මන්දනාගේ ගෝඨා වන්දනාව

tintin4

Member
Dec 20, 2017
272
34
0
මන්දනාගේ ගෝඨා වන්දනාව

100c9dca03642d3643dbd8ed1039a858_XL.jpg


මන්දනාගේ ගෝඨා වන්දනාවට සාධු කියන්න පිංවතුනි!

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර කියන්නෙ මහින්ද රාජපක්ෂටයි, ගෝඨාභය රාජපක්ෂටයි අසීමාන්තිකව වැඩ කරන ගමන්, එජාපයේ ප්‍රචාරක කොන්ත්‍රාතුවත් අරන් අගමැතිගෙයි ජනාධිපතිගෙයිත් මැදින් හිටගත්ත කෙනෙක්.

එච්චර විතරකුත් නෙමෙයි, කැම්පස් යන කාලෙ දාඩිය නිවාගන්න ගිය Liberty එකේ පස්සෙ කාලෙක අයිතිකාරයා වෙලා තමා එයා නතර වුණේ. ඒ නිසා වෙන්න ඇති සමහරු එයාට ‘මහා ව්‍යාපාරිකයා’ කියන්නේ.

ඊළඟට මන්දනා ස්මයිල්. මන්දනා කියන්නෙ රාජපක්ෂලාගෙ පවුල් පාලනයට විරුද්ධව හඬ නගපු, ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් මුසුප්පු වෙලා රාජපක්ෂලට විරුද්ධව ඉටිපන්දම් පත්තු කරපු කෙනෙක්. මතක ඉතිහාසයට අනුව රාජපක්ෂ රෙජීමයෙන් එයා බැට කෑවා වගේම, ගුටිත් කෑවා.

එහෙව් මන්දනා තමයි මේ එකපාරටම දිලිත් එක්ක එකතු වෙලා ගෝඨට හඬ කවන්න යන්නෙ. අම්බෝ ඉතිං මන්දනා වෙනස් වෙච්ච තරම!

කොහොමවුණත් අපිට ආරංචි විදිහට ඔය කියපු චරිත දෙක (ඒ කියන්නෙ දිලිත් ජයවීරයි මන්දනා ස්මයිලුයි) එකතුවෙලා අලුත් ඉංගිරීසි (අපි නොදන්න English) පත්තරයක් පටන්ගන්න යන්නෙ. ඒකෙ නම The Reader. (සිංහල පත්තරේකුත් එනවලු ‘දෙරණ’ කියලා. ඒක පරණ කතාවක් ඒවගේම වෙනම කතාවක්)

90 දශකයේ නම් විශ්වාසයක් තිබුණා ගේම්කාරයො දෙන්නෙක් එකතු වුණාම සෙට් වෙන්නෙ තවත් හෙන ගේමක් කියලා. ඒත් ඒක දැන් ඈනුම් යන කතාවක්. ඒකට හේතුව මේක ටිකක් අමුතු කාලයක්. ඒ කියන්නෙ මේ කාලෙ එහෙම ගේම්කාරයො දෙන්නෙක් එකතු වුණාම හැදෙන්නෙ බන්දුයි - ටෙනියි ඉන්න ෆිල්ම් එකක්. හෙනට හිනා යන සීන් එකක්.

දැන් මේ කතාව කාටහරි හිතෙන්න පුළුවන් ඉපදිලා නැති ළමයින්ට හදහන් හදනවා වගේ වැඩක් කියලා. නෑ... ඒක නෙමෙයි මේ කියන්නෙ. පරණ බට පතුරු එකතු කරලා අලුත් අටපට්ටමක් හදන එකක් ගැන.


ගොඩක් අයගෙ ඉතිහාස පාරවල් තමයි අනාගත දිශානතිය තීරණය කරන්නෙ. දිලිත්ට පත්තර ඉතිහාසයක් නැති වුණාට හොඳ කඩ සාප්පු ඉතිහාසයක් තියෙනවා. මන්දනාට කඩ සාප්පු ඉතිහාසයක් නැති වුණාට හොඳට සාප්පු සවාරි යාමේ ඉතිහාසයක් තියෙනවා. එහෙම ගිහින් අනාථ වෙච්ච තැනුත් අපි දන්නවා. (ඒත් ආදරෙයි අහස තරම්...)


කොහොම වුණත් අපිට ආරංචි වෙච්ච විදිහට ඒගොල්ලො දැන් ගෝඨා එක්ක යන්න හදන්නෙ ඉතිහාසයට කිසිම අදාළත්වයක් නැති Reform ගමනක්. ගෝඨාගෙත් පහුගිය ටිකේම පේන්න තිබුණෙ එහෙම විදිහක්.


එකඅතකට පුදුම වෙන්න දේකුත් නෑ. මොකද පොල් ගස්වල දෙල් හැදෙන්නෙ නැති වුණත් එහෙම නෙවෙයි කියලා හිතන්නත් බෑ. විකෘතියක් වුණත් ඒක තමයි දැන් තියෙන රිෆෝම් එක. ඉතිං අවුලක් ගන්නැතුව අයින් වෙලා බලන් ඉන්න.

මොනවත් නොකියා සාධු කියන්න...