මන් දකින හැටි .....

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපරාදේනේ මෙහෙම ත්‍රේඩ් 1ක් යට ගිහින් තියෙන්නේ....:sorry:
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara


    TV එක බලන් ඉද්දි දැක්ක දැන්වීමක් ගැන මෙතනට අදහසක් එකතු කරන්න හිතුවා. මේකේ තියෙන්නේ කැරපොත්තෙකුට බය වෙන පිරිමියෙක් බයෙන් කෑ ගහද්දී ගෑණු කෙනෙක් කැරපොතු නාශකයක් පාවිච්චි කරලා කැරපොත්තා මරලා දානවා. ඒක කරලා බලන් ඉන්න අයට කියනවා ඔයාලත් කැරපොත්තෙ‍ා මරන්න මේක ගන්න කියලා. අර පිරිමියා හිනාවෙලා ඉන්නවා. සමහරවිට ඔයාලත් මේක දැකලා ඇති. මේ දර්ශනය තුලින් කී දෙනෙක්නම් නිරයට මාර්ගය හදා ගන්නවා ඇත්ද?

    මිනිස්සුන්ගේ හිතුවිලි වැඩ කරන්නේ කාටවත් මුලින් හිතන්න බැරි විදියට. ඒක බුදුරජාණන්වහන්සේ "දූරං ගමන් ඒක චරං" කියල‍ා එක වෙලාවක විස්තර කරනවා. තව වෙලාවක දානයක දිනයක් වෙනස් කර ගන්න උපාසකයෙක් එක්ක සාකච්ඡා කරන අරහත් මුගලන් ස්වාමීන්වහන්සේ මරණයටත්, ඒ දිනයට මරණය වෙන්නෙ නෑ කියලා ඇප වුනත් දානයට නැවුන සිත වෙනස් නොවීම ගැන ඇප වෙන්න බෑ කියලා කියනවා. හිතේ හැටි ඔහොමයි. තව වෙලාවක ගුරුන්වහන්සේට පවන් සලමින් ඉන්න ගෝලනම හිතෙන් කසාද බැඳලා බිරින්දෑට ගහනවා කියලා අර ගුරුන්වහන්සේට ගහනවා. ඕන් හැටි. මේ වගේ හිතකට කලින් කිව්ව වගේ දර්ශනයක් දැක්කම මොනවා නොහිතෙයිද?

    හුඟක් අයගේ ගෙවල්වල මේ සත්තු ඉන්නවා. කැරපොත්තො, හූනෝ, කූඹි වගේ සතුන්. ඉතින් මේ ප්‍රානීන්ගෙන් බේරෙන්න ක්‍රම හොයන අයට හොඳම විසඳුම උන්ව මරා දැමීම බව පෙන්වා දුන්නාම ඒ ක්‍රමවේදය යොදාගෙන කටයුතු කරන්න අදාල තැනැත්තෝ කටයුතු කරනවා. හා නැද්ද?

    පර පන කූඹියගේ, කැරපොත්තගේ කියලා වෙනසක් නෑ. පන පනමයි වගේම පව පවමයි. උත්තර රහතන්වහන්සේගේ කතාව ඊට හොඳම නිදසුනක්. ප්‍රාණ ඝාතයෙන් වැලකීම ගිහි උපාසකගේ ශීලයේ කොටසක්. ඒ සිල් පදය රකින්නනම් කරුණු 3 ක් සම්පූර්ණ කරන්න ඕනා.
    1- තමන් පර පන නැසීමෙන්, හිංසා කිරීමෙන් වැලකීම
    2- අන් අයවත් ඉන් වැලැක්වීම
    3- පරපන නැසීම සහ හිංසාව හෙලා දැකීම
    මේ තුන් ආකාරයෙන් තමයි පංචශීලයේ පලමු සිල්පදය රැකගන්න හැකි වෙන්නේ. ඒත් මුලින් කිව්ව වගේ ඇඩ්ස් දකින අයගෙන් 95% කට විතර එහෙම හැකියාවක් නැති බවයි මන් හිතන්නේ. එහෙම තිබ්බනම් ඔය භාණ්ඩ විකිනෙන්නේ නෑ.

