[FONT="]ලංකාවේ දැන් දැන් හුඟක් දෙනා භාවනා කරන්න යොමු වෙන එක ඇත්තටම සතුටට කාරණයක්. අපි මහන්සි වෙන්නේ මිනිසුන්ව ඒ පැත්තට යොමු කරන්න. මිනිස්සු එකා දෙන්නා ඒ දේවලට යොමු වෙද්දි සතුටක් දැනෙනවා. මේ එළකිරි ෆෝරම් එකේ ආගම සම්බන්ධයෙන් තියෙන පිටුවත් මෙතනදි ලොකු සේවයක් කරන බව කියන්න ඕනා. ඒ වගේම මෙතන ඉන්න බුද්ධිමත් වගේම ධර්මය ගැන දැනුම තියෙන බොහෝ අය ඒ වෙනුවෙන් වෙන කැපවීම අගය කරන්න ඕනා. [/FONT]
[FONT="]කොහොම වුනත් ප්‍රායෝගිකව භාවනාවට යෙදෙද්දි තවමත් අඩු ලුහුඩුකම් දකින්න තියෙන බව කියන්නත් ඕනා. අපි දන්නවා අපි මොන දේ කරන්න ගියත් ඒකට අපේ පෙර සූදානමක් තියෙන්න ඕනා කියන එක. උදාහරණයක් විදියට මාස්ටර් ලී කියනවා මෙන්න මේ විදියට, [/FONT]“ [FONT="]Practice Makes Perfect[/FONT] [FONT="]”[/FONT][FONT="] කියලා. බුදුහාමුදුරුවො කියනවා සත්‍ය සොයා යන ගමනේදී මිනිසෙකුගේ අතින් සිදු වෙන්න පුළුවන් වැරදි දෙකක් තියෙනවා කියලා. ඒ තමයි ඒ මාර්ගයේ සම්පූර්ණයෙන් ගමන් නොකරන එක හා ගමන පටන් නොගන්න එක. ඉතින් භාවනාවට යෙදෙන කෙනෙක්ට ඒ නිසාවෙන් භාවනාව සම්පූර්ණ කර ගන්න පෙර සූදානම බොහොම වටිනවා. ඒක බොහොම වැදගත්. ඇත්තටම මන් හුඟ කාලෙකට කලින් මන් ඉගෙන ගත්ත දෙයක්, මගේ යාළුවො එක්ක බෙදා ගන්න දෙයක්. [/FONT]
[FONT="]-[/FONT][FONT="] සූදානම් වෙන්න -
[/FONT]
[FONT="]අපි යම් කිසි දෙයකට සූදානමකින් යුතුව කටයුතු කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන් අපි කරන්න යන කාර්යය කොයි තරම් පහසුවෙන් කරන්න පුළුවන්ද කියන එක. අපේ පැත්තෙ තියෙන කුඹුරු වල වැඩ කරද්දී මේකට හොඳ උදාහරණයක් දකින්න පුළුවන්. ගොවියො වපුරන්න කලින් කරන්නේ කුඹුරෙ තියෙන වල්පැල ආදිය ගලවලා මඩ හදන එක. ඉන් පස්සේ තමයි වී ඉහින්නේ. මෙහෙම කරන්නේ නැතිව නිකම්ම වී වපුරලා දැම්මොත් සමහර විට සමහරක් ඇට පැලවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පොහොර නැති නිසා වී ඇට මුල් අල්ලන්නේ නැති ව පාඩුවක් මිසක් වාසියක් වෙන්නේ නෑ. ඇත්තටම වී වපුරගන්න කලින් ගොවියො වෙන මහන්සිය නැත්නම් පෙර සූදානම හරිම වටිනවා භාවනානුයෝගියෙකුට තමන්ගේ භාවනා කටයුතු සාර්ථක කරගන්න. හැබැයි ඒ ප්‍රඥාවෙන් ඒ දේ දකිනවා නම් විතරයි. [/FONT][/FONT]
