මන්ත‍්‍රී කම රනිල්ට දී දයාසිරි සන්ධානයට එ
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
තමන්ට මන්ත‍්‍රී ධුරය සමඟම තම දේශාපාලන තිඹිරි ගෙය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යා හැකිව ඇති නමුත් තමන්ට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ගෞරව කරමින් යළිත් වතාවක් වයඹ ජනතාව ඉදිරියේ තම දේශපාලන තීන්දුව පරීක්‍ෂා කරමින් ඉදිරි පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් මුහුණ දෙමින් සිය මන්ත‍්‍රී ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දෙපා මුල තබන බව ඔහු සිය කතාවේදී කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොමැති බවත් එය තමන්ගේ ඉල්ලා අස්වීමට ප‍්‍රධානතම හේතුව වූ බවත් එහිදී කී මන්ත‍්‍රීවරයා තමා ඉදිරියේදී සන්ධාන ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරන බවද අවධාරණය කලේය.
තව අවුරුදු 10ක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයේ සිටින බවත් එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට ගත් උත්සහායට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහාය නොදුන් බවත් ඒකාධිපතියකු ලෙස හැසිරෙමින් පක්ෂය විනාශ කරන බවත් ජයසේකර මහතා පැවසීය.

Last edited: