මන්ත්‍ර ගුරුකම් සම්බන්දව මට වෙච්චි අත්දැ
මචන් මේ මට වෙච්චි සිරාම අත්දැකීමක් ලියන්නේ. මගේ Wife, එයාගේ අම්මලයි හුගක් ඔය ගුරුකම්, ඇස්වහ කටවහ විශ්වාස කරනවා. අපි මචන් අලුතින් ගෙයක් ගත්තා. මේ ලගදි දවසක. Wifuth හුගක් අසනීප උනා මේ දවස්වල. ඉතින් අපි අතරත් නිතර නිතර රණ්ඩු ඇති උනා. අනවශ්‍ය දේවල්වලට. කොහොම හරි අම්මා මේ ලගදි එයාවයි මායි අරගෙන ඒ ගොල්ලෝ අදුරන පත්තිනි මෑනියෝ ගෙන්නලා මිනිස්සුන්ට පිහිට වෙනවා කියන දේවාලෙකට ගියා. මම නම් මචන් ඕකුන්ව තබා සතේකට ගණන් ගන් නෑ.
හැබැයි ඕව පැහැදිලි කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක. ඉතින් අපි ගියානේ. මූ ඉස්සෙල්ලම පහනක් පත්තු කළා. Wifeta කිවුවා පහන දිහා බලන් ඉන්න කියල. ඊට පස්සේ මූ අත ඇරියනේ පතරංග ජාතකේම. අපි දෙන්න අතර රණ්ඩු ඇති වෙනවලු, මෙන්න මේ මේ ලෙඩ තියෙනවලු. දැන් එත් මට මූව sure නෑ. අම්මල ඇස් වහ කට වහ කපන්න කියල දෙහි වගයක් ගෙනිච්චා. මූ කිවුවා මේක නම් දෙහි කපලා අයින් කොරන්න බෑ. කවුද කෙනෙක් විනයක් කරනවලු සොහොන් කාලි හරහා. තාමත් ඒක කරනවලු. අපි දෙන්න අතර රණ්ඩු සරුවල් ඇති කරන්න හදනවලු, නැන්ද මාමට දුවව එපා වෙන්න වැඩ කරනවලු,. (හැබැයි මචන් මේ කතා ඔක්කොම ඇත්ත) මේකට දවස් ගානක් මතුරලා නිවසටත් ආරක්ෂාවක් කරන්න ඕනි කියලා. මුට්ටි 8ක් වලලන්න ඕනිලු. දැන් මට යක්ෂාවේශ වෙලා හිටියේ. එහෙන් මෙයාගේ අම්මයි, මෙයයි අනේ කොහොම හරි මේක කප්පල දෙන්න දෙන්න කියද්දී මට මල පැනල හිටියේ. මූ රුපියල් 25000 ඉල්ලුවා. මන් දැන ගත්තා කොහොමත් මූ මේ වගේ දෙයක් කියයි කියල. මන් සද්ද නැතුව හිටියා. දැන් තමයි හොදම හරිය.
මූ මට පහන දික් කරලා පහන දිහා බලන් ඉන්න කිවුවා. දැන් මාත් වැදගෙන බලන් ඉන්නවා. පොර ඇහුවා ඇග ගැහෙනවද කියලා. මන් කිවුවා නෑ කියලා. ඌ කිවුවා වෙන්න බෑ කියලා. එතකොට තමයි මන් දැක්කේ මගේ අත් වෙව්ලනවා කියලා, මට මචන් ඒක control කර ගන්න බැරුව ගියා. මූ කිවුවා සොහොන් කාලිගේ දිෂ්ටිය වැටුනම මිනිස්සුන්ගේ ඇග වෙව්ලනවා කියලා. මන් මචන් බොහොම අමාරුවෙන් නවත්තගන්න හැදුවට හරි ගියෙත් නෑ. ඒ පාර මුළු ඇගම වෙව්ලන්න ගත්තා. පිට කකුල් ඔක්කොම. පොර බෙරයක් අරන් ගැහුවා මන්තරයක් කියා කියා. මගේ ඇග නලියනවා, මූ ඊට පස්සේ කොහොම හරි වැඩේ තීන්දු කොර ගත්තා. කොහොම හරි දෙවාලෙන් එලියට එද්දී මගේ ඇග ගැහෙන එක නැවතුනා. පොර කිවුවා ඒ ලග දවසේ ආපුවම මුලින් ඇග ගැහෙලු. දිෂ්ටිය කැඩුවට පස්සේ ඇග ගැහෙන එක නවතියි. ඒ කියන්නේ පොර හරියට වැඩේ කළා කියන එකලු.
ඉතින් මචන් ඕකයි මගේ කතාව.
මේ සම්බන්දව දැන් උබල උපහාසයෙන් බලයි. මට මචන් බුද්දිමත් උත්තරයක් දියන් මේ සම්බන්දව. කපුවා ගැන කියනවා නම් පොරගෙන් වැඩ කර ගත්තු අය ඕනි තරම් ඉන්නවා. හැමෝම හොද විතරයි කියන්නේ, මේවා ඇත්තක්ද? මගේ ඇග ගැහුනේ ඇයි? (මන් මචන් මේ පාන්ඩුව හැදිච්ච ලෙඩෙක් නෙවෙයි හොදේ.
