත් දෙක ගැහෙන්න ගත්තනෙ උබ කිව්ව වගෙ. තද කරන් හිටියට නවතින්නෙත් නෑ. කියවන ඒව මම අහන් හිටියෙත් නෑ. ඇත්තම කිව්වොත් මම හිත හිත හිටියෙ මුන් ගන්න පලතරැ ආයෙ කඩේට දෙනවද අරව මේවා. හිතාගන්න බෑ අත් දෙක ගැහුන එක. අද ආයෙ මතක් වුනා ඒක. කතරගම එහෙමත් යනව ඒත් එහෙම වෙලා නෑ. මුන්නෙස්වරම් අන්තිමට ගිය දෙපාරම වුනා. දෙවෙනිපාරනං අදත් ගැහෙයිද කියල හිත හිත හිටියා ඒකමද කොහෙද ගැහුන. අත් දෙක විතරමයි හැබැයි. අනුනාද වනව වගෙ සීන් කෝන් එකක්ද දන්නෑ. හැබැයි ඕවා විස්වාස කරන්න තරම්ම දෙයක් මට වෙලා නෑ දැනට.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඕව ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. කොහොමත් ඔනෑවට වඩා ඕව පස්සේ යන එක නම් මෝඩ කමක්. මොනව හරි ලොකු ප්‍රශ්නයක් වුනහම කේන්දරය බලල යමක් කලාට කමක් නෑ. නමුත් ඕව පස්සෙන් යන්න හොද නෑ. එතකොට ඉවරයක් වෙන්නේ නෑ. ආගමානුකූලව ජීවත් වෙන එක තමයි හොදම දෙය. සමහර කර්ම ශක්ති මොනව කරලවත් වලක්වන්න බෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    Drug ekak dunne naane. ekane aula. Ape hith wala thibba evath kiuvane,
    වෙනරටවල් වල ගෑනු රේප් වෙනවා drug කරල, ප්‍රසිද්ද දේවල්. ඒ එකක් වත් උන්ට තේරෙන්න දෙන ඒවා නෙමෙයි.
    උබට අපි කියන්න ඕන නැහැ මං හිතන්නේ ඕකට උත්තරේ උබ ගාවම තියෙනව