ADHD, Depression, social phobia, panic attack ඔක්කොම තියනවා. මේකට සම්පූර්න හේතුව අපෙ ගෙදර හිටිය වැඩිහිටියො. මන් පොඩි කාලෙ ඉදන් එයාල හැමදාම දවසතිස්සෙ බැනගන්නවා රන්ඩුකරගන්නවා. මන් පොඩි කාලෙ ඉදන් බයෙන් කනස්සල්ලෙන් හිටියෙ. අනික මට දෙයක් බැරි උනත් කව්රුවත් මාව මෝටිවේට් කරේ නෑ අඩුමගානෙ කටවහගෙනවත් හිටියෙනෑ . මන් පොඩි කාලෙ ඉදන් අවුරුදු 23 විතර වෙනකන් බැන්නෙ තෝ ගෑනි වගේ තොට මුකුත් බෑ කියලා. කවදාවත් අගය කිරීමක් නැහැ, ඒ නිසා මගෙ ආත්ම විශ්වාසය 0 තිබුනෙ පොඩිකාලෙ ඉදන් . අනිත් උන් කොහොම කීවත් තමන්ගෙම අම්මා මෙහෙම කියන එක මට දරාගන්න බැරි උනා. මන් කීවා මට කුනුහරපෙන් බැන්නත් ඔහොම කියන්න එපා කියලා. එත් ඉතින් අවුරුදු 23 වෙනකන්ම ඔහොමයි. පවුලෙ අනිත් උනුත් ඔහොම බලු කතා තමයි කීවෙ. ලොකු වලියකට පස්සෙ එයා මට ඕක කියන එක නැවතුනා . ඉස්සරට වැඩිය සොශල් ෆෝබියා ගතිය හොදයි එත් පොඩි දේටත් පැනික් වෙනවා . මේ නිසා රස්සාවක් කරගන්නත් අමාරුයි. ඉන්ටර්විව් එකක් කීවත් කලන්තෙට වගේ. මේවට බෙහෙත් ගන්න මට සල්ලිත් නෑ. අනික ඕකට බෙහෙත් ගන්නවා කියල දැනගත්තොත් ඕකටත් බනී නැති ලෙඩ වලට බෙහෙත් බොනව කියලා. ගෙදර අය මන් කියන දේට ඇහුන්කන් දෙන්නෙත් නෑ කොහොමත් .මට ගැස්රෛටිස් තියෙද්දිත් අමුමිරිස් කරල් පිටින් දානවා උයන ඒවට. ඔහොම කාපුවම ගැස්රෛටිස් වැඩිවෙනවා කීවම මට බනිනවා. හොදින් සියපාරක් කියලත් අහන්නෙ නැතිකොට මටත් කේන්ති යනවා. මාව තාමත් නොමරා මරනවා. මට රෙඩිට් එකෙන් හම්බුන ඩොක්ටර් කෙනෙක් කීවා පොඩි කාලෙ ඇති උන දේවල් වල trauma එකක් නිසා මෙහෙම වෙන්නෙ කියලා. මයින්ඩ් එකසර් සයිස් වගයක් කරන්න කීවා ඒත් හරිගියෙ නෑ. බෙහෙත් ගන්නෙ නැතිව මේක ගොඩදාගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න
කොහොමත් මගෙ ජීවිතේ මටත් වදයක් දැන් . මැරෙන්න කැමති ඒත් සියදිනසාගන්න බයයි.
.
social phobia ගතිය මටත් තිබ්බ, critical(interview/presentations) දේවල් වලදී මාර බයක් එනවා තාමත් සමහර වෙලාවට.හුගක් දුරට අඩුයි දැන් නම්. physiatrist doctors ල ඉදන් බලල තියෙනවා. ඒ උනාට ඒවාට හරියන්නේ නෑ. මගේ අත්දැකීම් අනුව මම කියන්නේ. මම දැක්ක කලිනුත් එක්කෙනෙක් reply එකක් දාල තියෙනවා. මේ විදියට කරපන්. 100% guarantee ඕක හරි යනවා.
1. Job එකක් හොයාගෙන ගෙදරින් පලයන්
2. බෝඩිමක තනියම ජිවත් වෙයන්.
3. යාලුවෝ කීප දෙනෙක් සෙට් කරගනින්. හොද එවුන්. ඉස්කෝලේ කාලේ වගේ ඉන්න එවුන් නම් වැඩිය හොදයි.
4. උනුත් එක්ක පුළුවන් තරම් enjoy කරපන්. trip පලයන්. කොල්ලා කාලේ කරන අතල් වැඩ කරපන්. කිසිම දෙයකට බය වෙන්න එපා. යාලුවෝ එකා දෙන්න වැඩි කරගනින් . හැබැයි මොලේ කල්පනා කරලා කරන හැමදේම. දුරදිග බලලා . අමාරුවේ වැටෙන්නේ නැතුව.
5. සමාජය ගැන උබට නිකන්ම තේරුම් යනවා.
ඕක එකක් , උබට ඕක කරන්න බැරි නම් ගමේ පන්සලත් එක්ක connect වෙන්න . පන්සලේ පොදු වැඩ වලට සහබාගි වෙන්න. පන්සලේ බැරි නම් මොන හරි සමිතියක හරි කමක් නෑ . තනියම ඉදල ඕක හරි යන්නේ නෑ. සමාජෙට බැහැල ගැවසෙන්නම ඕනේ.
හැම තිස්සෙම මිනිස්සු එක්ක ඉන්න බලපන් . උබට එහෙම උනාම ගෙදර ප්රශ්න කොච්චර තිබ්බත් ගානක් නැතුව යනවා .මොකද උබට ගෙදර සමාජයට වඩා එළියේ අතල් එකක් තියෙනවා