මන්හොදය් නෙ බන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,138
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන්හොදය් නෙ බන්

    මූ එක්ක බලද්දි :baffled::baffled::baffled::baffled:



    ඉමෝ තාක්ෂණය හරහා සුරූපි තරුණියන්ගේ ඡායාරූප පෙන්වා විදෙස්ගත තරුණයකුගෙන් රුපියල් හැට දෙලක්ෂ පනස්දහසක මුදලක් වංචාවෙන් ලබාගත්තා
    යැයි කියන කාන්තාවක රුපියල් දෙලක්ෂයක මුදලක් සමග වැලිගෙපොල පනාන ප්‍රදේශයේදී ඉකුත් නව වැනි දින අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය කියයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් පස් හැවිරිදි එක් දරු මවක බවත්, එම කාත්තාව තම විවාහක සැමියා අතහැර අනියම් සැමියකු සමග පනාන ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පොලිසිය පවසයි. කොලොන්න කුඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි විදෙස් රටක රැකියාවක නිරත විසිපස් හැවිරිදි අවිවාහක තරුණයෙකු සමග මෙම කාන්තාව පස් මසක පමණ කාලයක සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබෙන බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසයි.දිගටම සැකකාර කාන්තාව සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවත් පොලිසිය කියයි.


    සම්බන්ධතාවට මාසයක් ඉක්මයාමට පෙර එම කාන්තාව විදෙස්ගත තරුණයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් තම ගිණුමට බැර කරන ලෙස ඉල්ලා ඇති බවත්, ඒ අනුව තරුණයා රුපියල් ලක්ෂයක මුදලක් සැකකාරියගේ ගිණුමට දමා ඇති බවත් පොලිසිය පවසයි.මේ අයුරින් මාස පහක් ඇතුළත විවිධ අවස්ථාවල රුපියල් හැටලක්ෂයකට අධික මුදලක් එම සැකකාරියගේ ඉල්ලීම මත සැකකාරියගේ ගිණුමට තරුණයා බැර කර තිබෙන බවට මතාරතුරු හෙළි වූ බව ද පොලිසිය පවසයි.

    සැකකාරිය විසින් එම මුදල් ලබා ගැනීමෙන් පසුව එම තරුණයාව පවසා ඇත්තේ තමන් මහනුවර ප්‍රදේශයේ තරුණියක බවත් සැමියාගෙන් වෙන්වී හුදකලාව ජිවත් වන අයකු බවත් ගුරුවරියක නොවන බවත් ඉන් තාක්ෂණය ඔස්සේ පවසා ඇති බව පොලිසිය කියයි.පසුව තරුණයා නොයෙක් අවස්ථාවල සැකකාරියව ඇමතුම් ලබා ගැනීමට උත්සාහ ගත්ත ද එම සැකකාරිය විසින් මගහැරිමට ගත් උත්සාහය ගැන සැක සිතී තරුණයා මේ කාත්තාව ගැන සොයා ඒ ගැන පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව බැංකු ගිණුම ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකාරිය ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.

    විවිධ අවස්ථාවල තරුණයා විසින් එම සැකකාරියට එවන ලද මුදල් භාවිත කරමින් සැකකාරිය ඉඩම්, නවීන පන්නයේ යතුරුපැදියක් ඇතුළු බොහෝ දේ මිලදී ගෙන ඇති බවත් තම සන්තකයේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් පමණක් ඉතිරිව ඇති බවත් සැකකාරිය පැවැසූ බව පොලිසිය කියයි.

    මෙවැනි වංචාවක් සිදු කිරිමට සැකකාරියගේ අනියම් සැමියා සහාය දක්වන්නට ඇති බවට සැක කරන බවත් මේ සමබන්ධව ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කිරීම කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැවැරිමට නියමිත බවත් පොලිසිය පවසයි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නාගානාන්ද වගෙ උන් චන්ද ඉල්ලන එක ආහාන්නත් දෙයක්ද

    ලාන්කාවෙ ඉන්න හොදම හරක් ටික දැන් ඉන්නෙ රට,

    රට හරක් කියන්නෙ උන්ට තමයි
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    Nodanna ganiyekta laksha 60 yawanna uta pissuda? Sure ekatama gani imo thakshanaya haraha muta monahari pennanna athi muna nathuwa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙමත් මීහරක් , දෙන්නටම සතයක් දෙන්ඩ හොද නැ රාජසoතක කරන්ඩ තියෙන්නෙ ඔක්කොම ,...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා ඉතිං එලකිරි තාක්ශනේ හරහා අපිට පෙන්නන්නෙ ඔයාගෙ nudes විතරනෙ :love: ඔයා හොඳයි තමා :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    නාගානාන්ද වගෙ උන් චන්ද ඉල්ලන එක ආහාන්නත් දෙයක්ද

    ලාන්කාවෙ ඉන්න හොදම හරක් ටික දැන් ඉන්නෙ රට,

    රට හරක් කියන්නෙ උන්ට තමයි

    :yes: :yes: :yes:​