දේවාලෙට යදිදිවත්, ඇතුලේ ඉද්දිවත් ගැහුනේ නෑ. පහන ඇල්ලුවට පස්සේ උනේ.) මට ඕනි මූ බොරු කාරයෙක් කියලා කස්ටියට ඔප්පු කරන්නයි. ගෙදර හැමදාම රෑට පිරිත් දානවා. ඒත් මගේ ඇග උට ඕනි විදියටම ගැහුනා. දැන් ඊ ලග දවසෙත් ඒක කරලා පෙන්නලා තමයි දිස්ටිය අයින් කරන්නේ. Wife ට තමයි කොඩිවිනය කරන්නේ. ඒක මටත් බලපාල කියල තමයි පොර කියන්නේ.
Wife නම් කියන්නේ එයා එහෙම හැම එකාටම සල්ලි පුදන්න යන් නෑ. හැබැයි ඒකත් ඇත්ත මචන්. සල්ලි වලදී එයා මාර අරපිරිමැස්මෙන් කරන්නේ. හැබැයි මේ තැන ගැන එයා දන්නා නිසාලු කරන්නේ. අනිත් එක එයාගේ පැත්තෙන් එයා කැමති නෑ මට මොකවත් වෙනවට.
මන් මචන් Positive Thinking හුගක් විශ්වාස කරනවා. මන් කැමති නෑ විශ්වාස කරන්න අද්බූත බලවේග අපිව පාලනය කරනවා කියන්න. මේ කපුවාට මානසික තලයක් තියෙනවද එහෙම දේවල් පේන්න? මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේකද? මචන් මන් මාර අසරණ වෙලා ඉන්නේ මන් අදහන බුදුදහමත් එක්ක මේක ගලපගන්න බැරුව. (අල්ගම පැත්තේ තියෙන දේවාලයක්. හෙන කැඩිච්ච පාරක යන්නේ. දන්නවද ? )
ඔය ගුරුකම් ගැන දැනුමක් තියෙන සහ අත්දැකීම තියෙන අය Share කරමු බලන්න අදහස්
------------------------------------------------------
(පසුව ලියමි : හුගක් අය ලියල තියෙන අදහස් වලින් මට තේරුන දේ තමයි මේ සම්බන්දව පැහැදිලි නිගමනයකට එන්න අදෘශ්‍යමාන බලවේග සහ කර්මය සම්බන්ද දැනුම අපට මදි බවයි. කර්ම විශ්ව අචින්ත්‍යයි. ඉතින් මේ සම්බන්දව Open Mind එකේ ඉන්න එක තමයි හොද. හැබැයි මට මේ ගැන නිරාකරණය කරගන්න ගොඩක් කරුණු හිතේ ගොඩ ගැහුනා. අනේ මන්ද ස්වාමීන් වහන්සේලා පවා මේ වගේ දේවාල වලට එනවලු. ඉතින් මේ ගැන ගැබුරටම හොයන්න ගියොත් ඒක නිර්වාන දාතුවෙන් ඔබ්බට යනවා. ඒත් උතුම් වූ බුදු ගුණ, බුද්ද පිරිත් වලටත් වඩා ඉහලින් වැඩ කරනා ප්‍රේතයෝ සිටීද? මා මේ යන්නේ මිත්‍යා දෘෂ්ටියක් පසු පසද? මට පව් සිදු වේද? බුදුදහම යන තර්කානුකූල දහමකි. නමුත් සෑම දෙයක්ම තර්ක කල හැකිද? නොදනිමි මම. වේදිකාව ඔබට බාරයි. තව සතියකින් මටම කරනා දෙය බලාගන්න පුළුවන්.)
මචන් මේ මට වෙච්චි සිරාම අත්දැකීමක් ලියන්නේ. මගේ Wife, එයාගේ අම්මලයි හුගක් ඔය ගුරුකම්, ඇස්වහ කටවහ විශ්වාස කරනවා. අපි මචන් අලුතින් ගෙයක් ගත්තා. මේ ලගදි දවසක. Wifuth හුගක් අසනීප උනා මේ දවස්වල. ඉතින් අපි අතරත් නිතර නිතර රණ්ඩු ඇති උනා. අනවශ්‍ය දේවල්වලට. කොහොම හරි අම්මා මේ ලගදි එයාවයි මායි අරගෙන ඒ ගොල්ලෝ අදුරන පත්තිනි මෑනියෝ ගෙන්නලා මිනිස්සුන්ට පිහිට වෙනවා කියන දේවාලෙකට ගියා. මම නම් මචන් ඕකුන්ව තබා සතේකට ගණන් ගන් නෑ.