[FONT="][/FONT][FONT="]ගොවියා බිම සකස් කරනවා වගේම තමන්ගේ ඇතුලත වගා කරගන්න බලාපොරොත්තු වෙන කෙනාත් කටයුතු කරන්න ඕනා. මේ දෙන්නාගේ ඒ කියන්නේ භාවනානුයෝගියාගෙයි ගොවියාගෙයි සමානකම් තියෙනවා. ඔයාලා දන්නවා ඇති භාවනා කියන එකේ එක තේරුමක් තමයි වගා කර ගැනීම කියන එක. පදාර්ථයෙන් ගත්තම භාවනා කියන්නේ යමක් වැඩෙන්න සලස්වනවා කියන එක. යමක් වගා කරන්න පටන් ගන්නවා කියන එකෙන් අපිට තෙරුම් යවනවා අපි ලඟ එක්කො පැල කරන්න බීජ නැත්නම් අතු තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට වගා කරන්න යමක් තියෙනවා. ඉතින් පැල කරන්න දෙයක් නැත්නම් මොනවා පැල කරන්නද? අපි හිතමු අපි ලඟ බීජ තියෙනවා කියලා පැල කරන්න. ඒ තිබුනට මදි අපි ඒ බීජ පැල කරන්න සුදුසු බිමක් හදා ගන්නත් ඕනා. එතනදි බිමේ තියෙන වල් පැල, පැලයට අහිතකර දේ ඉවත් කරගන්නත් බිම පිරිසිදු කර ගන්නත් අපිට සිද්ද වෙනවා. මේ කරුණු අපි අපේ ජීවිතය සම්බන්ධයෙන් දකින්න බලමු. සාමාන්‍යයෙන් වල්පැල ඇති වෙන එක ස්වභාවිකයි. බලන්න අපේ ජීවිත දිහා මොන වගේ අනවශ්‍ය දේවල්ද තියෙන්නේ කියලා. සමහරක් දේවල් හුඟ කාලයක් තිස්සේ වැවිලා දැන් මහා මුල් අල්ලලා ලේසියෙන් ඉවත් කරන්න බැරි තරමට. උදාහරණයක් විදියට සමහරු දිගු කාලයක් තිස්සේ සිගරට් එහෙම නැත්නම් අරක්කු බොන්න පුරුදු වෙලා ඉන්නවා. කොයිතරම් අමාරුද ඒවා නවත්වගන්න. සමහරවිට නැවැත්තුවොත් ඒ කෙනා මැරෙන්න පුළුවන්. ඇඟටම අල්ලලා. තව නියපොතු කෑම වගේ. මේ නිසා මේ වල් පැල ගලවන එක බොහොම වැදගත්. [/FONT]
[FONT="]ඒ වගේම තමයි අපි පුරුදුවෙලා ඉන්න තව දෙයක් තියෙනවා යමක් කරන්න හරි ගන්න හරි ගියාම කේවල් කරන එක. මේක දැන් අපේ ජාන වලටම ගිහිල්ලා. කඩ පොලෙත් ඇඳුම් කඩෙත් ඉස්පිරිතාලෙත් කියලා වෙනසක් නෑ. ජීවිතේ පවා කේවල් කරනවා. මතක තියා ගන්න අපි දෙයක් කරන්න ආසයි නම් ඒ ගැන කේවල් කරන්න එපා කියලා. සමහරු භාවනා කරන්න එන්නේ සති 2 න් නිවන් දකින්න. ඇත්තටම එහෙම පුළුවන් පාරමිතා ශක්තිය ඇති අයත් ඉන්නවා තමයි. නැතුවම නෙමේ. සමහරුන්ට මේ ආත්මෙදි බෑ. නමුත් ඉතින් මේක අපි දන්නවායැ ? ඉතින් සමහරු භාවනා කරන්න ගියාම අහනවා කොයිතරම් වෙලා යයිද සමාධිය ඇති කර ගන්න ? කොයි තරම් කල් භාවනා කරන්න වෙයිද නිවන් දකින්න ? වගේ ප්‍රශ්න. කවුරුවත් කොහොමද කියන්නේ තව කෙනෙක්ට නිවන් දකින්න කොයි තරම් කල් යයිද කියලා ? මේක අපි දන්න දෙයක් නොවෙයිනේ. ඉතින් අපිට නිවන් දකින්න ඕනයි කියලා හිතෙනවානම් ඒක කරද්දි සතුටක් දැනෙනවා නම් ඒ තුල යෙදෙන්න අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතිව. ඒ සතුට අපිව තවත් ප්‍රාණවත්ව ඉස්සරහට අරන් යයි. මේ නිසා කේවල් කරන එකෙන් ඈත්වෙන්න. අඩු තරමේ භාවනාවෙදිවත්. මිනිස්සු හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් අඩුවෙන් දීලා පුළුවන් උපරිමෙන්ම ලබා ගන්න. මේක ඒ තරම් හොඳ දෙයක් නෙමේ විශේෂයෙන්ම භාවනාවෙදි. නිකම් හිතලා බලන්න අපේ ජීවිතයේ එදිනෙදා සම්බන්ධතා වලදී කොයි තරම් නම් මේ කේවල් කිරීම භයානකද කියලා. අපි අඩුවෙන් දීලා වැඩියෙන් බලාපොරොත්තු වෙන්න ගියොත් අපේ සමීපතමයො බහුතරයක් එක්ක අමනාප වෙන්නයි වෙන්නේ. ඒ බව මන් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ, ඔයාලා දන්නවානේ. ඇත්ත කතාව තමයි අපිට ලැබෙන්නේ අපි දෙන තරමටයි කියන එක. අපි දෙන්නෙ පොඩ්ඩක්නම් අපිට ලැබෙන්නෙත් පොඩ්ඩක්. අපි සම්පූර්ණයෙනම් කැපවෙනවා නම් අපිට ලැබෙන ප්‍රතිඵලයත් ඒ වගෙයි. භාවනාව පුහුණු කරද්දී මනස තුලටම ගිහිල්ලා තමන්ගෙන්ම අහන්න ඇයි මන් භාවනා කරන්නේ? ඇත්තටම මට භාවනා කරන්න ඕනාද? කියන වග. අපිට දෙයක් ලබා ගන්න කැප කිරීමක් කරන්න වෙන බව අමතක කරන්න එපා. අපේ ජීවිතයේ තියෙන යම් දෙයක් අපිට අත්හරින්න වෙයි. සමහරවිට අපි ජීවත් වෙන ක්‍රමය වෙන්න පුළුවන්. නැත්නම් අපේ වස්තු, දේපල වෙන්න පුළුවන්. ඇත්තටම මේ ටික කියවනවා කියන්නෙත් යමක් අත් හැරියා කියන එක. [/FONT]
[FONT="]දන්නවානේ අපේ මනුෂ්‍ය ජීවිතය හරිම අධ්‍යාත්මික ගුණයන්ගෙන් පිරුණ එකක්. අපි අතරෙ තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතා, සමාධිය, සිහිය තියෙන්නෙ. අපි මෙලොවට බිහිවෙන්නෙම අවශ්‍ය කරන බීජ අපි ලඟ තියගෙනමයි. (මෙහෙම කිව්වම සමහරු මේක කුණුහරුපයක් විදියටත් ගන්න බලයි) අපිට අවශ්‍ය වෙන්නේ ඒ බීජ වර්ධනය කර ගන්නයි. මනුෂ්‍ය ජීවිතය හරිම පුදුමයි. අපි එක පැත්තකින් ඉන්ද්‍රියන්ගෙන් සතුට හොයද්දි අනෙක් පැත්තෙන් අපිට ඒ කිසිම දෙයක් ඕනෙ නෑ. ඒවා කරදර විදියට දකිනවා. අපිට ඕනා හැම දේම අත් හරින්න. [/FONT]
[FONT="]-[/FONT][FONT="] ශිෂ්‍යයා සූදානම් වූ විටදී ගුරුවරයා පෙනී සිටී -
[/FONT]
[FONT="]මන් ආසම කියමනක් තමයි මේ. මේක ඇත්ත කථන්දරයක් මගේ ජීවිතේ එක්ක ගනිද්දි. [/FONT][/FONT]