    අනික්අතට මේ ඇඩ් ප්‍රාණ ඝාතය සහ හිංසාව මුල් කරගත් ඒවා. ඒ තුලින් පෙන්වා දෙන්නේ සතුන් මරා දැමීමේ උපක්‍රම. එවැනි දේ සමාජගත කිරීම තුල සමාජයේ දුශ්චරිතය වර්ධනය කෙරෙනවා. රටේ පාලකයන් ඒ සම්බන්ධයෙන් ක්‍රායාකාරී නොවීම තුලින් සිදුවන්නේ රටට අයහපතක්. "දේවෝ වස්සතු කාලෙන..." ගාතාවෙන් මේ ගැන සාකච්ඡා වෙනවා. පාලකයො ඒ ගැන කොහොමවුනත් අපි තනි තනිවම හරි මේ දේවල් ඔස්සේ අපේ සිතුවිලි මෙහෙය නොකිරමට වග බලා ගත යුතුයි. එහෙම නැත්නම් සෝවාන් මාර්ගය අපෙන් සෑහෙන ඈතයි.
     
    • Like
    Reactions: kash123

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    එහෙ මෙහෙ ඇවිදන් යන මිනිසුන් ගැහැණුන් දෙස බලා සිටියෙමි. එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්ය. පාටින්, උස්මිටි කමින්, කට හඬින්, ස්වරූපයෙන් නොයෙක් ලෙසින් වෙනස්කම් දක්නට ලැබේ. දෙවියන්වහන්සේ සර්ව සාධාරණ යැයි දේවභක්තියෝ කීවත් මේ වෙනස්කම් නිසා එය පිළිගැනීමට නොහැකිය. දේවවාදීන්ගේ පිළිගැනීම මිනිසුන් මැව්වේ දෙවියන් විසින් බවයි. එකිනෙක ආකාරයට මිනිසුන් මවා දෙවියන් සතුටක් විඳිනවාද දුකක් විඳිනවාද මට නම් සිතා ගත නොහැක. අත පය කොරව දුක්විඳින්නකු සැප විඳිනවාද? ඒ වැන්නකු මැවීමෙන් ඇති ඵලය කිම. මෙවැනි දේ සාධාරණ සහ යුක්තිසහගත මනසක් ඇති බුද්ධිමතුන් දේවවාදයෙන් ඉවත් කිරීමට පදනම සලසයි. අපි අපේ අත කපා ගත හොත් කැලලක් ඇති විය හැක. ඒ කැලලට හේතුව ඇති කරගත් තුවාලයයි. තුවාලය සිදු වන්නේ යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙවැනි ටෙක දෙවියන්ගේ වැඩක් යැයි කියා හිත සනසවාගත හැකිද? ඔව් සමහරුන්ට හැකිය. බුදුරජාණන්වහන්සේ දේශනාකලේ අපේ ක්‍රියාව සහ ඒ තුලින් ලැබෙන ප්‍රතිඵලයක් ඇති බවයි. එය හොඳ හෝ නරක විය හැක. මේ ක්‍රියාවට මුල්වන හිතුවිල්ලක් තිබේ. එනිසා චේතනා හං භික්කවෙ කම්මං වදාමි ලෙසින් දේශන‍ා කර ඇත. එසේම චේතනාවෙන් තොර ක්‍රියා ද ඇත. එවැනි ක්‍රියාවලින්ද ප්‍රතිඵල ඇති වේ. නමුත් චේතනාව එහි නොමැති නිසා විඳවීමක් නැත. උදාහරණයට ඇස් අඳ අයකු ඇවිදින විට පයට පෑගී සතකු මැරුනා කියා ප්‍රාණඝාතය වීමක් දහමේ නැත. නමුත් දේවවාදය අනුව එසේ සතකු මැරෙන්නේ නම් එය සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අැතිවය. ප්‍රඥාව අරමුණු කර ගත් දේශනයකි බුද්ධ දේශනය. අරුත්බර දිවියකට අවැසි වන්නේ එහෙව් දහමක් මිස අඥානත්වය මුල් කර ගත්තක් නොවේ.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    ස්වභාවික විපතක් සිදුව යන්තම් යහපත් තත්ත්වයට රට පත්වෙමින් පවතී. ජාතී, ආගම් භේදයකින් තොරව මිනිසුන් ඇතුළු සත්ත්වයින් ආපදාවට ලක් වූ අවස්ථාවකි ගෙවෙන්නේ. එහි ප්‍රතිඵල ලෙසින් ලංකාව පුරා දුක පැතිර ගොසිනි. මෙවැනි විපත් අවස්ථාවලදී මිනිසුන්ට නොයකුත් අත්දැකීම් ලැබිය හැකි අතර එවැනි එක් අත්දැකීමකි, ජාති, ආගම් භේදයකින් තොරව දුක විඳින්නට ලැබීම. සිංහල, දමිළ, මුස්ලිම් සියල්ලන්ටම දුක දැනෙයි. එය දැනෙන්නේත් එකම ආකාරයට ය. එවැනි දුකක් ඇති වීමට හේතුව කුමක්ද යන්න නොයෙක් විද්වතුන් පවසා ඇත. බහුතර මතය වන්නේ දේව කැමත්ත නැත්නම් මැවුම්කරුවාගේ කැමැත්ත එය බවයි. තමන් විසින් මවනු ලැබූ විෂයවස්තුව දුකට පත්වෙනවා දැකීම කැමැත්ත කර ගත් මැවුම්කරුවකුගෙන් ඇති ඵලය කිම. දෙමාපියන් දරුවකු වදන්නේ, හදන්නේ දුක් දෙන්නට නොවේ. දෙමාපියන් දුක් වින්ද ද දරුවන් එක් අඩියකින් හෝ තමන්ට වඩා සැප විඳිනු ඇතැයි ඔවුහු සිතති. ඒත් පෙර කී මැවුම්කරුනම් පුදුම සහගතය. බුදුරජාණන්වහන්සේ දුක ගැන අරුත්බර වදන් දෙසා ඇත. ස්වභාවික විපත් ඇති වීමට නොයෙක් හේතු බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. සියල්ල කර්මය නිසාම සිදු වන්නේත් නොවේ. එවැනි විපත් නිසා ප්‍රියයෝ වෙන් වෙති. ප්‍රිය කල වස්තු සුන්ව යයි. ඇස් මෙන් රැකි දූ දරුවෝ පස් කන්දට වැලලී ගොසිනි. උකුලේ හෙවූ දෙමාපියෝ ගං වතුරට යට වී ඇති සෙයකි. ඔවුන්ගේ නැතිවීමෙන් දුක දැනෙන්නේ ඔවුන් කෙරේ ඇති බැඳීම නිසාවෙනි. මේ බැඳීම සෑම ආගමකම අනුගාමිකයන් ට ඇත. සමහර පිරිසක් අදේවවාදීන් ලෙසින් තමන්ව හඳුන්වා ගනී. ඔවුන්ට ද දුක දැනේ. ඔවුන් ද හඬයි. බැඳීම් නිසා දුක හට ගන්නා බව මිනිසුන්ට පැහැදිලි කර දුන් එකම ගුරුවරයා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ ය. අනෙක් ගුරුවරුන් ද මේ දුක දැක්කත් ඉන් ගැලවෙන මාර්ගයක් පෙන්වා දීමට තරම් උනන්දු නොවිනි. නමුත් බුදුරජාණන්වහන්සේ එසේ නොවේ. දුකින් මිදීමේ මාර්ගය දැන දුකින් මිදීමට උත්සාහ කරන්නවුන්ට ද එ් මාර්ගය පෙන්වා දීමට තරම් බුදුරජාණන්වහන්සේ පරාර්ථකාමී විය. අනෙකුත් ගුරුවරුන්ගෙන් අපගේ ගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙනස්වන ප්‍රකට ගුණයකි එය. ඉතින් මේ බැඳීම් නිසා ඇති වන දුක නැති කිරීමට ක්‍රමයක් වෙනත් තැනකදී දැකීමට නොහැක. දුක නැති කිරීමේ පිලිවෙල දැකිය හැකි එකම ශාසනය බුදු සසුනයි. බැඳීම් ඇති වේ. බැඳීම් පවතී. බැඳීම් නැති වේ. මේ සැබෑව හඳුනමින් බැඳීම් පවත්වාගෙන යෑම වීර්යය සහ අධිෂ්ඨාන පාරමිතා සම්පූර්ණ කිරීමට උත්සාහ නොකරන පෘථග්ජනයෙක්ට අපහසු වන්නට හැක. නමුත් බුදුරජාණන්වහන්සේ දෙසූ මග ගමන් කරන බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මයේ හැසිරෙන්නකුට එය අපහසු කරුණක් නොවේ.