හැබැයි ඕව පැහැදිලි කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක. ඉතින් අපි ගියානේ. මූ ඉස්සෙල්ලම පහනක් පත්තු කළා. Wifeta කිවුවා පහන දිහා බලන් ඉන්න කියල. ඊට පස්සේ මූ අත ඇරියනේ පතරංග ජාතකේම. අපි දෙන්න අතර රණ්ඩු ඇති වෙනවලු, මෙන්න මේ මේ ලෙඩ තියෙනවලු. දැන් එත් මට මූව sure නෑ. අම්මල ඇස් වහ කට වහ කපන්න කියල දෙහි වගයක් ගෙනිච්චා. මූ කිවුවා මේක නම් දෙහි කපලා අයින් කොරන්න බෑ. කවුද කෙනෙක් විනයක් කරනවලු සොහොන් කාලි හරහා. තාමත් ඒක කරනවලු. අපි දෙන්න අතර රණ්ඩු සරුවල් ඇති කරන්න හදනවලු, නැන්ද මාමට දුවව එපා වෙන්න වැඩ කරනවලු,. (හැබැයි මචන් මේ කතා ඔක්කොම ඇත්ත) මේකට දවස් ගානක් මතුරලා නිවසටත් ආරක්ෂාවක් කරන්න ඕනි කියලා. මුට්ටි 8ක් වලලන්න ඕනිලු. දැන් මට යක්ෂාවේශ වෙලා හිටියේ. එහෙන් මෙයාගේ අම්මයි, මෙයයි අනේ කොහොම හරි මේක කප්පල දෙන්න දෙන්න කියද්දී මට මල පැනල හිටියේ. මූ රුපියල් 25000 ඉල්ලුවා. මන් දැන ගත්තා කොහොමත් මූ මේ වගේ දෙයක් කියයි කියල. මන් සද්ද නැතුව හිටියා. දැන් තමයි හොදම හරිය.
මූ මට පහන දික් කරලා පහන දිහා බලන් ඉන්න කිවුවා. දැන් මාත් වැදගෙන බලන් ඉන්නවා. පොර ඇහුවා ඇග ගැහෙනවද කියලා. මන් කිවුවා නෑ කියලා. ඌ කිවුවා වෙන්න බෑ කියලා. එතකොට තමයි මන් දැක්කේ මගේ අත් වෙව්ලනවා කියලා, මට මචන් ඒක control කර ගන්න බැරුව ගියා. මූ කිවුවා සොහොන් කාලිගේ දිෂ්ටිය වැටුනම මිනිස්සුන්ගේ ඇග වෙව්ලනවා කියලා. මන් මචන් බොහොම අමාරුවෙන් නවත්තගන්න හැදුවට හරි ගියෙත් නෑ. ඒ පාර මුළු ඇගම වෙව්ලන්න ගත්තා. පිට කකුල් ඔක්කොම. පොර බෙරයක් අරන් ගැහුවා මන්තරයක් කියා කියා. මගේ ඇග නලියනවා, මූ ඊට පස්සේ කොහොම හරි වැඩේ තීන්දු කොර ගත්තා. කොහොම හරි දෙවාලෙන් එලියට එද්දී මගේ ඇග ගැහෙන එක නැවතුනා. පොර කිවුවා ඒ ලග දවසේ ආපුවම මුලින් ඇග ගැහෙලු. දිෂ්ටිය කැඩුවට පස්සේ ඇග ගැහෙන එක නවතියි. ඒ කියන්නේ පොර හරියට වැඩේ කළා කියන එකලු.
ඉතින් මචන් ඕකයි මගේ කතාව.
මේ සම්බන්දව දැන් උබල උපහාසයෙන් බලයි. මට මචන් බුද්දිමත් උත්තරයක් දියන් මේ සම්බන්දව. කපුවා ගැන කියනවා නම් පොරගෙන් වැඩ කර ගත්තු අය ඕනි තරම් ඉන්නවා. හැමෝම හොද විතරයි කියන්නේ, මේවා ඇත්තක්ද? මගේ ඇග ගැහුනේ ඇයි? (මන් මචන් මේ පාන්ඩුව හැදිච්ච ලෙඩෙක් නෙවෙයි හොදේ.
දේවාලෙට යදිදිවත්, ඇතුලේ ඉද්දිවත් ගැහුනේ නෑ. පහන ඇල්ලුවට පස්සේ උනේ.) මට ඕනි මූ බොරු කාරයෙක් කියලා කස්ටියට ඔප්පු කරන්නයි. ගෙදර හැමදාම රෑට පිරිත් දානවා. ඒත් මගේ ඇග උට ඕනි විදියටම ගැහුනා. දැන් ඊ ලග දවසෙත් ඒක කරලා පෙන්නලා තමයි දිස්ටිය අයින් කරන්නේ. Wife ට තමයි කොඩිවිනය කරන්නේ. ඒක මටත් බලපාල කියල තමයි පොර කියන්නේ. Wife නම් කියන්නේ එයා එහෙම හැම එකාටම සල්ලි පුදන්න යන් නෑ. හැබැයි ඒකත් ඇත්ත මචන්. සල්ලි වලදී එයා මාර අරපිරිමැස්මෙන් කරන්නේ. හැබැයි මේ තැන ගැන එයා දන්නා නිසාලු කරන්නේ. අනිත් එක එයාගේ පැත්තෙන් එයා කැමති නෑ මට මොකවත් වෙනවට.

Last edited: